Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

බටහිරට එහා ගිය අපේ දැනුම - ලිපි පෙළක ආරම්භය

Tuesday, June 19, 2012





කවුරුන් පිළි ගත්තත් නොගත්තත්, අද ලෝකය ක්‍රමයෙන් විනාශය කරා යමින් පවතී. බටහිර දැනුම මත පදනම් ව කෙරෙන ඊනියා සංවර්ධනය ක්‍රියාවලිය නිසා දිනෙන් දින සම්පත් විනාශ වෙමින් පෘථිවියේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල වෙයි. එසේ වීමට නම් අප භාවිත කරන දැනුම නිවැරදි සහ භාවිත කළ යුතු දැනුම නොවිය යුතු ය. මිනිසා යනු පරිසරයේ එක් කොටසක් විනා එහි හිමිකරු නොවේ. ඒ බව අප අවබෝධ කර ගත යුතු ය. මෙම රටාව වෙනස් විය යුතු ය. එසේ වීමට නම් බටහිර දැනුම උඩු යටිකුරු වන ආකාරයේ වෙනත් දැනුමක් මගින් එය ප්‍රතිස්ථාපනය (replace) විය යුතු ය. එම දැනුම සිංහල බෞද්ධ දැනුම මත පදනම් වූවක් කරවා ගැනීම සඳහා දියත් කෙරෙන මහාචාර්ය නලින් ද සිල්වා ගේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය නම් සංකල්පය සහ එයින් කෙරෙන යම් යම් පැහැදිලි කිරීම මා අවබෝධ කර ගත් ආකාරය මත පදනම් ව සරල ව  පැහැදිලි කිරීම සඳහා මේ ලිපි පෙල ලියැවේ..


අප යම් දෙයක් පිළිබඳව දන්නවා යනු ඒ පිළිබඳව යම් ප්‍රවාදයක් නැතිනම් කතාවක් අප නිර්මාණය කරගෙන ඇති බව යි.. උදාහරණයක් ලෙස ඔබ දැන් පරිඝනකය ඉදිරිපිට ට වී මේ සටහන කියවනවා විය හැකි ය. ඔබ වාඩි වී සිටින්නේ පුටුවක් මත යැයි සිතමු. ඔබ 'පුටුව පිළිබඳව දන්නවා' යනු, ලී කකුල් හතරක් මත තවත් ලැල්ලක් යොදා, හේත්තු වන්නට තවත් කොටසක් සවි කර ඇති දෙය පුටුව යැයි කතාවක් යමෙකු නිර්මාණය කර ඒ දැනුම ඔබට ලබා දී ඇති බවයි. ඒ කතාව අසා නොතිබෙන්නට ඒ පුටුවක් යැයි ඔබට අවබෝධ නොවන්නට පුළුවන්. මෙහි දී භාෂාව වැදගත් නොවේ. වැදගත් වන්නේ සංකල්පය යි.

බොහෝ විට මෙලෙස නිර්මාණය කරන ලද කතාව වැරදි වීමට හැකියාවක් ඇත. එවිට වඩාත් නිවැරදි වූ කතාවක් මගින් අදාල සංකල්පය ප්‍රතිස්ථාපනය කිරීමට සිදු වේ. උදාහරණයක් ලෙස කරකැවෙන පුටුවක් අප මුලින් කියූ කතාවට නොගැළපේ. එසේ නම් ඒ කතාව වැරදි එකකි. ඒ නිසා එය වෙනත් කතාවක් මගින් ප්‍රතිස්ථාපනය කළ යුතු ය. දැනුම යනු මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් මිස සොයා ගත් දෙයක් නොවන්නේ මේ ආකාරයට ය. මේ දැනුම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙයි.

කෙටියෙන් සහ සරලව කියන්නේ නම් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හරහා නිර්මාණය වූ දැනුමක් බටහිරයන් සතු වන අතර, සිංහල බෞද්ධ සංස්කෘතිය හරහා නිර්මාණය වූ දැනුමක් අප සතුව ඇත. මෙහිදී සැලකිය යුතු වන්නේ, මේ දැනුම නිර්මාණය කිරීම සිදු වූ සංස්කෘතිය හැඳින්වීමට අදාල නම් යෙදීම සහ අදාල ආගම් අතර සෘජු සම්බන්ධයක් නැති බව යි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ජීවත් වූ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් බුදු දහම නො ඇදහුවත් ඔවුන් සතු වූ දැනුම ගැනෙන්නේ ද සිංහල බෞද්ධ දැනුමෙහි කොටසක් වශයෙනි. සිංහල බෞද්ධ සංස්කෘතිය මගින් අප ලබා ගත දැනුමට අමතරව වේදය, සිද්ධ සහ යුනානි දැනුම ආදී වශයෙන් තවත් රටවල් සහ ආගම් වල සංස්කෘතීන් හා බැඳුනු දැනුම පවතී. මේ ලිපි පෙළ පුරා කතා බහ කෙරෙන අපේ දැනුම යනු සිංහල බෞද්ධ දැනුමයි. 

අප පිළි ගත්තත් නැතත් අද ලෝකය බටහිර ආධිපත්‍යයට නතු ව පවතී. එය දේශපාලනිකව පමණක් නොව දැනුම මගින් ද සිදු කරන ලද්දකි. අද සෑම පාසලක ම සහ විශ්ව විද්‍යාලයක ම පාහේ ඉගැන්වෙන්නේ බටහිර දැනුමයි. අප කුඩා කළ පටන් ම මනසට කාවද්දා ඇත්තේ බටහිර දැනුම නිවැරදි බව සහ එය එක ම නිවැරදි දැනුම බවයි. අතරින් පතර අපේ දැනුම ගැන අසන්නට ලැබුණත් එය පිළි නොගන්නට හෝ එහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට බටහිර දැනුම යොදා ගන්නට අප පෙළඹී ඇත්තේ එබැවිනි. මේ පෙළඹවීම නොවන්නට හුදෙක් දේශපාලනික වශයෙන් පමණක් අප පාලනය කරන්නට හෝ බලපෑම් කරන්නට බටහිරයන්ට ඉඩ නොලැබිය හැකි ය.

සිංහල බෞද්ධ සංස්කෘතිය වසර දෙදහස් පන්සියයකට එහා ඉතිහාසයක් සහිත එකකි. අපේ රටේ කර්මාන්ත සඳහා යකඩ තලද්දී බටහිරයන් නිරුවතින් දඩයම් කරමින් ජීවත් වූ බව ජන වහරේ පවතී. එය සත්‍ය වුවත් නැතත්, අතීතයේ අප සතුව සුවිශාල දැනුම් සම්භාරයක් තිබී ඇත. ඒ කාලයේ බටහිරයන් සතුව එවැන්නක් තිබී හෝ නොතිබී අද බටහිර දැනුම ලෝකය පුරා පැතිරී යන තරම් විශාලව වැඩී ඇත. දැනුම යනු නිර්මාණය වන දෙයක් බව කලින් සඳහන් කළෙමි. අපට වඩා බොහෝ දුර්වල ව පවතී ඔවුනගේ දැනුම අද මේ තරම් විශාලව වැඩී ඇත්නම්, අප සතු වූ දැනුම ඔස්සේ යමින් නව ප්‍රවාද නිර්මානය කළේ නම් අද අපේ දැනුම බටහිරට වඩා ඉදිරියෙන් පිහිටන්නට ඉඩ තිබිණි. මෙහි සැළකිය යුතු දෙයක් ඇත. අපේ රටේ මහා විශාල වැව් හැදුවේ අද ජලාශ සෑදීමේ දී තරම් පරිසර විනාශයක් නොකර ය. සුවිසල් දාගැබ් තැනුවේ අද ගොඩනැගිලි ඉදි කරද්දී මෙන් පරිසරය විනාශ නොකර ය. අපේ සංස්කෘතිය බැඳී පැවතුනේ පරිසරයත් සමග ය.

සමහර විට අපේ දැනුම මගින් පරිඝනක නො තැනෙන්නට ඉඩ තිබිණි. නමුත් ඊට එහා ගිය නිර්මාණ කෙරෙන්නට ඉඩ තිබිණි. රෝද සවි කළ කරත්තයක් හදා ගන්නට බටහිරයන් නොහැකිව තිබූ අවධියේ රාවණා දඬු මොණරයෙන් ගොස් සීතා පැහැරගෙන ආ බව අපේ ජන ප්‍රවාදයේ සඳහන් වේ. තව ද එය භාරතයේ ලියැවුණු රාමායනයේ සඳහන් වෙයි. කියන කරන සෑම දෙයක් ම පිළි ගන්නට බටහිර පොත් පත් වල සඳහන් සාක්ෂි, සාධක ඉල්ලන්නන්ට මෙය විහිළුවක් විය හැකි ය. එහෙත් එයට එක් හේතුවක් විය හැකි යැයි මට සිතේ. බොහෝ දුරට රාවණා දඬු මොණරයෙන් ගිය කාලයේ බටහිරයන්ගේ ප්‍රවෘත්ති වාර්තාකරණය සහ ලේඛනය දුර්වල වී පවතින්නට ඉඩ ඇත. ඒ හේතුව නිසා එක්කෝ අදාල සිද්ධිය බටහිරට සැල නොවන්නට ඇත. නැතිනම් ඒ පිළිබඳව තේරුම් ගැනීමට හෝ ලියා තැබීමට ඔවුනට නොතේරුණා විය හැකි ය. භාරතයේ සහ ලංකාවේ ඒ පිලිබඳ සඳහන් පවතීමටත් බටහිරට නොලැබීමටත් හේතුව බොහෝ විට එය විය හැකි ය..

බටහිර දැනුමේ දෝෂ නිසා සහ නිවැරදි සංවිධානාත්මක බවින් තොර වීම නිසා අද පරිසරය බොහෝ දුරට විනාශ වී ඇත. නමුත් අපේ දැනුම වර්ධනය වී නම් මෙවැනි විනාශයක් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබිණි. සංවර්ධනය යනු පරිසරය සහ තමාට වැදගත් නොවේ යැයි හිතෙන දේ විනාශ කරමින් ආත්මාර්ථකාමීව සිදු කෙරෙන වැඩ පිළිවෙලක් නොවිය යුතු ය. පරිසරය සමග එහි ම කොටසක් ලෙස සිටිමින් අපේ අවශ්‍යතා ඉටු කර ගැනීම නිවැරදි පැවැත්මයි.

භාෂාව හැසිරවීමේ දී හැකි තාක් සරලව සහ සෘජුව අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ ගතිමි. මෙය බටහිර අදහස් වලින් හිස පුරවා ගත් කෙහෙතලාට නොතේරෙන්නට පුළුවන. ඇනෝ අදහස් බොහොමයක් වැටෙන්නට පුළුවන.අරුණැල්ලේ හිට්ස් අඩු වීමට ද පුළුවන. නමුත් මේ ලිපි පෙල ඉදිරියට ද ලියවෙනු ඇත..


51 comments

  1. ඔය මොරාල් එක ඔහොම්ම තියාගෙන දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරනවා යාළුවා.. ස්තුතියි!!

      Delete
  2. //සංවර්ධනය යනු පරිසරය සහ තමාට වැදගත් නොවේ යැයි හිතෙන දේ විනාශ කරමින් ආත්මාර්ථකාමීව සිදු කෙරෙන වැඩ පිළිවෙලක් නොවිය යුතු ය. පරිසරය සමග එහි ම කොටසක් ලෙස සිටිමින් අපේ අවශ්‍යතා ඉටු කර ගැනීම නිවැරදි පැවැත්මයි.//
    Elaaz...Carry on..!!!

    ReplyDelete
  3. වටිනා කියන ලිපි පෙළක ආරම්භයක් කියලා හිතෙනවා. කවුරු කියෙව්වත් නොකියෙව්වත් ඒක අනිවා ලියන්න. අද ඒක නොකියෙව්වත් හෙට ඒක කියවන්න කට්ටිය ඉදීවි

    ReplyDelete
    Replies
    1. ඔබේ බලාපොරොත්තු බිඳ වට්ටන්නේ නැතිව, හැකි උපරිමයෙන් ලියන්න උත්සාහ කරනවා.. ස්තුතියි සහෝ!

      Delete
  4. හිට්ස්ගැන හිතන්න එපා...ලියන්න දිගටම....:)

    ReplyDelete
    Replies
    1. මම හිතුව විදියට ම හිට්ස් අඩු වෙලා. නමුත් එයින් මේ ලිපි පෙලට බලපෑමක් ඇති වෙන්නේ නෑ..
      ස්තුතියි ඔබට!!

      Delete
  5. වඩාත්ම සිත්ගත් ලිපියක් ,තවත් මෙවැනි ලිපි බලාපොරොත්තුවෙමි ...

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුව ඉටු කරන්නට උත්සාහ ගනිමි..
      ස්තුතියි.. ජය වේවා!

      Delete
  6. නියමයි...
    නියම මාතෘකාවක්...නියම දෘෂ්ටියක්...
    දිගටම ලියන්න....යථාර්තය ගැන කතා කරන්න මොනම හේතුවක් නිසාවත් පැකිලෙන්න එපා...දිගටම එන්නම් කියවන්න...
    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. යතාර්ථවාදී වීමත් බටහිර සංකල්පයක් ක්‍රියාත්මක කිරීමක්. ඒ පිළිබඳවත් ඉදිරියට කියන්නම්.!
      ස්තුතියි සහෝ!

      Delete
  7. ඔව්. හරියට අයි ෆෝන් එකක් ගල් යුගේදී පෙන්නුවා වගේ. නිකමට හිතන්න.. ගල් යුගේදී අයි ෆෝන් එකට වඳින්න හදයි නේද මිනිස්සු? එහෙව් මිනිස්සුන්ට එල්.සී.ඩී., ඩී.වී.ඩී.ගැන තේරුම්කරන්න පුලුවන්ද? ආන්න ඒ වගේ තමයි මේකත්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම.. හරියට ම හරි යන උදාහරණය දුන්නා!! අපේ දැනුම අද තිබුණා නම් අපි මීට වඩා සැහෙන්න වෙනස් සහ යහපත් ජීවිතයක් ගත කරන්න තිබුණා.

      Delete
  8. නියමයි මචං. මේ ලිපි ටිකට හිට්ස් ගැන හිතන්න යන්න එපා. කවුරු ආවේ නැතත් මේ වගේ වැදගත් ලිපි කියවන්න අපි එනවා. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙපා අයියේ!!
      ජය වේවා!

      Delete
  9. නියමයි මලයා ලියමු.. අපි එනවා කියවන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ!!

      Delete
  10. එක හුස්මට කියෙව්වා.....නොකියවන එවුන් ගැන හිතන්න එපා කියවන අපිට ලියහන් දිගටම.....සිත් ගත්තා මචං උඹේ වචන භාවිතය....මොනා වුනත් අපිට අපේ කියලා දෙයක් තියෙනවා සුද්දෝ නෙමේ මොකා ඉදියත් ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම!! අගය කිරීමට බොහොම ස්තුතියි මචං!
      ජය වේවා!

      Delete
  11. බටහිරට ආවඩන ඇතැම් පිරිසකට මේ ලිපි පෙළ රිදෙන්න පුළුවන්. එත් පුහු මානේ බිඳ දාන්න මේ ලිපි පෙළ දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම.. මම බලාපොරොත්තු වුණු එක්තරා කොමෙන්ටුවක් මෙතන නැහැ.
      හැකි තාක් උත්සාහ කරනවා මගේ වගකීම ඉටු කරන්න! ස්තුතියි අයියේ!!

      Delete
  12. මචං මේක කියෙව්වාම මට හිතුනේ උඹයි නලින් ද සිල්වයි දෙන්නම එක්කෙනෙක්ද කියලා.
    උඹේ 2,3 ඡේද ගැන මෙහෙම කිව්වත් හරි නේ... අපේ භාශාව පරිණාමය වන අවදියෙදි සිදු නොවුනු මොකක් හරි අහම්බයක් වෙලා පරිණාමය ටිකක් වෙනස් වුනා නම් භාශාවේ 'හු**' කියන අමු තිත්ත කුනුහරුපය සුභාවිතයක් වෙලා 'එන්න' කියන වචනය අමු තිත්ත කුනුහරුපයක් වෙන්න තිබුනා කියන එක නේ..
    යකෝ මේ ලොකේ තියෙන සියලුම දේවල් සංකල්ප තමයි. මුලු විද්‍යාවම ගොඩ නැගිලා තියෙන්නේ ගණිතය කියන මනෝ මූලික සංකල්පය මත. දැන් ඒක සම්මුතියක් වෙලා.
    මට මේක කියපන්... ලංකාවෙන් බැරි වෙලාවත් අයින්ස්ටයින් බිහි වුනා නම් උඹ ඔය කතා ව කියනවද? බිහි වුනේ නැත්තේ වෙන අවුලක් නිසා. 3වන ලෝකයේ රටවල් බොහොමයකට එහෙම වෙලා තියෙන්නේ ඒ අවුල නිසා. ඒක දේශපාලන අවුලක්.

    ReplyDelete
    Replies
    1. සැරවචනෙන් කිව්වට කියපු දෙයක් නැහැ නේද මචං ....lol

      Delete
    2. ෆැන්ටසිට ඉතින් ෆැන්ටසි වර්ඩ් ම ඕන ඇති නේ කියපු දෙයක් තියෙනව කියල පේන්න.. ලොලේ ලොල්

      Delete
    3. ඉදිරි ලිපි වල දී ඔබේ ගැටළු වලට පිළිතුරු දීමට අදහස් කරගෙන සිටින නිසා මෙතැන පිළිතුරු නොදෙමි!

      Delete
    4. ඔව් ඔව් අපි බලමුකෝ. නලින්ගේ අපේ ප්‍රවාද, මගේ ලෝකය ගැන කියපුවාට අටුවා ටීකා නොදී අලුත් දෙයක් කරයි කියලා හිතනවා. ආයිත් එකක් දාන්න කලින් 'ක්වන්ටම් දයලෙක්තිකය' පොත කියවන්න කියලත් ආරාධනා කරනවා..

      Delete
  13. මම නම් නලින්ද සිල්වා සර් ගෙ සෑම මතයක් එක්කම එකඟ නෑ.. සමහර ඒව මගෙත් එක්ක එකඟ නැති ගතියක් තියේ...
    ඒ වුනාට මේ ලිපි පෙළ නම් වටිනව....
    මගෙ යෝජනාව සලකා බැලීම ගැන සතුටු වෙමි..

    ඉතුරු පෝස්ට් ටිකත් දාන්ටකො....


    --ජය--

    ReplyDelete
    Replies
    1. මාත් ඔහුගේ මත එක්කලා 100% ක් එකඟ නැහැ. නමුත් අනෙක් පුද්ගලයන්ගේ මත වලට සාපේක්ෂව වැඩි එකඟතාවක් තිබෙනවා. විශේෂයෙන් බටහිර විද්‍යාව පිලිබඳ ඔහුගේ සංකල්ප වලට මම සම්පුර්ණයෙන් ම පාහේ එකඟයි!

      Delete
  14. වටින ලිපි පෙලක ආරම්භයක් වගේ....

    ඇත්තටම මීට වසර දහස් ගනනකට පෙර ලොව දියුණු ශිෂ්ඨාචාර අතරින් දියුණුම ශිෂ්ඨාචාරය හෙලය විය යුතුයි... ගෘහනිර්මාණ ශිල්පය, වාරි කර්මාන්තය, ආචාරශීලී බව ( යම් ආචාර ධර්ම පද්දතියකට අනුකූලව ජීවත්වීම ) යන කරුණු සැලකිල්ලට ගත්තහම මේ සියල්ල කේන්ද්‍රගත වූ ස්ථානයක් ලෙස සැලකන්න පුලුවන් හෙලය ඇරුනහම මිසරය විතරයි...

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට. නමුත් දියුණු ම එක යැයි කියන්නට තරම් හදිස්සි වෙන්න ඕන නැහැ. සෙසු සංස්කෘතීන්ට වඩා හොඳ එකක් අප සතු ව තිබුණා කියන්න පුළුවන්..

      Delete
  15. පට්ටයි මචං . . . මගේ හිතේ තියෙන අදහස් ලිව්වා වාගෙයි...හරිම අපුරුයි,කවුරු හරි කමක් නෑ මතය ඉදිරියට ගොඩ නැගෙන්නයි ඕන.
    හිට්ස් ,ඇනෝල ගැන බය වෙන්න එපා...කාටත් බුද්ධිමත්ව තර්ක කරන්න ආරාධනා කරන්න..එය ඔබෙත් ඔවුන්ගේත් දැනුම වරගන්නාවි...දිගටම ලියන්න..කවුරු නැතත් අපි ඉන්නවා...අපි තර්ක කරමු ,හැප්පෙමු . . .වාද කරමු..අවසානයේ බුද්ධිමත් එකගතාවකට එන්න පුළුවන් වේවි...
    ෆැන්ටසියෙන් සුභ පැතුම් !!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ෆැන්ටසි!!

      Delete
  16. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය කියන්නෙ අපේ ලෝකය අපි විසින් නිර්මාණය කරගන්නා ලද්දක් බවයි.අපි අහන දකින හැමදේම අපේ ඉන්ද්‍රිය පද්ධතියට හා මනසට සාපේක්ෂයි කියල තමයි එකෙන් කියන්නෙ.ඇත්තටම අපේම කියල විද්‍යාවක් බිහිකිරීමේ අවශ්‍යතාවය හා ලෝකයට යහපත් දැක්මක් නිර්මාණය කිරීමේ මුල් පියවරක් නලින්ද සිල්වාගෙන් ආරම්භ වී ඇත.
    ප්‍රශ්නේ කියන්නෙ කවදාවත් ඇහැට දැක නැති ගුරුත්වාකර්ෂණය නිව්ටන් කී සැනින් පිළිගන්නා අපි බුදුන් වහන්සේ ද දේශනා කර ඇති දෙවියන් පිළිගැනීමට අකමැති වීමයි.
    කොහොම උණත් මේ ලිපි පෙළ දෙස අවධානයෙන් බල සිටිනවා.
    ජය!!

    ReplyDelete
    Replies
    1. පළමු ඡේදයෙන් ගම්‍ය වන සමහර දේ හැරුණු විට සෙසු සියල්ල සමග එකඟ වෙමි!!

      Delete
  17. ලිපියේ බොහෝ කරුණු වලට එකඟ වෙමි.
    බටහිර දැනුම සහමුලින්ම ප්‍රතික්ශේප කරන්නැතුව හැම දෙයින්ම හොඳ දේ ලබාගන්නව නම් වඩාත් වටිනව කියලයි මගේ අදහස.....

    ReplyDelete
    Replies
    1. සංස්කෘතික අවශෝෂණය සහ අනුකරණය පිලිබඳ ලිපියක් ලියවෙද්දී මේ පිළිබඳව සඳහන් කරන්නම්!

      Delete
  18. බටහිර ජීවත් වන කෙනෙක් විදියට ඔයා කියන සියලුම දේට එකඟ වන්න මට බැහැ....කවුරු උනත් කොහෙන් උනත් හොඳ දේ හොඳයි කියල පිළිඅරන්,නරක දේ එපා කියල ජීවත් වෙනව නම් ඒකයි හරි...

    ReplyDelete
    Replies
    1. බටහිර අය නරකයි කියන එක නෙවෙයි අක්කේ කිව්වේ. ලිපි පෙළත් එක්ක දිගට ම ඉන්න කියලා ආරාධනා කරනවා!

      Delete
  19. නියම ආරම්භයක්.. මේවගේ කරුනු කතාබහට ලක්වෙනවට කැමතියි. අපි අපේ දේවලුත් රැකගෙන බටහිරින් හොඳ දේවල් උකහා ගැනීම අපේ පැවැතුමට හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ! දිගට ම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා!

      Delete
  20. අපූරු ලිපි පෙලක ආරම්භයක් කියලා හිතෙනවා..
    මම නම් හිතන්නේ හැම දැනුමකටම කාලයක් තියනවා කියලා..ශිෂ්ඨාචාරවල නැගීම සමඟ බැසීමද සිද්ධ වෙනවා..ස්වාභාවික වරණයත් මේකෙම කොටසක්..

    ReplyDelete
    Replies
    1. ශිෂ්ටාචාරයක නැගීමක් සිදු වී පසුව බැසීමක් වෙන්නේ ඒ ශිෂ්ටාචාරය කාලනුරුපි නොවීම නිසායි. නමුත් අපේ සංස්කෘතිය කාලානුරුපි නොවුනා යැයි කියන්න බැහැ. බොහෝ දුරට දේශපාලන බලපෑම් මෙයට හේතු වන්නට ඇති.
      ස්වභාවික වරණය කියන්නේ අක්කේ බටහිර සංකල්පයක්!!

      රැඳී ඉන්න දිගට ම! අපි වාද කරමු..

      Delete
  21. හොඳ ලිපියක ආරම්භයක් මල්ලි...

    කියෙවුවා..දැනුනා...වින්දා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ!
      දිගට ම ඉන්න..

      Delete
  22. Digatama Liyannako Yaluu..Api Ennam Kiyawanna..:)

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරනවා යාලු.. දිගට ම එන්න.. ස්තුතියි.
      ජය වේවා!!

      Delete
  23. උඹ අපි වගේ ලියන හැම එකාටම තියෙන ආතල් එක හිට්ස් තමා බං.උඹට හිට්ස් වලින් නම් අඩුවක් වෙන එකක් නෑ.සමහර විට ජෝගි කාරයො චුට්ටක් අඩුවෙලා මොලයක් ඇති එවුන් මේ වටා එකතු වේවි.කියවන්න ආස විදිහට ලියල තිබුන වගේම මේව පල් නොවුනු නැවුම් තොරතුරු.කවුරු නැතත් සඳකිඳුර නම් ඉන්නවෝ......... ජය රැංගෝ

    ReplyDelete
  24. වැඩේ නම් නියමයි මචන් අපේ දැනුම ඉතාම ප්‍රබලයි වගේම ශක්තිමත් හැබැයි බං ඔය අපේ දැනුම ගැන කතා කරන කතා කරන සමහරුන්ගේ ගොන් තර්ක නම් පිළිගන්න බෑ

    ReplyDelete
  25. මම මේ දවස්වල නලින් සර්ගේ අපේ ප්‍රවාද කියවමිනුයි ඉන්නේ.අය්යා අලුත් දෙයක් ලියාවි කියලා හිතෙනවා.

    ReplyDelete
  26. අඩේ මේ ලිපිය මට මිස් උනා නේ
    දැන් කියවන්න මතක් උනේ :ඩ්
    හොඳ ලිපිපෙලක් වගේ දිගටම ලියමු

    ReplyDelete

 

මේලයෙන් ලිපි ගෙන්වා ගන්න

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading