Test Footer 2
Test Footer 1
Search This Blog
skip to main
|
skip to sidebar
අරුණැල්ල
-පිනිබිඳු වියලන්නට නොව කැකුළු විකසිත කරන්නට..
කම්මලේ බල්ලා..
Tuesday, August 30, 2011
උදේ ඉඳලා
හවස් වෙනකම්
අතෝරක් නැති
මහා හඬ මැද
සුවෙන් සැතපී
නිදන අපූරුව..
නුඹේ ගොරහැඩි
වදන් අහලා
හේතුවක් නැති
බැනුම් විඳලා
පුදුමයක් නෑ
මටත් පුළුවන්
නොදැනුනා වාගේ
කම්මලේ බල්ලාට...
ආයෙමත් හිනැහෙන්න..
Monday, August 29, 2011
ගඟක් සේ නොගැලුවත්
යන්තමින් නෙත් තෙමන
කඳුළු බින්දු එක කරන්
මතකයන් අමතන්න..
සුසුම් පොදි මහ ගොඩක්
හද බරින් හෙලුනාට
හිනැහෙන්න ඒ වගේ
ආයෙමත් ලස්සනට..
ජීවිතේ ලස්සනයි
ආදරෙන් විඳ ගන්න
තව ටිකක් ලංවෙලා
ලස්සනට හිනැහෙන්න..
අහසට පොළොව සේ..
ගිම්හානයේ
චණ්ඩ හිරු රැසින්
වියළි සුළඟින්
කර්කශ මහ පොළොවට..
වස්සානයේ
සිහිල් දිය බිඳු වැටී
මිහිකත සනහාලමින්
නිම්න දිගේ ගලද්දී..
අහසට පොළොවත්
පොළොවට අහසත්
නැතිව බැරි බව
තේරුම් ගනීවි
මුළු ලෝකයා ම..
වෙන් වෙලා ගිය හිත් ආයෙමත් එක් කරන්..
Sunday, August 28, 2011
කප්පරක්
තරම් නැති
පැතුම් එක් කර
පොදි බැඳන්..
සිත්තමක්
විලස දුටු
ආදරෙන්
සමු අරන්..
වෙන් වෙලා
ගිය හිත්
ආයෙමත්
එක් කරන්..
සොඳුරු දිවියක
අරුත් විසඳමු
අපේ දිවියට
ළං කරන්..
නුඹ..
ලිහිනියෙක් පියාඹයි
අහස් කුස පුරාවට..
මන්දාරමේ අඳුර මැද
බියක් නැති විලාසෙන්..
සිසිල මැද,
නුහුරු වූ උණුසුමෙන්
හද තවයි නුඹ
සෙනෙහසින් අමතමින්..
කවිය නුඹ..
Thursday, August 25, 2011
කවිය නුඹ..
වදන් අමුණා,
අරුත් ගළපා,
කෙමෙන් නිමැවූ...
අහස නුඹ..
සුසුදු වළා ගැබ,
අතුල පිනි බිඳු,
සොමි දියෙන් නැහැවූ..
වැස්ස නැවතත් වහින්නට විය..
Wednesday, August 24, 2011
අහසට නැගුණු
වැහි ලිහිණියෝ
කෑ ගසමින්
ඉගිලෙන්නට විය..
ගොරව ගොරවා
විදුලි දැල් වී
මන්දාරම් අහස
පිනි දියෙන් තෙත් විය..
එහා ඉවුරෙන්
කොකෙක් ඉගිලී
සෙවණ සොයා
එන්න තනන විට..
වැස්ස නැවතත්
වහින්නට විය..
මේ පාරේ අපි එකට යමු...
Sunday, August 21, 2011
අපි දෙන්නා වෙන් වෙලා
මේ පාර දිගේ ම
යන්න ගිය දවසට
දෙන්නාගෙන් එක් කෙනෙක්ට වත්
යන්න ලැබෙන්නේ නෑ..
මේ පීලි දිගේ ගිහින්
කව ම දාක වත් අපිට
එකතු වෙන්න ලැබෙන්නෙ නෑ කියල
හිත පිළි ගන්නෙ නැත්නම්
අපි මක් කරන්න ද???
පුළුවන් තරම් කල්
අපි මේ විදියට
එක ම පාරේ
එකට යමු..
කවදාක හරි
කොහේ දි හරි
මේ රේල් පීලි
යා වෙන දවසක් ආවොත්
එදාට අපි එකතු වේවි...
එතකම්,
මේ පාරේ
අපි එකට යමු...
පෙම් කරන්න නොදැනෙන හින්දා..
විළඳ කවා
සුවඳ පැනින් නහවා
රන් විමනේ
නුඹ සතපා..
දොරගුලු හැර දැම්මා ම
හැර ගියාට
ගිරා මලිති
නුඹ කම් නෑ
මිනිස් හදට
පෙම් කරන්න
නුඹ තරමට වත්
නොදැනෙන හින්දා..
පුළුවන් නම්
ඇවිත් යන්න
රන් කූඩුව
වැළපෙන හින්දා..
ආදරය කරන්න කියා දුන්නේ නුඹයි
නුඹේ අත ගෙන
පෙර එක් කාලෙක
පිය පොඩි ඔසවා
ඇවිදින්න තතනද්දී
ආදරෙන්
මගේ හිතට දිරි දුන්නා
අද වාගේ මතකයි
අප්පච්චි..
පුංචි වේදනාවක් දැනුනත්
මට වඩා
නුඹට රිදුනු බව
මට දැනුණා
මගේ අප්පච්චි..
නුඹේ සවියෙන්
මට දිරි දුන්නත්
පැතුවේ නෑ නුඹ
ඉන් යළි කිසිවක්
සෙනෙහස දුන්
මගේ අප්පච්චී..
කැදැල්ල හැර දා
ඉගිලෙනු දැනුනත්
කඳුලැලි නොහෙලූ
අප්පච්චී..
ආදරය කරන්නට
යළි නොපතන්නට
කියා දුන්නේ මට
නුඹයි මගේ අප්පච්චී...
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)
Stats
Labels
Emotional
(49)
mini කවි
(4)
අපේ දැනුම
(3)
අපේ සමාජ සත්කාර
(2)
ආ ගිය තොරතුරු
(28)
ආදරය
(50)
කතන්දර
(5)
කෙටි කතා
(2)
ගීත
(9)
ගීතයක් ගැන
(3)
ගුරු උපහාර
(5)
ජන කතා
(5)
නිසඳැස්
(52)
පිදිය යුත්තෝ
(5)
පොතක් ගැන
(3)
මට හිතුනු දේවල්
(33)
සමාජයීය
(56)
සරසවියේ අත්දැකීම්
(30)
සාහිත්‍යමය
(23)
Archives
►
2016
(1)
►
June
(1)
►
2015
(1)
►
August
(1)
►
2014
(6)
►
November
(1)
►
June
(1)
►
May
(1)
►
April
(1)
►
March
(1)
►
January
(1)
►
2013
(18)
►
December
(1)
►
November
(3)
►
September
(1)
►
August
(2)
►
July
(3)
►
May
(1)
►
April
(2)
►
March
(2)
►
February
(1)
►
January
(2)
►
2012
(74)
►
December
(1)
►
November
(3)
►
October
(4)
►
September
(4)
►
August
(3)
►
July
(7)
►
June
(7)
►
May
(16)
►
April
(12)
►
March
(5)
►
February
(4)
►
January
(8)
▼
2011
(39)
►
December
(11)
►
November
(6)
►
October
(4)
►
September
(8)
▼
August
(10)
කම්මලේ බල්ලා..
ආයෙමත් හිනැහෙන්න..
අහසට පොළොව සේ..
වෙන් වෙලා ගිය හිත් ආයෙමත් එක් කරන්..
නුඹ..
කවිය නුඹ..
වැස්ස නැවතත් වහින්නට විය..
මේ පාරේ අපි එකට යමු...
පෙම් කරන්න නොදැනෙන හින්දා..
ආදරය කරන්න කියා දුන්නේ නුඹයි
My Blog List
Feeds (feedburner)
www.arunalla.tk
මෙවන් ඝාතන යළි සිදු නොවේවා
එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
Most Reading
චපල කුසුම..
රොන් සොයා සරන බඹරෙක් දැක පින්නෙන් තෙත් වූ විකසිත නොවූ රෝස කුසුමක් අරුණැල්ලෙහි විකසිත වන්නට තතනන.. නොවී දෙබරෙකු විලස රොන් උරමි මම ආදරෙ...
කවුළුවෙන් එපිට වසන්තය
කාමරය පුරා දෑස් ඔබ මොබ දුවන්නට විය.. තැන් තැන් වල අවුස්සා දැමූ කඩදාසි ගොඩවල් ය... තවත් තැනෙක ගොඩ ගැසුණු කිලිටි රෙදි තොගයකි.....
යෞවනය, ආදරය සහ සියදිවි නසා ගැනීම
අද දවසේ සිදු වුණු එක්තරා සිදුවීමක් නිසා තුන් හිතකින් වත් නොහිතපු මාතෘකාවක් යටතේ post එකක් දාන්න සිදු වුණා.. මේ, ඒ පිළිබඳව.. ස්ථ...
ගුරු ගීතය - චිංගීස් අයිත්මාතව්
මේ ලියවෙන්නේ අරුණැල්ලට ලියන සියවන සටහනයි. ඒ, අරුණැල්ල ඒ නමින් අරඹා වසරක් ගෙවෙන තැන දී යි. මේ දක්වා ආ ගමනේ බ්ලොග් ලෝකය සහ සයිබරය තුළ, රැංගෝ...
2011 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල තුන් වන සංස්කරණය (3rd Edition) නිකුත් වීම!
නොයෙකුත් කට කතා, ඇනුම් බැනුම්, ප්‍රතික්ෂේප කිරීම් මධ්‍යයේ 2011 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල තෙවන සංස්කරණය අද නිකුත් විය. මෙය තවත් සංස්කරණයක් (E...
නිදහස් අධ්‍යාපනය සහ මර්දනය අත්වින්දෙමි!
ඇක ටිකක් ස්ථාවර තත්වෙකට එනකම් පොස්ට් එකක් දාන්නේ නැතිව ඉන්න තීරණය කරලා හිටියේ. ඒත් අද සිද්ධ වුණු දේවල් නිසා ඒ තීරණය පැත්තකට දාලා පොස්ට් එකක්...
දුම්රියේ දී ඇය ව දුටුවෙමි!
දෙවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අලුත්ගම බලා පිටත් වේ... මෙම දුම්රිය නවත්වන්නේ, කැළණිය,දෙමටගොඩ........!! විඩා පත් වුණු මුහුණු අ...
විශ්ව විද්‍යාල උප සංස්කෘතිය සහ ඇනෝගේ සිත් රිදුම
මෑතක දී මා, රත්තා හෙවත් රත්ගමයා සමග සතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අක්බාර් ශාලාවේ ගත කළ බව ඔබට මතක ඇතුවාට සැකයක් නැත. එසේ නම් ඒ අ...
මගේ පැමිණීම සහ ඔබේ නොපැමිණීම - කෙටි කතාව
සත් සමුදුරෙන් එහා දුර රටක හැදිලා වැඩිලා ආයෙමත් තමන්ගේ මවු රට හොයාගෙන ආපු ඔයා, උපන් බිමෙන් සැතපුම් ගාණක් ඈතට ඇවිත් ගාල්ලේ ම නතර වෙන්න හේතුව ස...
බටහිරට එහා ගිය අපේ දැනුම - ලිපි පෙළක ආරම්භය
කවුරුන් පිළි ගත්තත් නොගත්තත්, අද ලෝකය ක්‍රමයෙන් විනාශය කරා යමින් පවතී. බටහිර දැනුම මත පදනම් ව කෙරෙන ඊනියා සංවර්ධනය ක්‍රියාවලිය නිසා...
Copyright © 2013.
අරුණැල්ල
. Some Rights Reserved
Template Design by
Herdiansyah Hamzah
. Published by
Borneo Templates