දියක් බොන්ට සෙම්බු කුමට මට
දෝතටත් දිය පිරෙන්නේ
සා ගිනි නිවන්න රන් තලි කුමට මට
බෙලෙක් තලියෙත් බත් වැඩෙන්නේ..
දාහය නිවන්න පංකා කුමට මට
මද සුළඟක් මෙහි හමන්නේ
කඳුලැලි පිසින්න සළුවක් කුමට මට
පවනේ කඳුලැලි මැකෙන්නේ
කවක් ලියන්නට නින්දගම් කුමට මට
තේවාවට දුන් පරවේණි තිබෙන්නේ
නැතක් ගී වල තාල කුමට මට
කවිය තනිකම නිවන්නේ...
ප.ලි : නිකම් ම හොඳයි කියා යනවා ට වඩා ඔබට දැනෙන අඩුපාඩු පෙන්වා දෙන්නේ නම් වඩාත් සතුටුයි.
Subscribe to:
Post Comments (Atom)
ඕ.. ලස්සනයි.හොද නිර්මාණයක්.
ReplyDeleteස්තුතියි මිත්‍රයා! :)
Delete\\..සා ගිනි නිවන්න රන් තලි කුමට මට
ReplyDeleteබෙලෙක් තලියෙත් බත් වැඩෙන්නේ..\\
වචන දාහකින් කියන්න බැරි අදහසක්!
අදාළ නැති උණත් මතක් උණා ගීතයක කොටසක්!
ගත සරසන්නට සළු පිලි කුමටද
වැරහැලි නැති උන් වෙසෙන රටේ!
(ගීතය දයානන්ද අයියගේ)
බොහොම ස්තුතියි සහෝ! අදහස් සියල්ලට ම..
Deleteනියමයි...නන්දා මාලිනියගේ "මගේ දේශය මගේ ජාතිය මගේ ආගම" සින්දුව මතක් උනා...
ReplyDeleteඅන්තරා කොටසේ යම් සමාන බවක් තිබෙනවා කියලා මටත් හිතුනා! :)
Deleteබොහොම ස්තුතියි මානවක!
නියමයි
ReplyDeleteස්තුතියි අයියේ!
Deleteසිරා මචං මට නම් ඔකේ අවුලක් කියන්න තේරෙන්නේ නෑ මට තේරෙන තරමට මේක ලස්සනයි
ReplyDeleteඑහෙනම් එච්චරයි! බොහොම ස්තුතියි මඩයෝ! :)
Deleteඑහෙම අඩුපාඩුවක් මටත් කියන්න තේරෙන්නේ නෑ.
ReplyDeleteඊළඟ නිලාර් එන්. කාසිම් වෙන්න පුළුවනි ඔයාට.උණුසුම් සුබ පැතුම් සහෝ!!
අයියෝ ඔයාත් ඒ කතාව කියන්න ගත්තා ද? දයානන්ද අයියා විතරයි කියලා මම හිතන් හිටියේ!
Deleteඅදහසට බොහොම ස්තුතියි ප්‍රමුදි! :)
අපූරු කවි පෙලක්..
ReplyDeleteඒත් සමාජයේ එක එක මට්ටම් වල ජීවත් වෙනකොට රන් තලි සෙම්බු ඕන වෙනවා මලේ..ඒක තමයි අවුල..
ඔව්. සමහර වෙලාවට එහෙම වෙන්න පුළුවන්! එත් තමන්ගේ මුල් ඇදිලා තිබෙන තැන් මතක තබා ගත යුතුයි!
Deleteෙහාද කවි පන්තියක්
ReplyDeleteස්තුතියි අක්කේ. බොහොම කාලෙකින් වගේ මේ පැත්තේ ඇවිත් තියෙන්නේ!
Deleteඑල එල....
ReplyDeleteඅඩුපාඩු කියන්න මම කවි ගැන දන්නෑ බං..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කවි කියලා හිතාගෙන එක එක දේවල් ලිව්වට මාත් කවි ගැන දන්නේ නෑ රජෝ! :)
Deleteජය වේවා..
අඩුවක් පාඩුවක් නම් පෙනෙන්නේ නෑ මම දන්නා තරමින්. සුන්දරයි ඒත් එකම දේ මාතෘකාව මොකක්ද කියලා හිතාගන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ මට හිතාගන්න බෑ මේක අඩු කුලේ කෙනෙක් තමන්ගේ අඩුවට හිනාවෙන අයට කියන එකක්ද නැතිනම් හුදකලා වූ අයෙක් ඒ තරම් හද වැඩ නැති කෙනෙක්ට කරන ඇරයුමක්ද කියලා. ඒ ගැන ඉඟියක් තිබ්බ නම් හොඳයි.
ReplyDeleteසමහර විට ලෝකයේ පැරණි ම වෘත්තියේ නියුතු කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන කියන දෙයක් වෙන්නත් පුළුවන් නේ ද? :)
Deleteඅඩුපාඩු ගැන කියන්න නම් දන්නේ නෑ. අපූරු කවි පෙළක්..
ReplyDeleteස්තුතියි සිතු! :)
Deleteඅඩුපාඩු කියන්න තෙරෙන්නෙ නෑ...කවිය ගොඩක් හිතට ඇල්ලුවා.
ReplyDeleteබොහොම ස්තුතියි!
Deleteසැහෙන්න කාලෙකින් අදහසක් පල කරලා.. හොරෙන් කියවලා කමෙන්ට් නොකර ම ගියා නේද?
හැම වෙලාවෙම කවියේ සිමාව ඉක්මවූ ගමන් ගීයේ රිද්මයට නිරායාසයෙන් පිවිසෙනවා. මේකත් එහෙමයි කවිය, කවියේ තිබිය යුතු ගුණය ඉක්මවා ගීයට ළංවෙනවා ෂ්ථායි සහ අන්තරා කොටස්වල මාත්‍රා ගනන සම විය යුතුයි නැතිනම් අවුල් පාද විදියට තියෙන්නේ. ඒවා ඒ වචනවලින්මයි නැවත හැදිය යුත්තේ.
ReplyDeleteඅදහස අවුලක් නෑ හොඳයි.
මට ඒ කියපු දේ එතරම් පැහැදිලි වුණේ නැහැ අයියේ. නැවත හැදිය යුත්තේ කොයි කොටස ද?
Deleteමට සින්දු ගැන නම් දෙනුමක් නැ එත් මම ගොඩක් රස වින්දා අපුරුයි...
ReplyDeleteස්තුතියි මිත්‍රයා..
Deletelassanai aiya!
ReplyDeleteස්තුතියි නංගියෝ!
Deleteඅදහස ලස්සනයි ගොඩක්.
ReplyDeleteමල්ලි මන්දස්මිතය කියන එකෙන් අදහස් කළේ මොකද්ද? මන්දස්මිතය කියන්නෙ මද සිනහව ට නේද?
එතන රුපකයක් විදිහට යොදන්නයි හැදුවේ. සිනහව පවනක් වෙලා වෙහෙස නිවනවා කියන එක කියන්න. නමුත් පොඩි නොගැලපීමක් මටත් දැනුණා. ඒ නිසා එතන වෙනස් කළා!
Deleteබොහොම ස්තුතියි අක්කේ..
ලස්සනයි...
ReplyDeleteස්තුතියි!
Deleteකවක් ලියන්නට නින්දගම් කුමට මට
ReplyDeleteමේ කොටසින් අදහස් කලේ කුමක්දැයි දැනගනු රිසි වෙමි...
ආදරය කරන්නට පෙළඹවීම් කුමකට ද යන්න ව්‍යංගව යෙදුවෙමි. කවිය ආදරයයි. නින්දගම ඒ වෙනුවෙන් ලැබෙන පෙළඹවීම යි!
Deleteමම මල්ලී ෙම් දවස් වල පුහුණු සංචිතෙෙය් ඉන්ෙන්.වැඩ ටිකක් වැඩියි.ඔයා අමතක නැ.මට ෙබෙහවින් උදව් කර ෙකෙනක් ඔයා මෙෙග් බ්ෙලාග් ඒක හදා ගන්න
ReplyDeleteවැඩ රාජකාරි අහවර වුණාම මේ පැත්තේ ඇවිත් යන්නකෝ.. දිගට ම නොඅවා කියලා තරහක් නෑ. වැඩ ටික හොඳින් කර ගන්න අක්කේ! සුබ පැතුම්!
Deleteජය වේවා!
මට නම් දැනුනේ සමාජයේ පුහු අලංකාර වලින් හෙම්බත් වුනු සොඳුරු මනුස්සයෙකුගේ අවජ්‍ය ආත්ම කථනයක් කියලා.. අපූරුයි මල්ලියෝ..
ReplyDeleteසමහර විට. එහෙමත් නැත්නම් සමාජය විසින් ප්‍රතික්ෂේප කරන ලද අයෙක් ඒ සමාජයේ ම අනුකම්පාව ප්‍රතික්ෂේප කිරීමක් වෙන්න බැරි ද?
DeleteAduwak kiyanna deyak na malla. eth beat eka gana thawa poddak hithala wachana arrange karanna. sankalpanaawa athi wishishtai.
ReplyDeleteබොහොම ස්තුතියි අක්කේ.. ඒ උපදෙස හිතට ගන්නම්.
Deleteජය වේවා!!