Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

දහම් සදහම් ගැටුම

Monday, June 16, 2014

වසන්තය අග - ගිම්හානයට පෙර
පිපුණු කුසුම් වල වස මුසු ව ඇත
මකරන්ද සුළඟේ එතෙන විට
සුවැති මද නල නුඹ නසනු ඇත

සබඳ, මතක ද අඳ කුඹුර ළඟ
මොට්ටැක්කිළියෙන් වසාගෙන හිස
අහිංසක සිනාවෙන් සිත් නිවූ ඇය
ඇගේ දෑස මිස,
නම මතක නැත...
ඇනිකට් එක ළඟ මාළු නටන තැන
සිනාසුණු තන්ගමනි මතක ද?
පුංචි රතු මොට්ටුව
තියා නළලත
පිච්ච මල් වැල් හිස පැළඳු ඇය..

දහම් සදහම් ගැටෙන විට
නෑකම් අමතක ද නුඹට
එක පත බෙදා ගත් මිනිසුන්
එදිරි වී එයි අවි අමෝරාගෙන..
වැව් බැම්ම උඩ පන්දු කෙළින තැන
රාඝවන් නැත මොහොමඩ් ද අද නැත
පාළු කතරකි සිනා හඬ නැති
දවන දුහුවිලි සුළඟපමණ ය..

සුදු වැලි අතුල මාවත කෙළවර
රතු ලේ තැවරුණු පාට මැකී ගිය
හිසෙන් ගිලිහුණු පිච්ච මලක් ඇත
පොසොන් සඳ මැකී
රාමලාන් සඳ නැගෙන විට
බිම බලා ගත් පලු ගසක් යට....

2 comments

  1. අන්තර් ජාලෙ පුරාම මේ කවිය මේදවස්වල ෂෙයාර් වෙනවා. අගේ ඇති අදහසක් කාලීනයි.....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අයියේ!

      Delete

 

මේලයෙන් ලිපි ගෙන්වා ගන්න

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading