Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

මගේ පුංචි කුමාරියේ

Wednesday, July 11, 2012

මැද පෙරදිග ගිනි අව්වේ
වියළි කටුක දුහුවිල්ලේ
සෙවණක් නැති වැලි කතරේ
දැවුනු වතට සිසිල දෙන්න
සීගිරියට නැගෙනා හිරු
කොටු පවුරට මුදුන් වෙලා
රූමස්සල කඳු අතරින්
මැකිලා යන හැටි බලන්න
මකරන්දය ගලා හැලෙන
සිහිල් මිහිරි උදෑසනේ

බඹරුන් නැති සුළඟ වෙතට
නුඹේ ලපෙති දිග හරින්න..


දවස පුරා වෙහෙස වෙලා
දැනෙන වෙහෙස නිවා ලන්න
වසන්තයේ සුළං රොදක්
මගෙ කුටියට කැඳව ගන්න
ඔහේ හමන ඒ සුළඟට
නුඹේ සුසුමක් මුසු කරන්න
මා එන තුරු සුවඳ මලේ
නුඹේ සුසුම් නොහෙලා ඉන්න..

නුඹේ උකුලේ හිස තියාන
දෑස් එක්ක හිනා වෙන්න
මැවිසුරු වී මට ලෝකෙට
නුඹේ ලෝකෙට ඉරක් වෙන්න
වෙදැදුරු වී නුඹ ලෝකෙට
මගේ ලෝකෙට සඳක් වෙන්න
මගේ පුංචි කුමාරියේ
හද මඩලට වැඩමවන්න..



Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

25 comments

  1. එල තමා :)))
    අපිත් එක හිතින්ම පතනවා

    ReplyDelete
  2. :) :) ලස්සනයි සහෝ!

    ReplyDelete
  3. පිස්සු හැදෙයි..මරු බං..:)
    මල්ලිගේ ප්‍රාර්ථනාව ඒ විදියටම ඉෂ්ට වෙන්න කියල සුභ පතනවා..!!!
    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ!! ජය වේවා!

      Delete
  4. කවියේ අදහස නම් බොහොම සරලයි. හැබැයි කිවායේ සීමාව ඉක්මවා ගිතයට ළංවෙන බවක් වැටහෙනවා. ගීයකය ඡායානුවාදයක් වගේ. මේ කවියේ ආරම්භයේ "සීගිරිය" පදය එතෙන්ට ගැලපෙන්නෙ නෑ වගේ.

    මොකද රූමස්සල ගැන කියවෙන කොට ඒ අසලට දිස්වෙන ගාලු කොටුව හිතේ යටින් එබිකම් කරන නිසා.

    අනි ක්කාරණය"මා එන තුරු මගෙ මලේ" කිව්ව ගමන් මතක් වෙන්නෙම "මල්ලි" යන අරුත ගෙන දෙන පදය.ඒ දෙකම වෙනස් වුණානම් හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ.
      ඒ කියපු තැන් දෙකෙන් එකක් හැදුවා. සීගිරියේ කතාව තමයි හදන්න ඉතිරි වුනේ..
      ඒ ගැනත් හිතලා බලන්නම්..

      Delete
  5. දයානන්ද අයිය එක්ක එකඟයි!
    සිරා නිර්මාණයක්!:)

    ReplyDelete
  6. පට්ටාස්.........

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. ලස්සනයි මටත් හිතුණා සීගිරි පදය ගැලපෙන්නෙ නෑ කියලා...අනිත් වචන නම් සුපර්...මම එිතන්නෙ ආවමද මන්දා මේ පැත්තට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිත්තමි.. ආදරයෙන් පිළි ගන්නවා අරුණැල්ලට..

      Delete
  8. godak lassanai machan.....godak!

    ReplyDelete
  9. Fabulous malliyo. nice work. I like the words Ma enathuru mage piume bambara pahasa nilaba inna.

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading