Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

කම්මලේ බල්ලා..

Tuesday, August 30, 2011


උදේ ඉඳලා
හවස් වෙනකම්
අතෝරක් නැති
මහා හඬ මැද
සුවෙන් සැතපී
නිදන අපූරුව..
නුඹේ ගොරහැඩි
වදන් අහලා
හේතුවක් නැති
බැනුම් විඳලා
පුදුමයක් නෑ
මටත් පුළුවන්
නොදැනුනා වාගේ
කම්මලේ බල්ලාට...


24 comments

  1. t s really nice!
    2day im out of poetry
    so i jst say thumbs up!

    ReplyDelete
  2. Ah ela ela ..keep it up machan :P

    ReplyDelete
  3. බල්ලෙක් වගෙ ඉන්න
    ලැජ්ජ නැතිදෝ ඔබට....

    ReplyDelete
  4. Ela ela... :) but don't be a dog.. ;)

    ReplyDelete
  5. බැල්ලියක බැන වදින කළ
    බල්ලා ම වනු මිසක
    කරන්නට යම්
    දෙයක් මට වෙ ද??

    ReplyDelete
  6. කොමෙන්ටු වලට බොහොම තුති..

    ReplyDelete
  7. never realized dis until u pointed out :D :D very nice idea keep up the good work !!

    ReplyDelete
  8. ලස්සන කවි ටිකක් තියෙන්නෙ.
    නිවාඩු පාඩුවෙ ඇවිත් කියවල යන්නම් මලේ....
    බූස්සෙ කෑම්ප් එකේ හතරදෙනෙක් බ්ලොග් ලියනව එහෙනම්....!!!

    ReplyDelete
  9. කෙනෙක් බලු වූ කලට
    ඔබත් බල්ලෙක් වේද..
    අනෙක් බල්ලන් අතර
    මිනිසෙක්ම වනු මැනව...

    ReplyDelete
  10. @පිසාචයා..
    මම දන්නේ තුන් දෙනයි නේ..
    අනිත් අයගේ links දාන්න.

    ReplyDelete
  11. බල්ලාට මිනිසා ද
    මිනිසාට බල්ලා ද
    නැතිව බැරි උනේ
    අද ඊයේ නොවේ..

    බල්ලා ලෙස හිඳිනවා යයි
    කීමන් කිය වේද
    නුඹත් බැල්ලියක
    මාත් බල්ලෙකු බව..??

    ReplyDelete
  12. මල්ලි ඕක තමයි මචං පස්සෙන් ගිහින් යාලු උනාම තියෙන ආතල් එක. මටත් ඉස්සර ඔහොම හිතුන...

    ReplyDelete
  13. @Bootstrap

    ඒ මොකද?? දැන් එහෙම හිතෙන්නේ නැද්ද??

    ReplyDelete
  14. හැමදාම අහල අහල ඇති උනාම ඇග ඇතුළෙන්ම මතුවෙනව විරෝධයක්....

    යදම් වලිනුදු නිදහස
    සිර කොට තබනු හැකි නැත
    එසේ නම් සකි සද
    හැකිවේ ද ළදක ට ?

    ReplyDelete
  15. @Nj_A
    ඔබ බල්ලෙක් බව
    සතුටින් පැවසුවද
    මම එසේ නොවන බව
    සිත් තොසින් පවසමි...

    ReplyDelete
  16. @
    ළඳකට කිසි දාක
    නොහැක මා නවතන්න
    යදම් බිඳ දා
    මිදී යන සේ
    මම ද දිනයක
    මිදී යන්නෙමි...

    ReplyDelete
  17. wow....... nice wrk bro..... & nice wrk K.D...

    ReplyDelete
  18. කම්මලේ බල්ලා :-බල්ලා කම්මලේ වුව
    ඌ යකඩ නොවන බව
    වටහාගත් දාට උඹ
    අවදියෙන් සිටිමි මම !

    ReplyDelete
  19. @nuwan
    වටින අදහසක්....

    ReplyDelete
  20. @ najath &Nishadi KD
    බලු අසූචි පිඩක දෙකෙළවර සෙවීමකි
    ඔබ දෙදෙන කරන්නේ සකි
    ඇවිස්සීම හැමට කල හැකි
    දුගඳ විඳීමය කල නොහැකි !

    ReplyDelete
  21. @Nj_A
    බල්ලෙකු යයි කියමින්
    කෑගසුවේ ඔබයි
    මිනිසෙකු කිරීමට
    වෙරදරුවේ අපියි
    අසූචි අවිස්සීමට
    අදහසක් නැත අපට
    බලු ගති නැසීමට
    දරන වෑයමකි මේ...

    ReplyDelete
  22. @Nj
    දුවනු එපා බල්ලන් දැක,උන් පැන පැන සපා කයි,
    නමනු එපා කශේරුව කෙල්ලන් දැක ,උන් උඹේ ඔලුව කයි!

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading