Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ඇය සහ හදවත

Thursday, August 16, 2012

ඇඟ හිරිගඩු පිපෙන
සීතල වියළි උදෑසනක,
කෙම් බිමක් නොපෙනෙන
කටුක රළු කතරක,
ඇයව දුටුවෙමි මම,
හදවතක් පතා ඇවිදින..

ඇගේ සියුමැලි නොකිලිටි හදවත
මට ම හිමි කර ගනු පිණිස
ගලවා දුනිමි මම
කලබලයෙන් මගේ හදවත..

කලබලය වැඩි කමට - මට
වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණි හදවත..

මගේ හදවත ගෙන වමතට
ඇගේ හද මට දෙනු වෙනුවට
පිටුපා යන්නට විය ඇය
හදවත් දෙකක් ළඟ ඇතිව..

නැති වූ හදවත සොයා මම
ඇවිද ගියෙමි සත් වසක් මග
අනතුරුව පිළිවිසිමි
සොඳුරු ගං මිටියාවතකට..

ගං ඉවුර අසල
පෙරළෙන රළට
තෙමී නොතෙමෙන
වියළී ගිය කිසිවක් දැක
හැරුණෙමි මම
හුරු පුරුදු බැවින් එය..

ළං වී බලා හඳුනා ගතිමි මම
ඒ හදවතක් බව..
සියුම් ව පරීක්ෂා කර
පෙරලා බලා දැක ගතිමි
වියළී ඉරිතැලුණු ලකුණු අතර,

වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණ සලකුණ..







42 comments

  1. සුපිරි කවියක් මල්ලියේ... හරිම ලස්සනයි..
    ජය වේවා!!!

    ReplyDelete
  2. රිදුම් දෙන හදවතක් සුවපත් කෙරුමට ආදරය හැර ඔසුවක් නොමැත කිව්වලු කව්ද?

    ReplyDelete
    Replies
    1. කවුද හැබෑට එහෙම කිව්වේ අක්කේ??

      Delete
  3. කල් යල් බලා හදවත් දෙන්ට එපැයි
    ආශිර්වාද වේවා

    ReplyDelete
    Replies
    1. ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ නෙව බමුණෝ!!
      අරුණැල්ලට ආදරෙන් පිළි ගන්නවා!!
      ජය වේවා!!

      Delete
  4. හරිම ලස්සන කවියක් මලයා..

    ReplyDelete
  5. කෙනෙකුට හදවත දෙන්න කලින් එයා ලග හදවතක් තියනවද කියල බලන එක නුවනට හුරුයි මගේ හිතේ ,ලස්සන කවිය.....

    ReplyDelete
    Replies
    1. එහෙමයි අක්කේ.. හැබැයි ඉතින් හදවතක් තියෙන අයත් නැතිවා වගේ හැසිරෙද්දී එහෙම බලන එකෙත් ඒ හැටි තේරුමක් වෙන එකක් නෑ මයේ හිතේ!!
      ජය වේවා!!

      Delete
  6. දුනිමි හදවත
    කර්ණිකාවද
    සමග ඉරි තල..
    බැලීමි හරවා
    දෙපස එක ලෙස
    ගන්න නෑ එහි
    කිසිත් ඉතිරිව..
    ආදරේ පුරවා
    ගෙනත් දෙන්නට
    නොහැක
    ඒ තුල
    සිදුරු බෝ ඇත..
    කුමක් කරමිද
    සිතා උන් කල
    මාව දාලා
    ඔහු දුවන බව
    දුටිමි..
    සත්වසක් මා
    රැගෙන හදවත
    පුරා ආලය
    දමා පැලැස්තර
    රැගෙන ගියෙම්
    ඔහු සොයා..
    ඒත්..
    ඔහු නොඑන බව
    සක්සුදක් සේ
    දිටිමි මා
    ගං ඉවුර අද්දර දි..

    ReplyDelete
  7. නියගෙට අහුවුණ හදවත් වලට කොච්චර ආදර වැස්ස වැටුනත් වැඩක් නෑ.. ඒක නිසා තෙත හදවතක් හොයා ගන්න එක අනාගතේට හොඳයි..
    ආ නැද්ද ආ...
    කොහොම උනත් අත්තක් කියල තියෙනෝ...?
    කාගෙන්ද ඔය හාර්ට් වස්තුව ගැන අහ ගත්තේ..?

    ReplyDelete
    Replies
    1. අනිවා.. හදවත වියළි නම් ඉතින් යන්තමින් තෙමෙන්න නෙවෙයි. වතුර වලක ඔබලා තිබ්බත් වැඩක් නෑ නේ සුදා මලයෝ.. ඕ ලෙවල් කාලේ ඉගෙන ගත්ත එව්වා යන්තමින් මතක තිබුණා නෙව!!
      ජය වේවා!!

      Delete
  8. සුපිරි කවියක් මල්ලියෝ...:)
    හදවත දෙන්න කලින් දෙන කෙනාගේ හදවත් කොච්චර ලස්සනද බලන්නම ඕන මල්ලියෝ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ..
      ස්තුතියි මේ පැත්තේ ආවට!!
      ජය වේවා.

      Delete
  9. සත්වසකට පෙර
    ගං ඉවුර ලඟදී
    ලැබුන හදවත
    හරව හරවා බැළූමුත් දසඅත
    නොදැනුනි තෙතමනය
    වියලි බව මිස
    එහෙයින් විසිකලෙමි
    ගංදියට හදවත සිසිලෙන් පිරී
    දිනයක නියම අයිති කරුට හමුවන්නට..

    ReplyDelete
    Replies
    1. මට නම් හිතා ගන්න බෑ වැරැද්ද කාගේද කියලා.. සමහර විට අක්කා කිව්වා විදිය වෙන්නත් පුලුවන්!

      Delete
  10. ලස්සන කවි සංකල්පනාවක්.... හදවතින්ම රසවින්දා...

    ReplyDelete
  11. සුපිරි අදහසක් මචං. කියල වැඩක් නෑ. හදවතේ ඉරි තැලුන තැන් කවදාවත් හදන්න බෑ.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් දාන්න බැරි ප්‍රශ්නේ හරි වගේ මචං දැන් !!

      Delete
    2. ස්තුතියි යාළුවා!! ගැටළුව විසඳුනා නම් සතුටුයි!!
      ජය වේවා..

      Delete
  12. කවියේ භාෂාව සහ ගොනු කර ගත් ආකාරය අති විශිෂ්ඨයි. ඒවගේම නිසදැස් කවි ආර හොඳටම ගැලපෙනවා. ඒත් කවියේ මැද ගං ඉවුරක තෙමී නොතෙමෙන හදවතක් ඉරි තැලුනේ කොහොමද කියන එක ගැටලුවක්.

    ReplyDelete
    Replies
    1. සමහර විට ඒ හදවතේ වියළි බව නැති කරන්න, විටින් විට හදවත තෙමන ගං දිය රැළිවලට බැරි වෙන්න ඇති අයියේ!!

      Delete
  13. අති විශිෂ්ට නිර්මාණයක්...

    ReplyDelete
  14. කලබලෙන් හදවත් ගලවන්න යන්න එපා ය කියන්නේ ඔන්න ඕක තමා... :P
    අමුතු විදියට හිතලා ගතානුගතික ශෛලියෙන් මිදිලා අමුතු විදියට ලියපු නිර්මාණයක්... ඇත්තටම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හදිස්සි වුනාම හදවත වත් ගැලව ගන්න බැරි වෙනවා කියන්නේ ඔන්න ඕක තමයි!
      ස්තුතියි තොටියා!

      Delete
  15. ලස්සනයි, විශිෂ්ටයි

    ReplyDelete
  16. ගොඩක් ලස්සන නිර්මාණයක් මල්ලී..:)

    කලබලවන්නා නිහිසැනසිල්ලේ පසුතැවෙයිලුනෙ.. :D

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම.. ස්තුතියි අක්කේ!!
      ජය වේවා!!

      Delete
  17. අම්මප දනිමි ඉල්ලුවොත් මගෙන්
    දෙන්නෙමි යන්න ගුටි පාර පයින්

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන අය තමා ඉතිං හැමෝට ම කලින් දෙන්නේ!! හෙක් හෙක්!!
      ජය වේවා..

      Delete
  18. හරිම ලස්සනයි... මම නම් ගොඩාක් රසවින්දා... ඔබේ හැකියාව විශ්ෂ්ඨයි...

    ReplyDelete
  19. හෑ.. අමතක උනානෙ පට්ටම ලස්සනයි..හොදේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නරුමයා!
      ජය වේවා!!

      Delete
  20. හරිම ලස්සනයි..... ආදරේදි හදවත දෙන්න කලින් සිය දහස් වතාවක් හිතන්න ඕනෙ... එහෙම හිතල හිතල ආයෙ හොයාගන්න බැරි වෙන විදියටම දෙන්න...හැබැයි හරි කෙනාට..... :)

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading