ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රය සම්පුර්ණයෙන් ම පාහේ විභාග රටාව මත පදනම වුවක් පමණක් බව පෙර පාසල් යන දරුවෙකු පවා දන්නා කරුණකි. පහේ ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය ලෙසත්, සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගේ විභාගය ලෙසත්, උසස් පෙළ දරුවන්ගේ විභාගය ලෙසත් හැඳින්වෙන රටක, දෙමාපියන්ගේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා ශිෂ්‍යත්වය අසමත් වන දරුවා කෙසේ හෝ ඉදිරි ශ්‍රේණි තරණය කර ගුරුවරුන්ගේ නොසැලකිල්ල සහ වගකීම් විරහිත බව නිසා සාමාන්‍ය පෙළ අසමත් ව දරුවන්ගේ විභාගයට මුහුණ දීමට තබා, හරි හමන් රැකියාවක් වත් ලබා ගත නොහැකිව ලත වනු ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි ය.
පවතින රටාව තුළ ගණිතය විෂයය ලබා ගන්නේ සුවිශේෂී ස්ථානයකි. තර්කානුකුල වීම, සැලසුම් සහගත වීම, පිළිවෙල සහ ඉක්මණින් වඩාත් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ගණිතය විෂයය නිසි පරිදි ඉගෙනීමෙන් ලැබෙනා බව පොදු පිළිගැනීමයි. එවන් තත්වයක් පවතිද්දී, සාමාන්‍ය පෙළ විභාගයෙන්ගණිතය විෂයය අසමත් වීම, සම්මුඛ පරීක්ෂණයක පළමු අදියරයේ දී ම ඉවතට විසි වීමට ප්‍රධාන හේතුවක් වීම නොවැලක්විය හැකි ය.
අපි ජීවත් වීමේ දී කරනු ලබන සෑම කටයුත්තක දී ම පාහේ භාවිත වන්නේ ගණිතය යි. ගණිතය පිලිබඳ නිසි අවබෝධයක් නැතිනම්, සරලව කියන්නේ නම් 'ගණන් බැරි නම්', අඩු තරමේ ඇවිදින්නට වත් හැකියාවක් පැවතිය නොහැක. නමුත් බොහොමයක් සිසුන් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට ලකුණු 35 සීමාව ලඟා කර ගත නොහැකිව අසමත් වීම දැකිය හැකි ය. මෙහි පවතින්නේ ගණිතය නොදන්නා කමක් නොව, නිසි ලෙස ගණිතමය මුලධර්ම තහවුරු නොවීමක් වන බව අපි අවබෝධ කර ගත්තෙමු. ප්‍රාථමික අධ්‍යාපනයේ පවතින යම් යම් දුර්වලතා සහ ද්විතියක පංතිවල ගුරුවරු සිය කාර්යය භාරය නිසි පරිදි ඉටු නොකිරීම මේ ගැටළුවට ප්‍රධානතම හේතුවක් වන බව අපි නිරීක්ෂණය කළෙමු.
මේ සියල්ල අධ්‍යයනය කිරීමට අප පෙලඹවූයේ, ගණිතය සිසු තරණ වැඩසටහනේ සම්පත් දායකයන් වශයෙන් කටයුතු කරන්නට අප විශ්ව විද්‍යාලයේ, 13 වන ශිෂ්‍ය කණ්ඩායමට හෙවත් අපගේ ශිෂ්‍ය කණ්ඩායමට ආරාධනාවක් ලැබීම යි. ගාල්ල දිස්ත්‍රික්කයේ විවිධ පාසල්වල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින, 10 ශ්‍රේණියේ අවසන් වාර පරීක්ෂණයේ දී 40 ට වඩා අඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත, සාර්ථකව සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවශ්‍ය දැනුම ලබා දීම සහ ආත්ම විශ්වාසය ගොඩ නැංවීම අප ලද වගකීම විය.
මේ යටතේ, පළමුව අපි අදාල වැඩසටහන දැනට ක්‍රියාත්මක වන ගාල්ල, බටදුව ශ්‍රී රතනජෝති විද්‍යාලයේ පැවති වැඩසටහනක් අධ්‍යනය කළෙමු. ඉන් අනතුරුව අපි කණ්ඩායම් 7 කට බෙදී තෝරා ගත් විද්‍යාල 7 ක එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කළෙමු. මා ඇතුළු පිරිස ගාල්ල ඕල්කට් විද්‍යාලයේ පැවත්වෙන සිසු තරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නම් කෙරුණි.ඒ අනුව, අප විසින් ක්‍රියාත්මක කරන ලද පළමු වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 7 ක දී පසුගිය සෙනසුරාදා (ජුලි 7) පැවැත්විණි. වැළක්විය නොහැකි හේතුවක් නොවන්නට සෑම සතියක ම සෙනසුරාදා දින අදාල විද්‍යාල වල මෙකී වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.
ගාල්ලේ නගරබද පීඩිත පවුල් වල, නිසි මග පෙන්වීමක් නොලත්, අතහැර දැමුණු සොයුරු සොයුරියන් පිරිසක් සමග යන මේ ගමනේ පළමු දිනයේ ම වෙනස් ආකාරයේ අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට සිදු විය. ගණිතය විෂයය සිය ප්‍රියතම විෂයය කර ගත්, ඒ විෂයයට අතිශයින් දස්කම් දැක්වූ පිරිසක් සමග ගණිතයට අදක්ෂ යැයි හංවඩු ගැසුණු, එහෙයින් ම ඒ විෂයය සිය අප්‍රියතම විෂයය කර ගත් පිරිසක් එක්ව කෙරෙන මේ කටයුත්ත සැබවින් ම අභියෝගාත්මක එකක් වීමට බොහෝ විට ඉඩ ඇත. ඒ අතරතුර අප අත්දකින, ලොග් සටහන් පොතෙහි ලියවෙන/නොලියවෙන රස මුසු දේ අරුණැල්ලෙහි පාඨක ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. ඒ ලිපි පෙළ සමග එක් වන ලෙස ගෞරවයෙන් ඇරයුම් කරමි!
ජය වේවා!!
ගණිතය සිසු තරණ - අපේ සමාජ සත්කාර
Thursday, July 12, 2012
Labels:
අපේ සමාජ සත්කාර,
ආ ගිය තොරතුරු,
සමාජයීය,
සරසවියේ අත්දැකීම්
Subscribe to:
Post Comments (Atom)
හොඳ වැඩසටහනක් සහෝ...
ReplyDeleteසුපිරි වැඩක් ඈ!!!සුභ පැතුම්!
ReplyDeleteගණිතය..මම කියන පුද්ගලයට නම් ටිකක් විතර අරහං..:/
ReplyDelete:) :)
කොහොම නමුත් පොස්ටුව වැදගත්!
ජය වේවා!
ReplyDeleteඅපිත් කැම්පස් ආවේ මේ වගේ වැඩකරන්න හිතාගෙන:):)
එල එල!
ReplyDeleteමහත්පල මහානිසංස හම්බුවෙන පින්කමක්!
ඇත්තටම ගොඩක් හොද වැඩක්..ඔයාලගේ මේ වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!
ReplyDeleteරැංගෝ දන්නවද දන්නෙ නෑ පේරාදෙණිය ඉංජිනේරු පිඨය විසින් අවුරුදු පතා පවත්වන පාසල් සම්මන්ත්‍රණමාලාවෙ නමත් අරුණැල්ල කියලා..
ReplyDeleteමම ඉස්සෙල්ලාම මේ බ්ලොග් එකට ආවෙ ඒ ගැන ලියන එකක් කියලා හිතලා වැරදිලා..
එයාලත් කරන්නෙ ඔයාලා වගේම වැඩසටහනක් තමා..ඒත් දැන් ඒක ගොඩක් දුෂ්කර පලාත්වල පාසල්වලට දැනුම වගේම පුළුවන් නම් භෞතික සම්පත් දායකයො වෙන්නත් ඉංජිනේරු පීඨ ශිෂ්‍යයො වැඩ කරනවා..
සුභ පතනවා..ඔයාලටත්..
එල.......
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හොද දෙයක්...
ReplyDeleteජයම වේවා !
හොද වැඩක්...
ReplyDeleteසුභ පැතුම්!!!