Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ජනවාරියේ දී ඇරඹෙයි!

Thursday, October 20, 2011


කවි කිවිඳියන්, ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් කලාකාරියන්, මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යකරුවන් මාධ්‍යකාරියන්,සරසවි ඇදුරන්, වෘත්තීයවේදීන්, සරසවි සිසු සිසුවියන්, පාසල් ගුරුවරුන්, උසස් පෙළ සිසු සිසුවියන් ඇතුළු සිංහල භාෂාව පොදුවේ භාවිතා කරන අයගේ භාෂා භාවිතය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී, බොහෝ දුර්වලතා සහ භාෂාව අවභාවිත කිරීම් නිරීක්ෂණය කල හැකි ය. මෙයට මුලික හේතුව නිවැරදි භාෂා ඥානයක් නොමැති වීමයි.

මෙම ගැටළුව නිරාකරණය උදෙසා සාහිත්‍ය අවබෝධය ගැඹුරු කිරීමේත්,භාෂා නිපුණතාවය වැඩි දියුණු කිරීමේත්, නිර්මාණශීලී කලා ප්‍රකාශන හැකියාව තවත් ඉහලට ගෙන ඒම වෙනුවෙන් වූ භාෂා කලා ඇකඩමියක අවශ්‍යතාව ඇති ව තිබේ.

ශ්‍රී ලාංකේය කවීන් සියලු දෙනාගේ ම කවි ඇතුලත් කාව්‍ය සංග්‍රහයක් එලි දැක්වීමේ අරමුණෙන් පසුගිය දිනෙක එකොළොස්වෙනි පැය කාව්‍ය සංග්‍රහය දොරට වැඩුණි. ඒ හා බැඳුණු, මගේ අත්දැකීම් පිළිබඳව පෙර ලියූ ලිපියක සඳහන් වුවා ඔබට මතක ඇති බවට සැකයක් නැත. එහි ප්‍රධාන අරමුණ එසේ වුවත්, භාෂාව, සාහිත්‍ය සහ කලාව අධ්‍යයනය සඳහා වන ඇකඩමියක් ආරම්භ කිරීමේ පිඹුරුපත් සැකසීම, එකොළොස්වෙනි පැය කාව්‍ය සංග්‍රහය එලි දැක්වීමේ උත්සවයේ අරමුණක් වූ බව එම කටයුත්තට සහභාගී වූ බොහෝ දෙනා නොදන්නවා විය නොහැක.

මේ වන විට භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සුදානම් කර අවසන් ය. මෙම ඇකඩමියේ අරමුණ භාෂාව සහ සාහිත්‍ය කලා අවබෝධයෙන් පිරිපුන් නිර්මාණකරුවන්ගෙන් සපිරි නව පරපුරක් මගින් අප රටේ සංස්කතෘතික ජීවිතය සාරවත් කිරීම සහ සුරක්ෂිත කිරීමයි.

2013 වසරේ ජනවාරියේ ඇකඩමියේ අධ්‍යයන කටයුතු ඇරඹීමට සැළසුම් කර තිබේ. ඔබ මේ පණිවුඩය සියළු දෙනා වෙත ගෙන යන්න. ඔවුන් සමග ඔබත් ඊට සම්බන්ධ වන්න. අපි සදා නොවෙනස් මිතුරු මිතුරියන් ලෙස එකට වැඩ කරමු!

මහාචාර්ය සුචරිත ගම්ලත් ප්‍රමුඛ වි‍ශේෂඥ ඇදුරු මඬුල්ලකින් මෙහෙයවෙන, භාෂා සාහිත්‍ය කලා ඇකඩමියෙහි අධ්‍යයන කටයුතු ජනවාරියේදී ඇරඹීමට නියමිත ය. මෙහි පාඨමාලා පහත පරිදි වේ.









පළමු පියවර (ඩිප්ලෝමා)


සම්භාව්‍ය සිංහල සාහිත්‍ය, සිංහල භාෂාව, නිර්මාණශීලී සිංහල කථනය හා ලේඛනය, සිංහල සාහිත්‍ය ඉතිහාසය



දෙවන පියවර (උසස් ඩිප්ලෝමා)-


ලෝක සාහිත්‍ය (රුසියානු,ඉංග්‍රීසි,ඉන්දියානු,අප්‍රිකානු) ,භාෂාවේ ඉතිහාසය,කලාවේ ඉතිහාසය, කලා විචාරය



ඉලක්කගත ඉගෙනුම් කණ්ඩායම්


කවි කිවිඳියන්, ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් කලාකාරියන්, මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යකරුවන් මාධ්‍යකාරියන්,සරසවි ඇදුරන් ඇදුරියන්,වෘත්තීයවේදීන් වෘත්තීයවේදිනියන්,සරසවි සිසුන් සිසුවියන්, පාසල් ගුරුවරුන් ගුරුවරියන්, උසස් පෙළ සිංහල සිසු සිසුවියන්,කලා රස වින්දනය අගයන වැඩිහිටියන්.


සති අන්තයේ එක් දිනක් බැගින් කොළඹ දී දේශන පැවැත්වේ. පුළුල් විෂයය සන්ධාරය හේතුවෙන් පාඨමාලා කාලය වසර දෙකකට වඩා වැඩි වනු ඇත.

පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනැමේ.මේ පාඨමාලාව සම්පූර්ණ කිරීම අනාගතයේදී මාධ්‍ය/කලා/අධ්‍යපාපන ක්ෂේත්‍ර වල,රැකියා සඳහා තෝරා ගැනීමේදීත් ඒවායේ උසස්වීම් දීමේදීත් පිළිගැනෙන ඉහළම සුදුසුකමක් වනු ඇත.

ආසන සීමිත ගනනක් බැවින් ඔබේ අයදුම්පත් නොපමාව එවන්න.
brahaspathi@ymail.com


වැඩි විස්තර සඳහා 

ඉරබටු තරුව

Wednesday, October 19, 2011



ක්ෂිතිජයට ඉහළින් නැගී
කිරි සුදුව දිදුල
වළා කැරලි කළු පැහැ වී
පියා නොසලන වවුලන් සේ
ඊටත් වැඩියෙන් අඳුරු පැහැ වී
තැන් තැන් වල රැඳී
බියකරු වළා කැරලි මැද
නොනිවී දැල්වෙයි එක ම තරුවක්....
නෙක තරු නැගෙද්දී
සැගවෙන්නට අවසර යදියි
ඒ තරුව..
මිලාන වී දිදුලන සුදු පැහැයෙන්
කෙමෙන් කහ පැහැයටත්
අනතුරුව රත් පැහැයටත්
පසුව අඳුරු පැහැයටත්
ලං වී මළානිකව..
කොහෙන්දෝ පා වී ආ අඳුරු රැල්ලක
තරුව සැඟවී නොපෙනී යද්දී
ක්ෂිතිජයේ රැඳී දිදුලන එළි
බියපත් ව ඔබ මොබ
සරන්නට විය..
ගුළි ගැසුණු වළාව යළි
පා වී ගියේය..
එහෙත්..
ඉරබටු තරුව පෙනෙන්නට නොවීය..
තනි වූ මම නික්මුනෙමි
තරු බැස යද්දී
පහන් තරුව වී නැගෙද්දී
හමු වන අභිප්‍රාය ඇතිව...

සෙනෙහස

Friday, October 14, 2011


ඉඩෝරයට හසු වී
පසෙහි රැඳී පැල
කේඩෑරි ව යද්දී
හිත් පිත් නැතිව
නැගී පවුරු හිස
රැඳී හිඳියි..
සෙනෙහසින් ලංවී
එක් කළු ගලක
රැඳී මීවණ පැලයක්
නුහුරු නුපුරුදු බිමෙහි
පවුරු පදනම් නැතිව
හුරු පුරුදු සේයාවෙන්...

නිමිත්ත  :- සරසවි බිමෙහි තනි වූ වියළි ශිඛරයක් හිස රැඳී එක් මීවණයක් දුටිමි...



වෙරළ

Saturday, October 8, 2011


හුදෙකලාවේ වෙරළ දිහා බලාගෙන ඉන්දෙද්දී මට හිතුන අපේ ජීවිතත් හරියට වෙරළ වගේ කියලා..
උදේ ඉදන් දවල් වෙනකම් අහු මුළු වලට වෙලා පෙම් සුව විඳපු පෙම් යුවළවල් දවල් වෙද්දී නික්මිලා යනවා..එතකොට තනි වෙන වෙරළට පුංචි එවුන් ඇවිත් කෙළිදෙලෙන් ගත කරනවා...වෙරළේ තනිකම මකනවා..ඒ වගේ ම ටික ටික හවස් වෙද්දී පවුල් පිටින් ඇවිත් වෙරළ හරිම කලබලකාරී කරනවා..ඒත් ටික වෙලාවකින් ඒ හැමෝම නික්මිලා යනවා..උදේ ඉඳලා නිල් පාට වතුර දිදුලවපු ඉර හෙමින් හෙමින් අවරට යනවා.. ඒත් මහ මුහුදට ම බැඳිලා ඉන්න වෙරළට කවුරු නැතත් ඒ මහ මුහුද ඉන්නවා කියල වෙරළ දන්නවා..මුහුදේ රැළි බිඳෙන්නේ වෙරළේ හැපිලා විතරක් නෙවෙයි..
මුහුද ලඟින් නොඉඳ මුහුදට ගිහින් ඒ පුරාම සැරිසරන නැව් බෝට්ටු වල බඳේ හැපිලා රැළි බිඳිලා ගියත්,මහා උසට නැගුනු රළ වෙරළේ හැපිලා කිරි සුදු පාටට පෙණ නංවද්දී ඒ පෙණ පිඬු සීරුවට වැලි තලාව තෙත් කරලා,ඒ වැල්ලට ම උරා ගන්න බව දන්න හින්දා කවදාවත් ම වෙරළට තනියක් නෑ.. ඒක වෙරළ දන්නවා...
හරියට අපේ ජීවිතත් මේ වගේ නේද??

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading