ඇඟ හිරිගඩු පිපෙන
සීතල වියළි උදෑසනක,
කෙම් බිමක් නොපෙනෙන
කටුක රළු කතරක,
ඇයව දුටුවෙමි මම,
හදවතක් පතා ඇවිදින..
ඇගේ සියුමැලි නොකිලිටි හදවත
මට ම හිමි කර ගනු පිණිස
ගලවා දුනිමි මම
කලබලයෙන් මගේ හදවත..
කලබලය වැඩි කමට - මට
වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණි හදවත..
මගේ හදවත ගෙන වමතට
ඇගේ හද මට දෙනු වෙනුවට
පිටුපා යන්නට විය ඇය
හදවත් දෙකක් ළඟ ඇතිව..
නැති වූ හදවත සොයා මම
ඇවිද ගියෙමි සත් වසක් මග
අනතුරුව පිළිවිසිමි
සොඳුරු ගං මිටියාවතකට..
ගං ඉවුර අසල
පෙරළෙන රළට
තෙමී නොතෙමෙන
වියළී ගිය කිසිවක් දැක
හැරුණෙමි මම
හුරු පුරුදු බැවින් එය..
ළං වී බලා හඳුනා ගතිමි මම
ඒ හදවතක් බව..
සියුම් ව පරීක්ෂා කර
පෙරලා බලා දැක ගතිමි
වියළී ඉරිතැලුණු ලකුණු අතර,
වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණ සලකුණ..
Subscribe to:
Post Comments (Atom)
දුකයි...........
ReplyDeleteඅනේ අපොයි!!
Deleteසුපිරි කවියක් මල්ලියේ... හරිම ලස්සනයි..
ReplyDeleteජය වේවා!!!
ස්තුතියි අක්කේ!!
Deleteරිදුම් දෙන හදවතක් සුවපත් කෙරුමට ආදරය හැර ඔසුවක් නොමැත කිව්වලු කව්ද?
ReplyDeleteකවුද හැබෑට එහෙම කිව්වේ අක්කේ??
Deleteකල් යල් බලා හදවත් දෙන්ට එපැයි
ReplyDeleteආශිර්වාද වේවා
ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ නෙව බමුණෝ!!
Deleteඅරුණැල්ලට ආදරෙන් පිළි ගන්නවා!!
ජය වේවා!!
හරිම ලස්සන කවියක් මලයා..
ReplyDeleteස්තුතියි අයියේ!!
Deleteකෙනෙකුට හදවත දෙන්න කලින් එයා ලග හදවතක් තියනවද කියල බලන එක නුවනට හුරුයි මගේ හිතේ ,ලස්සන කවිය.....
ReplyDeleteඑහෙමයි අක්කේ.. හැබැයි ඉතින් හදවතක් තියෙන අයත් නැතිවා වගේ හැසිරෙද්දී එහෙම බලන එකෙත් ඒ හැටි තේරුමක් වෙන එකක් නෑ මයේ හිතේ!!
Deleteජය වේවා!!
දුනිමි හදවත
ReplyDeleteකර්ණිකාවද
සමග ඉරි තල..
බැලීමි හරවා
දෙපස එක ලෙස
ගන්න නෑ එහි
කිසිත් ඉතිරිව..
ආදරේ පුරවා
ගෙනත් දෙන්නට
නොහැක
ඒ තුල
සිදුරු බෝ ඇත..
කුමක් කරමිද
සිතා උන් කල
මාව දාලා
ඔහු දුවන බව
දුටිමි..
සත්වසක් මා
රැගෙන හදවත
පුරා ආලය
දමා පැලැස්තර
රැගෙන ගියෙම්
ඔහු සොයා..
ඒත්..
ඔහු නොඑන බව
සක්සුදක් සේ
දිටිමි මා
ගං ඉවුර අද්දර දි..
ස්තුතියි අයියේ!!
Deleteනියගෙට අහුවුණ හදවත් වලට කොච්චර ආදර වැස්ස වැටුනත් වැඩක් නෑ.. ඒක නිසා තෙත හදවතක් හොයා ගන්න එක අනාගතේට හොඳයි..
ReplyDeleteආ නැද්ද ආ...
කොහොම උනත් අත්තක් කියල තියෙනෝ...?
කාගෙන්ද ඔය හාර්ට් වස්තුව ගැන අහ ගත්තේ..?
අනිවා.. හදවත වියළි නම් ඉතින් යන්තමින් තෙමෙන්න නෙවෙයි. වතුර වලක ඔබලා තිබ්බත් වැඩක් නෑ නේ සුදා මලයෝ.. ඕ ලෙවල් කාලේ ඉගෙන ගත්ත එව්වා යන්තමින් මතක තිබුණා නෙව!!
Deleteජය වේවා!!
සුපිරි කවියක් මල්ලියෝ...:)
ReplyDeleteහදවත දෙන්න කලින් දෙන කෙනාගේ හදවත් කොච්චර ලස්සනද බලන්නම ඕන මල්ලියෝ..
ඇත්ත අක්කේ..
Deleteස්තුතියි මේ පැත්තේ ආවට!!
ජය වේවා.
සත්වසකට පෙර
ReplyDeleteගං ඉවුර ලඟදී
ලැබුන හදවත
හරව හරවා බැළූමුත් දසඅත
නොදැනුනි තෙතමනය
වියලි බව මිස
එහෙයින් විසිකලෙමි
ගංදියට හදවත සිසිලෙන් පිරී
දිනයක නියම අයිති කරුට හමුවන්නට..
මට නම් හිතා ගන්න බෑ වැරැද්ද කාගේද කියලා.. සමහර විට අක්කා කිව්වා විදිය වෙන්නත් පුලුවන්!
Deleteලස්සන කවි සංකල්පනාවක්.... හදවතින්ම රසවින්දා...
ReplyDeleteබොහොම ස්තුතියි දඟකාරි!!
Deleteසුපිරි අදහසක් මචං. කියල වැඩක් නෑ. හදවතේ ඉරි තැලුන තැන් කවදාවත් හදන්න බෑ.
ReplyDeleteකමෙන්ට් දාන්න බැරි ප්‍රශ්නේ හරි වගේ මචං දැන් !!
Deleteස්තුතියි යාළුවා!! ගැටළුව විසඳුනා නම් සතුටුයි!!
Deleteජය වේවා..
කවියේ භාෂාව සහ ගොනු කර ගත් ආකාරය අති විශිෂ්ඨයි. ඒවගේම නිසදැස් කවි ආර හොඳටම ගැලපෙනවා. ඒත් කවියේ මැද ගං ඉවුරක තෙමී නොතෙමෙන හදවතක් ඉරි තැලුනේ කොහොමද කියන එක ගැටලුවක්.
ReplyDeleteසමහර විට ඒ හදවතේ වියළි බව නැති කරන්න, විටින් විට හදවත තෙමන ගං දිය රැළිවලට බැරි වෙන්න ඇති අයියේ!!
Deleteඅති විශිෂ්ට නිර්මාණයක්...
ReplyDeleteබොහොම ස්තුතියි!!
Deleteකලබලෙන් හදවත් ගලවන්න යන්න එපා ය කියන්නේ ඔන්න ඕක තමා... :P
ReplyDeleteඅමුතු විදියට හිතලා ගතානුගතික ශෛලියෙන් මිදිලා අමුතු විදියට ලියපු නිර්මාණයක්... ඇත්තටම ලස්සනයි
හදිස්සි වුනාම හදවත වත් ගැලව ගන්න බැරි වෙනවා කියන්නේ ඔන්න ඕක තමයි!
Deleteස්තුතියි තොටියා!
ලස්සනයි, විශිෂ්ටයි
ReplyDeleteස්තුතියි මල්ලි!
Deleteගොඩක් ලස්සන නිර්මාණයක් මල්ලී..:)
ReplyDeleteකලබලවන්නා නිහිසැනසිල්ලේ පසුතැවෙයිලුනෙ.. :D
අනිවාර්යයෙන් ම.. ස්තුතියි අක්කේ!!
Deleteජය වේවා!!
අම්මප දනිමි ඉල්ලුවොත් මගෙන්
ReplyDeleteදෙන්නෙමි යන්න ගුටි පාර පයින්
ඔහොම කියන අය තමා ඉතිං හැමෝට ම කලින් දෙන්නේ!! හෙක් හෙක්!!
Deleteජය වේවා..
හරිම ලස්සනයි... මම නම් ගොඩාක් රසවින්දා... ඔබේ හැකියාව විශ්ෂ්ඨයි...
ReplyDeleteස්තුතියි සිරා!!
Deleteහෑ.. අමතක උනානෙ පට්ටම ලස්සනයි..හොදේ..
ReplyDeleteස්තුතියි නරුමයා!
Deleteජය වේවා!!
හරිම ලස්සනයි..... ආදරේදි හදවත දෙන්න කලින් සිය දහස් වතාවක් හිතන්න ඕනෙ... එහෙම හිතල හිතල ආයෙ හොයාගන්න බැරි වෙන විදියටම දෙන්න...හැබැයි හරි කෙනාට..... :)
ReplyDelete