වියළි කටුක දුහුවිල්ලේ
සෙවණක් නැති වැලි කතරේ
දැවුනු වතට සිසිල දෙන්න
සීගිරියට නැගෙනා හිරු
කොටු පවුරට මුදුන් වෙලා
රූමස්සල කඳු අතරින්
මැකිලා යන හැටි බලන්න
මකරන්දය ගලා හැලෙන
සිහිල් මිහිරි උදෑසනේ
බඹරුන් නැති සුළඟ වෙතට
නුඹේ ලපෙති දිග හරින්න..
දවස පුරා වෙහෙස වෙලා
දැනෙන වෙහෙස නිවා ලන්න
වසන්තයේ සුළං රොදක්
මගෙ කුටියට කැඳව ගන්න
ඔහේ හමන ඒ සුළඟට
නුඹේ සුසුමක් මුසු කරන්න
මා එන තුරු සුවඳ මලේ
නුඹේ සුසුම් නොහෙලා ඉන්න..
නුඹේ උකුලේ හිස තියාන
දෑස් එක්ක හිනා වෙන්න
මැවිසුරු වී මට ලෝකෙට
නුඹේ ලෝකෙට ඉරක් වෙන්න
වෙදැදුරු වී නුඹ ලෝකෙට
මගේ ලෝකෙට සඳක් වෙන්න
මගේ පුංචි කුමාරියේ
හද මඩලට වැඩමවන්න..

එල තමා :)))
ReplyDeleteඅපිත් එක හිතින්ම පතනවා
ස්තුතියි මලයා!!
Delete:) :) ලස්සනයි සහෝ!
ReplyDeleteස්තුතියි සහෝ!!
Deleteපිස්සු හැදෙයි..මරු බං..:)
ReplyDeleteමල්ලිගේ ප්‍රාර්ථනාව ඒ විදියටම ඉෂ්ට වෙන්න කියල සුභ පතනවා..!!!
ජයෙන් ජයම වේවා!
බොහොම ස්තුතියි අයියේ!! ජය වේවා!
Deleteලස්සනයි :)
ReplyDeleteස්තුතියි අක්කේ!!
Deleteජය වේවා !
ReplyDeleteඑසේ ම වේවා!!
Deleteකවියේ අදහස නම් බොහොම සරලයි. හැබැයි කිවායේ සීමාව ඉක්මවා ගිතයට ළංවෙන බවක් වැටහෙනවා. ගීයකය ඡායානුවාදයක් වගේ. මේ කවියේ ආරම්භයේ "සීගිරිය" පදය එතෙන්ට ගැලපෙන්නෙ නෑ වගේ.
ReplyDeleteමොකද රූමස්සල ගැන කියවෙන කොට ඒ අසලට දිස්වෙන ගාලු කොටුව හිතේ යටින් එබිකම් කරන නිසා.
අනි ක්කාරණය"මා එන තුරු මගෙ මලේ" කිව්ව ගමන් මතක් වෙන්නෙම "මල්ලි" යන අරුත ගෙන දෙන පදය.ඒ දෙකම වෙනස් වුණානම් හොඳයි වගේ.
බොහොම ස්තුතියි අයියේ.
Deleteඒ කියපු තැන් දෙකෙන් එකක් හැදුවා. සීගිරියේ කතාව තමයි හදන්න ඉතිරි වුනේ..
ඒ ගැනත් හිතලා බලන්නම්..
දයානන්ද අයිය එක්ක එකඟයි!
ReplyDeleteසිරා නිර්මාණයක්!:)
ස්තුතියි සහෝ!!
Deleteපට්ටාස්.........
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතියි රජෝ!!
Deleteහුගක් ලස්සනයි....
ReplyDeleteස්තුතියි සිතුවිලි!!
Deleteලස්සනයි මටත් හිතුණා සීගිරි පදය ගැලපෙන්නෙ නෑ කියලා...අනිත් වචන නම් සුපර්...මම එිතන්නෙ ආවමද මන්දා මේ පැත්තට...
ReplyDeleteස්තුතියි සිත්තමි.. ආදරයෙන් පිළි ගන්නවා අරුණැල්ලට..
Deletegodak lassanai machan.....godak!
ReplyDeleteස්තුතියි යාලුවා..
DeleteFabulous malliyo. nice work. I like the words Ma enathuru mage piume bambara pahasa nilaba inna.
ReplyDeleteThanks a lot akka!!
Deleteස්තුතියි සහෝ!!
ReplyDelete