මෑත යුගයේ දී ශ්‍රී ලාංකේය ජන සංගීතයේ ස්වර රටා යළි සකස් කර, නැවුම් මුහුණුවරකින් ඉදිරිපත් කළ අයෙක් වේ නම් ඒ ලයනල් රන්වල ශුරීන් ම ය. අමරදේව ලා, කේමදාස ලා දකුණු ඉන්දීය සහ බටහිර සංගීතයේ අභාෂය ලබා ගනිමින් නිර්මාණ කරද්දී රන්වලයන් තෝරා ගත්තේ අපේ රටේ ම ජන සංගීතයයි. අවුරුදු කාලයේ අපට ඇසෙන අපේ සංගීත භාණ්ඩ වල අපේ රිද්මයත්, සොබාදහම සහ අපේ සංස්කෘතිය හා බැඳී සංගීත ස්වර වල ආශ්චර්යයත් මනාව ඉස්මතු කළ නිර්මාණකරණයේ යෙදුනු එතුමා සිහි කිරීමට මේ රබන් සුරල් වැයෙන අවුරුදු කාලය, සුදුසු ම කාලය විය යුතු බව මගේ හැගීමයි.
මේ දිග හැරෙන්නේ එතුමාගේ ජීවිතය පිලිබඳ කෙටි සටහනකි.
1939 නොවැම්බර් මස 27 වන දා උපත ලැබූ ලයනල් රන්වලයන් ඉන්දියාවේ පන්ජාබ් විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිළිබඳව විශේෂයෙන් හදාරන ලද අයෙක්. සිය සංගීත දැනුම නව පරම්පරාවට ද උරුම කර දීමේ අරමුණෙන් එතුමා 1959 දී සිය ගුරු ජීවිතය ආරම්භ කරන්නේ ඇරැව්වල මධ්‍ය මහා විද්‍යාලයෙන්. වසර 38ක් පුරාවට කොළඹ රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය ඇතුළු පාසල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපේ රටේ සංගීතය පිළිබඳව මනාව අවබෝධ කරවූ එතුමා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ, ශ්‍රී ලංකාවේ පළමු වන හේවිසි වාදන කණ්ඩායම ආරම්භ කරන්නේ 1964 වර්ෂයේ දී.
රන්වලයන් සංගීතඥයෙකු මතු නොව රංගන ශිල්පියෙක් ද වූවා. ඔහු ටෙලි නාට්‍ය කිහිපයකට ම රංගනයෙන් සිය දායකත්වය දක්වූ අයෙක්. ඒ අතරින් ස්වර්ණවාහිනියේ විකාශය වූ "රඟමඩල සමු ගනී" නාට්‍යය ප්‍රධාන වෙයි.
'ගම අවුලඥ්ඥං', 'මේ අවුරුදු කාලේ','වන්නම් සවුදම්' ආදී තවමත් මතකයේ රැඳී ගීත රැසක් එතුමා අතින් නිර්මානය කෙරුණු අතර දේශීය ජන සංගීතය රැක ගැනීම සඳහා 'තල මල පදනම' නිර්මාණය කිරීම ද එතුමා අතින් සිදු කෙරුණු කටයුත්තකි.
හදිසි අනතුරකට ලක් වීමෙන් 2002 නොවැම්බර් 13 වන දා එතුමා මෙලොවින් සමු ගත්තත් අදටත් ඒ හඬ ශ්‍රී ලාංකේය සංගීතාම්බරයේ විරාජමාන ය. එතුමාගෙන් පසු ඒ උතුම් කාර්යයට නැවතීමේ තිත තබන්නට සූදානම් නොවූ ලයනල් රන්වලයන්ගේ පුත් සහන රන්වල සහ චිරන්ත රන්වල අදටත් රට පුරා එතුමාගේ ප්‍රසංග පැවැත්වීම සැබවින් ම අගය කල යුතු කරුණකි.
අවුරුදු කාලය පිලිබඳ කියැවෙන රන්වලයන්ගේ 'මේ අවුරුදු කාලේ' ගීතය මෙතනින් ශ්‍රවනය කල හැකියි.
ඇත්තටම වටින ලිපියක්......
ReplyDeleteස්තුතියි අක්කේ!
Deleteමෙතුමා ගැන කතාවෙනවා අඩුයි. කොහොමත් වටින කියන අය ගැන කියවෙනවා අඩුයි. ලිපියට ස්තුතියි. තව විස්තර දැම්මනම් වටිනවා.
ReplyDeleteමටත් එහෙම හිතුණා. ඒත් එහෙම වුණා නම් කියවන එපා වෙන්ව නේ! එකයි කෙටි කළේ.
Deleteඅපේ කම ඉස්සරහට ගෙනියන්න හදපු ශිල්පියෙක්නේ.මම නම් ආසම ශිල්පියෙක්.මම හිතුවෙ එතුමහෙන් පස්සෙ මේ කලාව අභාවයට යාවි කියල.ඒත් සහන් රන්වල තරුණයෙක වෙලත් මේ කරන කැපකිරීමට ඔහුට සුභපතමු
ReplyDeleteඇත්තට ම.. අද සමහර අය ලයනල් රන්වල කියන්නේ කවුද කියලා දන්නේ නෑ. ඒ හින්දයි කට්ටියට මතක කරලා දුන්නේ...
Deleteඅපේ ජන සංගීතයට ලොකු සේවාවක් කල උත්තමයෙක්.. කොච්චර කාලයක් ගියත් එතුමාගේ නිර්මාණ වල ගුණාත්මක බව අඩුවෙන්නේ නෑ..
ReplyDeleteඅනිවාර්යයෙන් ම. ඒ ගීත කාලයක් පවතින ඒවා නෙවෙයි. සදහට ම පවතින ඒවා..
Deleteමේ වගේ ලිපියක් පළ කරන්න හිතුණු එකට විතරක් වුනත් ඔබට තුති !!! සිංහල භාෂාවට අමිල සේවාවක් කල කුමාරතුංග මුනිදාස ශූරීන් හා පසුකාලීනය අරිසෙන් අහුබුදු මහතා මෙන්ම සිංහල සංගීතය නගා සිටුවන්නට ජීවිතය කැප කළ රන්වල ශූරීන් ද රන් අකුරින් ලියැවෙන නාමයක්... එතුමාට මගේ ආචාරය !!! ඒ ගැන පළ කළ ඔබටත් ස්තුතියි !!!
ReplyDeleteමම අආසම ඩබලක් තමයි :)
ReplyDeleteහැමෝටම වැඩ වෙනස් දෙයක් අපේ දේ ගැන අපි නොදත් දේ කියාදෙන දෙදෙනෙක්.ලයනල් මහතා සිටියානම් අපේ සංගීතය මිට වඩා හොඳ තැනක තියෙනවා.
ReplyDeleteමට මේ පෝස්ට් එක මගහරුණා.. අදයි දැක්කේ.
ReplyDeleteලයනල් රංවල, බැද්දගේ, ඩබ්.බී. මකුලොලුව වැනි අය දේශීය සංගිතය ඇසුරින් අපේ යමක් හොයාගන්න වෙහෙසක් දැරුවා. කැපවීමත් එහෙමයි. ඔවුන්ගේ උත්සාහය අපතේ ගියේ නැහැ. ඒ නිර්මාණ සදාකාලිකයි.රංවලයන්ගේ උත්සාහයත් ඒ වගේ
මමත් අදනෙ මේ පෝස්ටුව දැක්කෙ..
ReplyDeleteස්තුතියි තොරතුරු බෙදාගත්තට..මම ආසම කරන හඬක්..
වටිනා ලිපියක්. ඒ වගේම තව කරුණු කාරනා ටිකක් එකතු වුනානම් ලස්සනයි.
ReplyDeleteසිංහල අවුරුද්ද ලග එන බව අතීතයේදී පලමුවෙන්ම කොවුල් නද අපට කීවද වර්තමානයේ ඒ හඩ අසන්නට ලැබීම ඉතා විරලය...නමුත් වර්තමානයේදී ඒ කොවුල් නාදයේ අඩුව පිරවීම ඔබගේ ගී හා තනු සමත්ව තිබීම ඔබ විසින් ජන ගීයට,අපේ කමට කල අනුපමේය මෙහෙවරේ අමරණීය බවට හොඳම නිදසුනයි..සොඳුරු මිනිසානනි,ඔබ සදා අප හදවතේ ජීවමානයි...
ReplyDelete