"කුසුමක් නම්
පිපී,
සුවඳ විහිදා,
පර ව යා යුතුමැයි.."
නැත නැත..
අද තාක්ෂනය
බොහෝ දියුණු ය...
තොපේ ඔය අනිත්‍යය
අපේ අලුත් නිර්දේශයේ නැත..
දරුවෙනි බලව..
අපේ දැනුම ඉහල ය
විද්‍යාව අතැඹුලකි මට
වර..
වර..
සුත්‍ර ගත කරමු අපි මල..
පුදුමයකි,
කැපී ගියේය
සුළු වී,
දෙපස වූ සුවඳ..
"සුත්‍රයකට නැගූ මලකින් මල් සුවඳ නිසැකවම බැහැර වෙයි"
ReplyDeleteතරු ලකුණ -රත්න ශ්‍රී විජේසිංහ
මුලය වුනේ ඒ වාක්‍යය..
Deleteස්තුතියි සහෝ!!
ත්‍රිලක්ෂණය ජයගත හැකි සමතෙක් හෝ දෙයක් මෙලොව නැත
ReplyDeleteඑසේ යැ..
Deleteඒකනං මාරයි...
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුති වේවා!!
Deleteඑසේ ම වේවා!!
සියලුදේ අනිත්යය්
ReplyDeleteලස්සන අර්ථයක්..
ස්තුතියි මල්ලි!!
Deleteස්වභාව ධර්මයට අනුව මලක් පරවිය යුතුමය.ඒත් ජීවය සූත්‍රගත කිරීම මුලු ජීවයේම අවසානයයි.මන්ද යත් මිනිසා එවිට කරනුයේ ස්වභාව ධර්මයෙන් ඉපිද ස්වභාව ධර්මයම කෘතිම කිරීමයි.කෘතිමත්වය තුල ඇතිකිරීමක් විනා ඇතිවීමක් නොමැත.ඇති කිරීමක් තුල ක්‍රියාවලියක් විනා විකාශනයක් නොමැත.විකාශනයක් නොමැති තැන පැවැත්මක් විනා උන්නතියක් නැත.උන්නතියක් නැති තැන වර්ථමානයක් විනා අනාගතයක් නොමැත.අනාගතයක් නැති තැන අවසානයක් නියතය :p
ReplyDeleteසහතික ඇත්ත සඳ කිඳුරෝ!!
Deleteමට නම් මෙව්වා තේරෙන්නේ නැහැ
ReplyDeleteඅතැරලා දාන්න අයියේ!!
Deleteමල්ලි ඔයා සිංහලද මුස්ලිම්ද කියලත් ටැපලෙනවා දැන් නම් මට.... :(((
ReplyDeleteමොනා උණත් නිසදැස නම් හරි අගෙයි....
ස්තුතියි අක්කේ!!
Deleteමටත් වෙලාවකට පැටලෙනවා ඒක නම්!!
කාලීනයි!! හරිම අගෙයි!!
ReplyDeleteස්තුතියි අක්කේ!!
Deleteගතියක් තියෙනවා නිසදැසේ..
ReplyDeleteස්තුතියි අයියේ!
Deleteහොද නිර්මාණයක් නොවැ. අලුත් තේමාවකින්. ජය...!
ReplyDeleteහොද නිර්මාණයක් නොවැ. අලුත් තේමාවකින්. ජය...!
ReplyDeleteබොහොම ස්තුතියි!!
Deleteකුසුමක් නම්
ReplyDeleteපිපී,
සුවඳ විහිදා,
පර ව යා යුතුමැයි.."
මේත් රත්න ශ්‍රීගේ "සුබඋදෑසන හෝ මට මතක හැටියට "සල් ගහ යට" පොත් දෙකෙන් එකක තිබුණා.
ඒ කවියට ගත්ත අදහස නියමයි
අදහස එක ම යි නේ!! කවියට පාදක කර ගත්තේ නම් නුවන් කොමෙන්ටුවේ යොදපු කවි පදය..
Deleteහැමදේම කෘතිමව් කරන්න බැහැ නේන්නං
ReplyDeleteඒක නේ...
Deleteඅපි ඒක තේරුම් ගන්නේ නෑ නේ!
කොමෙන්ට් ටික බලලා තේරුම් ගත්තා.. අම්මේ මේ බර සාර එව්වා මේ නිදිමත අස්සේ ඔළුවට එන්නේ නෑ කීයටවත්..
ReplyDeleteනිදිමත නැති වෙලාවක කියවලා බලන්නකෝ අයියෙ!!
Deleteතේරෙන්නේම නැත.....
ReplyDeleteඅතෑරලා දාන්න.!!
Deleteස්තුතියි සිතූ මේ පැත්තට ආවට!
මමත් ටියුබ්.. මෝඩත් එක්කලා.. තෙරුන් නැනේ මල්ලි...
ReplyDeleteකවියක් නොතේරුණා කියන්නේ මෝඩයි කියන එක නෙවෙයි අක්කේ!! ජය!
Deleteඅති විශිෂ්ටයි ඇරෙන්න මොනව කියන්නද?
ReplyDeleteස්වභාව් දහම වෙනස් කරන්න මිනිසුන් උත්සාහ කරන හැම විටම ස්වභාව දහම මිනිසාට යමක් අහිමි කරයි....
ස්තුතියි මී ගොඩයා!!
Deleteඅම්මපා පට්ට.....
ReplyDeleteස්තුතියි අයියේ!!
Deleteහනේ හට තේරෙන්නෙ නෑනේ......:(
ReplyDeleteඅයියෝ..
Deletehoda nirmanayak/
ReplyDeleteස්තුතියි අක්කේ.!!
Deleteමේකනම් සිරා ආ..
ReplyDeleteස්තුතියි අයියේ!
Deleteහරි ලස්සනයි මල්ලි.
ReplyDelete-සිඳු-
ස්තුතියි අක්කේ!!
Deleteඅද ඩයිනමයික් ඇවිත් නෑ නේ..
විශිෂ්ටය්.ඔයා ලියපු එකක් කියල විශ්වාස කරන්නත් අමරුය්.
ReplyDeleteස්තුතියි යාලුවා. විශ්වාස කළත් නැතත් ලිව්වේ නම් මම.
Deleteමනිපත්‍ර කීලය කලංකය දළවලින් එකමුතු කෙරෙයි..
ReplyDeleteපුෂ්ප එකිනෙක සමූහනයව එකම මංජරියක් සැදෙයි
එහෙත් විච්ඡේදනය කළ තැන පුෂ්පයක් නම් හමු නොවෙයි
සූත්‍රයකට නැගූ මලකින් සුවද නිසැකව බැහැර වෙයි..
රත්න ශ්‍රී විශිෂ්ට ලෙස නිසදැසට නැගීමක්-මට නම් හිතෙන්නෙ එහෙමයි.
අපූරුයි!
තරු ලකුණ
Deleteපළමු මුද්‍රණය - 26 පිටුව
ස්තුතියි නංගෝ!!
ඔන්න මමත් පෝස්ට් 150 පසු කළා
ReplyDelete