සත් සමුදුරෙන් එහා දුර රටක හැදිලා වැඩිලා ආයෙමත් තමන්ගේ මවු රට හොයාගෙන ආපු ඔයා, උපන් බිමෙන් සැතපුම් ගාණක් ඈතට ඇවිත් ගාල්ලේ ම නතර වෙන්න හේතුව සමහර විට අපි දෙන්නා හමු විය යුතුයි කියලා දෛවයේ ලියවී තිබීම වෙන්න ඇති.
මුලින් ම ඔයාව දැකපු දවසේ ඔයාගේ මුහුණේ තිබුණු ඒ ලස්සන හිනාව දිහා බලාගෙන කොයි තරම් වෙලා හිටියත් ඇති වෙන එකක් නැහැ කියලා මට හිතුණේ එවෙලාවේ ම යි. කළු පාට ෆර්දාවෙන් වට වෙලා සුදු පාටින් හඳක් වගේ බැබලෙන ඔයාගේ සුන්දර වතේ තිබෙන ඒ පුදුමාකාර සුන්දරත්වය දැක්කේ මං විතරක් නොවුණට, ඒ සුන්දර වත මගේ කර ගන්න පෙරුම් පිරූ පළමුවැන්නා මම වෙන්න ඇති. ඔයාගේ යාළුවෝ කියපු දේවල් වලින් මට හිතුණේ එහෙමයි.
වචනයකට දෙකකට වඩා හුවමාරු කර නොගත්තත්, දෙතුන් වරකට වඩා හමු නොවුණත් ඒ වාර කිහිපයේ ඇති වුණු බැඳීම මහා විශාල එකක් විදිහට මට දැනුණා. මගේ හිතේ ඇති වුණු හැගීම ම ඔයාගේ හිතෙත් ඇති වෙලා ද කියලා දැන ගන්න තිබුණු උවමනාව හින්දා හවස් වරුවේ තිබුණු වැඩ සේරම අතැරලා දාලා ඔයා හමු වෙන්න ම කියලා කරාපිටිය දිහාවට ආවේ, හිතේ තෙරපෙන, හිතට වද දෙන සිතුවිලි කන්ද ඔයා දිහාවට තල්ලු කරලා දාලා හිත සැහැල්ලු කර ගන්න හිතාගෙන.
"අයියා මොකද මෙහේ කරන්නේ? අද කැම්පස් නැතෙයි??"
ඔයාගේ ඒ සුන්දර මුහුණ දිහා බලාගෙන කල්පනා ලෝකයක කිමිදෙමින් හිටිය මං පියවි ලෝකයට ආවේ තිවංකයාගේ හඬින්. මගේ හීන ලෝකය බිඳ වැටීමත් එක්ක තරහවක සේයාවක් හිතේ ඇති වෙලා මැකිලා ගියේ ඒ මුහුණ දැක්කේ කාලෙකට පස්සේ නිසා. තිවංක කියන්නේ අපේ මාමා කෙනෙක්ගේ පුතා. නෑ කම ටිකක් දුර එකක් වුණාට තිවංකයගෙයි මගෙයි තිබුණේ නෑ කමට එහා යාලු කමක්. කරාපිටිය හන්දියේ රෑ කඩයක අයිතිකාරයෝ තිවංකලා. ඕන වෙලාවක කරාපිටියේ බස් නැවතුම ළඟ වට දෙක තුනක් කරකෙද්දී තිවංකයා කොහෙන් හරි මතු වෙනවා.
"අද හවස වැඩ නෑ මල්ලි. යාලුවෙක් හම්බ වෙන්න ආවා පොඩි වැඩ වගයකට.."
"එහෙම ද? කෑල්ලක් ද?"
"පිස්සු ද මල්ලි.. අපිට මොන කෑලි ද? අපි තාම තනිකඩ මිනිස්සු නේ.."
ආපු කාරණේ තිවංකයට කියන්න බැරි කමක් නොතිබුණාට ඔයාට කෑල්ල කියලා කියපු හින්දා ද මන්දා, මොකද්දෝ තරහවක් හිතට ඇවිත් තිබුණේ.
"පොඩ්ඩක් හිටපන් මලයෝ " කියලා ටික වෙලාවකට තිවංකයාව මග ඇරපු මම, අතේ තිබුණු ෆෝන් එකේ ඔයාගේ පින්තුරය දිහා ආයෙත් පාරක් බලලා සාක්කුවේ දමා ගත්තා.
දොළහයි තිහට අපේ දිවා අහාර විවේකය දෙද්දී කැම්පස් එකෙන් එළියට ආපු මම පැය හතරකටත් වඩා කරාපිටියට වෙලා කාලය කාපු බව වැටහුණේ බයිසිකලයේ පාලන මුහුණතේ වුණු ඔරලෝසුව දැකීමෙන්. මේ තරම් වෙලා මම කළේ මොනවා ද? හපුගල ඉඳලා කරාපිටියට එන්න විනාඩි 10ක් වත් ගත වුණේ නැති බව හොඳට මතකයි. ඊට පස්සේ, කොයි මොහොතක හෝ ඔයා එළියට ඒවි කියන බලාපොරොත්තුව ඇතිව, වෛද්‍ය පීඨයේ ගේට්ටුවට ටිකක් එහායින් බයිසිකලය නවත්තගෙන බලාගෙන හිටියා. දිවා විවේකයේ බොහෝ දෙනෙක් එළියට ආවත් ඔයා ආවේ නැති නිසා, අඩු ගානේ දේශන ඉවර වෙලා යද්දී වත් දකින්න බලාපොරොත්තුවෙන් ගෙදර නොයා නැවතුණා. කම්මැලි කම යන්න කියලා බුකියෙන් සොයා ගත්ත ඔයාගේ ඡායාරුප ටික දහස් වන වතාවටත් බලන්න කියලා ආයෙත් පටන් ගත්තා. කලින් කොයි තරම් බලලා තිබුණත් හැම එකක ම තිබුණේ පළමු වර බලද්දී දැනෙන තරම් නැවුම් බවක්. පැය තුනකටත් වඩා කාලයක් මම ඒ විදියට කාලය ගෙවලා තිබුණා කියලා දැනෙද්දී, මගේ මුහුණ ලජ්ජාවෙන් රතු වෙනවා, පසුපස බලන කන්නාඩියෙන් මට පෙනුණා.
"කොහොමද මල්ලි දැන් පාඩම් වැඩ? ලබන අවුරුද්දේ විභාගේ නේ ද?"
ඒ බව තිවංකයාට පෙනේවි කියලා බය හිතුණු නිසා යි, උත්තරයක් බලාපොරොත්තු නොවුණු, පිළිතුරු දැනගෙන හිටපු ප්‍රශ්නයක් අහලා, වෙන කතාවක් ඇදලා ගන්න කල්පනා කළේ.
දවස් දහ හතරකට පස්සේ ඔයාව දකින්න එනවා කියලා, ඔයාව මගේ කර ගන්න මට වැඩිපුර ම උදවු කරන මදනායකයට වත් නොකිව්වේ, මගේ පැමිණීම ඔයා වෙනුවෙන් ම වුණු නිසා.
ටිකෙන් ටික හතර පහු වෙද්දීත් ඔයා ආවේ නැති හින්දා මදනයකට මෙසේජ් එකක් දාලා අහනවා හැර මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.
"මචං. අද ආව ද? මොකද වෙන්නේ??"
පණිවුඩය යැව්වට පස්සේ, පිළිතුරු එන්න ගත වුණු මිනිත්තු දෙකක කාලය මට දැනුනේ පැය ගණනක් වගේ. අන්තිමේ දී බලාපොරොත්තු වුණු කෙටි පණිවුඩය ආවා..
"එයා අද ආවේ නෑ මචං. එයාලට මගුල් ගෙදරක් තියෙනවා ලු. ලබන සතියේ ඉඳලා ඒවි.."
බයිසිකලයේ සුදු පාට මුහුණතේ වුණු කළු පාට පැල්ලමක් ඇඟිල්ලෙන් පිහිදා දැමූ මම ආපහු ගෙදර එන්න පිටත් වුණා.හිතට ආපු හැගීම දුකක් ද? තරහවක් ද? කලකිරීමක් ද කියලා මට තේරුමක් තිබුණේ නැහැ.ඒත් එද්දී ගියර් පහ ම මාරු කරන්න මීටර් 100 ක දුරක් වත් ධාවනය නොකළ බව නම් මට මතක තිබුණා..
ප.ලි: මෙය හිතලුවක් පමණි.. නම්, ගම්, සිද්ධීන් සියල්ල මනඃකල්පිත ය..
Subscribe to:
Post Comments (Atom)
ආදරේ පුදුමාකාරයි. මේ ආදරේ වෙන්නැති.
ReplyDeleteමටත් හිතෙන්නේ එහෙම වෙන්න ඇති අයියේ!!
Deleteජය වේවා!!
කතුවරයාගේ ජීවන අත්දැකීම්...............
ReplyDeleteඅංශු මාත්‍රයක වත් අත්දැකීමක් නැතිව දෙයක් ලියවෙන්නේ නෑ නේ යාළුවා..
Deleteජය වේවා!!
හැමෝම මෙහෙම කතා ලියලා අන්තිමට ලියනවා මෙය හිතළුවකි. ප්‍රබන්ධයකි..... කියලා :D
ReplyDeleteඑතකොට ඉතින් අපි දන්නවා හිතළුවක්ම නෙවෙයි කියලා.. නේද?? ;)
Deleteඅනේ එහෙම නැතෝ.. මේක හිතලුවක් ම විතරෝ...
Deleteආහ් අපි එහෙම කියමුකෝ... ;)
Deleteදන්නෝ දනිති මේවා.....:-D
ReplyDeleteහෙක් හෙක්!!
Deleteජය වේවා!!
අනේ මන්ද උඹත් කරන වැඩ..!
ReplyDeleteකොහොම උනත් ඔය වැඩේ හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා..
ජයවේවා!
ස්තුතියි අයියේ!!
Deleteජය වේවා!
එල එල අපිත් සුභ පතනව ඔන්න. . .අදයි ආවෙ හොඳ බ්ලොග් එකක්
ReplyDeleteස්තුතියි යාළුවා!
Deleteහොඳටම ශුවර්ද මේක හිතලුවක් පමණයි කියල.....???
ReplyDeleteඅනික් දවසෙවත් හොයල බලල මිසක් යන්නෙපා..
එහෙමයි.. හිතලුවක් ම විතරයි.. මම කොහොමත් යන්නේ හොයලා බලලා නේ!!
Deleteආදරය මිනිස්සුන්ව පාලනය කරන හැටි හරිම පුදුමාකාරයි.. නියම කතාවක්..
ReplyDeleteඒ හැගීමට ආදරය කියන්නේ ඒකයි!!
Deleteස්තුතියි යාළුවා!!
සංසාරගත පුරුද්දක නැවත හමුවක් වගේ..
ReplyDeleteබාධක කොහෙද නැත්තෙ..
ලස්සනයි මල්ලියෝ..
මටත් හිතෙන්නේ එහෙමයි.. ස්තුතියි අක්කේ!!
Deleteඑතනත් මගුලේ ආදරේ..ඔව්වා ඔක්කොම බොරු බන්..අමූලික බොරු
ReplyDeleteඑහෙම වුණා කියලා අපි ඒ බොරුවෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නෑ නේ යාළුවා!
Deleteපලිය නං ටොම්බා පචයක් වෙන්න ඇති.. :)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
නැත නැත රජතුමනි.. එය සහතික ඇත්තකි..
Deleteජය වේවා!!
බලන් ඉන්න තරමට හමුවුනාම සතුට වැඩි වෙන්වා කියන්නෙ නම් අත්දැකීමෙන්මයි..
ReplyDeleteහිතළුවක් වුනත් සුභ පැතුම්..
ඒකං ඇත්ත..!!
Deleteසහතික ඇත්ත!!
Deleteස්තුතියි රූ අක්කේ!
අදයි මේ පැත්තේ ආවේ... හිතට දැනෙන කතාවක්... ආදරේ කියන්නේ පුදුමාකාර අත්දැකීමක්... ඒ ගැන මගේ බ්ලොග් එකේ අනන්තවත් උදාහරණ ඇති.... අත්දැකීමක් වුනත් , නැතත් , කතාව ලස්සනයි.... දිගටම ලියන්න.. සුබ!
ReplyDeleteස්තුතියි! ඒ පැත්තේ එන්න උත්සාහ කරන්නම්..
Deleteජය වේවා!!
හිතලුවක් විතරමද මන්දා..ඇත්ත වගේ හිතෙන්න ලියලානේ.... :) ලස්සනයි කතාව..
ReplyDeleteඅපි සමහර බලාපොරොත්තු එනකම් බලන් හිටියාව එවා එන්නේ ගොඩක් පරක්කු වෙලා..සමහර විට එ බලාපොරොත්තු ඇත්ත වෙලා ආවට පෙර තිබ්බ බලාපොරොත්තුව නැත්තටම නැති වෙලා..
ඇත්තක් නැත්තේ ම නෑ. හැබැයි සමස්තයක් විදියට හිතලුවක්..
Deleteස්තුතියි අක්කේ! ජය වේවා!!
හිතලුවක් විතරමදැයි සිතමින්.. එල කතාව..
ReplyDeleteස්තුතියි අයියේ!! හිතලුවක් තමයි.. ආයේ හිතන්න දෙයක් නෑ!!
Deleteහැංගි හැංගි වෙස් බැන්දට එලියෙ නටන්න උනොත් තමය් වැඩෙ...... එල එල....:-D
ReplyDeleteadare kiyanne harima puduma deyak thamai malla. balan innawa thamange adare enakan. kale gathawenawa therenne na. Oya paya thunai balan hitiye. Thawa sathiyekin oyata eyawa aye dakinna labei. E unata samahara aya innawa paya ganan newei aurudu gananak unath thamange adare wenuwen balan inna puluwan aya. jiwitha kalema unath. Adare awath noawath dan ei kawadahari ei kiyana balaporoththuwa hamadama hithe thiyenawa. ekata thamai adare kiyanne. Oyage hithe pathum itu wenna kiyala man hadawathinma prarthana karanawa.
Delete@KDSL
Deleteඅනිවා.. හැංගිලා නටලා තේරුමක් නෑ නේ.. නටන්න ඕන එළි පිට.. ඒ උනාට එළිපිට වෙස් බඳින එක සදාචාරාත්මක නෑ නේ. ඒ හින්දා හැංගිලා වෙස් බඳිනවා!!
හෙක් හෙක්!
ජය වේවා!!
@Pamudi
Deleteස්තුතියි අක්කේ..
ආදරය නිසා මිනිස්සු වෙනස් වෙනවා. බොහෝ විට හොඳ පැත්තට. ඒ වගේ ම සමහර වෙලාවට ඒ ආදරය ම නැති වීම නිසා නරක පැත්තටත්..
ජය වේවා!
කලින් ඇවිත් තිබුනට අදමද මන්දා මම මේ කමෙන්ට් එකක් දාන්නේ,
ReplyDeleteබ්ලෝග් එක හොදයි ඔහොම යං
නෑ නෑ.. කලින් කමෙන්ට් එකක් දාලා තිබුණා. මේ දෙවැනි එක..
Deleteස්තුතියි.දිගට ම එන්න!
ජය වේවා!!
නෑ..නෑ..නෑ වෙන්න බැහැ...මේක ඇත්තක්...හික්ස්.!
ReplyDeleteමටත් හිතෙන්නේ එහෙමමයි කිරිල්ලියේ..හිකි හිකි
Deleteඔය ඉතින්.. කිව්වට අහන්නේ නෑ නේ.. මම කිරිල්ලි අක්කට බොරු කියනවා ද?
Deleteනියමයි මචං..
ReplyDeleteආදරේ මිනිස්සුන්ව පාලනය කරනව වගේ නෙවේ... මිනිස්සු ආදරය පාලනය කරන්න ගත්තම...
ජය සහෝ !
එතකොට අපි කරන්න ඕන කොයි එක ද? ආදරය පාලනය කරනවා ද? ආදරය විසින් පාලනය කෙරෙනු ලැබනවා ද?
Deleteමේවා ජීවන අත්දැකීම් අයෙ හිතළු එහෙම නෙවේ. මොකද ලියන ශෛලිය අනුව කියන්න පුළුවන්.
ReplyDeleteමට දිවුල්ගනේගෙ " ෆාතිමා" ගිතය මතක් වුණා.
ඔන්න ඉතින් අයියා පිළි ගන්නෙත් නෑ නේ.. අත්දැකීමක් නැත්තේ ම නෑ. හැබැයි කතාව එහෙම පිටින් ම හිතලුවක්..
Deleteඒක මාත් ප්‍රිය කරන ගීතයක්..
ජය වේවා!!
Lassana kathawa Hmm :)
ReplyDeleteස්තුතියි හිරුහිමාවී...
Deleteමට නම් හිතෙන්නේ ඇත්ත කතාවක් කියලා..මනඃකල්පිතයි කියල කිව්වේ බොරුවට නේද අනේ?
ReplyDeleteඅනේ නෑ අනේ.. කතාව එහෙම පිටින් ම හිතලුවක්. සමහර සිද්ධි නම් ඇත්ත. ඒත් හැම එකක් ම නෙවෙයි!
Deleteජය වේවා!!
දන්නෝ ද්නිති....
ReplyDeleteටිකක් කටු කෑවම තමයි හොඳ....!!!
මෙව්ව හිතළු නම් ඉතින්.....!
ReplyDeleteදන්නෝ දනිති :DD
කථාව ලස්සනට ලියවෙලා තියනවා රැංගෝ..:)
ReplyDeleteලස්සනයි මල්ලි. මට නම් හිතෙන්නෙ අපි මොකක් හරි ලියද්දි, අපිටත් නොදැනීම අපේ අත්දැකීම් අංශුමාත්‍රයක් හරි ඒවගෙ සටහන් වෙනව.
ReplyDeleteMeya kochchra boru gahuvath meka nam sathya kathawak thamai....
ReplyDelete:D :D
කතාව නම් ලස්සනයි මල්ලියෝ.. ඒත් ඕක හිතලුවක්මද කියන එක ප්‍රශ්නයක්!!! ;)
ReplyDelete