Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

කම්මලේ බල්ලා..

Tuesday, August 30, 2011


උදේ ඉඳලා
හවස් වෙනකම්
අතෝරක් නැති
මහා හඬ මැද
සුවෙන් සැතපී
නිදන අපූරුව..
නුඹේ ගොරහැඩි
වදන් අහලා
හේතුවක් නැති
බැනුම් විඳලා
පුදුමයක් නෑ
මටත් පුළුවන්
නොදැනුනා වාගේ
කම්මලේ බල්ලාට...


ආයෙමත් හිනැහෙන්න..

Monday, August 29, 2011



ගඟක් සේ නොගැලුවත්
යන්තමින් නෙත් තෙමන
කඳුළු බින්දු එක කරන්
මතකයන් අමතන්න..

සුසුම් පොදි මහ ගොඩක්
හද බරින් හෙලුනාට
හිනැහෙන්න ඒ වගේ
ආයෙමත් ලස්සනට..

ජීවිතේ ලස්සනයි
ආදරෙන් විඳ ගන්න
තව ටිකක් ලංවෙලා
ලස්සනට හිනැහෙන්න..

අහසට පොළොව සේ..

ගිම්හානයේ
චණ්ඩ හිරු රැසින්
වියළි සුළඟින්
කර්කශ මහ පොළොවට..
වස්සානයේ
සිහිල් දිය බිඳු වැටී
මිහිකත සනහාලමින්
නිම්න දිගේ ගලද්දී..
අහසට පොළොවත්
පොළොවට අහසත්
නැතිව බැරි බව
තේරුම් ගනීවි
මුළු ලෝකයා ම..

වෙන් වෙලා ගිය හිත් ආයෙමත් එක් කරන්..

Sunday, August 28, 2011

කප්පරක්
තරම් නැති
පැතුම් එක් කර
පොදි බැඳන්..

සිත්තමක්
විලස දුටු
ආදරෙන්
සමු අරන්..

වෙන් වෙලා
ගිය හිත්
ආයෙමත්
එක් කරන්..

සොඳුරු දිවියක
අරුත් විසඳමු
අපේ දිවියට
ළං කරන්..

නුඹ..



ලිහිනියෙක් පියාඹයි
අහස් කුස පුරාවට..
මන්දාරමේ අඳුර මැද
බියක් නැති විලාසෙන්..

සිසිල මැද,
නුහුරු වූ උණුසුමෙන්
හද තවයි නුඹ
සෙනෙහසින් අමතමින්..




කවිය නුඹ..

Thursday, August 25, 2011




කවිය නුඹ..
වදන් අමුණා,
අරුත් ගළපා,
කෙමෙන් නිමැවූ...


අහස නුඹ..
සුසුදු වළා ගැබ,
අතුල පිනි බිඳු,
සොමි දියෙන් නැහැවූ..



Bless Blue Moon Clouds

වැස්ස නැවතත් වහින්නට විය..

Wednesday, August 24, 2011

අහසට නැගුණු
වැහි ලිහිණියෝ
කෑ ගසමින්
ඉගිලෙන්නට විය..


ගොරව ගොරවා
විදුලි  දැල් වී
මන්දාරම් අහස
පිනි දියෙන් තෙත් විය..


එහා ඉවුරෙන් 
කොකෙක් ඉගිලී
සෙවණ සොයා
එන්න තනන විට..
වැස්ස නැවතත්
වහින්නට විය..





මේ පාරේ අපි එකට යමු...

Sunday, August 21, 2011


අපි දෙන්නා වෙන් වෙලා
මේ පාර දිගේ ම
යන්න ගිය දවසට
දෙන්නාගෙන් එක් කෙනෙක්ට වත්
යන්න ලැබෙන්නේ නෑ..

මේ පීලි දිගේ ගිහින්
කව ම දාක වත් අපිට 
එකතු වෙන්න ලැබෙන්නෙ නෑ කියල
හිත පිළි ගන්නෙ නැත්නම්
අපි මක් කරන්න ද???

පුළුවන් තරම් කල්
අපි මේ විදියට
එක ම පාරේ
එකට යමු..

කවදාක හරි
කොහේ දි හරි 
මේ රේල් පීලි 
යා වෙන දවසක් ආවොත්
එදාට අපි එකතු වේවි...

එතකම්,
මේ පාරේ 
අපි එකට යමු...

පෙම් කරන්න නොදැනෙන හින්දා..


විළඳ කවා
සුවඳ පැනින් නහවා
රන් විමනේ
නුඹ සතපා..

දොරගුලු හැර දැම්මා ම
හැර ගියාට
ගිරා මලිති
නුඹ කම් නෑ
මිනිස් හදට
පෙම් කරන්න
නුඹ තරමට වත්
නොදැනෙන හින්දා..

පුළුවන් නම් 
ඇවිත් යන්න
රන් කූඩුව
වැළපෙන හින්දා..


ආදරය කරන්න කියා දුන්නේ නුඹයි


නුඹේ අත ගෙන
පෙර එක් කාලෙක
පිය පොඩි ඔසවා
ඇවිදින්න තතනද්දී
ආදරෙන් 
මගේ හිතට දිරි දුන්නා
අද වාගේ මතකයි 
අප්පච්චි..


පුංචි වේදනාවක් දැනුනත්
මට වඩා 
නුඹට රිදුනු බව
මට දැනුණා 
මගේ අප්පච්චි..


නුඹේ සවියෙන්
මට දිරි දුන්නත්
පැතුවේ නෑ නුඹ
ඉන් යළි කිසිවක්
සෙනෙහස දුන්
මගේ අප්පච්චී..

කැදැල්ල හැර දා
ඉගිලෙනු දැනුනත්
කඳුලැලි නොහෙලූ 
අප්පච්චී.. 

ආදරය කරන්නට
යළි නොපතන්නට
කියා දුන්නේ මට
නුඹයි මගේ අප්පච්චී...



 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading