Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ලෝකෙත් එක්ක හැප්පෙන්න යන ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකකට ඔබෙන් උදව්වක් ඕන!!

Saturday, August 15, 2015

ලෝකයේ රටවල් 127ක් සාමාජිකත්වය දරන, බ්‍රිතාන්‍යයේ, ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය සැළකෙන්නේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ දැවැන්ත ම සංවිධාන කිහිපයෙන් එකක් විදිහටයි. Institution of Engineering and Technology, එහෙමත් නැතිනම් IET ලෙස මේ ආයතනය හඳුන්වනවා.  
මෙම ආයතනය වාර්ෂිකව IET Global Challenge නමින් තරඟයක් සංවිධානය කරනවා. ඉංජිනේරු ක්ෂේත්‍රයේ සියලු ම දෙනාට විවෘත මෙම තරඟය සඳහා IET හි සාමාජිකත්වය දරන ඕනෑ ම රටකින් කණ්ඩායම් ඉදිරිපත් විය හැකියි. මේ තරඟයේ දි, තරගකරුවන්ට යම් කිසි ගැටළුවක් සඳහා විසඳුමක් සෙවීමට භාර දෙනවා. මේ සොයන විසඳුම තාක්ෂණික එකක් වීම අවශ්‍යයි. ලෝකය පුරා කණ්ඩායම් වලින් ඉදිරිපත් වන සැලසුම් අධ්‍යනය කිරීමෙන් පස්සේ, හොඳ ම විසඳුම් හතරක් අවසන් වටය සඳහා තෝරා ගැනෙනවා. එයිනුත් හොඳ ම කණ්ඩායම අවසන් වටයේ තරඟයෙන් තෝරා ගැනෙනවා.
මෙම වසරේ IET Global Challenge 2015 තරඟයේ අවසාන වටයේ තරඟය මේ දිනවල පැවැත්වෙනවා. නිර්මාණාත්මක ඉංජිනේරු සැලසුම් තරඟයක් වන මෙහි, මෙවර ඉලක්කය වුයේ Laptop පරිගණක සඳහා වඩාත් හොඳ තත්වයේ cooling pad එකක් නිර්මාණය කිරීමයි. අවසාන වටය වෙනුවෙන් තරඟකරුවන් විසින් ඉදිරිපත් කරන ලද විඩියෝ පටයන්ගේ ඇගයීම් කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. (මෙම විඩියෝ පටය සඳහා ලබා ගන්නා මනාප වෙනුවෙන් මුළු ලකුණු සංඛ්‍යාවෙන් කොටසක් ලබා දෙනවා.)
රටවල් 127ක කණ්ඩායම් අතරින්, මුලික වටයේ තරඟ වලින් අනතුරුව තෝරා ගත් කණ්ඩායම් 4ක් මෙම අවසන් වටය සඳහා ඉදිරිපත් වනවා.

අපට මේ තරඟය විශේෂ වන්නේ අවසන් වටය නියෝජනය කරන බ්‍රිතාන්‍යයේ සහ ඉන්දියාවේ කණ්ඩායම් අතරට අපේ පුංචි ශ්‍රී ලංකාවෙනුත් කණ්ඩායමක් සුදුසුකම් ලබා තිබෙන නිසයි. 
අරුණැල්ල ලියන මමත්, තිදෙනෙකුගෙන් යුත් මේ කණ්ඩායමේ එක් සාමාජිකයෙක්. :)
අවසන් තරගය ජයග්‍රහණය කරන්න අපිට අරුණැල්ල කියවන හැමෝගෙම සහයෝගය අවශ්‍යයි. අපි වෙනුවෙන් මනාපය පල කිරීමට ඔබටත් පුළුවන්. ඔබ කළ යුත්තේ මේ ලින්ක් එක වෙත යාමයි.
ඉන් පස්සේ, මේ පියවර ටික අනුගමනය කරන්න.
1. පළමුව, දකුණු පස ඉහළ කෙළවර ඇති Log In බොත්තම තද කරන්න.
2. ඔබට IET ගිණුමක් ඇත්නම් ඒ හරහා පිවිසෙන්න. නැතිනම් එතැනින් ම, පහසුවෙන්, නොමිලේ ම ගිණුමක් සාදා ගැනීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
3. ලින්කුවේ ඇති වීඩියෝව නරඹන්න.
4. like emoticon ලකුණ තද කර, ඔබගේ මනාපය ශ්‍රී ලංකාව නියෝජනය කරන එක ම කණ්ඩායම වන අපට ලබා දෙන්න.

ශ්‍රී ලංකාව කියන්නේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ දැවැන්ත රටක් නෙවෙයි. තාක්ෂනය අතින් අපි ඉන්නේ බොහොම පිටුපසින්. ඒ වගේ තත්වයක් යටතේ මේ විදියේ ජයග්‍රහණයක් ලබා ගන්න එක, තාක්ෂනය අතින් බොහොම ඉදිරියෙන් ඉන්න රටවල් එක්ක තරග කරන එක ඒ තරම් පහසු කටයුත්තක් නෙවෙයි. අපි අපේ උපරිමය කළා. මේ තරගය දිනන්න අපිට ඔබේ උදව් ඕනෑ. ටිකක් වෙලාව ගත වෙනවා මේ විදියට මනාපය පළ කරද්දී. නමුත් ඔබ ලබා දෙන සහයෝගය අපට ගොඩක් වටිනවා. පුළුවන් නම් අපට උදව් කරන්න. 
ජය වේවා!




 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading