Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සොබාදහම සහ අනුවර්තනය

Monday, December 3, 2012

කිඩාරම් මල් පීදිලා - නැවුම් සුවඳ නෑ වියැකිලා.
නියඟලා අල විෂ වෙලා - මහ පොළොව යයි ඉරිතලා.

ගසුත්කොළ අතු වියලිලා - බුරුතනැදුන් ගස් මැලවිලා.
ලූණු කොළකඳ වියලිලා - දුවිල්ල එහි පැටලිලා.

තෙතක් නැති දිව වියලිලා - ලෙයක් නැති ශිරා හැකිලිලා
හාමතේපිපාසෙන් මත් වෙලා - ඇත්තු මියැදෙත්කතර තනි වෙලා.

හමන හුළඟක දැවටිලා - සුමුදු වළා රැළිඑයි ගලා
වැටෙයි මහ වැහි ගුගුරලා - වියළි ඉරි බිම ඇඳි මකා

නැවුම් පුසුඹ එන විට හමා - ලූණු දලු යළි මතු වෙලා..
බුරුත නැදුන් කඳ තෙත් වෙලා - එහෙත් ඒ නෑ පණ ලබා..

නිකන් තියන Facebook එකෙන් සල්ලි???

Friday, November 16, 2012


ඔබ නොදැනුවත්ම ඔබගේ කාලය විශාල ලෙස මිඩංගුකරන Facebook හරහා මුදල් ඉපයීම මගින් ඔබගේ වටිනා කාලයට මිළක් ලබාගැනීමට පහසු අවස්ථාවක් !!!


විදේශිකයින් විශාල ප්‍රමාණයක් මේවනවිටත් ඉතා රහසිගතව උපයන මෙම මුදල් ශ්‍රී ලාංකික ඔබටද ලබාගැනීම පිණිස මෙසේ ඉදිරිපත්කරනලදි............!

අවශ්‍ය සුදුසුකම්......

Facebook ගිණුමක්. (පින්තූරය සහිත හා මිතුරන් අවම වශයෙන් 5 දෙනෙක් සිටිය යුතුයි )
FanSlave ගිණුමක්.

* මුදල් ලබාගැනීමට PayPalගිණුමක්. 
(ගිණුමක් ඇරඹිමට කිසිදු වියදමක් නැත.....Credit Card අනවශ්‍යය)

පියවර....

(1) ඔබට Facebook ගිණුමක් තිබේයැයි විශ්වාසකරමි....... අවශ්‍ය අයෙකුට
http://www.facebook.com මඟින්පහසුවෙන් ගිණුමක් ඇරඹිය හැක.

2) දැන්, ඔබට මුදල් ලබාදෙන FanSlave ගිණුමක් අරඹන්න පහත් බැනරය ක්ලික් කරන්න.


3) දැන් FanSlave වෙබ් පිටුවේ ඇති "Join Now for free" බොත්තම ක්ලික් කරන්න..

4) අදාල තොරතුරු නිවැරදිව පුරවා "I ACCEPT. CREATE MY ACCOUNT" ක්ලික් කරන්න.

5) මෙයට සම්භන්දවීමට ප්‍රථම Facebook ලොග්වියයුතුබව සලකන්න........ ඒවගේම මෙම මෘදුකාංගය ඔබගේ ෆේස්බුක් ගිණුමට සම්භන්දවීමට අවසර පැතීමේදී එයට අවසර දෙන්න.

6) දැන් ඔබට කරන්න තියෙන්නේ දිනපතා ඔබට ලබාදෙන Fan page වලට ගොස් (පහත දක්වා ඇති පරිදි) එම පිටුවල ඇති "Like" බොත්තම ක්ලික්කිරීමයි........Fan page අවසන් වූ විට refresh / update බොත්තම (page reload) මඟින් අලුත් Fan page ලබාගතහැක...

7) ඔබගේ දවසේ කෝටාව ඉවරවූපසු තමුන්ට යලිත් Fan page ලබාදීමට ගතවන කාලය වෙබ් පිටුවේ දක්වයි........ තමුන්ට ලබාදෙන Fan page ගනන ඔවුන් කාලයත් සමග ක්‍රමක්‍රමයෙන් වැඩිකරයි.


                                                      
ඔබගේ ඉපයීම $15 වූ පසු ඔබට PayPal ගිණුමක් හරහා මුදල් ලබාහතහැක.

*** මොනම විදියකින්වත් වැඩි තන්හාවට ව්‍යජ ෆේස්බුක් ගිණුම් මගින් කිහිපවරක් ලියාපදින්චි නොවන්න එක පරිඝණකයකට එක ගිණුමක් පමණක් පාවිච්චිකරන්න..... මොනම අවස්ථාවකහෝ ඔබ ව්‍යාජ ගිණුම් මගින් මෙම වෙබ් අඩවියට එක්වරකට වඩා සම්භන්දවුවහොත් ඔවුන් ඔබගේ සියලු ගිණුම් මුදල්ද සමග අවලංගු කරණුඇත...... ඔබගේ ඉපයීම් වැඩිකරගැනීමට අදාල පරිච්චේද හොඳින් අධ්‍යයනය කරන්න.....

* මුදල් ලබාගැනීමට PayPal ගිණුමක් ආරම්භකිරීම ඉතා පහසුවෙන් කරගතහැක. පහත ලින්ක් එක මගින් PayPalවෙබ් පිටුවට ගොස් "Sign up with PayPal" select කොට තමුන් ජීවත් වන රට නිවැරදිව තෝරා "PayPal for your personal use" ට අදාල "Get started" click කරන්න, පසුව අසා ඇති දත්තයන් ඉතා නිවැරදිව පුරවන්න. PayPal log in ID එක තමුන්ගේ ඊමේල් ලිපිනය බව මතකතබාගන්න, නිවසේ ලිපිනය නිවැරදිව පුරවන්න (චෙක් එවන්නේ අදාල ලිපිනයටයි ) සියල්ල නිවැරදිව සම්පූර්නකොට "Create Account" clickකිරීම මගින් ඔබගේ ගිණුම විවෘර්තකරගන්න. අවශ්‍යනම් පමනක් තමන්ගේ බැන්කු ගිණුම මෙයට සම්භන්දකරගතහැක (optional).......

Fanslave මගින් මුදල් ලබාගන්නාවිට PayPal ගිණුම් විස්තර ලබාදීමෙන් ඉතා පහසුවෙන් ඔබට මුදල් ලබාගතහැක.
https://www.paypal.com

 *** Fan Slave කියන්නෙ Scam සයිට් එකක් නෙවෙයි. මම හොදට අන්තර්ජාලයේ තොරතුරු හොයල බැලුවා. ඉතාම වගකීමෙන් කියන්න පුලුවන් මෙය හොද සයිට් එකක් බවට. ඔයාලටත් අන්තර්ජාලයෙන් ඕනෙනම් හොයල බලන්න පුලුවන්...***

 මේ පහල තියෙන්නෙ Fan Slave ගැන වීඩියෝ එකක්...


උපුටා ගැනීම : http://magemixedbag.blogspot.com/2012/11/facebook-1.html

දිගේලි කන්දේ සිට නුඹට ලියමි!

Wednesday, November 14, 2012

සරා හෙවත් ආදරණීය නෑනන්ඩියේ,

පාරමී දම් පුරා අපිස් වන්නට
නඟෙ මා වෙසතුරු නොවේ..
ඈත හිම සේ දුකක් වෙන්නට
දිගේලි කන්ද, බරණැස නොවේ
නුඹේ ගීයට, නාඬා නිදියන
ක්‍රිෂ්නජිනාලා නොම ලැබේ
වංකගිරියේ දුක් නුහුරු නුඹ
මන්ද්‍රි දේවී නම් නොවේ..

ලන්සු තියලා අහවරයි උන්
තීන්දුයි දෑවැදි වෙන්දේසියේ..
චැප්ලින් කතගේ මදහස නොකැපෙයි
නා දලු දෙතොලට රන් රුවේ
කඳුළු පුරෝගෙන, දෙපා වැළඳගෙන
නාඬා ඉඳින් මගේ නංගියේ
ඔහු හා බැඳෙන්න අවසර ඉල්ලන
ඇවැස්ස නෑනන්ඩියේ...

කඳුළු වියළන මහා ගින්නෙන්
නුඹේ ලෝකය පහන් වුණාවේ
හදෙහි ඇවිලෙන වියෝ ගිනිදැල්
නිවී නිවී නුඹ සැනසුනාවේ
දිගේලි කන්දේ මහ සිටු මැදුරේ
කිරුළ ඉවත ලූ ප්‍රියාවියේ
මෙතැන් පටන් නුඹ සිරිකත වේවා,
පහන වේවා දොළොස් මාසේ..

නුඹට පෙම් කළ - නුඹත් පෙම් කළ,
දිගේලි කන්දේ සිටුතුමා (ආබාධිත)

ප.ලි :
පාඩම් කටයුතු වලින් විවේකයක් ගන්න, ඉඩක් ලැබුණු ගමන් 2012 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණු සිටුවර පුවත පොත කියවද්දී හිතුණු දේ කෙලින් ම ලිව්වේ. සංස්කරණය කරන්න තරම් විවේකයක් ලැබුණේ නැහැ.

පොත ගැන කියනවා නම්, ටිකක් වෙනස් විදියේ නවකතාවක්. බොහොම සංවේදීව ලියවිලා තිබෙනවා. නමුත් සැළකිය යුතු තරම් ව්‍යාකරණ වැරදි සහිතයි. ඒ නිසා වෙන්න ඇති සමහර විට සම්මානය නොලැබෙන්නත් ඇත්තේ.. කොහොම වුණත්, ආදරය කරන අය සහ ආදරය කරන්න බලාපොරොත්තු වන අය වගේ ම කවාදාක හෝ කාට හෝ ආදරය කළ අයත් කියවිය යුතු ම පොතක් විදියට හඳුන්වන්න පුළුවන්.

මේ දවස් ටිකේ තරමක් කාර්යය බහුල නිසා බ්ලොග් අවකාශයේ සැරිසරන්න ලැබුණේ නැහැ. ඒ ගැන අමනාප වෙන්න එපා.. ඉඩක් ලැබුණු ගමන් හැම බ්ලොග් එකකට ම වගේ එනවා!

ජය වේවා!

සංසාරගත ප්‍රේමය

Saturday, November 10, 2012


මා මුසපත් කරවන
උපුල් නයන යුගැත්තිය,
කන මී සා මිහිර වගුරන
සිහින් සරැත්තිය,
නෙතඳුන් සා දසුන් මවන
සියුම් රුවැත්තිය,
අමා රසයෙන්
ම' සිත කුල්මත් කරන්නිය,
දිමුතු දසන් දිදුලවා
මුතු සිනා වස්සානය හැඩ කරන්නිය,
ම' පුන් රත් පියුම නුඹ
සිත් විල සරසවන්නි ය..


ශ්වේත වර්ණ වළා වියන යට
සුපුෂ්පිත නේක කුසුම් මැද
පංච කල්‍යාණිය,
නුඹ විරාජමානවන්නීය..

පබාවතිය සේ නුඹ,
වීරිය පෙරුම් පුරවන්නී ය.
මහෞෂධ සඳුන් හර ලෙද නුඹ,
සිත්-කය ව්‍යාධි සනසවන්නී ය...

සංසාර සයුරු වෙරළ අසබඩ
නුඹේ නවාතැන පල වෙත,
තීර්ථ යාත්‍රාව පදවන්නා වෙමි මම
පරිබ්‍රාජක වෙස් ගෙන..














විසූක දස්සන

Wednesday, October 31, 2012

යතුරු ඉගිලෙත්
ළඳුන් වෙත වැදහෙත් මුණින්
දහස් පියලි වටනා
යකඩ අස් රියවල උනුන් සතු..

සැලෙත නාරි ලතා කැල
හැඩති බඳ ළෙලවමින
මද පවන නොවැද,
බෙර හඬට, රන් රුවැතිව
රනින් දිදුලන පහන් සිල ලෙද..

සොටු පෙරාගෙන
හඬත බිළිඳු ඈත
නොලැබ සුහුරු පිටි කිර
බෝතලයට වත් කර..


'අම්මා නුඹේ කිරට ගියා'
කියත් එහි වූ මැහැලියෝ
අරුත් නැති පදයක් මිස
වෙනෙකක් නැති ලෙස..

අරුණලු නැග එයි
තවත් අය එක්වෙති,
බැඳෙති එකෙකා
යෙදෙති උහු
උනුන් හා රමණයෙහි..

මම බ්ලොග් එකේ ටොපි නොවිකුණ මි! (ඉතින් බ්ලොග් ලියන්නේ මොකට ද? )

Thursday, October 18, 2012

මේ වන විට උසස් පෙළ අවසන් වී මාස කිහිපයක් ගත වී ඇත. විභාගය නිසා පරිගණකය දෙස වත් බලන්නට අවසර නොලත් අය දැන්අන්තර්ජාල පහසුකම් ද ලබා ඇත. මදක් සොයා බැලු විට, වත් පොතේ අලුතෙන් ගිණුම් නිර්මාණය කරගෙන දවස පුරා ම 'චැට්' කරනු දදැකිය හැකි ය. 


ඒ අතර සයිබරයේ අලුත් පිරිසෙන් කිහිප දෙනෙක් බ්ලොග් ලිවිල්ලට ද එකතු වී අති බව මම නිරීක්ෂණය කළෙමි.මම ද උසස් පෙළ අවසන් ව බ්ලොග් ලියන්නට පිවිසුණෙක් මි. බ්ලොග් එකකට - දෙකකට වඩා නොදැක බ්ලොග් ලියන්නට පටන් ගත් මට, නිවැරදි ව බ්ලොග් එකක් යනු කුමක්ද යන්නත්, එයින් කෙරෙන දේ සහ කළ හැකි දේ පිළිබඳවත් අවබෝධ කර ගැනීමට කලක් ගතවිය. නමුත් මේ වන විට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සයිබරය ඔස්සේ දැන හඳුනා ගත් අයගෙන් දැන උගත් කරුණු මත පදනම්ව මා යම්දැනුමක් ලබා ඇති යි සිතෙයි. 

බ්ලොග් ක්ෂේත්‍රයට අලුතින් පැමිණියවුන්ට මා මේ ලියන සටහනෙන් යම් දෙයක් ලබා ගත හැකි වේ නම් මම සතුටු වෙමි.සයිබරය පුරා බ්ලොග් අඩවි දස දහස් ගණනක් විසිරී ඇත. ඒ අතර සිංහල බ්ලොග් දහස් ගණනකි. ඒවායින් සමහරක් අතහැර දැමූ ඒවා ය.තවත් සමහරක් කිසිවෙකුට හෝ කිසි ම පලක් නැති ඒවා ය. තවත් ඒවා හිට්ස් බලාපොරොත්තුවෙන් කුණුගොඩවල් මාකට් කරන ඒවා ය.සමහරක් ඒවා දිනපොත් ය. බොහෝ විට බ්ලොග් එකක් ලියන්නට පටන් ගත් ඔබ, ඒවා අතර අතරමං ව මගේ බ්ලොගයෙන් කවරක් කළයුතු දැයි සිතා ගත නොහැකිව සිටිනවා විය හැකි ය.

සැබවින් ම බ්ලොග් එකක් යනු කුමක් ද? 

තමන් විසින් ලියන ලද හෝ උපුටා ගන්නා ලද හෝ නිර්මාණය කරන ලද හෝ සටහන්,අන්තර්ජාලයේ පල කළ හැකි පහසු ම සහ ලාභදායි ම මාර්ගය ලෙස බ්ලොග් එකක් සරලව හඳුන්වා දිය හැකි ය. බ්ලොගර්, වර්ඩ් ප්‍රෙස්ඇතුළු සේවා සම්පාදකයන්ගේ සහය ඇතිව මිනිත්තු කිහිපයක දී, පහසුවෙන් අපට අවශ්‍ය පරිදි බ්ලොග් එකක් නිර්මාණය කර ගත හැකි ය.

හැමදේම මාකට් වෙන කාලයකදී බ්ලොග් මාකට් වීම වැලක්විය නොහැක්කකි! නමුත් අප දන්නා තරමින් සිංහල බ්ලොග් ලියන අතිමහත් බහුතරය වාණිජ පරමාර්ථයකින් බ්ලොග් ලියන්නේ නැත.එනම් සිංහල බ්ලොග් කලාවට වෙළඳපොළ කියන දේ ගැවී නැත. ඒ කියන්නේහැමදේටම මුල්‍යමය වටිනාකමක් ඇති මේ ක්‍රමයට විරුද්ධව යා හැකි පහසු මාධ්‍යයක් ලෙස බ්ලොග් කලාව හැඳින්විය හැකි ය.


පුවත්පතක, මාධ්‍යවේදියාගේ පටන් කතුවරයා දක්වා කරන්නේ රැකියාවකි. සමස්තයක් ලෙස ඔවුන් සිය වෘත්තියෙන් යම් තෘප්තියක්ලබනවා විය හැකි ය. නමුත් අවසානයේ එය රැකියාවක් හෙවත් මුදල් ඉපයීමේ මාර්ගයක් බවට පත් වී ඇත. මෙහි වරදක් මම නොදකිමි.එහෙත් මෙය සමහර අවස්ථා වල දී මුදලට විකිණීම දක්වා ම දරුණු වීමක් දැකිය හැකි ය. සරලව කියන්නේ නම් පත්තරය ද මාකට් වී ඇත.එය කෙසේ වත් සාධාරණීකරණය කල නොහැක්කකි. නමුත් සංසන්දනාත්මකව, බ්ලොග් එකක් ලියැවෙන්නේ හුදෙක් ආත්ම තෘප්තියසඳහා ම පමණි. (Ad Sense හෝ වෙනත් දැන්වීම් හරහා බ්ලොගය විකුණන්නට උත්සාහ කරන්නන් හැර)

බ්ලොග් එකක් ලිවීමේ අරමුණු මොනවා ද?බ්ලොග් එකක් සමාන වන්නේ, පත්තරයක තීරු ලිපියකට යැයි සරලව කිව හැකි ය. එක් තීරු ලිපියක් හේතුවෙන් පුවත්පතක අලෙවිය ශීඝ්‍රලෙස වැඩි කරවීමට මෙන් ම, සමාජයට දිය යුතු පණිවුඩයක් පහසුවෙන් සහ වඩාත් සංවේදී ලෙස ලබා දිය හැකි ය. බ්ලොග් එකක් යනුසයිබරයේ සැරිසරන බොහෝ දෙනෙක්ට කිසිඳු අමතර වියදමකින් තොරව ප්‍රවේශ විය හැකි තැනකි. ඒ නිසා බ්ලොග් එකක් මගින් අප ලබාදෙන පණිවුඩය පහසුවෙන් ම වැඩි පිරිසක් වෙත ගෙන යා හැකි ය.

වෙළඳ දැන්වීම් සඳහා ද බ්ලොග් බෙහෙවින් භාවිත කෙරෙන්නේ මේ නිසා ය. වෙළඳ අරමුණු වලින් බැහැරව පුළුල් සමාජ කතිකාවතක් ඇති කෙරීමට බ්ලොග් එකක් භාවිත කිරීම එතරම් අපහසු නොවේ.

අද සමාජයේ සාරධර්ම පිරිහී ඇති බවට සමහරු චෝදනා කරති. භාෂාව සහ සාහිත්‍යය වැරදි ලෙස භාවිත වන බවට සහ විනාශ කෙරෙනබවට සමහරෙක් දොස් නගති. තවත් උන් කියන්නේ මාධ්‍ය සිය මෙහෙවර නිසි පරිදි ඉටු නොකරන බව යි. සුභාවිත සිංහල ගීතය ජනතාවඅතරට නිසි පරිදි නොයන බවත්, හොඳ ගීත දැන් අහන්න නොලැබෙන බවත් අයෙක් කියති. දක්ෂ නිර්මාණකරුවන්ට තැනක් නැති බවත්,ඔවුන්ගේ නිර්මාණ ජනතාව අතරට යවන්නට ක්‍රමයක් නැති බවටත් දොස් නැගෙයි. එමෙන් ම යම් යම් විෂයය කරුණු හොඳින් දන්නා අයට, ඒ කරුණු අන් අයට කියා දෙන්නට කාලය මදි වීම නිසා හෝ ක්‍රමයක් නොමැති වීම නිසා අදාළ දැනුම අපතේ යයි. 

අන්‍යයන්ට දොස්කියමින් ගත කළ කාලය දැන් අවසන් කළ යුතු ය. ඔබ දන්නා දේ, ඔබට කිව යුතු යැයි හැඟෙන දේ කිසිඳු බාධාවකින් තොරව කියන්නටබ්ලොග් අඩවියක් භාවිත කළ හැකි ය.මේ සියල්ලට ම පිළිතුරු බ්ලොග් කලාව සතු වෙයි.

ඔබ ලියන බ්ලොග් එකකින් භාෂාව සහ සාහිත්‍යය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ හැකි ය.එමෙන් ම ඔබ දන්නා විෂයය කරුණුවෙනත් අයට කියා දීමට, ගීතය, කවිය වෙනුවෙන් ඉදිරිපත් වීමට, ඔබ සතුව ඇති හොඳ ගීත බෙදා හදා ගැනීමට, ඒවාට පසුබිම් වූ සිදුවීම් සහ ඒ හා බැඳුණු කරුණු පල කිරීමට, ඔබේ නිර්මාණ පල කිරීමට, ඔබට හැඟෙන පරිදි සමාජය වෙත දිය යුතු පණිවුඩයක් දීමට ඔබට මෙයින්අවස්ථාව සැලසෙයි.මෙහි එක් ගැටලුවක් ඇත. සියල්ල අවසානයේ ඔබට ආත්ම තෘප්තිය විනා වෙනත් යමක් හිමි නොවේ. බ්ලොග් එක වෙත එන පිරිසත්, පලවන අදහස් ටිකත් ඒ සඳහා හේතු වේ. 

බ්ලොග් එකක් පටන් ගත් කාලයේ බොහෝ විට ලැබෙන හිට්ස් ගණන අඩු විය හැකි ය. එමෙන් ම එහි සටහන් වලට අදහස් පල වීම බොහෝ අඩු විය හැකි ය. බොහෝ දෙනා බ්ලොග් ලිවීම එපා කර ගන්නේ හෝ කිසිවෙකුට වැඩක් නැතිඑහෙත් හිට්ස් බොහෝ ලැබෙන වල්පල් ලියන්නට පෙළඹෙන්නේ මේ හේතුව නිසා ය. නමුත් මෙයින් බ්ලොග් එකෙහි Ranking ඉහළට එනනිසා Google වැනි සෙවුම් යන්ත්‍ර වලින් බ්ලොගය සොයා ගැනීමේ දී අදාළ ලයිස්තුවේ ඉහළට පැමිණීම සිදු වේ. මෙය වාසියකි.

ඔබට හිට්ස් අවශ්‍ය නම් Traffic Source එකක සහය ලබා ගත හැකි ය. දිනකට හිට්ස් දහසක් ලබා ගැනීම එතරම් දෙයක් නොවනු ඇත. නමුත් 'මා ලියන දේවල් කියවන්නට කැමැත්තෙන් මෙහි පැමිණි එවුන් මේ තරම් විණි යැ' යි ලැබෙන ආත්ම තෘප්තිය එවිට ඔබට නොලැබෙනු ඇත.

උසස් නවකතාවක් කියවා එහි රසය ලබන්නට උත්සාහ කරනවාට වඩා බොහෝ දෙනා පෙළඹෙන්නේ මල් නවකතාවක් කියවා ක්ෂණිකසතුටක් විඳීමට ය. රසය ද වාණිජකරණය වී තිබීම මෙයට හේතුව යි. 'චිංගීස් අයිත්මාතව්ගේ' "අම්මා සහ මිහිකත" පොතේ (පරිවර්තන)පිටපත් වලට වඩා ලංකාවේ 'සුජීව ප්‍රසන්න ආරච්චිගේ' "සින්දුර්" විකිණෙන්නේ ඒ නිසා ය. එය සමාජයේ වරදක් නොවේ. අප හුරුව ඇත්තේ එවන් රටාවකට ය.ටොපියක් කද්දී දැනෙන පැණි රසය ක්ෂණික ය. මිහිර මුළු සිරුරට ම දැනෙයි. එමෙන් ම එය නැති වී යන්නේ ද ඒ වේගයෙන් ම ය. 

නෙල්ලිගෙඩියක් කෑම ටොපියක් තරම් පහසු නැත. නොයෙක් රස සමුහයක් දිවට දැනෙයි. ඒ රසය බොහෝ වෙලා දිවෙහි රැඳී තිබෙයි. අවසානයේටොපිය හරහා රසකාරක පොදියක් ඇඟට ඇතුළු වී ඇත. නෙල්ලි හරහා රෝග බොහොමයක් නසන ඔසු ලැබී ඇත. නමුත් නෙල්ලි ගෙඩියට වඩා මාකට් වන්නේ ටොපියයි. නමුත් නෙල්ලි වලට පිරිසක් හුරු කරවා ගන්නට ඔබ සමත් වුයේ නම් ඔවුන් ක්ෂණිකව රසය දෙන, ඒ ක්ෂණයෙන් ම නැති වන ටොපි පසුපස නො දුවනු ඇත. අවසානයේ මාකට් එක නෙල්ලි වෙත යොමුවනු ඇත.

බ්ලොග් එක ටොපි විකුණන්නක් නොවිය යුතු ය. මුලින් ඔබ වටා වැඩ පිරිසක් නො රැඳෙනු ඇත. නමුත් අවසානයේ ඔබ හා රැඳෙන පිරිසඔබ හැර නොයනු ඇත. ඒ හැරත් කමෙන්ට් සහ හිට්ස් පස්සේ එළවා නොගොස් සමාජයට යමක් දුන්නේ යැයි තෘප්තියක් ඔබ සතු වනු ඇත.

මම, අමන්දානන්දයට පත්ව සිටිමි!

Friday, October 12, 2012

අවුරුදු විසි එකක ජීවිත කාලය පුරාවට වැඩි ම සතුටක් ලැබූ දවසේ ඒ සතුට ගිලිහෙන්නට පළමු ලියමි.

හිතාදර දුයිෂෙන්,

ගුරු ගීතය කියවූ පළමු වර පටන්, මා උගත් නොයෙක් විධ වූ ගුරුවර ගුරුවරියන්ගේ මුහුනුවර හා මුසු ව, මහා පෞරුෂයකින් හෙබි, චිත්‍රයකින් ඇඳ මෙසේ යැයි දැක්විය නොහැකි සුවිසල් රුවක් ලෙස නුඹේ රුව හදේ ඇඳී තිබුණි. කවදාක හෝ, කුමන අයුරකින් හෝ, අල්තීනායිට නුඹ වූ සර්ව සම්පුර්ණ ගුරුවරයා වීමේ නොනිත් ආශාවකින් මම පෙළුනෙමි. අද මගේ සිහිනය සැබෑ වී ඇතැයි හැඟෙයි.

 මා නුඹ තරම් දක්ෂ ගුරුවරයෙක් නොවුවත්, නුඹ තරම් ඉවසිලිවන්ත නොවුවත්, මගෙන් උගත්තවුන් අල්තීනායි තරම් අසරණ වුන් නොවුවත්, උන්ගේ දෙමාපියන් ඉගෙනීමේ වටිනාකම නොදන්නවුන් නොවුවත්, අද මා ලැබූ යම් සාර්ථකත්වයක් වේ නම් එහි අයිතිය සම්පුර්ණයෙන් ම නුඹ සතු ය.

යම් යම් පරිපාලන ගැටළු කිහිපයක් හේතුවෙන්, ඉගෙන ගන්නට බැරිව, අසරණ ව හුන්, ඒ කුඩා වුන් සමුහය වෙත යද්දී මට අවැසි වුයේ, නුඹෙන් අල්තීනායි ලද දෙයින් දහසකින් එකක් හෝ මගෙන් උගන්නා උන්ට ලබා දීම යි.

මම නුඹ තරම් කල් එහි නො ඉගැන්වුයෙමි. නුඹ තරම් මම දක්ෂ නොවූයෙමි. මා ඉගැන්වූයේ මට ආගන්තුක වූ බසකිනි. නමුත් මම උන්ට සමීප වුයෙමි. සමහර විට නුඹට අල්තීනායි ආදරය කළ තරම් උන් මට ආදරය නොකරන්නට අත. නමුත් මට  ඒ තරම් යැයි දැනෙන තරම් උහු ආදරය කළහ.

එහි යන්නේ කුමක් සඳහා දැයි මම නොදැන උන්නෙමි. මට උගන්වන්නට වෙන්නේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නා උන් පිරිසකට පමණක් බව මම දැන උන්නෙමි. මම උන්ට භෞතික විද්‍යාවේ සිට ගණිතයටත්, තොරතුරු තාක්ෂණයේ සිට සිංහලටත් ඉගැන්වුයෙමි. දවස් හතරෙන් තුනක කාලච්ඡේද හතක් ඉගැන්වුයෙමි. ඉතිරි දවසේ කාලච්ඡේද හයක් ඉගැන්වුයෙමි. එය මට වෙහෙසකර නොවීය. මද වෙහෙසක් දැනෙද්දී මගේ ඉදිරියේ මැවුණේ නුඹේ රුවයි. පරම්පරා ගණනාවක් පුරාවට අකුරක් වත් කියවා ගන්නට නොදත් එවුන්ගේ අලුත් පරම්පරාවට, වචන උගන්වන නුඹ වෙහෙසට පත් නොවී ඉන්නට තනන අයුරු මට මැවී පෙනුණි. ඒ දකින මගේ වෙහෙස ඉබේටම මැකී ගියේ ය.

මා ඉගැන්වූයේ ප්‍රාථමික අංශයට පමණක් නොවේ. සමහරෙක්  උසස් පෙළ සිසුන් වුහ. සමහර උන් මෙවර සාමාන්‍ය පෙළ කරන්නාහ. තවත් අයෙක් සාමාන්‍ය පෙළ කරන්නේ ලබන වසරේ ය. දවස් දෙකක් ප්‍රාථමික අංශයේ උන් ද මගෙන් සිංහල උගත්තාහ.

මා එහි ගියේ ටික කලකට ය. වර්ජනය තිබෙන තුරු ය. සැබවින් ම මා එහි සිටියේ දින හතරකි. නමුත් ඒ දින හතර තුළ මම බොහෝ දේ උගත්තෙමි. මා දන්නා බොහෝ දේ ඉගැන්වුයෙමි. සිංහලට වඩා යමක් ඔවුන්ට කියා දෙන්නට උත්සාහ කලෙමි. ගණිත ගැටළුවකට වඩා යමක් විසඳන්නට ඔවුන් පෙළඹවුයෙමි. තොරතුරු තාක්ෂණයට වඩා යමක් ඔවුන් ලවා සොයවන්නට මට උවමනා විය. භෞතික විද්‍යාවට වඩා යමක් ඔවුන් සිතනු දැකීම මගේ අරමුණ විය. සැබවින් ම, නුඹ වැන්නෙක් වන්නට මට උවමනා විය. සත්‍යයකි. මම නුඹව කොපි කළෙමි. මම නුඹේ පිටපතක් වන්නට උත්සාහ කළෙමි.

සමහර විට මා සාර්ථක වන්නට ඇත.මට එසේ සිතෙයි. මා අසාර්ථක වුවා නම්,  මා වට කරගෙන, ඉල්ලීම් කරමින්, රඳවා ගන්නට උන් උත්සාහ නොකරන්නට ඉඩ තිබුණි. භෞතික විද්‍යාව උගන්වන්නට, මාව දිගට ම ඉල්ලා නොසිටින්නට ඉඩ තිබුණි. ඒ හැරත්, මා යන්නට සැරසෙන විට, උන්  කුරුටු ගා දුන් අදහස් වල ඒ තරම් ම දේ නොතිබෙන්නට ඉඩ තිබුණි. ඒ හැරත් ඒ දේවල් කියවද්දී මගේ දෑස් තෙත් නොවන්නට ඉඩ තිබුණි. අඩු තරමේ උන් හැර එද්දී, තෙත බරිත වුණු මගේ දෑස් ඒ පුංචි එවුන්ගෙන් සඟවා ගන්නට මට සිදු නොවන්නට ඉඩ තිබුණි.

මා යළි එහි එනු දකින්නට උන්ට ඕනෑ ය. මට එය පොරොන්දු වන්නට ද සිදු විය. මම පොරොන්දු වුයෙමි. එය මුළු හදින් ම වූ පොරොන්දුවකි. රකින්නට හිතාගෙන වුන් පොරොන්දුවකි. නැවතත් කවදාක හෝ උන් වෙත යන්නට මට අවශ්‍ය ය. ඒ පුංචි එවුන්ගේ මුහුණු ටික යලි දකින්නට මට ඕනෑ ය. දෙවියන් මට ඉඩ දෙන්නේ නම්, මම සැබවින් ම යලිත් එහි යන්නට කැමැත්තෙමි. අඩු තරමින් උන්ගේ වාර්ෂික විවිධ ප්‍රසංගය බලන්නට හෝ යන්නට මම ආශා කරමි.

බොහොමයක් උන් තවම අවුරුදු දොළහක් දහ හතරක් තරම් වුන් ය. සමහර විට ඒ කුඩා වුන්ට මා පිලිබඳ වැඩි කලක් මතක නොතිබෙනු ඇත. වෙනත් ගුරුවරයෙක් පැමිණ උගන්වද්දී, කෙමෙන් උන් ඉහල පන්ති වලට යද්දී මා අමතක වුවහොත් ඒ පිලිබඳ මම පුදුම නොවෙමි. ඒ සියල්ල පසෙක තබා, අද මා වෙත පල කෙරුණු උන්ගේ ප්‍රතිචාරය ගැන මම බෙහෙවින් ම සතුටු වෙමි.

දින හතරක් ඉගැන්වීම වෙනුවෙන් අපට වේතනයක් පිරිනැමුණි. එය, මහපොළ මාසික දීමනාවට වඩා යන්තමින් වැඩි ගණනකි. ඒ මුදලේ අගය මට ඒ තරම් වැදගත් නොවේ. මගේ මහන්සියෙන් පළමු වරට මුදලක් ඉපැයුවේ අද ය. ලැබී පැය හයක් ගත වන්නට පළමු එය සම්පුර්ණයෙන් ම පාහේ අවසන් විය. . එයින් බොහෝ දේ කරන්නට කලක පටන් සිතා සිටියෙමි. එයින් බොහෝ දේ ඉටු කළෙමි. තවත් කිහිපයකට මුදල් වෙන් කරගෙන හිඳිමි. සියල්ල අවසානයේ, පළමු වරට යුතුකමක් ඉටු කළ බව හැඟෙයි. සැබවින් ම මම අද අමන්දානන්දයට පත්ව සිටිමි.

වේතනයෙන් ඉතිරි වූ රුපියල් පනහක මුදල අත තබාගෙන මම එයින් කළ යුත්තක් කල්පනා කරමි. අද මට මුදලට ලබා ගත නොහැකි බොහෝ දේ හිමි ව තිබේ. ජීවිත කාලය තුළ කෙදිනක වත් නොලැබූ තරම් සතුටකට මම පත්ව සිටිමි. මට ඒ සතුට ලබා දුන් දෙවියන් වහන්සේට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.

එමෙන් ම, ගුරු ගීතයේ පිටු අතරින් මතු වූ නුදුටු ගුරුවරයාණෙනි. මම නුඹට ස්තුතිවන්ත වෙමි!


කුමට ද මට?

Wednesday, October 3, 2012

දියක් බොන්ට සෙම්බු කුමට මට
දෝතටත් දිය පිරෙන්නේ
සා ගිනි නිවන්න රන් තලි කුමට මට
බෙලෙක් තලියෙත් බත් වැඩෙන්නේ..

දාහය නිවන්න පංකා කුමට මට
මද සුළඟක් මෙහි හමන්නේ
කඳුලැලි පිසින්න සළුවක් කුමට මට
පවනේ කඳුලැලි මැකෙන්නේ

කවක් ලියන්නට නින්දගම් කුමට මට
තේවාවට දුන් පරවේණි තිබෙන්නේ
නැතක් ගී වල තාල කුමට මට
කවිය තනිකම නිවන්නේ...

ප.ලි : නිකම් ම හොඳයි කියා යනවා ට වඩා ඔබට දැනෙන අඩුපාඩු පෙන්වා දෙන්නේ නම් වඩාත් සතුටුයි.

රිද්මය නංවයි පෙර ලෙස රළ බිඳ

Tuesday, September 25, 2012

මුහුදු රැල්ලක්
ඇතුලේ සැඟවුණු
පෙණ කැටි අහුරක
සිර වුණු ඉකියක්
හැඬවුණු මොහොතක
නුඹ හා මා හුන්
වෙරළ පසු කළ
තුන්වෙනි පන්තියේ
දුම්රිය මැදිරිය
දෙදරා වැළපෙනු
අසා උන්නෙමි මම
සැන්දෑ යාමෙක.

පෙර එක් දවසක
සැන්දෑ මොහොතක
මා තුරුලෙහි හිඳ
නුඹ කල් ගෙවූ
ඒ ගල් කුළු මත
වෙන වෙන අය අද..
ඒ අප නොව බව
නොම දැන මහ සිඳු
රිද්මය නංවයි
පෙර ලෙස රළ බිඳ..

දුයිෂෙන් නොකී කවිය

Sunday, September 16, 2012

සැඩ සුළඟ, මද පවනක් ව
තුරු ගොමු සිසාරා හමන
වියළි හිම කැට
තෙත බරිත වී
ධවල කඳු හිස්
සුනිල්වන් වන
සුපුෂ්පිත කුසුම්හි මකරන්දය
බඹර පහසින් ගෙත්තම් වන
වසන්තය එළඹෙන තුරු
කටුක ශිශිරය අවසන් ව,
බලා හිඳිමි මම
පොප්ලර් අතු අතරින්
තිමිරය ඉරාගෙන
නැගෙන හිරු දකින්නට..

කඳු ඉහත්තාවේ
පාසලට ඉහළින්
නුඹ  ගුරු තරුව කරවා,
පොප්ලර් ගස් සෙවනෙහි හිඳ
යළිත් ගුරු ගීතය ලියන්නට
අල්තීනායි විය නොහැකි ය මට..

නුඹේ තේජස ඉදිරිපිට
යළිත් තේජස් වන අයුරු මට
උගන්වනු මැන කමා කර
සුලෙයිමානවා මැතිණිය..

අසරණව නුඹ නොදැක නික්මුණ
වියපත් ලියුම් බෙදන්නා වෙමි මම..

නගරය

Saturday, September 8, 2012

ආං බලාපියව්...
කෝට් බෑය ජැන්ඩි පහට
මුණ බලන සපත්තු දෙක
කරකවාපු උඩු රැවුල
ඒ මහත්තැන්ගේ තේජස!!

තෝ හොරිකඩයා
තෝ මොකාද?
මුඩුක්කු වල බල්ලෝ
හිඟා කන්නේ, අත පය නැද්ද?

හායි ඩියර්
වට්ස් අප් දෙයර්
ඩු යූ වෝන්ට් සම් බියර්?
චී.. බලන්න මෙයාලගේ ගඳ..

ගමේ වාගේ නොවෙයි මෙහේ
සර්පයෝ අඩියෙන් අඩියට විසකුරු
කොන්ක්‍රීට් වනන්තරේ
අතරමං වෙයි නිරතුරු
ගමෙන් ගිහින් අපි තාමත්
ඒ වගේ ම හරි ගොඩේ ලු
අම්මේ මං ගමට එනවා
අපි හේනක් කොටා ගනිමු..




රත්න ශ්‍රී විජේසිංහයන් , එකොලොස්වන පැය, හේමමාලා විජේසිංහයන්ගේ අභාවය හා බැඳුනු මගේ අත්දැකීම් කිහිපයක්

Wednesday, September 5, 2012

2012 අගෝස්තු 25 වැනි සෙනසුරාදා දින 'එකොලොස්වන පැය' කාව්‍ය සංග්‍රහය එළි දැක්වීමේ උත්සවයට සමගාමී ව පැවති සාකච්ඡා දකිනු රිසි වූ මම, නැතක් වූ සෙසු කාර්යයන් පසෙක ලා පන්නිපිටියට යෑමට ගාල්ලෙන් බස් රියකට නැගුනෙමි. වෙනදා මෙවන් ගමන් සඳගා මා සමග යන මගේ මිතුරා, එදින නොවුයේ පමා කළ නොහැකි වෙනත් කාර්යයක් යෙදුනු හෙයිනි. 'සිසිලස ගාර්ඩ්න්ස්' නම් තැන සොයා ගන්නට එතරම් අමාරු නොවුයෙන්, එහි වූ Red Riding Hood සොයුරිය හමු ව ඇය හා එදින සවස් කාලය ගත කළෙමි.


මා සිතා උන්නාට වඩා බෙහෙවින් ම වෙනස් ආකාරයකට ය අදාල උත්සවය සුදානම් කර තිබුණේ. උත්සවය පටන් ගෙන තරමක් වෙලා ගත වුව ද මා බලා හුන් චරිතය, පැමිණුනේ නැත. මද වෙලාවක් ගත වූ තන්හි නිවේදනය කළ සොයුරා ප්‍රකාශ කළේ, ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන් පැමිණි රථයේ යම් දෝෂයක් හේතුවෙන් සුළු පමාවක් වනු ඇති නමුත්, ඔහු අනිවාර්යයෙන් ම පැමිණෙන බවයි.

තවත් අඩ හෝරාවක් පමණ ගෙවුණු තැන, විජේසිංහයන් උත්සව සභාවට සම්ප්‍රාප්ත විය. සිය බිරිඳගේ යම් අසනීප තත්වයක් නිසා තමන් පැමිණීම ප්‍රමාද වූ බවත්, පැමිණෙන අතරතුර දී රථය කාර්මික දෝෂයකට ලක් වීමෙන් තව දුරටත් ප්‍රමාද වූ බවත් දැන ගන්නට ලැබුණි. ඉන් අනතුරුව,  බෙහෙවින් ම හරවත් දේශනයකින් සභාව පෝෂණය කිරීමට ඔහු සමත් විය. දේශනයේ දී විජේසිංහයන් යෙදූ සාරවත් වදන් හා වැකි මට ඒ ආකාරයෙන් ම සිහියට නොනැගෙන හෙයින්, ඒ දේශනය පිලිබඳ කියන්නට ගොස් මගේ ග්‍රාම්‍ය වදන්, වැකි යොදා එතුමාණන්ට අපහාසයක් කිරීමට මම අකමැත්තෙමි. නමුත් දේශනය අවසානයේ, මා වරකට දෙකකට වඩා අසා නැති, කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ හඬින් ගැයෙන "මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික" නම් සුමධුර ගීතය සහ ඊට පසුබිම් වූ සිද්ධි සමුහය පිළිබඳව විස්තර කෙරුණු බව කිව මනා ය.

දිනය ගත වී අවසන් වෙද්දී, කෙමෙන් රෑ බෝ වෙද්දී, යළි ගම් බිම් බලා එන්නට සැරසුණු මට, රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පෞද්ගලික රථයෙන් ම ප්‍රවාහන පහසුකම් සපයා ගත හැකි විය. කලකට පෙර, එතුමාගේ තරු ලකුණ පොතේ, කියවූ පද දෙකක අනුසාරයෙන් මා ලියන්නට උත්සාහ කළ කවියක් (හෝ එවැන්නක්) අඩුපාඩු විමසා ගන්නට එතුමා අතට පත් කළෙමි. මගේ නම හෝ දුරකථන අංකයක් එහි සඳහන් කරන්නට අමතක වුයෙන් පසු දා දුරකතනයෙන් ඔහු අමතන්නට පොරොන්දු වූ මම සතර දේවාලය ළඟින් බැස ගත්තෙමි.

පොරොන්දු ප්‍රකාරව ඉරිදා දින ඔහු අමතන්නට බැරි වුණු අතර, සඳුදා බැහැරක ගොස් එමින් සිටි මම සතර දේවාලය අසල අවමඟුල් සැරසිලි දුටුවෙමි. නරකක හෝ නපුරක සේයාවක් සිතේ ඇඳි වහා ම මැකී ගියේ එවැන්නක් වෙතැයි මා සිහිනයකින් වත් නොසිතු හෙයිනි. නිවසට පැමිණි මම ඇඳුම් අහවර නොකර ම රත්න ශ්‍රී විජේසිංහයන් ඇමතුවෙමි.

"සර්. මම එදා වාහනේ දී සර් ට කවිය දුන්නු කෙනා කතා කරන්නේ."
"ඔව්. කියන්න.."
"සර් ඒ කවිය බැලුවා ද? මට ඇමතුමක් දෙන්න කිව්වා."
"අපේ ගෙදර මළ ගෙයක් වෙලා දරුවෝ. මට ඒක බලන්න වුනේ නැහැ."
"කවුද සර්?"
"මගේ නෝනා නැති වුණා."
සිදු වුයේ කුමක්දැයි සිතා ගන්නට නොහැකි වූ මම ගොළු වීමි. මා සිහි එලවා ගනිද්දී, දුරකථනය විසන්ධි වී තිබුණි.

මට එක වර ම සිහි වූයේ විජේසිංහයන් ඇය පිලිබඳ රචිත කවි සහ ගීත යි. ඒවායේ පරිදි ඔහු සිය බිරිඳට කෙතරම් ආදරය කළේ ද යන වගයි. වෙසෙසින් ම රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුණු, විශාරද ගුණදාස කපුගේ ගයන මේ ගීය යි.


මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍ර දේවි නොවුණී
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී

මේ කදුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ

නුඹ නොදී එතෙර රටටා‍
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා ‍එහෙත් පෙරුම් දම්

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ


ලේන කුලයේ සිට පතා ආ බෝසතුන් සේ, රත්න ශ්‍රී ද සිය බිරිඳට දැඩි ව ආලය කළ බව දැන හුන් මට අවමංගල්‍ය උත්සවය සඳහා කෙසේ හෝ සහභාගී විය යුතු බව හැඟුණි. එබැවින් අවසන් කටයුතු සිදු කෙරෙන දින මම, මිත්‍ර නුවන් ද සමග එහි යන්නට තීරණය කළෙමි. මීට පෙර ඇයව දැක නැතත්, බෙහෙවින් ම හිතවත් කිසිවකුගේ අවමගුලකට සහභාගී වනවා ය යන හැඟීම අප සිත් තුළ විය. 

නිවසේ දී අපි යළිත් වරක් රත්න ශ්‍රී විජේසිංහයන් හමු වීමු. මා කවුරුන්දැයි හඳුනා ගත්  පසු විජේසිංහයන්,

"පුතා නේද මට කවියක් දුන්නේ?"

"එහෙමයි සර්"

"මේක තමයි පුතේ කවිය. නරක ම කවිය."


මේ දක්වා මට ජීවිතයේ අමතක නොවන තරම් විශේෂ සිදුවීම් තිබී නැත.  මා බෙහෙවින් ම අගය කරන, ශ්‍රේෂ්ඨතම පුරුෂයා බෙහෙවින් ම සංවේදී ව මා ඉදිරිපිට හිඳ, වෙවුලන ස්වරයෙන් කියූ  ඒ වචන කිහිපය, ඒ වචන වලටත් වඩා ඔහුගේ ස්වරය මට කෙදිනක වත් අමතක නොවනු ඇතැයි මට සිතේ.

අස්වැන්නේ මේ පිළිබඳව වඩාත් විස්තර සහිතව සටහනක් පල වුණු අතර මේ සටහන මගින් කළේ හේමමාලා විජේසිංහයන්ගේ අවමංගල්‍යය හා බැඳි මගේ ජීවිතය හා සම්බන්ධ වුණු සිදුවීම් පිළිබඳව යම් සඳහනක් කිරීම පමණි.  මේ සටහනට විරාමයක් තැබෙන්නේ ද අදාල ලිපියේ අවසානයේ වූ වැකියෙනි.

බදාදා හවස් යාමයේ අඳුරු වැහි වලා යටින් සිරි සිරි පොද වැටෙද්දී සිය ප්‍රියයාගේ කවි සිතටද විරාමයක් දී, සියළු කලාකරුවන්ගේද රසික පර්ෂදවලද, සියලු නෑ හිතමිතුරන්ගෙන්ද සමුගෙන තරුවක් බැස යනවා සේ පා සළකුණු නොතියා, පාලු අහස වැහි වලාවෙන් සරසා දඩල්ල සුසාන භූමිය වෙත නික්ම ගියාය.



ප.ලි:- 
මෙතෙක් කල් දුරකථන ඇමතුමකින් හෝ වත් පොතේ දෙබසකින් මිස සජීවී හමු වීමක් වන්නට නොයෙදුණු දයානන්ද රත්නායක අයියා (අස්වැන්න) හමු වන්නට ද එදා අවකාශ සැලසිණි. 

එමෙන් ම එකොලොස්වන පැය උත්සවයේ දී  Red Riding Hood අක්කා පිට ව ගිය පසු, දන්නා හඳුනන කිසිවෙක් නැතිව, එතැන තනිව හුන් මා හා මිත්‍ර ව කතා කරමින් තවත් බොහෝ දෙනෙක් හඳුන්වා දුන් බුන්දියේ මාලති කල්පනා ඇම්බ්‍රෝස් අක්කාට ද මම බෙහෙවින් ම කෘතඥ වෙමි.

ගුරු ගීතය - චිංගීස් අයිත්මාතව්

Tuesday, August 21, 2012

මේ ලියවෙන්නේ අරුණැල්ලට ලියන සියවන සටහනයි. ඒ, අරුණැල්ල ඒ නමින් අරඹා වසරක් ගෙවෙන තැන දී යි.

මේ දක්වා ආ ගමනේ බ්ලොග් ලෝකය සහ සයිබරය තුළ, රැංගෝ ට ගුරුහරුකම් දෙමින් රැඳී වුන් රැසකි. මා අල්තීනායි විණි නම්, උහූ දුයිෂෙන් වැන්නෝ වුහ. එවැන්නවුන්ට ප්‍රණාමය පුද කරනු වස්, මෙතෙක් මා හා බ්ලොග් කරණයේ යෙදුණු පිරිසෙන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වය ඇතිව 'චිංගීස් අයිත්මාතව්' විසින් රචිත 'ගුරු ගීතය' නම් අද්විතීය කෘතිය යුනිකෝඩ් කරන ලදී.

ගුරු ගීතය PDF ගොනුව මෙතැනින් බාගත කළ හැකි ය!


ප.ලි :

2011 වසරේ අගෝස්තු මස 21 වන දින, එතෙක් Nj_A  ලෙස තිබූ බ්ලොගය අරුණැල්ල නමින් ලියන්නට ගෙන මේ වන විට වසරක් ගතවී ගොස් හමාර ය. වසරක් තුල Page Views 40,000 කට අධික සංඛ්‍යාවක් අරුණැල්ලට හිමි කර දෙමින් මේ දක්වා අරුණැල්ල සමග රැඳී හුන් ඔබ සැමට අරුණැල්ල වෙනුවෙන් මගේ ප්‍රණාමය පුද කරමි!

 සයිබරයේ කරක් ගසා කොතෙක් සෙව්වත් scan කරන ලද pdf ගොනුවක් ලෙස මිස සොයාගත නොහැකි වූ ගුරු ගීතය යුනිකෝඩ් කිරීමෙහිලා,

ස්වායක්ත ලියන නුවන් තාරක සොහොයුරා
නේජා ලියන රුවී
ගිනි කුරුල්ලා හෙවත් සමිල අයියා
අස්වැන්න ලියන දයානන්ද රත්නායක අයියා
ක්සැන්ඩරගේ කොලම ලියන ක්සැන්ඩර්
සුදාගේ සිතුවිල්ලක් ලියන මුදිත සුදාරක
Feels Like ලියන සඳුනි
බිම්සර
සිතුම් පැතුම්
චතුර බුද්ධික
ජනරඟ විජයිඳු දේවසුරේන්ද්‍ර
සඳ කිඳුරා
දඟ මල්ල
දඟකාරි
හසිත අයියා
ප්‍රදීප් අයියා
මී ගොඩයා
පුබුදු මල්ලි
ඇතුළු පිරිසත්, විශේෂයෙන් Red Riding Hood දක්වූ සහයෝගයත් බෙහෙවින් ම අගය කළ යුතු ය.

අරුණැල්ල වෙනුවෙන් එක කමෙන්ට් එකක් හෝ යෙදූ මගේ මිත්‍රයින්ටත්, අරුණැල්ලට ඇවිත්, රහසෙන් ම නික්ම ගිය දහස් ගණනටත් බොහොමත් ම ස්තුතියි! ඔබේ සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වෙමි!

ජය වේවා!!


ඇය සහ හදවත

Thursday, August 16, 2012

ඇඟ හිරිගඩු පිපෙන
සීතල වියළි උදෑසනක,
කෙම් බිමක් නොපෙනෙන
කටුක රළු කතරක,
ඇයව දුටුවෙමි මම,
හදවතක් පතා ඇවිදින..

ඇගේ සියුමැලි නොකිලිටි හදවත
මට ම හිමි කර ගනු පිණිස
ගලවා දුනිමි මම
කලබලයෙන් මගේ හදවත..

කලබලය වැඩි කමට - මට
වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණි හදවත..

මගේ හදවත ගෙන වමතට
ඇගේ හද මට දෙනු වෙනුවට
පිටුපා යන්නට විය ඇය
හදවත් දෙකක් ළඟ ඇතිව..

නැති වූ හදවත සොයා මම
ඇවිද ගියෙමි සත් වසක් මග
අනතුරුව පිළිවිසිමි
සොඳුරු ගං මිටියාවතකට..

ගං ඉවුර අසල
පෙරළෙන රළට
තෙමී නොතෙමෙන
වියළී ගිය කිසිවක් දැක
හැරුණෙමි මම
හුරු පුරුදු බැවින් එය..

ළං වී බලා හඳුනා ගතිමි මම
ඒ හදවතක් බව..
සියුම් ව පරීක්ෂා කර
පෙරලා බලා දැක ගතිමි
වියළී ඉරිතැලුණු ලකුණු අතර,

වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණ සලකුණ..







දන්නා නන්දා මාලිනිය ගැන නොදන්නා දෙයක්

Thursday, August 9, 2012




බෞද්ධ කොඩියට වසර එකසිය විසිපහක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙල පැවැත්වූයේ කොටහේන දීපදුත්තාරාමයේදී ය.

අගමැතිවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරා ගෙනය. බොහෝ දෙනෙක් සිතුවේ ඈ බොදු ගීතයක් ගයනු ඇති බවය. එනමුත් බොදු ගීතයට පෙර ඈ සිය ජීවන ගීතය මෙසේ ගැයුවාය.

කොටහේනේ හැට දෙකේ වත්ත මගේ ගම. උප්පත්තියෙන්ම මට උරුම වෙලා තිබුණේ දුප්පත්කම විතරයි. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක්. පුංචි කා‍ලේ අපට කන්න අඳින්න නැති වුණාම දීපදුත්තමාරාමයේ නායක හාමුදුරුවෝ අපට උදව් කළ හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

මේ කතාව අසාගෙන් හුන් අගමැතිවරයා කම්මු‍ලේ අත තියා ගත්තේය. සම්භාවනීය අමුත්තෝ මුව නොපියා නන්දා මාලිනිය දෙස බැලුවේ විශ්මයෙනි. ගී ලොව මිණි කිරුළ දරා සිටින ඈ මුඩුක්කුවක උපත ලැබුවායි අසන්නට ලැබිම ඔවුන් විශ්මයට පත් කැරන්නට ඇත. හැරත් ඒ කතාව නොබියව කීමට තරම් නන්දා මාලිනියට මේ සා ආත්ම ශක්තියක් නිහතමානීකමත් ලැබුණේ කොහොමදැයි අමුත්තෝ කල්පනා කරන්නට ඇත.

අපේ කල්පනාවේ හැටියට නන්දා මාලිනියගේ මධුර ස්වරයෙන් ගයන ගී අසා තිබුණද ඇගේ ජීවන ගීතය ඔබ නොඅසන්නට ඇත. මේ කතාව හරියට හින්දි චිත්‍රපටයක් මෙනි. එනමුත් අපේ වීරවරියගේ කතාවේ සත්‍ය පිටපතයි මේ.

මිරිහාන ආරචිචිගේ නන්දා මාලිනි පෙරේරා මෙලොව එළිය දුටුවේ රිදී හැන්ද මුව දරාගෙන නොවේ. එක්දහස් නවසිය හතළිස් තුනේ අගෝස්තු විසිතුන් වැනිදා ඈ උපන්නේ අන්ත දරිද්‍රතාවකින් පෙළුණු පවුලකය.
නව දෙනකුගෙන් යුත් පවුලක ඈ සිව්වැනි දරුවා වූවාය. නන්දාගේ මව ලියනගේ එමලින්ය. පියා වින්සන්ට් පෙරේරාය. ඔහු සන්නාලියෙකි. පනහ දශකයේ ලංකාවේ සුප්‍රකට නිමි ඇඳුම් කම්හලක් වූ හයිඩ්‍රමනි සමාගමේ ඔහු රැකියාව කළේය. නිවාඩු පාඩුවට අමතර ආදායම් උපයා ගැනීමට වින්සන්ට් පෙරේරා ගෙදරද ඇඳුම් මසා කොටහේනේ වතුවල හුන් අයට වික්කේය. මේ නයින් ඔහු 'කොටහේනේ කෝට් බාසුන්නැහේ' ලෙස ප්‍රසිද්ධියට පත්වූයේය.

ඒ කා‍ලේ තාත්තා මහන ඇඳුම් වත්තේ ගෙවල් ගානේ ගිහින් විකුණුවේ මම. මේ ඇඳුමේ බකල් හයියයි. බොත්තම් හොඳයි. ලස්සනට මහලා තියනවා කියලා කියමින් මම ඇඳුම් වික්කා. ඇඳුම් මල්ල කරතියාගෙන යන මාව ඒ කා‍ලේ ගමේ ගෙවල් ඇතුළටවත් ගත්තේ නෑ. දොරකඩ ළඟ ඉන්න කියලා හෙට්ටු කර කර බොහෝ අඩු මුදලකට ඇඳුම් ඉල්ලනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඔවුන් ඉල්ලන ගණනටම ඇඳුම් දෙන්න සිද්ධ වුණා. ඒ මුදලත් මට ලැබුණේ එක සැරේ නෙවේ. මම දෙතුන් වතාවක් ගිහින් පින්සෙණ්ඩු වුණාමයි සල්ලි ලැබුණේ. එදා මට එහෙම මදිපුංචිකම් කරපු අය අද මම දැක්කාම කටපුරා හිනාවෙලා ගේ ඇතුළට එන්න කියලා දොරවල් ඇරගෙන බලා ඉන්නවා. මට ඒ ගැන තරහක් හෝ කම්පාවක් නෑ. ජීවිතේ කියන්නේ දුක සැප දෙකටමයි. මම දැන් ප්‍රසිද්ධ නිසා මේ අය මට ගරු සත්කාර කළත් මම නම් එදා සිටි නන්දා මාලිනීමයි නිහතමානීකමෙන් කිරුළු පළන් සිටින මේ මහා ගායිකාව කියන්නේ තනතුරු තිබුණද නැතිවුණද ජීවත් වීමේ කලාව උපේක්ෂා පාරමිතාව පිරීම බව පසක් කැරමිනි.

කුකුළු කොටුවක් මෙන් ඉඩ නැති නන්දා මාලිනිලාගේ ගේපැ‍ලේ තිබුණේ එක කාමරයකි. ආලින්දය, සාලය, කුස්සිය යන මේ කියන කෝකටත් තිබුණේ එක බිමකි. ගෙදර තිබූ එකම ඇඳ වෙන්කැර තිබුණේ දහඩිය කඳුළු වගුරා දරුවන් උස් මහත් කිරීමට මහන මැෂිම පාගා ගෙදරට එන තාත්තා වෙනුවෙනි. නන්දා පැදුර රැගෙන නිදන්නට යන්නේ සාලයේ මේසය යටටය. ඒ හැංගි මුත්තන් සෙල්ලම් කිරීමට නොවේ. මේසය යටට නොගියොත් නිදා ගැනීමට ඒ නිවසේ වෙන ඉඩක් නැති නිසාය.

පුංචි කාලයේ සිටම නන්දා මාලිනිට තාත්තා ගැන තිබුණේ මහා භක්තියකි. ඒ ගෙදර බුදුන් වූයේ තාත්තාය. බුදුන් හැර නන්දා මාලිනිය වන්දනාමාන කැරෙන තවත් චරිතයක් මෙලොව වෙතොත් ඒ ඇගේ තාත්තාය. නන්දා මාලනියට සංගීතය කියා දුන් බොහෝ ගුරුවරු හුන්නද ඈට ජීවිතයේ රිද්මය කියා දුන් මහා ගාන්ධර්වයා තාත්තාය.

'මගේ පරමාදර්ශය තාත්තා අප ජීවත් කරවන්න ඔහු ගත් උත්සාහය කිසි දෙයකට සම කරන්න බෑ. ඔහු පුදුමාකාර ධෛර්යවන්ත මනුෂ්‍යයෙක්. ඒ කා‍ලේ තාත්තාට ලැබුණේ සතියේ පඩිය. ඔහු ඒ මුදල අතට ගත්තාම මුළු සතියම ජීවත් වෙන්නේ කොහොමද කියලා සැලසුම් කර අරපරිස්සමට වියදම් කරනවා. මට මේ සා දුර ගමනක් ඒමේදී තාත්තාගේ දිවියෙන් ලැබුණු පාඩම් අනන්තයි. අප්‍රමාණයි' ඈ කියන්නීය.

තාත්තා දුක්මහන්සියෙන් හම්බ කැර ගත් කාසි පනම් බොහෝ අරපරිස්සමෙන් වියදම් කිරීමට නන්දා මාලිනී වගබලා ගත්තාය. එකල ගෙදරට අවැසි හාල් තුනපහේ, එළවළු, කරවල ගෙනෙන්නේ තොටළඟ ‍පොළෙනි. පැටි වයසේ හුන් ඈ මව හෝ වැඩිමහලු සොයුරියක සමග ‍පොළට යන්නීය. කොටහේනේ අතුරු පාරවල්, වැටකඩුලු අතරින් ඇති කෙටි පාරකින් ඈ යන්නේ පාද යාත්‍රාවෙනි. ලාබෙට තිබෙන එළවළු දෙක තුනක් මල්ලට දමා ගන්නා ඕ ගෙදර යන ගමන් ග්‍රෑන්ඩ්පාස් මහ වගුරේ (වර්තමාන සුගතදාස ක්‍රීඩාංගණය පිහිටි බිම) හොඳට වැවී තිබෙන පළා නෙලන්නීය.

පෙරේරා පවු‍ලේ සියලු සාමාජිකයන්ගේ බඩට කෑමක් වැටෙන්නේ රාත්‍රී වේ‍ලේදීය. අම්මා කෑම පිස අහවර වූ විට බෙදීමේ වැඩේ පැවරෙන්නේ ලොකු අක්කාටය. පිඟන් ටික එකට තබා ඕ සම සේ බත් හා වෑංජන බෙදන්නීය. බඩ පිරුණත් නැතත් ලැබුණු බත් හැන්ද සියල්ලෝම කා සැණහුනේ වැඩිපුර ඉල්ලුවාට දෙන්නට මුට්ටියේ දංකුඩවත් නැති බව දන්නා නිසාය.

අපි සරල ජීවිතයකට හුරු හුනේ නැතිබැරිකම නිසා. කෑවේ එක වේලයි. අඳින්න මහ ලොකු ඇඳුම් ගොඩක් තිබුණේ නෑ. හැබැයි තියන ඇඳුම පිරිසිදුවට මැදලා පිළිවෙළකට ඇන්දා. අද වුණත් මට මහ ලොකු ඇඳුම් තොගයක් නෑ. මගේ ජීවිතය හරිම චාම් සරලයි. ඈ කීවාය.

පන්සලට ගියද, මළ ගමට ගියද, රජ ගෙදරට ගියද, සිනමා සම්මාන රාත්‍රියකට ගියද ඈ අඳින්නේ ශ්වේත වර්ණ සාරියයි. නන්දා මාලිනිය ශ්වේත වර්ණයෙන් පමණක් සැරසීමට පටන්ගෙන දැන් තිස් අවුරුද්දක් ගෙවිලාය. කොටහේනේ මුඩුක්කුවේ හුන් අසල්වැසියාටද මහේශාඛ්‍ය රජ මැදුරේ හුන් ජනාධිපතිවරයාටද දක්වන සැලකිල්‍ලේ උස් මිටිකම් ඈට නැත. තරාතිරම කුමක් වුවද කොයි කාටත් ඇගේ නිරහංකාර සිනාව කොයි කාටත් සමානය. ලක්ෂ ගණන් වටිනා සාරිද රන් රිදී මුතු මැණික් පිරුණු අභරින් සැරසුණු ගායිකාවන් නානා විදි කොණ්ඩා මෝස්තරවලින් සැරසෙන විට නන්දා මාලිනිය කොහේ ගියද යන්නේ කොණ්ඩය තනි කරලට ගොතා ගෙනය. ඈ කොණ්ඩයට මෝස්තරයක් දමා ඇත්තේ නම් ඒ විවාහ වූ දිනයේ පමණි.

මධුර මනෝහර සිය ස්වරයෙන් මුළු රටක් මෝහනයට පත් කළ ඇය මේ සා නිහතමානී වූයේ කෙසේද?
'මම කවදාවත් මුල අමතක කළේ නෑ. අමතක කරන්නෙත් නෑ. දුප්පත්කම මම මගේ ගමනට ආශිර්වාදයක් කර ගත්තා මිසක් ලැජ්ජාවට පත්වන කාරණාවක් ලෙස හිතුවේ නෑ ඈ කියන්නීය.

නන්දා මාලිනි අකුරු කරන්නට ගියේ ගෙදර පෙනෙන තෙක් මානයේ පිහිටි කොටහේනේ ගුණානන්ද විදුහලටය. ඒ පාසල නම් කැර ඇත්තේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමටය. උන්වහන්සේ එකල වැඩ හුන්නේ කොටහේනේ දීපදුත්තමාරාමයේය. බෞද්ධ කොඩිය මුල් වරට එයැවුණේද ඒ බිමේය. ගුණානන්ද විදුහ‍ලේ ඉගෙන ගත් නන්දා සපත්තු නොපැළඳුවාය. දරුවන්ට සපත්තු ජෝඩුවක් මිලදී ගන්නට කෝට් බාසුන්නැහේට කාසි නැතිය. ඒ බව දන්නා ඈ තාත්තාගෙන් කවදාවත් සල්ලි නොඉල්ලුවාය. නානා මාදිලියේ වළලු, මාල, අරුංගල් විකුණන්නට වත්තට එන වෙළෙඳුන් දෙස ඈ නොබැලුවාය. අයිස්පලම්, කඩචෝරු, බූන්දි ගැන නොසිතුවාය. 'තාත්තාට කාසි තිබෙනවා නම් අපට අරන් දෙනවනේ' යැයි ඕ කල්පනා කළාය. සල්ලි නැතිනම් කෝට් බාසුන්නැහේ දරුවන්ට ඒ බව කියයි. එසේ නොමැතිව ඒවා කන්න හොඳ නෑ යනුවෙන් බේගල් නොකියයි. තාත්තාගේ මේ ක්‍රියාවෙන් ඈ ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තා. ඒ ඇත්ත ඇති සැටියෙන් කීමටය.

නාන්දා මාලිනී පාසල් යන විට මිරිවැඩි සඟල ලෙස දැම්මේ 'කට්ට සෙරෙප්පු' ජෝඩුවකි. ලීයෙන් නිම කැර ඇති මේ සෙරෙප්පු විවිධ වර්ණයෙන් පාට කැර තිබේ. මිල සත තිහකි. 'කට්ටා සෙරෙප්පු' දමා ඇවිදින විට දුර තියාම ඈ එන විට 'ටකස් ටකස්' ශබ්දය ඇසේ. මේ නයින් පාසල් ළමෝ නන්දාට 'කට්ටයා' යනුවෙන් නම් පට බැන්දහ. ඈ ඒ ගැන කම්පා නොවූවාය.

මෙකල 'කට්ටයාගේ' කටහඬ පිළිබඳ මාග්‍රර්ට් පෙරේරා පන්ති භාර ගුරුතුමිය අවධානයෙන් හුන්නාය. සතියකට වරක් හැම බදාදාවකම පැවැත්වෙන සමිතියේ ගී කවි කියන නන්දා මාලිනී 'හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන' බව පසක් කළාය.

හය වැනි පන්තියේ අකුරු කරන නන්දා දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන බව අවබෝධ කැර ගෙන හුන් මාග්‍රර්ට් පෙරේරා ගුරුතුමිය ඈ කැටුව රේඩියෝ සිලෝන් හි (වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) සරස්වතී මණ්ඩපයට ගියාය. ඒ වැඩසටහන මෙහෙය වූවෝ කරුණාරත්න අබේසේකර හා සරත් විමලවීරය. බොහෝ කාලයක් යනතුරු නන්දාට සිද්ධ වූයේ අනුන් කියන ගීවලට අත්වැල් දෙන්නටය. එනමුත් ඕ ඒ ගැන කල්පනා නොකළාය. 'මම කොහොම හරි තනියම සිංදුවක් කියනවා' ඈ අදිටන් කැර ගත්තාය. නන්දා මුලින්ම ගැයූ ගීතය ලීවේ අශෝක කොළඹගේය. සංගීතය ඩී.ඩී. ඩැනීගෙනි. 'බුදු සාධු බුදු සාධු මම සඳුන් ගසක් වෙන්නම්. සමන් වැළක් වෙන්නම්.....'.

නන්දාගේ මිහිරි කටහඬ වෑයර්ලසයෙන් මුළු රටටම ඇසුණි. ගොඩෙහි තිබුණත් මඩෙහි තිබුණත් මැණික මැණිකමය. එහි වටිනාකමේ අඩුවක් නැත්තේය.

මෙකල රේඩියෝ සිලෝනි හි 'සුපර් ස්ටාර්' ගීත තරගයක් තිබුණි. එය නම් කැර තිබුණේ 'එයාර් ශිප් ගීත තරගය' යනුවෙනි. ජයග්‍රාහකයාට ලැබෙන්නේ බොම්බායට යාමට ගුවන් ප්‍රවේශපත්‍රයකි. ආරියසේන මිල්ලවිතානාචිචි නිෂ්පාදනය කළ එයාර් ශිප් ගීත තරගයේ නිවේදකයා ‍ප්‍රොස්පර් ප්‍රනාන්දුය. මේ තරගයේ 'සුපර් ස්ටාර්' වූයේ නන්දා මාලිනීය. දෙවැනියා වික්ටර් රත්නායකය. බොම්බායට යාමට ගුවන් ප්‍රවේශ පත්‍රය ලැබුණු විට නන්දා කල්පනා කළේ නිකරුණේ රට යනවාට වඩා ඒ මුදලෙන් ගෙදරට යමක් කැර ගන්නට මගක් ගැනය. ඈ පියා සමග ගුවන් ප්‍රවේශ පත්‍ර සමාගමට ගියාය. එහි හුන් ලොකු මහත්තයකු හමු වී නන්දා මෙසේ කීවාය.

'සර් අපි හරිම දුප්පත්. ඉන්දියාවට ගිහින් අපට තේරුමක් නෑ. මේ ටිකට් එකේ සල්ලි දෙනවා නම් අපට හරිම වටිනවා'

මේ ‍පොඩි කෙල්ලගේ ආයාචනය ඇසූ ඔවුන්ගේ හද උණුවිය. ඔවුහු ඈට ප්‍රවේශ පත්‍රයේ මුදල දුන්හ. සල්ලි ලැබුණු ඈට රටක් රාජ්‍යයක් දිනුවාක් මෙන් සතුටක් දැනුණි. ඒ සමග කලක් හිතේ තියාගෙන තිබූ කාරණාවක් මතක් විය.

'තාත්තේ අපි බොමු රස සරුවත් දෙකක්' නන්දා කීවාය.

ඈ ඊළඟට කල්පනා කළේ මේ මුදලින් කැරෙන දේ ගැනය. 'තාත්තා ‍පොල්කටු අඟුරු ඉස්තිරික්කයෙන් ඇඳුම් මදින්නේ පුදුමාකාර දුකක් විඳලා. මම තාත්තාට විදුලි ඉස්තිරික්කයක් අරන් දෙනවා' නන්දා තාත්තාට කීවාය.
'විදුලි ඉස්තිරික්ක ගහන්න ගෙදර ලයිට් තියනවාද ළමයෝ' තාත්තා ඇසුවේ ඇගේ හිස පිරිමදිමිනි. 'එහෙනම් අපි ලයිටුත් ගනිමු' ඈ යෝජනා කළාය. අතට ලැබුණු මුදලින් ගෙදරට විදුලියත් විදුලි ඉස්තිරික්කයත් ගත් නන්දා ඉතිරි වූ මුදලද වෙන් කළේ තාත්තාට උණු වතුර බෝතලයක් මිලදී ගන්නටය.

'රෑ වෙනකම් තාත්තා ඇඳුම් මහන නිසා තේකක් හදලා දාලා තියන්න පුළුවන්' ඕ මවට කීවාය.
නන්දා මාලිනිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සිද්ධ වූයේ එක්දහස් නවසිය හැට දෙකේදීය. ඒ 'රන්මුතු දූව' චිත්‍රපටයේ පසුබිම් ගීතයට තෝරා ගැනීම නිසාය. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව නන්දා මාලිනීව තෝරා ගත්තේය. 'ගලන ගඟකි ජීවිතේ' ගීතය කීමට නන්දා මයික්‍රෆෝනය ළඟටවත් උස නැති නිසා සංගීතය පටිගත කළ මර්වින් රුද්‍රගෝ ඈට ලී පෙට්ටියක් ගෙනැවිත් දුන්නේය. පෙට්ටිය උඩ නැග කියූ ගීතයට ඈට සරසවි සම්මාන උළෙ‍ලේදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. එතැන් සිට ඈට සම්මාන ලැබුණේ ගඟ ගලන්නාක් මෙනි. ජනපති සම්මාන, සරසවි සම්මාන දුසිම් ගණන් පමණක් නොවැ ගත වූ සිව් අවුරුද්දේම පිටපිටම ජනතා සම්මානයට පාත්‍ර වූ ගායිකාව ඇයයි.
බලයට පත් වූ රාජ්‍ය නායකයෝ තමන්ට නැති වංශයක් මවා පාන්නට ඉතිහාසය අලුතෙන් ලියන රටක මුඩුක්කුවක උපන් නන්දා මාලිනිය මේ කියන කතාව බොහෝ දෙනාගේ ඇස් ඇරෙනු ඇත.

'මනුෂ්‍යයකු පීඩාවට පත් කිරීම හේතුවෙන් ලබන වේදනාව පුංචි කා‍ලේ මම හොඳට ලැබුවා. මම ජීවිතේ පන්නරය ලැබුණේ දුප්පත්කමින්. අතීතය අමතක කරන කිසිම කෙනෙකුට අනාගතයක් නෑ. අපි වැරදි වැඩ කරන්නේ නැතිනම් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ. කොටහේනේ මුඩුක්කුවක ඉපදුණු මම මේ තරම් දුර ආ ගමන ගැන කල්පනා කරන කොට දැනෙන්නේ ලොකු සතුටක්. මට මේ තරම් දුර ගමනක් යන්න ලැබුණේ උත්සාහය හා කැප කිරීම නිසා. මගේ තාත්තාගෙන් ලැබුණු නිවැරදි මගපෙන්වීම නිසයි.
අද සල්ලි තිබුණා කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නෑ. මම මගේ දුවලා දෙන්නා පාසල් යැව්වෙත් පයින්. ගෙදර වාහන තිබුණත් අපි ළමයි හැදිය යුත්තේ ‍පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕන විදියට.
මම ඉපදුණේ මුඩුක්කුවක. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක් කියන එක මට ආඩම්බරයක් මිසක් ලැජ්ජාවක් නොවේ' නන්දා මාලිනී කියන්නීය.

මීට සති කීපයකට ඉහතදී ඈ පන්නල මාස් ඇඟලුම් කම්හ‍ලේ උත්සවයකට ගියේ ප්‍රධාන අමුත්තිය ලෙසය. ගීතයෙන් තරුණ සිත් සුවපත් කළ මේ මහා ගායිකාව ගැන සිත පැහැදුණු තරුණියෝ ඇගේ කටහඬ ඇසීමට මහත් සේ ප්‍රිය කළෝය.

නන්දා මාලිනිය සිය ජීවන ගීතය ගැයුවාය. 'ගාමන්ට් එකක වැඩ කරන එක ලැජ්ජාවකට කාරණාවක් නොවේ දුවේ. මගේ තාත්තත් කෝට් බසුන්නැහේ කෙනෙක්' ඈ කීවාය. තරුණියෝ ඒ කතාව අසා අලුත් හුස්මක් ගත්හ. මහා ආත්ම ශක්තියක් තම සිරුරට ඇතුළු වෙනවාක් මෙන් ඔවුනට දැනුණි.

නන්දා මාලිනී අද හෙළයේ මහා ගායිකාවකි. ඇගේ මධුර ස්වරයෙන් ගැයෙන ගී මිනිසුන්ගේ සිත් සුවපත් කැරෙන දිව ඔසුවක් වැනිය. ජීවිතය වූ කලී රෝසමල් ඇතිරූ මාවතක් දිගේ වැටී ඇති මාවතක් නොවේ යැයි පසක් කැරෙන ඇගේ ජීවන ගීතය ජීවිතය ජය ගන්නට වෙර දරන ඔබට පරමාදර්ශී කතාවකි. ඒ ලෝකයටම ඇතේතේ එක නන්දා මාලිනියක් වීම නිසාය.

ඈ ගයන්නීය මෙසේ,
දහසක් ඉපදී මිය යන ‍පොළොවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මම මළ බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි



මිහිරි ෆොන්සේකා විසින් 2012 ජනවාරි 12 වෙනි බ්‍රහස්පතින්දා ලක්බිම පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරෙනි.






x

2011 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල තුන් වන සංස්කරණය (3rd Edition) නිකුත් වීම!

Sunday, July 22, 2012

නොයෙකුත් කට කතා, ඇනුම් බැනුම්, ප්‍රතික්ෂේප කිරීම් මධ්‍යයේ 2011 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල තෙවන සංස්කරණය අද නිකුත් විය. මෙය තවත්  සංස්කරණයක් (Edition එකක්) ලෙස හඳුන්වන්නට යෙදුනේ, තව කී වතාවක් මෙය වෙනස් විය හැකි දැයි නොදන්නා බැවිනි.

 2011 ප්‍රතිඵල ලේඛනයේ පළමු කලාපය පිට වීමේ දී දෝෂය ඇති වී තිබුනේ ප්‍රතිඵල ඇතුලත් කිරීමෙහි ය. එය නිවරදි කරන ලදුව, නිකුත් කල දෙවන කලාපයේ z අගය සෙවීමේ ක්‍රමය වැරදී තිබිණි. අද පිටත් වූ තුන් වන කලාපයෙහි වැරදි කොහෙද, නිවැරදි කොහෙද යන්න ශක්‍රයාගේ පුතා වයිමා තබා, බන්දුල ගුණවර්ධන ඇමැති තුමා වත් දන්නවා යයි සිතිය නොහැක.

ප්‍රතිඵල පිට වූ පසු බොහෝ දෙනා ඒ පිලිබඳ සිය අප්‍රසාදය පල කරන්නට වීම නිසා, අද මුණ ගැසුණු අප ශිෂ්‍ය කණ්ඩායමේ කිහිප දෙනෙක් සමග මෙහි ඇති ගැටලුව පිලිබඳ සාකච්ඡා කරන්නට යෙදුනි..සංඛ්‍යානය පිළිබඳව විශේෂයෙන් හදාරා නැතත්, අප හදාරා ඇති සංඛ්‍යානය අනුව ද මේ ක්‍රමය වැරදි බව මනාව වැටහිණි.

කෙටියෙන් කියන්නේ නම්, z අගය මගින් කෙරෙනුයේ, භරිත මධ්‍යන්‍ය ක්‍රමයක් මගින් ලකුණු ලබා දීමයි. උදාහරණයක් ලෙස, සංයුක්ත ගණිතය සහ භෞතික විද්‍යාව විෂයයන් දෙක සඳහා ලබා දෙන ප්‍රශ්න පත්‍ර දෙක සලකමු. යම් වසරක භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට වඩා, ගණිතය ප්‍රශ්න පත්‍රය බෙහෙවින් අසීරු යයි සිතමු. එවිට, සමස්තයක් ලෙස ගණිතයට ලබා ගන්නා ලකුණු ප්‍රමාණය අඩු වේ. එනම් මධ්‍යන්‍යය අඩු වෙයි.(උදා: ලකුණු 40) එමෙන් ම භෞතික විද්‍යාව සඳහා ලබා ගන්නා ලකුණු වල මධ්‍යන්‍යය ඉහල අගයක පවතී. (උදා:50). එවිට භෞතික විද්‍යාවට ලබා ගන්නා ලකුණු 50කට වඩා ගණිතය වෙනුවෙන් ලබා ගන්නා ලකුණු 50ක් වෙනුවෙන් ශිෂ්‍යයා වැඩියෙන් වෙහෙස විය යුතු ය. අතීතයේ පැවති මුළු ලකුණු මත පදනම ක්‍රමයේ දී ගණිතයට ගන්නා ලකුණු 50ත්, භෞතික විද්‍යාවට ගන්නා ලකුණු 50ත් සැලකුනේ එක ලෙස ය. නමුත් Z අගය ලබා දීමේ දී අසීරු විෂයයට ලබා ගන්නා ලකුණු වලට වැඩි වටිනාකමක් හිමි වෙයි. සරලව Z ලකුණ පිළිබඳව එසේ පැහැදිලි කල හැකි ය.


මෙවර සිදු වුයේ කුමක් ද?

මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය පිරිසෙන් එක් කොටසක්(දෙවන හා තුන් වන වාරය) පැරණි විෂයය නිර්දේශය යටතේ ද, ඉතිරි කොටස(පළමු වාරය) අලුත් විෂයය නිර්දේශය යටතේ ද විභාගයට මුහුණ දුන් අතර දෙපිරිස සඳහා වෙන වෙන ම ප්‍රශ්න පත්‍ර සැපයිනි.

ප්‍රතිඵල දෙවන නිකුතුවේ වරද කුමක් ද?

Z අගය ගණනය කිරීමේ දී ප්‍රධාන වශයෙන් ප්‍රශ්න පත්‍රය සඳහා ශිෂ්‍යයන් ලබා ගන්නා ලකුණු වල මධ්‍යන්‍යය සැලකිල්ලට ගන්නා බව කලින් කීවෙමි. දෙවන නිකුතුවේ දී එක් එක් විෂයයන් සඳහා Z අගය, එකට ගෙන ගණනය කර තිබිණි. එනම්, විෂයය සඳහා පොදු මධ්‍යන්‍යයක් සලකා ඇත. උදාහරණයක් ලෙස, අලුත් නිර්දේශයේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු සහ පැරණි නිර්දේශයේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු එක ම ප්‍රශ්න පත්‍රයකට මුහුණ දී ලබා ගත් ලකුණු ලෙස සලකා කටයුතු කර ඇත. එනම් ප්‍රශ්න පත්‍ර දෙක ම එක ලෙස අමාරු ඒවා ලෙස සලකා ඇත. එවිට Z ලකුණ ලබා දීමෙන් අභිමත දේ සිදු නොවන බව ඕනෑ මෝඩයෙකුට වැටහෙන කරුණකි. (නමුත් මෙය විභාග දෙපාර්තමේන්තුවට වැටහී නැත)

තෙවන නිකුතුවේ වරද?

මෙවර Z ලකුණ ගණනය කිරීම නිවැරදිව සිදු කර ඇති බව පවසයි. එනම් එක් එක් ප්‍රශ්න පත්‍රයට වෙන වෙන ම ගණනය කර ඇත. මෙහි ගැටළුවක් නැත. 

එසේ නම් වරද කුමක් ද??

යම් විභාගයකට වරක් මුහුණ දෙන සිසුවා දෙවන හෝ තෙවන වර ඒ විභාගයට ම මුහුණ දෙද්දී, ඒ පිලිබඳ හොඳ අවබෝධයක් ඇතිව කටයුතු කරයි. පෙර අත්දැකීම් තිබීම ඊට හේතුව යි. උසස්පෙළ විභාගයෙන් සමස්තයක් ලෙස ගත් කල දෙවන වාරයේ පෙනී සිටි සිසුන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය වැඩි වීම මේ නිසා සිදු වන්නකි. එනම්, දෙවන වර පෙනී සිටින සිසුන්ගේ මධ්‍යන්‍යය ලකුණ ඉහල මට්ටමක පවතී. පළමු වර පෙනී සිටින බොහෝ සිසුන් ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ දෙවන වාරයේ ද පෙනී සිටීමේ අපේක්ෂාවෙනි. එසේ නැතිනම්, යන්තම් විභාගය සමත් වීමේ අපේක්ෂාවෙනි. සමස්තය සලකු විට, සුළු පිරිසක් පමණක් විශ්ව විද්‍යාල ප්‍රවේශය අරමුණු කර ගනිමින් ම විභාගයට පෙනී සිටියි. ඒ හේතුව නිසා දෙවන වර පෙනී සිටි අයට වඩා පළමු වර පෙනී සිටි අයගේ එක ම ප්‍රශ්න පත්‍රයක් සඳහා ම වුවත් මධ්‍යන්‍යය අඩු අගයක් ගනී. 

උදාහරණයක් ලෙස පළමු වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය 45 ක් පමණ වෙද්දී දෙවන වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය 50 ක් පමණ විය හැකි ය. ඒ හේතුව නිසා ලකුණු 47ක් ලබා ගන්නා පළමු වර ශිෂ්‍යයාට ධන Z ලකුණක් හිමි වෙද්දී ඒ ලකුණු ප්‍රමාණය ම ඒ ප්‍රශ්න පත්‍රය සඳහා ම ලබා ගන්නා දෙවන වර ශිෂ්‍යයා ට හිමි වන්නේ සෘණ Z ලකුණකි. මෙවර සිදු වී ඇත්තේ එයයි. ප්‍රශ්න පත්‍රය මත පදනම් ව Z ලකුණ ගණනය කිරීමේ වරදක් නැත. නමුත් මෙහි දී නොසලකා හැරී කරුණු කිහිපයක් පවතී. එනම් පසුගිය වසර වල, දෙවන හා තෙවන වර ශිෂ්‍යයන් ලබා ගත් ලකුණු වල මධ්‍යන්‍යයේ සහ පළමු වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍ය වල වෙනස කවර ආකාර ද? සමස්තයක් ලෙස, පළමු වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්යේ සහ අනෙක් ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍ය අතර අනුපාතය කවර ආකාර ද? තෝරා ගත් ස්ථාන ප්‍රමාණයක් තුල පළමු වර ශිෂ්‍යයෝ කීයක්‌ සිටිත් ද? දෙවන වර සහ තෙවන වර කීයක්‌ සිටිත් ද?

වසර ගණනාවක අදාළ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමෙන් පසුව, ඒ අනුපාතය ආරක්ෂා වන පරිදි Z ලකුණ නැවත සකස් කල යුතු ය. මේ සියල්ල සිදු කිරීමට දින දෙක තුනකට වඩා ගත නොවේ. හේතුව, සියලු ම ලකුණු සටහන් පරිඝනක වල සටහන් කර තිබීමයි. ඉන් පසු අදාළ පරිඝනක වැඩසටහනේ සමීකරනය, නව සමීකරණය මගින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් මිනිත්තු කිහිපයක් තුල නව ප්‍රතිඵලය ලබා ගත හැකි ය. මුද්‍රණය සඳහා දවසක් ගත වුවත්, සතියක් තුල නිවැරදි ප්‍රතිඵලය ලබා දිය හැකි ය.

සංඛ්‍යානය විධිමත් ව හැදෑරු එක් අයෙක් හෝ විභාග දෙපාර්තමේන්තුවේ සේවය නොකරතියි සිතිය නොහැක. එසේ නම්, මේ සඳහා නිවැරදි ව ම ගැලපෙන ක්‍රමය භාවිත නොකර, Firefox Web Browser එක සේ මාසයකට වරක් හෝ දෙකක් ප්‍රතිඵල වල සංස්කරණ ඉදිරිපත් කිරීම අත්වැරැද්දක් යයි සිතිය නොහැක.

අද නිකුත් වූ ප්‍රතිඵල අනුව, බොහොමයක් අයගේ දිවයින් කුසලතාව 300 කින් පමණ වෙනස් වී ඇත. වසර ගණනාවක ප්‍රතිඵල සහ දත්ත අනුව, තමන් අනිවාර්යයෙන් ම ඉංජිනේරු හෝ වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබතියි සිතා සිටි බොහොමයකගේ බලාපොරොත්තු සුන් වී ගොස් ඇත. ඊට අමතරව, අඩු ලකුණු ලැබූ පළමු වර සිසුන් බොහෝ දෙනෙක් ඉහල Z ලකුණු ලබා ඉදිරියට පැමිණ ඇත. 

කුසලතා වෙනස් වී, තමන් සුදුසුකම් ලැබීමට සිටි පාඨමාලාව වෙනස් වීම නිසා බොහෝ දෙනෙකුට නැවත විභායට මුහුණ දීමට සිදු වී තිබේ. තුන් හිතකින් වත නොහිතු ලෙස, ඉතිහාසයේ නොවූ විරූ ලෙස කුසලතාව වෙනස් වීම නිසා දෙවන සංස්කරණයට අනුව ඉහල Z අගයයන් ලැබුවන් ට ද නැවත උසස් පෙළ කරන්නට සිදු වී ඇත. ඒ අතින් ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව සුපිරි ය. ඒ සඳහා ඔවුන්ට සති ම දෙකක කාලයක් ලබා දී ඇත. වසරක් තිස්සේ අමතක වී ගිය පාඩම් මතක් කර, උසස් පෙළ ලියා උසස් ලෙස සමත් වීමට සති දෙකක් වැඩිත් එක්ක ඇති ය! 

ඊයේ මගේ මිත්‍රයෙකු හමු වී කතා බහ කිරීමේ දී පැවසු දෙයක් තදින් ම මගේ සිතට කා වැදුනි. එය මෙසේ ඔහුගේ වචනයෙන් ම ලියා තබමි.

"2010 A/L  කරපු අපි ඔක්කොම කාලකන්නි බං. උඹලා First Shy ම ගියා. ඒත් ස්ට්‍රයික් හින්දා උඹලා ගෙදර. අපි second shy කළා. තාම ප්‍රතිඵල නැතුව ගෙදර. තවත් සමහර එවුන් Third shy කරන්න හිතුවා. උන්ට තාම Admission වත් නැතුව, තීරණයක් ගන්න බැරුව ගෙදර!"

මෙය සම්පුර්ණයෙන් ම විභාග දෙපාර්තමේන්තුවේ වරදකි. ලංකාවේ තිබෙන වැදගත් ම සහ වඩාත් ම තරඟකාරී විභාගයේ ප්‍රතිඵල සමග සෙල්ලම් කිරීම දැන් වත් නතර කල යුතු ය. දහසින් බැඳී පියල්ලෙන් පඩි ගන්නා උන් පුටු රත් කරන අතරේ ඉඳ හිට වත් තමා එතනට ගෙනා නිදහස් අධ්‍යාපනය ගැන සිතිය යුතු ය. නො එසේ නම්, මේ සියල්ල වෙනස් කරවන අරගලයක් ඇති වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

ප.ලි:
මේ ගැටලුව නිරාකරණය සඳහා විසඳුමක් සොයන අතර වාරයේ, මෙවැන්නක් මගේ සිතට ආවේ ය. මෙහි නිරවද්‍යතාව පිළිබඳව එතරම් ම පැහැදීමක් නැතත්, පවතින ක්‍රමයට වඩා එය යහපත් වනු ඇති සිතමි. ඒ මෙසේ ය.

පසුගිය වසර කිහිපයක, එක් එක් විෂයයන්ගේ උසස් පෙළ ප්‍රතිඵල වල, මධ්‍යන්‍යයන් ලබා ගත යුතු ය. ඉන් අනතුරුව, ඒ ඒ විෂයයන් සඳහා දෙවන /තෙවන වර සහ පළමු වර පෙනී සිටි ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය වෙන වෙන ම ලබා ගත යුතු ය. සමස්ත මධ්‍යන්‍යය සහ එක් එක් වාරයේ ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය අතර යම් පොදු අනුපාත ලබා ගැනීම මෙහි දී අසීරු නොවනු ඇත. ඉන් අනතුරුව, අදාළ අනුපාතය සලකා, මෙවර උසස් පෙළ පළමු වර ශිෂ්‍යයන් සඳහා එක් මධ්‍යන්‍යයකුත්(මෙය බොහෝ විට ඔවුන්ගේ දැන් මධ්‍යන්‍යයට වඩා වැඩි අගයක් විය හැකි ය) දෙවන සහ තෙවන වර ශිෂ්‍යයන් සඳහා තවත් මධ්‍යන්‍යයකුත් (මෙය දැන් සලකනු ලබන මධ්‍යන්‍යයට වඩා බොහෝ විට අඩු අගයක් වේ) ලබා ගත හැකි ය. දැන් මේ ලබා ගත් කල්පිත මධ්‍යන්‍යයන් මත පදනම් ව වෙන වෙන ම Z ලකුණ ගණනය කළ හැකි ය. මෙහි දී ලැබෙන Z ලකුණ පොදු එකක් ලෙස සැලකිය හැකි නිසා කෙලින් ම අදාල ලකුණ මගින් කුසලතා අංකය (rank) තීරණය කළ හැකි ය!

පුළුන් සහ කළු ගල්

Sunday, July 15, 2012

සැහැල්ලු ය
සුදු ය, මුදු ය
සුමුදු ය පුළුන්..


අසා උන්ගේ බස
සොයා ගියෙමි මම
පුළුන්..

රූස්ස ගසක හිස රැඳී
ගෙඩියක් පුපුරා
පාවී ආවේ ය
මහා ගොඩක්
පුළුන්..

අල්ලා ගන්නට නොහැකිව
සියුමැලි ද බලන්නට
පසුපසින් ගියෙමි පා වී යන
පුළුන්..

කපු කටින තැන
නූල් වී එතෙන
ඒ නූල් වලින්
කම්බා වියෙන
තැනට වී
අතගා බැලුවෙමි
පුළුන්..

මතුපිට නම් රළු ය
තරමක් අවශෝශී ය
හිතුවාට වඩා
දැඩි ය
පුළුන්..

එන්නට ආමි නික්මී
එක්වෙන, වියෙන
කන්දක් ව රැඳී
පුළුන්..

මග රැඳී අයෙකි
අතෙහි රැඳී කටුවකි
සියුමැලි ව හැඩගැසෙන
සුවිසල් කළුගලකි..

පුළුන් සේ සුදු නැත
පා වීමක් ද එහි නැත
සැහැල්ලුවක් නැත
නමුත්..
කැටයමකට
එය අනුගත ය..


වටහා ගත නොහී එය
සිතුවෙමි මම..
මේ තරම් සියුමැලි ද
කළු ගල්??


Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

නොලැබීම

Friday, July 13, 2012

කඳුළු කැටවලින්
සිමෙන්ති දිය කර
වැගිරෙන දහදියෙන්
පිරියම් කර
සේද වලාකුළු
වියන් මැදි කර
අහසේ තැනූ
සිහින මාළිගාව,
අරුමයකින් මෙන්
කිරුළ දරන්නට
පෙර වූ ඇසිල්ලෙහි
කෑලි කැඩී  බිඳී
විසිර ගියේ ය..


Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.


ගණිතය සිසු තරණ - අපේ සමාජ සත්කාර

Thursday, July 12, 2012

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රය සම්පුර්ණයෙන් ම පාහේ විභාග රටාව මත පදනම වුවක් පමණක් බව පෙර පාසල් යන දරුවෙකු පවා දන්නා කරුණකි. පහේ ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය ලෙසත්, සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගේ විභාගය ලෙසත්, උසස් පෙළ දරුවන්ගේ විභාගය ලෙසත් හැඳින්වෙන රටක, දෙමාපියන්ගේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා ශිෂ්‍යත්වය අසමත් වන දරුවා කෙසේ හෝ ඉදිරි ශ්‍රේණි තරණය කර ගුරුවරුන්ගේ නොසැලකිල්ල සහ වගකීම් විරහිත බව නිසා සාමාන්‍ය පෙළ අසමත් ව දරුවන්ගේ විභාගයට මුහුණ දීමට තබා, හරි හමන් රැකියාවක් වත් ලබා ගත නොහැකිව ලත වනු ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි ය.

පවතින රටාව තුළ ගණිතය විෂයය ලබා ගන්නේ සුවිශේෂී ස්ථානයකි. තර්කානුකුල වීම, සැලසුම් සහගත වීම, පිළිවෙල සහ ඉක්මණින් වඩාත් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ගණිතය විෂයය නිසි පරිදි ඉගෙනීමෙන් ලැබෙනා බව පොදු පිළිගැනීමයි. එවන් තත්වයක් පවතිද්දී, සාමාන්‍ය පෙළ විභාගයෙන්ගණිතය විෂයය අසමත් වීම, සම්මුඛ පරීක්ෂණයක පළමු අදියරයේ දී ම ඉවතට විසි වීමට ප්‍රධාන හේතුවක් වීම නොවැලක්විය හැකි ය.

අපි ජීවත් වීමේ දී කරනු ලබන සෑම කටයුත්තක දී ම පාහේ භාවිත වන්නේ ගණිතය යි. ගණිතය පිලිබඳ නිසි අවබෝධයක් නැතිනම්, සරලව කියන්නේ නම් 'ගණන් බැරි නම්', අඩු තරමේ ඇවිදින්නට වත් හැකියාවක් පැවතිය නොහැක. නමුත් බොහොමයක් සිසුන් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට ලකුණු 35 සීමාව ලඟා කර ගත නොහැකිව අසමත් වීම දැකිය හැකි ය. මෙහි පවතින්නේ ගණිතය නොදන්නා කමක් නොව, නිසි ලෙස ගණිතමය මුලධර්ම තහවුරු නොවීමක්‌ වන බව අපි අවබෝධ කර ගත්තෙමු. ප්‍රාථමික අධ්‍යාපනයේ පවතින යම් යම් දුර්වලතා සහ ද්විතියක පංතිවල ගුරුවරු සිය කාර්යය භාරය නිසි පරිදි ඉටු නොකිරීම මේ ගැටළුවට ප්‍රධානතම හේතුවක් වන බව අපි නිරීක්ෂණය කළෙමු. 


මේ සියල්ල අධ්‍යයනය කිරීමට අප පෙලඹවූයේ, ගණිතය සිසු තරණ වැඩසටහනේ සම්පත් දායකයන් වශයෙන් කටයුතු කරන්නට අප විශ්ව විද්‍යාලයේ, 13 වන ශිෂ්‍ය කණ්ඩායමට හෙවත් අපගේ ශිෂ්‍ය කණ්ඩායමට ආරාධනාවක් ලැබීම යි. ගාල්ල දිස්ත්‍රික්කයේ විවිධ පාසල්වල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින, 10 ශ්‍රේණියේ අවසන් වාර පරීක්ෂණයේ දී 40 ට වඩා අඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත, සාර්ථකව සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවශ්‍ය දැනුම ලබා දීම සහ ආත්ම විශ්වාසය ගොඩ නැංවීම අප ලද වගකීම විය.

මේ යටතේ, පළමුව අපි අදාල වැඩසටහන දැනට ක්‍රියාත්මක වන ගාල්ල, බටදුව ශ්‍රී රතනජෝති විද්‍යාලයේ පැවති වැඩසටහනක් අධ්‍යනය කළෙමු. ඉන් අනතුරුව අපි කණ්ඩායම් 7 කට බෙදී තෝරා ගත් විද්‍යාල 7 ක එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කළෙමු. මා ඇතුළු පිරිස ගාල්ල ඕල්කට් විද්‍යාලයේ පැවත්වෙන සිසු තරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නම් කෙරුණි.ඒ අනුව, අප විසින් ක්‍රියාත්මක කරන ලද පළමු වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 7 ක දී පසුගිය සෙනසුරාදා (ජුලි 7) පැවැත්විණි. වැළක්විය නොහැකි හේතුවක් නොවන්නට සෑම සතියක ම සෙනසුරාදා දින අදාල විද්‍යාල වල මෙකී වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.

ගාල්ලේ නගරබද පීඩිත පවුල් වල, නිසි මග පෙන්වීමක් නොලත්, අතහැර දැමුණු සොයුරු සොයුරියන් පිරිසක්  සමග යන මේ ගමනේ පළමු දිනයේ ම වෙනස් ආකාරයේ අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට සිදු විය. ගණිතය විෂයය සිය ප්‍රියතම විෂයය කර ගත්, ඒ විෂයයට අතිශයින් දස්කම් දැක්වූ පිරිසක් සමග ගණිතයට අදක්ෂ යැයි හංවඩු ගැසුණු, එහෙයින් ම ඒ විෂයය සිය අප්‍රියතම විෂයය කර ගත් පිරිසක් එක්ව කෙරෙන මේ කටයුත්ත සැබවින් ම අභියෝගාත්මක එකක් වීමට බොහෝ විට ඉඩ ඇත. ඒ අතරතුර අප අත්දකින, ලොග් සටහන් පොතෙහි ලියවෙන/නොලියවෙන රස මුසු දේ අරුණැල්ලෙහි පාඨක ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. ඒ ලිපි පෙළ සමග එක් වන ලෙස ගෞරවයෙන් ඇරයුම් කරමි!

ජය වේවා!!


Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

මගේ පුංචි කුමාරියේ

Wednesday, July 11, 2012

මැද පෙරදිග ගිනි අව්වේ
වියළි කටුක දුහුවිල්ලේ
සෙවණක් නැති වැලි කතරේ
දැවුනු වතට සිසිල දෙන්න
සීගිරියට නැගෙනා හිරු
කොටු පවුරට මුදුන් වෙලා
රූමස්සල කඳු අතරින්
මැකිලා යන හැටි බලන්න
මකරන්දය ගලා හැලෙන
සිහිල් මිහිරි උදෑසනේ

බඹරුන් නැති සුළඟ වෙතට
නුඹේ ලපෙති දිග හරින්න..


දවස පුරා වෙහෙස වෙලා
දැනෙන වෙහෙස නිවා ලන්න
වසන්තයේ සුළං රොදක්
මගෙ කුටියට කැඳව ගන්න
ඔහේ හමන ඒ සුළඟට
නුඹේ සුසුමක් මුසු කරන්න
මා එන තුරු සුවඳ මලේ
නුඹේ සුසුම් නොහෙලා ඉන්න..

නුඹේ උකුලේ හිස තියාන
දෑස් එක්ක හිනා වෙන්න
මැවිසුරු වී මට ලෝකෙට
නුඹේ ලෝකෙට ඉරක් වෙන්න
වෙදැදුරු වී නුඹ ලෝකෙට
මගේ ලෝකෙට සඳක් වෙන්න
මගේ පුංචි කුමාරියේ
හද මඩලට වැඩමවන්න..



Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

සිත්තරා රැවටීම

Tuesday, July 10, 2012

ජීවිත උයනේ
සක්මන් කරනා
සිංහ රුවක්‌ ඔහු
සිතුවම් කෙරුවා..
වෘක වෙසක් ගෙන
සිත්තර රවටා,
සිඟාලයෙකු සේ
හූ හඬ නංවා,
සුලු දිය පහ කොට
සුනඛ විලාසෙන්,
කපටි සිංහයා
සිනාසුනා..

ඒ දිය වැදිලා
සිත්තර සිතුවම්
පාට බොඳ වෙලා
දහදිය වැගිරෙන
දෑතහි දිය වී
කාසි කොළ වල
පාට හේදිලා..


Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

වෙහෙස නිවීම

Monday, July 9, 2012



වෘදංග ගැටබෙර
තාල අභිබවා
සසැලෙන දණහිස් 
පුපුරු ගස්සවා
නිදිබර බොර නෙත්
බලෙන් ඇහැරවා
නලියන නළලත
රේඛා මකවා
තිරයේ නුඹේ වත 
යළිත් හිනැහුණා..



Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

මගේ පැමිණීම සහ ඔබේ නොපැමිණීම - කෙටි කතාව

Saturday, June 30, 2012

සත් සමුදුරෙන් එහා දුර රටක හැදිලා වැඩිලා ආයෙමත් තමන්ගේ මවු රට හොයාගෙන ආපු ඔයා, උපන් බිමෙන් සැතපුම් ගාණක් ඈතට ඇවිත් ගාල්ලේ ම නතර වෙන්න හේතුව සමහර විට අපි දෙන්නා හමු විය යුතුයි කියලා දෛවයේ ලියවී තිබීම වෙන්න ඇති.

මුලින් ම ඔයාව දැකපු දවසේ ඔයාගේ මුහුණේ තිබුණු ඒ ලස්සන හිනාව දිහා බලාගෙන කොයි තරම් වෙලා හිටියත් ඇති වෙන එකක් නැහැ කියලා මට හිතුණේ එවෙලාවේ ම යි. කළු පාට ෆර්දාවෙන් වට වෙලා සුදු පාටින් හඳක් වගේ බැබලෙන ඔයාගේ සුන්දර වතේ තිබෙන ඒ පුදුමාකාර සුන්දරත්වය දැක්කේ මං විතරක් නොවුණට, ඒ සුන්දර වත මගේ කර ගන්න පෙරුම් පිරූ පළමුවැන්නා මම වෙන්න ඇති. ඔයාගේ යාළුවෝ කියපු දේවල් වලින් මට හිතුණේ එහෙමයි.

වචනයකට දෙකකට වඩා හුවමාරු කර නොගත්තත්, දෙතුන් වරකට වඩා හමු නොවුණත් ඒ වාර කිහිපයේ ඇති වුණු බැඳීම මහා විශාල එකක් විදිහට මට දැනුණා. මගේ හිතේ ඇති වුණු හැගීම ම ඔයාගේ හිතෙත් ඇති වෙලා ද කියලා දැන ගන්න තිබුණු උවමනාව හින්දා හවස් වරුවේ තිබුණු වැඩ සේරම අතැරලා දාලා ඔයා හමු වෙන්න ම කියලා කරාපිටිය දිහාවට ආවේ, හිතේ තෙරපෙන, හිතට වද දෙන සිතුවිලි කන්ද ඔයා දිහාවට තල්ලු කරලා දාලා හිත සැහැල්ලු කර ගන්න හිතාගෙන.

"අයියා මොකද මෙහේ කරන්නේ? අද කැම්පස් නැතෙයි??"


ඔයාගේ ඒ සුන්දර මුහුණ දිහා බලාගෙන කල්පනා ලෝකයක කිමිදෙමින් හිටිය මං පියවි ලෝකයට ආවේ තිවංකයාගේ හඬින්. මගේ හීන ලෝකය බිඳ වැටීමත් එක්ක තරහවක සේයාවක් හිතේ ඇති වෙලා මැකිලා ගියේ ඒ මුහුණ දැක්කේ කාලෙකට පස්සේ නිසා. තිවංක කියන්නේ අපේ මාමා කෙනෙක්ගේ පුතා. නෑ කම ටිකක් දුර එකක් වුණාට තිවංකයගෙයි මගෙයි තිබුණේ නෑ කමට එහා යාලු කමක්. කරාපිටිය හන්දියේ රෑ කඩයක අයිතිකාරයෝ තිවංකලා. ඕන වෙලාවක කරාපිටියේ බස් නැවතුම ළඟ වට දෙක තුනක් කරකෙද්දී තිවංකයා කොහෙන් හරි මතු වෙනවා. 


"අද හවස වැඩ නෑ මල්ලි. යාලුවෙක් හම්බ වෙන්න ආවා පොඩි වැඩ වගයකට.."


"එහෙම ද? කෑල්ලක් ද?"


"පිස්සු ද මල්ලි.. අපිට මොන කෑලි ද? අපි තාම තනිකඩ මිනිස්සු නේ.."


ආපු කාරණේ තිවංකයට කියන්න බැරි කමක් නොතිබුණාට ඔයාට කෑල්ල කියලා කියපු හින්දා ද මන්දා, මොකද්දෝ තරහවක් හිතට ඇවිත් තිබුණේ.

"පොඩ්ඩක් හිටපන් මලයෝ " කියලා ටික වෙලාවකට තිවංකයාව මග ඇරපු මම, අතේ තිබුණු ෆෝන් එකේ ඔයාගේ පින්තුරය දිහා ආයෙත් පාරක් බලලා සාක්කුවේ දමා ගත්තා.

දොළහයි තිහට අපේ දිවා අහාර විවේකය දෙද්දී කැම්පස් එකෙන් එළියට ආපු මම පැය හතරකටත් වඩා කරාපිටියට වෙලා කාලය කාපු බව වැටහුණේ බයිසිකලයේ පාලන මුහුණතේ වුණු ඔරලෝසුව දැකීමෙන්. මේ තරම් වෙලා මම කළේ මොනවා ද?  හපුගල ඉඳලා කරාපිටියට එන්න විනාඩි 10ක් වත් ගත වුණේ නැති බව හොඳට මතකයි. ඊට පස්සේ, කොයි මොහොතක හෝ ඔයා එළියට ඒවි කියන බලාපොරොත්තුව ඇතිව, වෛද්‍ය පීඨයේ ගේට්ටුවට ටිකක් එහායින් බයිසිකලය නවත්තගෙන බලාගෙන හිටියා. දිවා විවේකයේ බොහෝ දෙනෙක් එළියට ආවත් ඔයා ආවේ නැති නිසා, අඩු ගානේ දේශන ඉවර වෙලා යද්දී වත් දකින්න බලාපොරොත්තුවෙන් ගෙදර නොයා නැවතුණා. කම්මැලි කම යන්න කියලා බුකියෙන් සොයා ගත්ත ඔයාගේ ඡායාරුප ටික දහස් වන වතාවටත් බලන්න කියලා ආයෙත් පටන් ගත්තා. කලින් කොයි තරම් බලලා තිබුණත් හැම එකක ම තිබුණේ පළමු වර බලද්දී දැනෙන තරම් නැවුම් බවක්. පැය තුනකටත් වඩා කාලයක් මම ඒ විදියට කාලය ගෙවලා තිබුණා කියලා දැනෙද්දී, මගේ මුහුණ ලජ්ජාවෙන් රතු වෙනවා, පසුපස බලන කන්නාඩියෙන් මට පෙනුණා. 


"කොහොමද මල්ලි දැන් පාඩම් වැඩ? ලබන අවුරුද්දේ විභාගේ නේ ද?"


ඒ බව තිවංකයාට පෙනේවි කියලා බය හිතුණු නිසා යි, උත්තරයක්‌ බලාපොරොත්තු නොවුණු, පිළිතුරු දැනගෙන හිටපු ප්‍රශ්නයක් අහලා, වෙන කතාවක් ඇදලා ගන්න කල්පනා කළේ.


දවස් දහ හතරකට පස්සේ ඔයාව දකින්න එනවා කියලා, ඔයාව මගේ කර ගන්න මට වැඩිපුර ම උදවු කරන මදනායකයට වත් නොකිව්වේ, මගේ පැමිණීම ඔයා වෙනුවෙන් ම වුණු නිසා.

ටිකෙන් ටික හතර පහු වෙද්දීත් ඔයා ආවේ නැති හින්දා මදනයකට මෙසේජ් එකක් දාලා අහනවා හැර මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. 


"මචං. අද ආව ද? මොකද වෙන්නේ??"

පණිවුඩය යැව්වට පස්සේ, පිළිතුරු එන්න ගත වුණු මිනිත්තු දෙකක කාලය මට දැනුනේ පැය ගණනක් වගේ. අන්තිමේ දී බලාපොරොත්තු වුණු කෙටි පණිවුඩය ආවා..

"එයා අද ආවේ නෑ මචං. එයාලට මගුල් ගෙදරක් තියෙනවා ලු. ලබන සතියේ ඉඳලා ඒවි.."

බයිසිකලයේ සුදු පාට මුහුණතේ වුණු කළු පාට පැල්ලමක් ඇඟිල්ලෙන් පිහිදා දැමූ මම ආපහු ගෙදර එන්න පිටත් වුණා.හිතට ආපු හැගීම දුකක් ද? තරහවක් ද? කලකිරීමක් ද කියලා මට තේරුමක් තිබුණේ නැහැ.ඒත් එද්දී ගියර් පහ ම මාරු කරන්න මීටර් 100 ක දුරක් වත් ධාවනය නොකළ බව නම් මට මතක තිබුණා..


ප.ලි:     මෙය හිතලුවක් පමණි.. නම්, ගම්, සිද්ධීන් සියල්ල මනඃකල්පිත ය..

වාස්තවික ලෝකය, විද්‍යාත්මක ක්‍රමය සහ ආත්මාර්ථකාමිත්වය.. (අපේ දැනුම ලිපි අංක 2)

Thursday, June 28, 2012


අප අවට පවතී යයි සිතන ලෝකය (හෙවත් වාස්තවික ලෝකය) සැබවින් ම පවතී ද යන්න (යතාර්ථය ද යන්න) සිතා බැලීමට වටිනා කරුණකි. මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට උත්සාහ දරනුයේ ඒ පිළිබඳව යි.




මේ (වාතවික) ලෝකයේ පවතී යැයි හැඟෙන යම් යම් දෑ, අපගේ පංචෙන්ද්‍රිය භාවිත කරමින් අපි දැන ගන්නෙමු. උදාහරණයක් ලෙස,මට මේ ලියන ලද අකුරු පෙනෙන්නේ කළු පැහැයෙනි. ඔබගේ තිරයේ දෝෂයක් නොවේ නම් ඔබට ද නිසැකව ම ඒ අකුරු පෙනෙන්නේ කළු පැහැයෙනි. එහි ගැටළුවක් නැත. නමුත් මා කළු පැහැය යැයි හඳුන්වන දෙය සහ ඔබ කළු පැහැය යැයි හඳුන්වන දෙය එක ම වේ ද? සරලව අපි මෙසේ සිතමු. උපතේ පටන් මගේ දෑසේ යම් ගැටළුවක් නිසා ව්‍යවහාරයේ පවතින කළු පැහැය රතු පැහැයෙනුත්, රතු පැහැය නිල් පැහැයෙනුත්, නිල් පැහැය කළු පැහැයෙනුත් පෙනෙයි යැයි සිතමු. එවිට මා කළු පැහැය ලෙස හඳුන්වන්නේ රතු පැහැය යි. රතු පැහැය ලෙස හඳුන්වන්නේ නිල් පැහැය යි. නිල් පැහැය ලෙස හඳුන්වන්නේ කළු පැහැය යි. 

ඔබ මේ අකුරු දැක ඒවා කළු පැහැති යැයි කිව හැකි ය. නමුත් මට ඒවා පෙනෙන්නේ ඔබ හඳුන්වන ආකාරයට නිල් පැහැයෙනි. එසේ වුවත්, අදාල පාට මා හඳුන්වන්නේ කළු ලෙස ය. එහි දී ප්‍රවාදය එක ම වී ඇත. හේතුව අප ජීවත් වන සංස්කෘතිය එක ම වීම යි. නමුත් මගේ වාස්තවික ලෝකය සහ ඔබේ වාස්තවික ලෝකය වෙනස් ඒවා දෙකකි. ඒ අනුව පැහැදිලි විය යුත්තේ යතාර්ථය ලෙස දෙයක් නැති බව සහ පවතී යැයි අප සිතා සිටින වාස්තවික ලෝකය (සංවේදනය වන ලෝකය) අපේ විඥ්ඥානය විසින් කරනු ලැබූ නිර්මාණයක් පමණක් බවත් ය. එනම්, වාස්තවික ලෝකය යනු අපගේ විඥ්ඥානය පවතින තුරු පවතින, අප මිය යද්දී මිය යන, ජීවත් වන වුන් හා රැඳී සිටින මායාවක් බවයි. බටහිර විද්‍යාව මගින් කෙරෙන්නේ මේ මායාව යතාර්ථයක් බව අවබෝධ කරවමින් ඊට අදාල ප්‍රවාද ගෙතීමයි. මේ ප්‍රවාද අපේ සිතට කාවදින තරම අනුව යතාර්ථය යන සංකල්පය අප තුළ පවතී ද නැති ද යන්න තීරණය වේ..

සරලව  (බටහිර) විද්‍යාව යනු පංචෙන්ද්‍රියයන් මගින් දැන ගන්නා දේ විද්‍යාත්මක ක්‍රමය භාවිත කරමින් වඩාත් නිවැරදි ද යි දැන ගැනීම ලෙස විග්‍රහ කළ හැකි ය. මෙහි යම් යම් තැන සඳහා ඌන පූර්ණයන් යෙදී තව තවත් හැඩ වීම විවිධ අර්ථ දැක්වීම් යටතේ සිදු කෙරෙයි. නමුත් මුලික වශයෙන් සංවේදන ආකාරයෙන් දැන ගන්නා දේ පිළිබඳව කෙරෙන අධ්‍යයනයක් ලෙස මෙය සැළකීමේ වරදක් නොපෙනෙයි. 

මෙහි දී විද්‍යාත්මක ක්‍රමය ලෙස ඉදිරිපත් වන්නේ යම් අයෙක්, සිය සංවේදනයක් හරහා දැන ගනු ලබන යම් දෙයක් පිළිබඳව කෙරෙන විග්‍රහයකි. උදාහරණයක් ලෙස, දහවල් කාලයේ එළිමහනට ගිය විට මට උණුසුමක් දැනෙයි. මා ඒ පිළිබඳව දැනුමක් නිර්මාණය කරන්නෙක් නම්, මගේ කාර්යය වනුයේ ඊට අදාල හේතු විග්‍රහ කරමින් ප්‍රවාදයක් හෙවත් කතන්දරයක් ගෙතීමයි. නමුත් මෙය ලේසි පහසු කටයුත්තක් නොවේ.. විග්‍රහ කිරීමේ පහසුව සඳහා කාලය යන වචනය යොදා ගන්නා අතර, එහි අදහස ඔබ තුළ ඒ පිළිබඳව ඇති සාමාන්‍ය අදහස ම වේ.(කාල ඒකක සම්බන්ධ නොවේ.) පළමුවෙන් ම, එළිමහන සහ දහවල් කාලය යනු කුමක්දැයි අර්ථ දක්විය යුතු ය. ඊළඟට උණුසුම යන සංවේදනය කවරක් දැයි අර්ථ දක්වා ගත යුතු ය. 

මෙහි දී කළ යුතු උපකල්පනයක් වන්නේ, මා දකින දේ අනෙක් අයත් දකින බවත්, මට දැනෙන දේ අනෙක් අයටත් දැනෙන බවත් ය. එනම් මා එළිමහන ලෙස දකින දෙය, ඒ ආකාරයෙන් ම ලෝක වාසි සියලු දෙනා දකිනා බව උපකල්පනය කළ යුතු ය. ඒ සඳහා ආලෝකය යන්න මා අත් විඳින ආකාරය අන් සියලු දෙනා අත් විඳින ආකාරයට සමාන බව උපකල්පනය කිරීමට සිදු වේ.

තව ද යම් 'වෙලාවක් (ලෙස අප හඳුන්වන දෙයක්) ' දහවල් කාලය ලෙස මා අර්ථ දක්වනවා නම්,  අන් අය ද ඒ වෙලාව ඒ ආකාරයට ම අර්ථ දක්වා ගත යුතු ය. දැන් දවල් යයි මා කීවොත්, විරුද්ධ අයට ඊට විරුද්ධ විය හැකි ය යන ප්‍රවාදය මත මෙය සාපේක්ෂව පහසු විය හැකි ය.නමුත් මා දහවල් ලෙස හඳුන්වන කාලයේ අන් අයට හැඟෙන්නේ මට හැඟෙන දේ ම නොවන්නේ නම් මෙය ගැටළුවක් විය හැකි ය. ඒ අනුව මේ ප්‍රවාදය ගෙතීම ද එතරම් පහසු නැති බව පෙනී යනු අත. දවසක් ලෙස අප හඳුන්වන කාලය තුළ, දහවල් කාලය යන්න මා අත්දකිනා ලෙස ම අන් සියලු දෙනා ම අත් දකිනා බව මට උපකල්පනය කිරීමට සිදු වෙයි.

අවසානයේ මට උණුසුම ලෙස දැනෙන සංවේදනය එලෙසින් ම අදාල කාලයේ, අදාල තැනට යන සෙසු අයට ද දැනෙන බව ස්ථිර කර ගත යුතු ය. මෙහි දී කිරීමට අපහසු ම දෙය මෙයයි. කෙනෙක්ට යම් සංවේදනයක් දැනෙන ආකාරය, තවත් කෙනෙක්ට එය දැනෙන ආකාරයට සමාන ද? නැතිද යන වග තීරණය කිරීමට බෙහෙවින් ම අසීරු ය. උදාහරණයක් ලෙස, දුක ලෙස හඳුන්වන හැගීම, කෙනෙක්ට දැනුනු විට ඔහු හෝ ඇය හඬා වැටෙන්නට පුළුවන. නැතහොත් කලහකාරී ලෙස හැසිරීමට පුළුවන. නැතිනම් ඔහේ බලාගත් අත බලාගෙන ඉන්නට පුළුවන. මෙය එක් එක් පුද්ගලයා අදාල හැගීමට මුහුණ දෙන ආකාරය වෙනස් වීම මිසක්, හැගෙන ආකාරයේ වෙනසක් නොවේ යයි අයෙකුට තර්ක කළ හැකි ය. නමුත් එක් එක් පුද්ගලයා වෙනස් ආකාර වලින් හැසිරීම, එක ම හැගීම එක ම ආකාරයට දැනුනු එක් එක් අයගෙන් බලාපොරොත්තු විය නොහැක. එ නිසා හැගීම් දැනෙන ආකාරය වෙනස් විය හැකි අතර, මේ ප්‍රවාදය ගෙතීමේ දී සියලු දෙනා සම්බන්ධව උණුසුම යන හැගීමෙහි අර්ථ දැක්වීම එක ම බව උපකල්පනය කිරීමට සිදු වේ.

දැන් අදාල පරීක්ෂණය දෙසට හැරෙමු. මෙහි දී අප ප්‍රවාදය ගොතන්නේ ප්‍රධාන උපකල්පන තුනක් මත සිට ය. යම් හෙයකින් එක් උපකල්පනයක් හෝ බිඳ වැටුනේ නම්, සමස්ත ප්‍රවාදය ම බිඳ වැටෙයි. බටහිර විද්‍යාවේ දැනුම නිතර ප්‍රති නිර්මාණය වන්නේ ඒ හේතුව නිසා විය හැකි ය. මොහොතකට අදාල උපකල්පන තුන දෙස බලමු. 

මේ උපකල්පන තුනෙහි ප්‍රධාන ලක්ෂණයක් වන බව පෙනී යනු ඇත. එනම්, එ උපකල්පන තුන සඳහා ම යොදා ගෙන ඇත්තේ, මා දකින දෙය ඇත්තට ම පවතිනවා ය යන්න සහ ඒ දේවල් අන් අයත් එලෙසින් ම විඳිනවා ය යන්න යි. එනම් මම යන පුද්ගලයා වටා, හෙවත් මගේ විඥ්ඥානය වටා අදාල ප්‍රවාදය ගෙතී ඇත. එනම් ඒ ප්‍රවාදයෙහි ඇත්තේ මමත්වය යි. හෙවත් ආත්මාර්ථකාමීත්වය යි.

මා දකින දේ හරි ය. මට සියලු දේ හරියට පෙනිය යුතු ය. මගෙන් පිට යතාර්ථයක් නැත යන කරුණු සියල්ල එයින් කියවේ. අප සලකන ලද සුළු උදාහරණය තුළ ද ඒ ලක්ෂණ මැනවින් පිළිබිඹු විය. මෙවැනි ප්‍රවාද දහස් ගණනකින් සකස් වුණු බටහිර විද්‍යාව තුළ ආත්මාර්ථකාමීත්වය ගැබ් වන්නේ මේ ලෙසිනි. එවැනි සංස්කෘතියක් තුළ ආත්මාර්ථකාමී වනවා මිස, අන්‍යයන් ගැන සිතීමක් බලාපොරොත්තු වීම මෝඩ කමකි.

අපේ සංස්කෘතිය තුළ මෙවැනි ලක්ෂණ පැවතී නැත. පවතී ඇතත් ඒ අල්ප වශයෙනි. මිනිසා යනු තවත් එක් සත්වයෙක් සහ පරිසරයේ ම කොටසක් විනා එහි හිමිකරු නොවන බව අවබෝධ කර ගැනීම තිබුනේ අප සංස්කෘතියේ මිස මමත්වයෙන් ලෝකය දෙස බලන බටහිර සංස්කෘතිය (සහ විද්‍යාව) තුළ නොවේ.ඒ නිසා සමස්ත ලෝකය (මනුෂ්‍යයින්, සත්වයින් සහ සියලු පරිසර පද්ධති) දෙස බැලීමේ දී සාපේක්ෂව අපේ සංස්කෘතිය සහ අපේ දැනුම පරිසරයට සහ ලෝකයට වඩාත් හිතකර එකක් බව කිව හැකි ය. 

අසල්වැසියාට ප්‍රේම කිරීම හෙවත් බණ්ඩි ගුරාගේ ඛේදාන්තය

Sunday, June 24, 2012




අතේ එකෙකි
කරේ එකෙකි
බණ්ඩි ගුරා එක්ක තුනකි
නළඟන සේ ඇය,
පසු පස්සෙනි..

ශී ශී අනේ ඒ සී මදි
මේක ඇතුලේ හරි රස්නෙයි
තව මොනවද ඇය කියවයි
බණ්ඩි ගුරා පවන් සලයි..

වැඩිමහල්ලා ලෙඩ පාට ය
ආලි මෑලි ගතිය ඇති ය
දෑස ඔහුගේ, ඇගේ මෙන් ය
නාසය නම් ගුරුගේ වැන්න..

බාලයා නම් දඟ පාට ය
දෑස, ඇගේ ලෙස ම නිල් ය
පාටින් නම් බොහෝ සුදු ය
බණ්ඩි ගුරා ගුරා වගේ නැති ය..

බටහිරට එහා ගිය අපේ දැනුම - ලිපි පෙළක ආරම්භය

Tuesday, June 19, 2012





කවුරුන් පිළි ගත්තත් නොගත්තත්, අද ලෝකය ක්‍රමයෙන් විනාශය කරා යමින් පවතී. බටහිර දැනුම මත පදනම් ව කෙරෙන ඊනියා සංවර්ධනය ක්‍රියාවලිය නිසා දිනෙන් දින සම්පත් විනාශ වෙමින් පෘථිවියේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල වෙයි. එසේ වීමට නම් අප භාවිත කරන දැනුම නිවැරදි සහ භාවිත කළ යුතු දැනුම නොවිය යුතු ය. මිනිසා යනු පරිසරයේ එක් කොටසක් විනා එහි හිමිකරු නොවේ. ඒ බව අප අවබෝධ කර ගත යුතු ය. මෙම රටාව වෙනස් විය යුතු ය. එසේ වීමට නම් බටහිර දැනුම උඩු යටිකුරු වන ආකාරයේ වෙනත් දැනුමක් මගින් එය ප්‍රතිස්ථාපනය (replace) විය යුතු ය. එම දැනුම සිංහල බෞද්ධ දැනුම මත පදනම් වූවක් කරවා ගැනීම සඳහා දියත් කෙරෙන මහාචාර්ය නලින් ද සිල්වා ගේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය නම් සංකල්පය සහ එයින් කෙරෙන යම් යම් පැහැදිලි කිරීම මා අවබෝධ කර ගත් ආකාරය මත පදනම් ව සරල ව  පැහැදිලි කිරීම සඳහා මේ ලිපි පෙල ලියැවේ..


අප යම් දෙයක් පිළිබඳව දන්නවා යනු ඒ පිළිබඳව යම් ප්‍රවාදයක් නැතිනම් කතාවක් අප නිර්මාණය කරගෙන ඇති බව යි.. උදාහරණයක් ලෙස ඔබ දැන් පරිඝනකය ඉදිරිපිට ට වී මේ සටහන කියවනවා විය හැකි ය. ඔබ වාඩි වී සිටින්නේ පුටුවක් මත යැයි සිතමු. ඔබ 'පුටුව පිළිබඳව දන්නවා' යනු, ලී කකුල් හතරක් මත තවත් ලැල්ලක් යොදා, හේත්තු වන්නට තවත් කොටසක් සවි කර ඇති දෙය පුටුව යැයි කතාවක් යමෙකු නිර්මාණය කර ඒ දැනුම ඔබට ලබා දී ඇති බවයි. ඒ කතාව අසා නොතිබෙන්නට ඒ පුටුවක් යැයි ඔබට අවබෝධ නොවන්නට පුළුවන්. මෙහි දී භාෂාව වැදගත් නොවේ. වැදගත් වන්නේ සංකල්පය යි.

බොහෝ විට මෙලෙස නිර්මාණය කරන ලද කතාව වැරදි වීමට හැකියාවක් ඇත. එවිට වඩාත් නිවැරදි වූ කතාවක් මගින් අදාල සංකල්පය ප්‍රතිස්ථාපනය කිරීමට සිදු වේ. උදාහරණයක් ලෙස කරකැවෙන පුටුවක් අප මුලින් කියූ කතාවට නොගැළපේ. එසේ නම් ඒ කතාව වැරදි එකකි. ඒ නිසා එය වෙනත් කතාවක් මගින් ප්‍රතිස්ථාපනය කළ යුතු ය. දැනුම යනු මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් මිස සොයා ගත් දෙයක් නොවන්නේ මේ ආකාරයට ය. මේ දැනුම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙයි.

කෙටියෙන් සහ සරලව කියන්නේ නම් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හරහා නිර්මාණය වූ දැනුමක් බටහිරයන් සතු වන අතර, සිංහල බෞද්ධ සංස්කෘතිය හරහා නිර්මාණය වූ දැනුමක් අප සතුව ඇත. මෙහිදී සැලකිය යුතු වන්නේ, මේ දැනුම නිර්මාණය කිරීම සිදු වූ සංස්කෘතිය හැඳින්වීමට අදාල නම් යෙදීම සහ අදාල ආගම් අතර සෘජු සම්බන්ධයක් නැති බව යි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ජීවත් වූ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් බුදු දහම නො ඇදහුවත් ඔවුන් සතු වූ දැනුම ගැනෙන්නේ ද සිංහල බෞද්ධ දැනුමෙහි කොටසක් වශයෙනි. සිංහල බෞද්ධ සංස්කෘතිය මගින් අප ලබා ගත දැනුමට අමතරව වේදය, සිද්ධ සහ යුනානි දැනුම ආදී වශයෙන් තවත් රටවල් සහ ආගම් වල සංස්කෘතීන් හා බැඳුනු දැනුම පවතී. මේ ලිපි පෙළ පුරා කතා බහ කෙරෙන අපේ දැනුම යනු සිංහල බෞද්ධ දැනුමයි. 

අප පිළි ගත්තත් නැතත් අද ලෝකය බටහිර ආධිපත්‍යයට නතු ව පවතී. එය දේශපාලනිකව පමණක් නොව දැනුම මගින් ද සිදු කරන ලද්දකි. අද සෑම පාසලක ම සහ විශ්ව විද්‍යාලයක ම පාහේ ඉගැන්වෙන්නේ බටහිර දැනුමයි. අප කුඩා කළ පටන් ම මනසට කාවද්දා ඇත්තේ බටහිර දැනුම නිවැරදි බව සහ එය එක ම නිවැරදි දැනුම බවයි. අතරින් පතර අපේ දැනුම ගැන අසන්නට ලැබුණත් එය පිළි නොගන්නට හෝ එහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට බටහිර දැනුම යොදා ගන්නට අප පෙළඹී ඇත්තේ එබැවිනි. මේ පෙළඹවීම නොවන්නට හුදෙක් දේශපාලනික වශයෙන් පමණක් අප පාලනය කරන්නට හෝ බලපෑම් කරන්නට බටහිරයන්ට ඉඩ නොලැබිය හැකි ය.

සිංහල බෞද්ධ සංස්කෘතිය වසර දෙදහස් පන්සියයකට එහා ඉතිහාසයක් සහිත එකකි. අපේ රටේ කර්මාන්ත සඳහා යකඩ තලද්දී බටහිරයන් නිරුවතින් දඩයම් කරමින් ජීවත් වූ බව ජන වහරේ පවතී. එය සත්‍ය වුවත් නැතත්, අතීතයේ අප සතුව සුවිශාල දැනුම් සම්භාරයක් තිබී ඇත. ඒ කාලයේ බටහිරයන් සතුව එවැන්නක් තිබී හෝ නොතිබී අද බටහිර දැනුම ලෝකය පුරා පැතිරී යන තරම් විශාලව වැඩී ඇත. දැනුම යනු නිර්මාණය වන දෙයක් බව කලින් සඳහන් කළෙමි. අපට වඩා බොහෝ දුර්වල ව පවතී ඔවුනගේ දැනුම අද මේ තරම් විශාලව වැඩී ඇත්නම්, අප සතු වූ දැනුම ඔස්සේ යමින් නව ප්‍රවාද නිර්මානය කළේ නම් අද අපේ දැනුම බටහිරට වඩා ඉදිරියෙන් පිහිටන්නට ඉඩ තිබිණි. මෙහි සැළකිය යුතු දෙයක් ඇත. අපේ රටේ මහා විශාල වැව් හැදුවේ අද ජලාශ සෑදීමේ දී තරම් පරිසර විනාශයක් නොකර ය. සුවිසල් දාගැබ් තැනුවේ අද ගොඩනැගිලි ඉදි කරද්දී මෙන් පරිසරය විනාශ නොකර ය. අපේ සංස්කෘතිය බැඳී පැවතුනේ පරිසරයත් සමග ය.

සමහර විට අපේ දැනුම මගින් පරිඝනක නො තැනෙන්නට ඉඩ තිබිණි. නමුත් ඊට එහා ගිය නිර්මාණ කෙරෙන්නට ඉඩ තිබිණි. රෝද සවි කළ කරත්තයක් හදා ගන්නට බටහිරයන් නොහැකිව තිබූ අවධියේ රාවණා දඬු මොණරයෙන් ගොස් සීතා පැහැරගෙන ආ බව අපේ ජන ප්‍රවාදයේ සඳහන් වේ. තව ද එය භාරතයේ ලියැවුණු රාමායනයේ සඳහන් වෙයි. කියන කරන සෑම දෙයක් ම පිළි ගන්නට බටහිර පොත් පත් වල සඳහන් සාක්ෂි, සාධක ඉල්ලන්නන්ට මෙය විහිළුවක් විය හැකි ය. එහෙත් එයට එක් හේතුවක් විය හැකි යැයි මට සිතේ. බොහෝ දුරට රාවණා දඬු මොණරයෙන් ගිය කාලයේ බටහිරයන්ගේ ප්‍රවෘත්ති වාර්තාකරණය සහ ලේඛනය දුර්වල වී පවතින්නට ඉඩ ඇත. ඒ හේතුව නිසා එක්කෝ අදාල සිද්ධිය බටහිරට සැල නොවන්නට ඇත. නැතිනම් ඒ පිළිබඳව තේරුම් ගැනීමට හෝ ලියා තැබීමට ඔවුනට නොතේරුණා විය හැකි ය. භාරතයේ සහ ලංකාවේ ඒ පිලිබඳ සඳහන් පවතීමටත් බටහිරට නොලැබීමටත් හේතුව බොහෝ විට එය විය හැකි ය..

බටහිර දැනුමේ දෝෂ නිසා සහ නිවැරදි සංවිධානාත්මක බවින් තොර වීම නිසා අද පරිසරය බොහෝ දුරට විනාශ වී ඇත. නමුත් අපේ දැනුම වර්ධනය වී නම් මෙවැනි විනාශයක් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබිණි. සංවර්ධනය යනු පරිසරය සහ තමාට වැදගත් නොවේ යැයි හිතෙන දේ විනාශ කරමින් ආත්මාර්ථකාමීව සිදු කෙරෙන වැඩ පිළිවෙලක් නොවිය යුතු ය. පරිසරය සමග එහි ම කොටසක් ලෙස සිටිමින් අපේ අවශ්‍යතා ඉටු කර ගැනීම නිවැරදි පැවැත්මයි.

භාෂාව හැසිරවීමේ දී හැකි තාක් සරලව සහ සෘජුව අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ ගතිමි. මෙය බටහිර අදහස් වලින් හිස පුරවා ගත් කෙහෙතලාට නොතේරෙන්නට පුළුවන. ඇනෝ අදහස් බොහොමයක් වැටෙන්නට පුළුවන.අරුණැල්ලේ හිට්ස් අඩු වීමට ද පුළුවන. නමුත් මේ ලිපි පෙල ඉදිරියට ද ලියවෙනු ඇත..


විශ්ව විද්‍යාල උප සංස්කෘතිය සහ ඇනෝගේ සිත් රිදුම

Sunday, June 10, 2012


මෑතක දී මා, රත්තා හෙවත් රත්ගමයා සමග සතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අක්බාර් ශාලාවේ ගත කළ බව ඔබට මතක ඇතුවාට සැකයක් නැත. එසේ නම් ඒ අවධියේ දින පතා සිදු වූ දෑ අරුණැල්ල බ්ලොගයේ සංක්ෂිප්තව පළ කළ බව ද නිසැකව ම මතක තිබිය යුතු ය. ඒ ලිපි පෙළෙහි දෙවන සහ තෙවන ලිපි වල යම් තැනක සඳහන් කළ මයිනන් යන වචනය නිසා එක්තරා ඇනෝ කෙනෙක්ට රිදී තිබිණි. එක ම කොමෙන්ටුව ලිපි දෙකෙහි ම යෙදීම නිසා ඒ බව හොඳින් ම පෙනෙයි. මේ සටහන ලියැවෙන්නේ එකී ඇනෝට මඩ ගැසීමට වත්, මගේ වරද පිළි ගැනීමට වත්, එය ප්‍රතික්ෂේප කිරීමට වත් නොව එකී යෙදුම එසේ යොදන්නට හේතු වුණු දෑ පිලිබඳ සඳහන් කිරීමට යි. (මට පහර දීමේ ගැටළුවක් නැත. නමුත් අදාල කොමෙන්ටුවෙහි මගේ පාසලට සහ නිවැසියන්ට යම් ආකාරයක අපහාසයක් සිදු කෙරෙන ආකාරයේ දෑ සඳහන් වී ඇති බවට මට ඇති වූ හැගීම විසින් මෙම පොස්ටුව මෙසේ යෙදීමට පොළඹවන ලදී.) මෙය කියවන ඔබේ වගකීම වන්නේ මා කළ ප්‍රකාශය එසේ කිරීම වැරදි ද නැති ද යන වග තීරණය කිරීමයි.

මානවයා පමණක් නොව වෙනත් ජීවින් ද, ජීවත් වීමේ දී යම් සැකැස්මක් අනුව ජීවත් වීමට කාලයත් සමග හුරු වී ඇත. මානවයා සැලකීමේ දී, සෙසු සතුනට වඩා විධිමත් වූ, සැකැස්මක් ගොඩනගා ගෙන එය සංස්කෘතිය ලෙස නම් කරගෙන ඇත. ලෝකයේ විවිධාකාර රටවල් වලට අනුරූපව සහ විවිධ සමාජ රටා වලට අනුරූපව එක් එක් ආකාර වලින් යුතු සංස්කෘතික ලක්ෂණ දැකිය හැකි වෙයි. යම් යම් සමාජ ස්ථරවල සහ සංස්කෘතීන් වල ලක්ෂණ අවශෝෂණය කර ගැනීම නිසා, සමහර සංස්කෘතීන් වල, වෙනත් සංස්කෘතීන් වල ලක්ෂණ ද දැකිය හැකි වෙයි. පොදුවේ ගත් කළ, අප විසින් සලකනු ලබන සෑම ක්ෂුද්‍ර ප්‍රමාණයේ සමාජ කොටසක ම පාහේ උප සංස්කෘතියක් දැකිය හැකි අතර, එකී සංස්කෘතිය, එහි මව් සංස්කෘතියෙන් ව්‍යුත්පන්න වූ එකකි. අදාල සංස්කෘතික ලක්ෂණ වෙනස් වන නිසා බොහෝ විට උප සංස්කෘතීන් තුල සන්නිවේදනය සඳහා යෙදෙන්නා වූ භාෂාව ද මුල් භාෂාවේ ව්‍යුත්පන්නයකි. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාව මවු සංස්කෘතිය වන උප සංස්කෘතික ඒකක රැසක් දැකිය හැකි ය. ජන වර්ගයෙන් ජන වර්ගයට, ආගමෙන් ආගමට, පලාතෙන් පලාතට, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට පමණක් නොව ගමෙන් ගමට ද වෙන් වෙන් වූ උප සංස්කෘතික ලක්ෂණ දැකිය හැකි ය. ඒවායේ භාවිත වන භාෂාව ද එකිනෙකට වෙනස් වෙයි. 

කුඩා දරුවන් අතර භාවිත වන භාෂාව වැඩුණු අය අතර භාවිත වන භාෂාවට බොහෝ සෙයින් වෙනස් ය. තරුණ කොටස් අතර භාවිත වන භාෂාව යනු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ භාෂාව නොවේ. විශ්ව විද්‍යාල උප සංස්කෘතිය යනු මෙරට බොහෝ අයට ප්‍රශ්නයක් වූ එකකි. එහි භාවිත වන භාෂාව එයින් පිටත යෙදෙන භාෂාවට සමාන වුවත්, යම් යම් වෙනස්කම් සහ වෙනස් යෙදුම් සහිත එකකි. 

අපේ ඇනෝ තුමා සිය අදහසේ සඳහන්  කළ පරිදි ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයෙන් 1998 දී පිට වූ අයෙකි. එනම් අදාළ උප සංස්කෘතිය පිලිබඳ මනා වැටහීමක් ඇති අයෙකි. එවැන්නෙකුට, මෙවැනි ගැටළුවක් ඇති වීම මට නම් පුදුම එළවන සුළු එකකි. නමුත්, ඔහුගේ අදහස ම ඇති වී, කොමෙන්ටුවක් නොයොදා ගිය තවත් අය සිටිය හැකි නිසා, මෙසේ කරුණු දක්වමි.

විශ්ව විද්‍යාලය යනු ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය ලබා දීම සහ නව දේ සොයා ගැනීම/සමීක්ෂණ (Researches) වෙනුවෙන් වූ ආයතනයකි. අධ්‍යයනය(academic) ට අදාල දෑ සිදු කිරීම එහි ප්‍රධාන කර්තව්‍යය (Major Objective) වෙයි. එකී කර්තව්‍යයේ යෙදෙන්නන් හෙවත් අධ්‍යයන කාර්ය මණ්ඩලය බහුතර සේවකයන් (major staff) ලෙස හැඳින්වීමේ වරදක් නැතැයි සිතමි. එසේ නම් ඉතිරිය (අනධ්‍යන කාර්යමණ්ඩලය) සුළුතර සේවකයන්(minor staff) ලෙස (සුළු සේවකයන් නොවේ) හැඳින්වීමේ වරදක් මට නම් නොපෙනෙයි. අදාල වැඩ වර්ජනය සිදු කළේ අනධ්‍යන කාර්ය මණ්ඩලය නිසා, එය minor staff හි වර්ජනයක් ලෙස හැඳින්වීමේ වරදක් ද නොදකිමි. (මේ කරුණු වල යම් වරදක් දකින්නේ නම් ඒවා පෙන්වා දීම මහත් ගෞරවයෙන් සළකමි.)

මා පෙර සඳහන් කළ පරිදි ම විශ්ව විද්‍යාල උප සංස්කෘතිය තුළ භාවිත වන භාෂාව ද සාමාන්‍ය ව්‍යවහාරයෙන් යම් යම් අපගමනයන් දක්වයි. බොහෝ පාඨමාලාවන් සංඛ්‍යාවක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වුනත්, ඒවා ඉගෙන ගන්නට එන බහුතරයක් සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය ලබා පැමිණියවුන් වන නිසා අදාල අධ්‍යයන කටයුතු වල දී සහ ඉන් බැහැර දී යෙදෙන ඉංග්‍රීසි වචන සාමාන්‍ය ව්‍යවහාරයේ දී තමන්ගේ කර ගැනීම වෙනුවෙන් සිංහල ඌරුවට සකස් කර ගැනීම සහ කෙටි කිරීම බොහෝ විට සිදු වේ. ප්‍රොෆෙසර් හෙවත් මහාචාර්ය වරයා ප්‍රොපා ද, ඉංජිනේරුවා (ඉංජා) ද, මෙඩිකල් ස්ටුඩන්ට් හෙවත් වෛද්‍ය ශිෂ්‍යයා මෙඩ්ඩා ද, කලා ශිෂ්‍යයා ආටා සහ කලා ශිෂ්‍යයාව ආටිය වන්නේ ද එහි ප්‍රථිපලයක් ලෙස ය. මේ ආදී වශයෙන් විශ්ව විද්‍යාලය තුළ යෙදෙන වෙනස් වූ වචන සංඛ්‍යාව තරමක් විශාල ය. 

මේ තත්වය තුළ මයිනර් ස්ටාෆ් එක මයිනන් වීම වැලැක්විය නොහැක්කකි. මෙහි දී සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ අදාල වචන යෙදීමේ දී කිසිසේත් ම අදාල පුද්ගලයන්ට අපහාස කිරීම අරමුණු කර නොගැනීමයි. සිය පහසුව වෙනුවෙන් ඒ වචන යෙදුවත් කිසිම වෙලාවක එකී යෙදුමකට හෝ අදාළ පුද්ගලයන්ට සමච්චල් කිරීමක් අදාල සංස්කෘතිය තුළ දක්නට නැත. වසර හතරක් විශ්ව විද්‍යාලයේ ගත කළ අපේ ඇනෝතුමා, අලයෙකු නොවුනේ නම් ඒ පිලිබඳ දැන සිටිය යුතු ය. (මෙහි අලයා යන්න සෑදී ඇත්තේ alone යන්නෙනි (මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට අනුව). මෙය යෙදුවේ ද, අපහාස කිරීමේ අරමුණකින් නම් නොවේ!)

විවිධ උප සංස්කෘතීන් හි යෙදෙන වචන වෙනස් වීම සහ එක ම වචනයට සංස්කෘතීන් කිහිපයක වෙනස් අර්ථ තිබීම නිසා ගැටළු ඇති විය හැකි ය. ඇහැක් විදියට කනක් අඳින්න යැයි උපදෙස් දුන් විට කන වෙනුවට ඇසක් ඇඳීම සිදු වන්නේ එකී අන්තර් උප සංස්කෘතික අනවබෝධය නිසාවෙනි. මේ ඇති වූ ගැටලුව ඇති වුයේ ද එහි ම ප්‍රතිඵලයක් ලෙසට බව මගේ හැගීමයි. 

ඒ ලිපිය ලිවීමේ දී මා අතින් වරදක් සිදු වී ඇත. විශ්ව විද්‍යාල උප සංස්කෘතිය තුල යෙදෙන වචන බ්ලොගය ලිවීමේදී යොදා ගැනීම නොකළ යුත්තකි. එතරම් නොසිතා මවිසින් කළ දේ ඇනෝතුමාගේ සිත් රිදුමට හේතු වී ඇති බව හැගෙයි. ඒ පිළිබඳව මගේ කනගාටුව පල කරමි. මෙයින් මතු ඒ වරද නොකර සිටීමට උත්සාහ දරන අතර අත්වැරැද්දකින් එවැන්නක් සිදු වුවහොත් සමාව භජනය කරන මෙන් ද කරුණාවෙන් ඉල්ලා සිටිමි!


 

මේලයෙන් ලිපි ගෙන්වා ගන්න

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading