හිරුට පෙම් බැඳී - කතරක් මිහි ඇති
කිසිවෙකුත් තව - පය ගසා නැති
දුඹුරු පැහැ වුණු - කොළ තුනක් ඇති
පතොක් ගසුත් පණ ගසනවා සකි
කටුක ගිරි හිස - වලාකුළු ඇති
සොඳුරු වැස්සක - පැතුම් පිරී ඇති
විටින් විට වැහි - වැටෙනවා ඇති
හැඟුම් ළපටි දළු - දමනවා ඇති
පතොක් ගස් යට - මිණි ද බොහෝ ඇති
පෙම්වත් යුගයක - වැටුණු කඳුළු ඇති
විෂ පතොක් කටු - ඇනුණු සිදුරු ඇති
බිඳුණු සිහිනවල - කැබලි ද එහි ඇති
නියගෙටත් නොසිඳෙන - උල්පතක් ඇති
උණුසුම් කඳුලැලි - ඉන් උනනවා ඇති
මකා දමනු රිසි - කඳුලැලි සිත ඇති
නිහඬ රැයක සඳ - නැගෙනවා ඇති
Subscribe to:
Post Comments (Atom)
ලස්සන කවියක් ලියලා තියෙන්නේ.
ReplyDeleteලස්සනට කවි ලියන්න අපිත් එක්ක එකතු වෙන්න
නියමයි..
ReplyDeleteලස්සනයි බං, හැමදාම වගේම..
ReplyDeleteවචන දෙදක් නෑ හොඳයි...
ReplyDeleteඅගෙයි .... හරිම අගෙයි ....
ReplyDelete6 billion, or 7 percent of $223 billion, of first-home loans are tagged late or nonaccrual, a charmingly opaque euphemism for
ReplyDeletebust my website lloyds claimed that
this agreement would have been a "voluntary" and "proactive".
"මකා දමනු රිසි - කඳුලැලි සිත ඇති
ReplyDeleteනිහඬ රැයක සඳ - නැගෙනවා ඇති"
ලියමු ආයෙම..