Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

තේරුම

Sunday, April 29, 2012

සමහරු කියන්නේ
මට තේරුමක් නැති ය කියා ය.
මට හිතෙන්නේ
මම තේරුම් ගෙන ය කියා ය.
තේරුම් ගත් අය,
තේරුම් නොගත්ත අයට
තේරුම් කරවන්නට ගොස්
අම්බානක් අසා ගනිති.
ඒ දකින මට
තේරුමක්
ඇතත්, නැතත්
ගොනා සේ හිඳීම
හොඳ යැයි සිතේ.


ප.ලි :
අපේ සමහර උන්දැලා බුකියේ මේ දවස් වල දාන එව්වා දැකීමෙන් මගේ ලේ කෝප වෙයි. අවුරුදු ගානක් එකට හිටපු එව්වෝ දැන් කුලල් කා ගනිති. මුන්ට අමු කැවිලාදෝ යි වෙලාවකට හිතෙයි.. සමහර එවුන් ජාතිවාදය යි කියයි. සමහරු කියන්නේ ජාතිය ආගම ආරක්ෂා කර ගැනීමට නම් නිදාගෙන බැරි බවයි. මට මේවා දැක්කම හිතෙන දෙයක් හිතා ගන්නට ද බැරි ය.
අම්මා හොඳයි කීවත් වැරදි ය.
තාත්තා හොඳයි කීවත් වැරදි ය.
ඔන්න ඔහේ වෙන දෙයක් වෙද්දෙන් කියලා බලා ඉන්නට සිදු වී ඇත..

මිදීම

Wednesday, April 25, 2012



විරාගී පිලි දැවටි
අනුරාගී කය,
සිඳ ගනිත් වල 
කල දුටු කල..

ජීවිතය පිලිබඳ Spring නිර්වචනය!

Friday, April 20, 2012



මේ ළඟදී දවසක මට මගේ පරණ මිත්‍රයෙක් හමු වුණා . කාලෙකට පස්සේ හමු වුණු නිසා ම වැඩි වෙලාවක්  කතා බහ කරමින් හිටියා..මේ දවස් වල සැහෙන්න වැස්ස නේ.. අපේ කතාව අතර මග දී එක් වර ම මහා වැස්සක් වැටෙන්න ගත්තා.ඉක්මනින් ආයෙත් එන්න විදිහක් නැති නිසා කතාව තවත් දිගට ඇදුනා. අපි කතා වුණු දේවල් ඇසුරෙන් පෝස්ට් එකක් දාන්න ඕන කියලා හිතුනේ වැස්ස තුරල් කරාට පස්සේ ගෙදර එද්දියි. යම් යම් හේතු උඩ ඒ කාරණාව කල් ගිහින් දැන් තමයි ඉඩක් ලැබුණේ.
කාලයත් සමග සහ එක් එක් පුද්ගලයන් හමු වීමේ දී අපි ජීවිතයේ එක් එක් චරිත රඟපානවා.'ජීවිතය රඟ මඩලකි. අපි එහි නළුවෝ වෙමු' කියලා කිව්වේ විලියම් ශේක්ස්පියර්. මේ ප්‍රකාශය ආකාර කිහිපයකින් තේරුම් ගන්න පුළුවන්. මට එය තේරුම් ගත හැකි ආකාර දෙකෙන් එක් ආකාරයකට  අනුවයි මේ පෝස්ට් එක සකස් වෙන්නේ..
අපි අපේ සිතුවිලි බාහිරට ප්‍රදර්ශනය කිරීමේ දී යම් යම් ප්‍රතිශත වලින් යම් යම් අයට දැන ගන්නට ඉඩ දීමයි සිදු වෙන්නේ. මෙය යම් ප්‍රමාණයකට අන්තරාවෘත වීමක් සහ බාහිරාවෘත වීමක් විදියටත් හඳුන්වන්න පුළුවන්.එහෙමත් නැත්නම් සුළු හෝ වැඩි වශයෙන් වෙනත් අයෙකුගේ චරිතයකට පණ පෙවීමක්. අපි කැමති වගේ ම අකමැති චරිතත් මේ විදියට රඟපාන්න සිදු වෙනවා.ඒත් අපි වැඩිපුර ම කැමති අපේ ම චරිතය රඟපාන්න. එහෙමත් නැත්නම් විවෘතව අපේ අදහස් ප්‍රකාශ කරන්න.
අපි හැමෝම කැමති අපේ සිතුවිලි වලට සමාන සිතුවිලි සහ අපේ අදහස් වලට සමාන අදහස් තියෙන කෙනෙක් ව ඇසුරු කරන්න. කෙනෙක්ට යම් චරිතයකට කොතරම් දුරට අනුගත වෙලා සාධාරණත්වයක් ඉෂ්ට කරන්න පුළුවන් ද කියන කාරණාව මත, ඒ පුද්ගලයා ගොඩනගා ගත සම්බන්ධතා වල පැවැත්ම තීරණය වෙනවා.මොහොතකට හිතන්න. ගොඩක් සමාජශීලී පුද්ගලයෙක්, එක් එක් සමාජ ස්ථර වල පුද්ගලයන් ඇසුරු කරද්දී ඒ ඒ පුද්ගලයාගේ මානසික තත්වයට ගැළපෙන පරිදි තමන්ගේ සිතුවිලි සහ වචන හැසිරවිය යුතුයි. එහෙම නොවුණොත් ඒ සම්බන්ධතාව අසාර්ථක වෙනවා පමණක් නොවෙයි. එහි පැවැත්මක් ද නැති වෙනවා.
ඒ හේතුව නිසා කෙනෙක් සමාජශීලී වන තරමට ඔහු තමන්ගේ සැබෑ ස්වරුපයෙන් දෙපසට අපගමනය වෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් තමාගේ නියම චරිතය රඟ දක්වන්න අවකාශයක් නොලැබෙන තරම් ම වෙනවා. ඒත් එතරම් ම සමාජශීලී නොවූ අයෙකුට ඒ ප්‍රශ්නය ඒ තරම් ම ඇති වන්නේ නෑ.. මොකද ඔහුට ඔහුගේ චරිතය රඟ දක්වන්න ඇති තරම් අවකාශ ලැබෙනවා. සමහර විට ඔහු රඟ දක්වන්නේ ඒ චරිතය ම පමණක් වෙන්නත් පුළුවන්.
මේ සඳහා උදාහරණයක් විදියට මිනිසා, දුන්නකට එහෙමත් නැත්නම් spring එකකට උපමා කරන්න පුළුවන්. සමාජශීලී බව වැඩි වෙනවා කියන්නේ දුනු නියතය අඩු වෙනවා කියන එක. තේරෙන භාෂාවෙන් කියනවා නම් ඒකක දිගක් අදින්න යෙදිය යුතු බලය අඩු වෙනවා කියන එක. එහෙම දුන්නක් සාපේක්ෂව ඉහල පරාසයක් ඔස්සේ චලනය කරන්න පුළුවන්. නො ඇදෙන දුන්නකට වඩා පහසුවෙන්. ඒත් ඒ චලනය වීමේ දී දුන්න විඩාවට පත් වෙනවා. අපි එක් කෙළවරක් අත් හැරි සැනෙන් එය මුල් පිහිටුමට ම එනවා. දුන්න කොතරම් ඇදෙන සුළු වුණත් ස්ථාවර වන්නේ ඒ පිහිටීම ම පමණයි.
ඔන්න අන්තිමේ කියන්න ඕන කාරණාවට ආවා.. කොහෙන් ගියත් අන්තිමට ආදරේ ළඟ නේ නවතින්නේ! මෙහෙම කියමුකෝ. අපි ආදරය කරන්න කෙනෙක් තෝරා ගන්නේ ඒ පුද්ගලයා සමග ජීවිත කාලය ම එකට ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතිව. එහෙම තෝරා ගනු ලබන පුද්ගලයා ආශ්‍රය කිරීමේ දී අපිට දුන්නක් ලෙස ඇදෙන්නට සිදු වුණොත්, එහෙමත් නැත්නම් වෙනස් වෙන්නට සිදු වුණොත්, කාලයත් සමග අපි විඩාවට පත් වෙනවා. සමහර විට යම් තරම් කාලයක් එය දරාගෙන ඉන්න හැකි වේවි. ඒත් අවසානයේ විශාල පීඩනයකින් කල් ගෙවන්න ට සිදු වෙනවා.
ඒ නිසා කෙනෙක් තමන්ට ගැලපෙනවා දැයි තීරණය කිරීමේදී, තමන් වෙනස් නොවී, ඒ පුද්ගලයාවත් වෙනස් නොකර, දෙදෙනා ම නිදහසේ සිටින වෙලාවට දෙදෙනාගේ අදහස් සහ හැසිරීම් එකිනෙක ගැළපෙනවා දැයි බැලිය යුතුයි. තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් යම් යම් නරක පුරුදු අත හැරීම නම් හොඳ දෙයක්. නමුත් එය අකමැත්තෙන් කරන්නේ නම් නැවත වරක් ඒ අත හැරි දේ පටන් ගැනීමට පැකිලීමක් ඇති නොවෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක්ට ආදරය කළ යුත්තේ 'කොහොම හරි හදා ගන්නවා' හෝ 'මම එයාට ඕන විදියට වෙනස් වෙනවා.' ලෙස ඇති කර ගත් ආකල්පයකින් නොවේ.
අවසානයේ කිව යුතු දෙයක් ඇත. ආදරය යනු නිදහසයි. ආදරය කරන්නා විසින් එය ලබන්නාට උපරිම වූ නිදහස ලබා දිය යුතුයි. ඒ නිදහස සමග ජීවත් වන ආදරය ලබන්නා වෙත පෙර ලෙස ම ආදරය කළ හැකි නම්, ඒ ආදරය ආත්මීය බැඳීමක් වනු නොඅනුමානයි!

ආදරණීය හදවතක්

Tuesday, April 17, 2012

මේ කතාවත් හොයා ගත්තේ මූණු පොතෙන් ම තමයි. අද civil වල assignment එකක් කරන ගමන් ඒකාකාරී බවෙන් මිදෙන්න හිතාගෙන මූණු පොතේ රවුමක් ගහද්දි අහම්බෙන් වගේ අස ගැටුණු, හිත ඇදිලා ගිය පෝස්ට් එකක් මගේ බ්ලොග් එකේ දැම්මට ඒක දාපු කෙනා තරහා වෙන එකක් නෑ මම හිතන්නේ.. මේක කියෙව්වම මට දාන්න කමෙන්ට් එකක් හිතා ගන්න බැරි වුණා. කියන්න මොනවා හරි හිතෙන කෙනෙක් ඉන්නවා නම් පහළින් කමෙන්ට් එකක් දාන්න.

කැම්පස් යන කාලේ මට ලණුවයි කණුවයි වගේ ඉදපු යාළුවා තිසරු. එයත් මම නලීන් වගේම අපේ ගාළු ගැට්ටේ සාමජිකයෙක්. එච්චර ලස්සනක් නැති උනත් තිසරු හුරතල් දඟකාර කෙල්ලෙක්.

තිසරු මට ආදරේ කරනවා කියල මම දැනගෙන ඉදියත් මට එයා ගැන හොඳ යාලුවෙක්ට එහා ගිය හැගීමක් තිබුනේ නෑ.

මම කැම්පස් ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් උන නිසා වැඩිපුර මම ඉදියේ ලෙක්චර් හෝල් එකේ නෙමෙයි පිට්ටනියේ. ඒ හින්දා හැමදාම මට notes ලියලා, reading material එකතු කරල දීලා මාව exam ගොඩ දාල දුන්නේ තිසරු.

Free වෙලාවක් ආපු ගමන්ම තිසරු මාව අල්ලගෙන එදා දවසේ මට miss උන ඔක්කොම කියලා notes ටික මගේ අතට දෙනවා. එහෙම දවසක මම නිකමට තිසරුට කිව්වා "මොනවද හලෝ තමුසේ මට නෝට්ස් එකතු කර කර ඉදලාම හරි යන්නේ නෑ. අර තමුසෙගෙ පස්සෙන් එන කැප්ටන් අයියාට කැමති වෙනවකෝ, බලනවා ඌගේ තියන smart look එක" කියල. කවදාවත් නැති full serious mood එකකින් තිසරු මට කිව්වා "මම කැමති කෙනා මට කැමති නෑ වගේ හර්ෂ, ඒ හින්දා මම තීරණයක් අරගෙන ඉන්නේ" කියලා. එදා මට තිසරුගෙන් ඒ මොකක්ද අහන්න බයකුත් හිතුනා, ඒ වගේම මට ඒක දැන ගන්න උවමනාවක් නෑ කියලත් එයාට පෙන්නන්න ඕන උන. ඒ හින්දාම මම "අනේ බං ඔන්න මම නම් උඹේ මගුලට එන්නේ නෑ. ඔය ලොකු ලොකු මිනිස්සුන්ගේ මගුල් වලට අදින්න ඇදුම් ගන්න මට සල්ලිත් නෑනේ බං" කියලා කිව්වා.

මුල් කාලේ යාළුවෝ මට තිසරුගේ නම කියලා විහිළු කරත් පස්සේ මම ඉසුරි එක්ක යාළු උනාම ඒ විහිළුව එතනින් නතර වුනා. ඒත් ලණුවයි කණුවයි වගේ ඉදපු තිසරු හැමදාම මට notes ලිව්වා. මගේ research thesis එක පවා ලිව්වා, ඒත් තිසරු මගෙත් එක්ක වෙනදා වගේ රණ්ඩු වෙන්න, අපිත් එක්ක දවල්ට කන්න ආවේ නෑ. ලොකු වෙනසක් නොපෙන්නන්න හැදුවත් තිසරුගේ ලොකු වෙනසක් මම වගේම නලින්නුත් දැක්කා.

ඔහොම ඉදලා අපි කැම්පස් එකෙන් out වෙලා ගිහින් ආපු මගේ උපන්දිනේ දවසේ තිසරු මට call කරා සුභපතන්න. ඒ වෙද්දි ඉසුරිගෙයි මගේ love relationship එක breakup වෙලා තිබුනේ, තිසරු මගෙන් ''ඉක්මනට බදින්නේ නැද්ද'' ඇහුවහම මම පුරුදු විදිහටම "අනේ බං උඹලා ඉදියට වැඩක් තියනවද, අපිට හරිහමන් කෙල්ලෙක් වත් හොයලා දුන්නේ නෑ, මොකක්ද බං දැන්වත් උඹලගේ office එකෙන් මට කෙල්ලෙක් සෙට් කරලා දියන්කෝ" කිව්වා.

තිසරු ගත්ත කටටම "අනේ හර්ෂ බොරු නොකියා ඉන්න. ඔයා තාමත් ඉසුරි ගැන හිතනවා ඒකනේ තාමත් ඔයාගේ ringin tone එක වෙනස් වෙලා නැත්තේ" කිව්වා. (මමයි ඉසුරි break up උනාට පස්සේ මගේ phone එකේ ringin tone එක වුනේ දමිත්ගේ "මට හීනයක් වෙලා" සින්දුව) එදා මට තේරුනා මටත් වඩා මගේ ගැන දන්න කෙනා තිසරු නේද කියලා.

කාලයත් එක්ක මගේ හිතේ තිසරු ගැන අදහසක් ඇති උනට මොකක්දෝ අවාසනාවකට මට ඒක එයාගෙන් අහන්න පුළුවන් කමක් තිබුනේ නෑ. තිසරුට කෝල් කරන හැම සැරේම මගේ කට lock උනා.

ඔහොම ඉඳලා එක දවසක් නලීන් මට කෝල් කරලා ඇහුවා 'මචං උඹ අනිද්දට අපිත් එක්ක සෙට් වෙලා තිසරුගේ මගුල් ගෙදර යනවද නැත්නම් උඹ තනියමද එන්නේ" කියලා.
එදා මගේ ඇස් උඩ ගියා තිසරු මට එයා බඳිනවා කියලා නිකමටවත් කිව්වේ නෑ. මට invite කරෙත් නෑ. "මම කැමති කෙනා මට අකමැති නිසා තීරණයක් ගත්තා" කියපු කෙල්ල මෙන්න බඳිනවලු. ඔක්කෝම ගෑණු එකයි ඔහොම හිතපු මම තිසරුට කෝල් එකක් වත් දීලා සුභපැතුවේ නෑ තිබ්බ තරහට.

ඒත් ඊයේ අර මම කලින් කියපු තිසරුගේ පස්සෙන් ඒකාලේ ආපු කැප්ටන් අයියා අපේ office එකට ඇවිත්, අහම්බෙන් වගේ මට හම්බුනා. ඔහු අද පාදයක් අහිමි ආබාධිත රණවිරුවෙක්. අයියාගේ අතේ දිළිසි දිළිසි තියෙන මුද්ද දැකපු මට තේරුනා අයියා දැන් විවාහකයි කියලා. කොච්චට උදාර කාන්තාවක් වෙන්න ඕනද ආබාධිත රණවිරුවෙක් එක්ක විවාහ වෙන්න. එහෙම හිතපු මම ඈතින් පඩිපෙළ නැගලා එන තිසරුව දැක්කා.

මගේ ලගටම ආපු තිසරු මගෙත් එක්ක හිනා වෙන ගමන් "තුසිත ඔයාට පරණ යාළුවෙක් හම්බ වෙලා තියෙන්නේ" කියලා කැප්ටන් අයියාගේ අතින් අල්ල ගන්න ගමන් ඇහුවා.

{ මේ කතාව අපිට ලියල එවපු කෙනා එයාගේ නම සඳහන් කරන්න අකමැතියි. ඒත් එයාගේ ජීවිතය සුන්ඳර එකක් වෙන්න කියල අපි එක හිතින්ම ප්‍රාර්ථනා කරමු ! }




ගත්තේ මෙතනින්:
https://www.facebook.com/groups/ilovemyfrinedz/permalink/209841539119179/

පිදිය යුත්තෝ : ලයනල් රන්වල ශුරීන්

Sunday, April 15, 2012

මෑත යුගයේ දී ශ්‍රී ලාංකේය ජන සංගීතයේ ස්වර රටා යළි සකස් කර, නැවුම් මුහුණුවරකින් ඉදිරිපත් කළ අයෙක් වේ නම් ඒ ලයනල් රන්වල ශුරීන් ම ය. අමරදේව ලා, කේමදාස ලා දකුණු ඉන්දීය සහ බටහිර සංගීතයේ අභාෂය ලබා ගනිමින් නිර්මාණ කරද්දී රන්වලයන් තෝරා ගත්තේ අපේ රටේ ම ජන සංගීතයයි. අවුරුදු කාලයේ අපට ඇසෙන අපේ සංගීත භාණ්ඩ වල අපේ රිද්මයත්, සොබාදහම සහ අපේ සංස්කෘතිය හා බැඳී සංගීත ස්වර වල ආශ්චර්යයත් මනාව ඉස්මතු කළ නිර්මාණකරණයේ යෙදුනු එතුමා සිහි කිරීමට මේ රබන් සුරල් වැයෙන අවුරුදු කාලය, සුදුසු ම කාලය විය යුතු බව මගේ හැගීමයි.
 මේ දිග හැරෙන්නේ එතුමාගේ ජීවිතය පිලිබඳ කෙටි සටහනකි.



1939 නොවැම්බර් මස 27 වන දා උපත ලැබූ ලයනල් රන්වලයන් ඉන්දියාවේ පන්ජාබ් විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිළිබඳව විශේෂයෙන් හදාරන ලද අයෙක්. සිය සංගීත දැනුම නව පරම්පරාවට ද උරුම කර දීමේ අරමුණෙන් එතුමා 1959 දී සිය ගුරු ජීවිතය ආරම්භ කරන්නේ ඇරැව්වල මධ්‍ය මහා විද්‍යාලයෙන්. වසර 38ක් පුරාවට කොළඹ රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය ඇතුළු පාසල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපේ රටේ සංගීතය පිළිබඳව මනාව අවබෝධ කරවූ එතුමා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ, ශ්‍රී ලංකාවේ පළමු වන හේවිසි වාදන කණ්ඩායම ආරම්භ කරන්නේ 1964 වර්ෂයේ දී.

රන්වලයන් සංගීතඥයෙකු මතු නොව රංගන ශිල්පියෙක් ද වූවා. ඔහු ටෙලි නාට්‍ය කිහිපයකට ම රංගනයෙන් සිය දායකත්වය දක්වූ අයෙක්. ඒ අතරින් ස්වර්ණවාහිනියේ විකාශය වූ "රඟමඩල සමු ගනී" නාට්‍යය ප්‍රධාන වෙයි.

'ගම අවුලඥ්ඥං', 'මේ අවුරුදු කාලේ','වන්නම් සවුදම්' ආදී තවමත් මතකයේ රැඳී ගීත රැසක් එතුමා අතින් නිර්මානය කෙරුණු අතර දේශීය ජන සංගීතය රැක ගැනීම සඳහා 'තල මල පදනම' නිර්මාණය කිරීම ද එතුමා අතින් සිදු කෙරුණු කටයුත්තකි.

හදිසි අනතුරකට ලක් වීමෙන් 2002 නොවැම්බර් 13 වන දා එතුමා මෙලොවින් සමු ගත්තත් අදටත් ඒ හඬ ශ්‍රී ලාංකේය සංගීතාම්බරයේ විරාජමාන ය. එතුමාගෙන් පසු ඒ උතුම් කාර්යයට නැවතීමේ තිත තබන්නට සූදානම් නොවූ ලයනල් රන්වලයන්ගේ පුත් සහන රන්වල සහ චිරන්ත රන්වල අදටත් රට පුරා එතුමාගේ ප්‍රසංග පැවැත්වීම සැබවින් ම අගය කල යුතු කරුණකි.

අවුරුදු කාලය පිලිබඳ කියැවෙන රන්වලයන්ගේ 'මේ අවුරුදු කාලේ' ගීතය මෙතනින් ශ්‍රවනය කල හැකියි.

පොතක් ගැන : කන්ද පාමුල

Saturday, April 14, 2012



"ජීවිතය පුරා ම අපි කරන්නේ කන්දක් නගින එක.. එත් අපි හැමෝට ම කන්ද මුදුනට යාගන්ඩ බෑ..මගක් දුර කන්ද නගිනකොට අපි දෙමාපියන් බවට පත් වෙනව. ඊට පස්සේ දරුවොත් එක්ක කන්ද පාමුලට එන්ඩ අපිට සිද්ධ වෙනව. දරුවොන්ගෙන් නිදහස් වුණාට පස්සේ අපි කන්ද නගින්ඩ පටන් ගන්නව. එත් දරුවෝ විඳින දුක දැනිල එහෙමත් නැත්තං දරුවන්ගේ දරුවො ගැන ආස හිතිල ආයිමත් කන්ද පාමුලට එනව... කාට හරි පුලුවන්නං මේ බන්දනවලින් මිදිල කන්ද තරණය කරල මුදුණට ම යන්ඩ ඔහු අපුරු මිනිසෙක් වෙනව. මට හිතෙනව ජිනසෝමලගෙ තාත්තත් ඒ වගේ අපූරු මිනිහෙක් කියල.."

කන්ද පාමුල පොතේ 233 වෙනී පිටුවේ තියෙන මේ ඡේදය මගේ හිතේ ගැඹුරට ම කා වැදුණු අදහසක්. කෙනෙකුගේ ජීවිතය පිලිබඳ තීන්දු තීරණ ගැනීමට තවත් කෙනෙක්ට කිසිඳු අයිතියක් නැහැ. නමුත් තමුන් විසින් මේ ලෝකයට උපද්දවනු ලැබ, කවා පොවා උස් මහත් කළ දරුවන්ගෙන් මේ මේ දේ ඉටුවිය යුතු යැයි දෙමාපියන් බලාපොරොත්තු වෙනවා. පෘතග්ජනයන් ලෙස ඔවුන් දරන ඒ ආකල්ප පිලිබඳ දොසක් නගන්නට අපට කිසි සේ ත් ම හැකියාවක් නැහැ. දෙමාපියන් තම සිත් වල දරුවන් පිලිබඳ ඇති කර ගන්නා අහිංසක බලාපොරොත්තු සහ දරුවන් එතරම් දුර නොසිතා කරනු ලබන සුළු සුළු දේ නිසා ඒවා බිඳ වැටෙන ආකාරයත් සිය බලාපොරොත්තු බිඳ වැටීම් වලට ශක්තිමත්ව මුහුණ දෙන පියෙකුගේ චරිතයත් මනාව විග්‍රහ කිරීමට මේ නව කතාව සාර්ථක ප්‍රයත්නයක් දරා තිබෙනවා. කරුණාදාස සුරියආරච්චි මහතා විසින් රචනා කරපු පළමු වන නව කතාව විදියට සැලකෙන මේ පොත පියෙකුගේ සෙනෙහස සහ ඔවුන් නොපෙන්වන ආදරය පිළිබඳව බොහොම සීරුවෙන් කරපු අධ්‍යනයක ප්‍රතිඵලයක් විදියටයි මට හැඟෙන්නේ.

2007 වසරේ පැවැත්වුණු පළමු ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සඳහා නිර්දේශිත කන්ද පාමුල කෘතියට සම සම්මානයක් හිමි වුණා. වයස් භේදයකින් තොරව කියවිය යුතු පොතක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. දයාවංශ සහ ජයකොඩි සහ සමාගමේ ප්‍රකාශනයක් වන මෙහි මිල රුපියල් 280ක්.

කතාව පටන් ගන්නේ මෙහෙමයි..


ඔබ යමෙකුට ආදරේ කරනවාදැයි බැලීමට පියවර 12ක්

Friday, April 13, 2012

අලුත් අවුරුද්ද නිසා නිවාඩු පාඩුවේ බුකියේ සැරිසරද්දී පරණ කතාවක් දකින්න ලැබුණා. බොහෝ දෙනෙක් මේක මීට කලින් දැකලා ඇති. ඒත් නොදැකපු අයට වැදගත් වෙයි කියලා හිතුණු හින්දා බ්ලොග් එකේ දාන්න හිතුවා. බලන්න. මේ කියන දේ ඔබට කොයි තරම් සමීප ද?, කොයි තරම් දුරට වලංගු ද? කියලා.




12.ඔබ ඇය/ඔහු සමග මැදියම් රැය වන තුරුත් කතා කරන අතර පසුව නිදා ගැනීමට යහනට ගිය පසුත් ඔබ සිතන්නේ ඇය/ඔහු ගැනයි.

11.ඔබ ඇය/ඔහු සමග සිටින විට ඇවිදින්නේ ඉතා සෙමිනි.

10. ඇය/ඔහු දුරක ගිය විට ඔබට ශෝකයක් දැනේ.

09.ඇය/ඔහුගේ කටහඩ ඇසුනු විට ඔබේ මුවගට නොදැනීම සිනහවක් නැගේ.

08.ඔබ ඇය/ඔහු දෙස බලන විට අවට සිටින අනෙකුත් පුද්ගලයන් ගැන අවධානයක් ඇති නොවේ,ඔබට පෙනෙන්නේ ඇය/ඔහු පමනි.

06. ඔබට හැමවිටම සිතීමට අවශ්‍ය ඇය/ඔහු ගැන පමනි.

05. ඇය/ඔහු දෙස බලන විට නොදැනීම ඔබේ මුවට සිනහවක් නැගෙන බව ඔබට දැනේ.

04. ඇය/ඔහුව දැකීමට ඔබ ඕනෑම දෙයක් කරනු ඇත.

03. මෙය කියවන මුලු කාලය තුලම ඔබේ සිතේ යම් පුදගලයෙකු සැරි සැරීය.

02. ඔබ එම පුද්ගලයා ගැන කොපමන සිතුවාද යත් මෙහි අංක 7 නොමැති බව ඔබ දුටුවේ නැත.

01.දැන් ඔබ අංක 7 නොමතිදැයි පරීක්‍ෂා කල අතර ඔබේ මුවට සිනහවක් නැගුනි.



ගත්තේ මෙතැනින්:
 https://www.facebook.com/photo.php?fbid=388744811155421&set=a.275247329171837.82281.187160681313836&type=1&ref=nf

සබඳ..

Thursday, April 12, 2012




දෙතොලේ

මදහස්‌ රැළි නැංවේ
මියුරු සිනහවක
හඬ පැතිරේ
කලක් සෙවූ
පදරුත් ගැළපේ
අපේ මිතුදමේ
කව ලියවෙයි..

ගලා හැලෙන
නිල් දියරැළි මත රැඳී
සුළඟට විසිරෙන
පිනි බිඳු සේ දිළි
මනුසත් උයනක
සිරි අසිරිය රැඳී
සොඳුරු ම මිතුදම
අපේ ම වෙයි සකි..

සවිය නුඹයි මා
ළඟ හිඳ දිරි දුන්
හසරැල්ල නුඹයි මා
කඳුළැලි පිස දුන්
වෙන් වී නොයනෙමු
අපි මියැදෙන තෙක්
එක කුස උපදිමු
මතු භවයක යම්..

                                    ~Nj_A~

සාගර වෙරළේ සොඳුරු සැදෑවක..

Monday, April 9, 2012



බිඳී විසිරෙයි - රැළිති නංවයි
සයුර පෙර වාගේ..
එදා එහි වූ - තාලය අද නැත
අපේ සිනා හඬ
නොඇසෙනා හින්දා..

අඳුරු ගල් කුළු - පුපුරු නංවයි,
චණ්ඩ හිරු රැස් - වලින් තැවෙමින්,
ම' ලයට තුරුළු වූ - නුඹ පහස යළි
නොලැබෙනා හින්දා..

හඬක් නොනගා - අප පසු කර ගිය
දුම්රිය අද එයි - මා පසු කර යයි.
ශෝකී හඬ නංවා
අපේ දෑත් යළි
එක් නොවෙනා හින්දා..

මම,
~Nj~

රුහුණ විශ්ව විද්‍යාලයේ අපේ අලුත් වැඩක්...

Thursday, April 5, 2012




සාමාන්‍යයෙන් ඉංජිනේරු ශිෂ්‍යයන් දිහා සමාජය බලන්නේ රළු අදහස් සහිත යන්ත්‍ර වගේ මිනිස්සු පිරිසක් දිහා බලන විදියට..නමුත් අපි ගණිත විෂයයන් හැදෑරුවට සාමාන්‍ය ශිෂ්‍ය පිරිසක්.

මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ ලාබාලතම ඉංජිනේරු පීඨය වන, රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 13 වන ශිෂ්‍ය කණ්ඩායම විදියට අපි අලුත් වැඩකට අත ගැහුවා.. ඒ තමයි බ්ලොග් පවත්වාගෙන යන සහ නොයන අපේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කලාත්මක හැකියාවන් සහ නිර්මානාත්මක අදහස් සයිබරයට ගෙන ඒම සඳහා බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීම.. හැබැයි තවමත් මේ කටයුත්ත ආරම්භ කළා පමණයි..

බ්ලොග් ලියන අයගේ සහය අපේ බ්ලොග් එක සයිබර් අවකාශයේ ඉදිරියට ගෙන යාම සඳහා බලාපොරොත්තු වෙනවා...හැකියාවක් තිබෙනවා නම් මේ පොස්ට් එක ඔබේ බ්ලොග් එකෙත් පළ කරලා තරුණ පිරිසට ධෛර්යයක් ලබා දෙන්න..

http://www.efac.tk
මෙන්න ලින්ක් එක..

I am Not Allowed to..

Wednesday, April 4, 2012

I wanted to
Love her.
But,
She said
"You are not allowed
to love me.."

I wanted to
Hate her.
But,
My soul whispered
"You are not allowed
to hurt her.."

I wanted to
be with her.
But he said
"You are not allowed
to be with her.."

I wanted to
leave you..
Since you are
My entire world,
They said
"You are not allowed
to kill yourself.."

Then I asked
What am I supposed to do..
They said,
"You should
FORGET HER.."

Then I said,
"You fools..
That's the bloody thing
I am always
trying to do &
in which
I always fail..."



හැපී බර්ත් ඩේ ටු මී...

Tuesday, April 3, 2012

ඊයේ අපේ රත්තා අයියාගේ පොස්ටුව දැක්කම තමයි මෙහෙව් පොස්ට් එකක් දාන්න අයිඩියා කෑල්ලක් පහල උනේ.. ඒ පින් බලෙන් රත්තා මහතාට අමා මහ නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

අද මගේ උපන් දිනේ වගේ දවස. (සැ.යු: පෙරේදා නොවේ.) මට දැන් විසි එකයි..(තව ම ගොඩ ගිහින් නැති හින්දා යෝජනා එහෙම තියෙනවා නම් කියලයි කිව්වේ හොඳේ..) ඒ කියන්නේ මං දැන් පට්ට වැඩිහිටියෙක්. කඩේකින් ඕන ම මෙව්වා එකක් ඉල්ලන්න පුළුවන්.. හෙක් හෙක්.. වෙන මොකක් නැතත් ඒ සතුට සමරන්න ඕන නේ..හැමෝට ම කේක් දෙන්න විදියක් නෑ ..

මෙන්න මේකෙන් කෑල්ලක් කඩාගෙන කාලා මට දීර්ඝායුෂ පතනවා හොඳයි..

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading