සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ.
තරු ගණිනා අතරතුරේ
පුර හඳ මට මග නොහැරේ.
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ..
මල් පිබිදී හදගිස්සේ
කොඳ සිතුවිලි ලිහී වැටේ
පියුම් පිපී සිතුම් විලේ
මුවරද මුසු පවන් රොදේ
සුවඳ දැනේ ආදරේ...
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ..
වන වදුලේ තුරු අතරේ
කඳු අතරේ නිම්න දිගේ
ගං තීරේ රැළි අතරේ
සිත් පත්ළේ නිසන්සලේ..
සැගව තිබේ ආදරේ..
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ.
තරු ගණිනා අතරතුරේ
පුර හඳ නුඹේ මග නොහැරේ
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ...
ගායනය : නෙත්මි දසනායක / උමේෂ් දිසානායක
පද රචනය : වර්ෂා රණසිංහ / නජාත් අක්රම්
තනුව : සුසිත චාමිකර
සංගීතය : යහජ කල්හාර
ශ්‍රව්‍ය සංකලනය : ධනුෂ්ක ලියනගේ
නිරුපණය : අමන්දා අබේසුරිය / නජාත් අක්රම්
රූප රචනය සහ අධ්‍යක්ෂණය : සුරම්‍ය අමල්
කැමරාකරණය සහ සංස්කරණය : තේජාන් ආරියරත්න
Subscribe to:
Post Comments (Atom)
හරිම ලස්සනයි. කලිනුත් කිවුවනෙ මම. පද රචනය වශී වෙනවා.
ReplyDeleteරූප රචනය ගැන කිවුවොත්, අමන්දා හරිම හුරුබුහුටියි. නජාත් ....... ආ එයත් හොඳයි . :P
බොහොම ස්තුතියි අක්කෝ!! :)
Deleteඇයි.. හොඳයි කියන්න කල් ගියේ!! බොරුව හරියට ගෙතුනේ නැද්ද? :P :P
It's such an amazing song....visual tooo...
ReplyDeleteසිඳු අක්කා අන්තිමේට කියපු එක කියන්නත් හිතිලා මං මෙච්චර කල් නිකං හිටියේ.. හිහ්..!!
ReplyDeleteඇයි ලියන්නේ නැත්තේ? -දැන් මාස කීපයක් ගෙවිලා
ReplyDeleteමමත් ඇදික වැඩ හින්දා ලීවේ නෑ
ආයෙ පටන් ගත්තා
ආයේ ලියන්න!