නුඹ හා හුන්
තවත් දවසක්
ගෙවී යන යුරු
බලා හිඳිනෙමි
අන්තිම පැන්සයත්
පරාද වූ
සූදු අන්තුවෙකුගේ
බැල්මෙන්...
ප/ලි:
මේ ටිකේ මම ගොඩක් අයගේ බ්ලොග් වලට ආවේ නෑ කියලා ඇති වෙන්න නෝක්කාඩු ඇහුව නේ.. ඔන්න තව පැය කිහිපයකින් ඔලුව පිරිලා තිබුණු මගේ වැඩ ටික ඉවර වෙනවා.. ඊට පස්සේ ආපු නැති බ්ලොග් වලට එනවා.. කාගේ හරි බ්ලොග් එකක් මග හැරිලා නම් කියන්න හොඳේ!!
ගෙවී යන දවසක් කියන්නේ ජීවිතේ මහා ලොකු කාලයක්..
ReplyDeleteඒක නේ අයියේ..
Deleteබලන් රෑ අහස
ReplyDeleteකළුවරේ ගිලෙන
විරාමයක් මිස
අඳුර නොවේ
උදාවෙන තුරු
තව අරුණැල්ලක්
මේ උදා වෙන්නේ
Deleteඒ අරුණැල්ල යි..
ලස්සනයි රැන්ගො..:) ඔයාගෙ බ්ලොග් එකෙ ෆොන්ට් සයිස් එක තව ටිකක් ලොකු කරා නම් හොඳයි කියලා හිතෙනවා...කියවන්නන්ට පහසුවෙන් කියවන්න...තරහ නැ නෙ එහෙම කිව්වට..:))
ReplyDeleteමටත් ඒක හිතුණා.. මේ තීම් ඒකෙ පොඩි අවුලක්.. මම උත්සාහ කරන්නම්.. ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට Reeza!!
Deleteඅන්තිම පැන්සයටම පරදින්න
ReplyDeleteඇයි දිවිය තබන්නේ සූදුවක
ආදරය යයි නම් ලද..
බොහොම අගෙයි කොල්ලා
කවිය තේරුම් අරගෙන වගේ!!!
Deleteස්තුතියි අයියා!
Iwarai kiwwata iwarama na hnde..this is just 1 out of 8 or may be more than 8....
ReplyDeleteඔව් ඉතින්.. තව මේ වගේ 7ක් ලියද්දි හොඳ පණ ගිහින් තියේවි!
Deleteඅද දවස ගෙවුනට හෙට ආයේ හිරු පායාවි..... :D
ReplyDeleteඒත් ඒ වෙන දවසක් නේ..
Deleteජීවත් වෙන්න තියෙන දවස් ගණන එන්න එන්න ම අඩු වෙනවා!
"නුඹ හා උන් තවත් දවසක්" මිස
ReplyDeleteඋන් අන්තිම අවසන් දවස නොවේනම්...
ඇයිද බැසයන හිරු දැක හඬන්නේ
හෙට අළුත් දවසක් අරන් ඒ නම්...
ඒ දවසේ
Deleteනුඹ
මා හා
නොවේ නම්??
නොසැලෙන්, නොවැටෙන්
ReplyDeleteඔබටත් දවසක ඉරපායනු ඇත
එදාට මල් පැණියෙන් නා ගනු මැනවි :D
ජය පතමි !!!
නාමි නාමි..
Deleteඑදාට හිටු කියා
නා ගනිමි!!
ආයෙමත් හෙට සූදුවෙන් දිනන්නත් පුලුවන්. බලාපොරොත්තුව අත්හරින්න නරකයි.
ReplyDeleteඒත් අන්තිම පැන්සයත් ඉවරයි නේ..
Deleteවැඩ ඉවර වුනාම ටිකක් හිත නිදහස් කරගන්න ඈත බලන ඉන්න.
ReplyDeleteගොඩක් වෙලාවට අහස දිහා බලන් ඉන්නේ එකයි!
Deleteපට්ටයි ඈ.. රැන්ගෝ..
ReplyDeleteස්තුතියි රජතුමනි!
Deleteදුක හිතෙන හැන්දෑව
ReplyDeleteඇවිත් මා ළගටම
හිස් අතින්
ඈ උන්නු උණුසුමත්
අරගෙන
හිතුවක්කාර ලෙස
යන්න ගිය
සීතල සුළඟ..
ලස්සන ගීතයක
Deleteසුන්දර පද පෙලක් මතක වුණා!
ස්තුතියි අයියේ!
කියන්නෙ,ලඳක් ගැනනම්ගෑනියි,සූදුවයි සමකරන්නෙ?
ReplyDeleteසූදුවට සම කළේ ගැහැණිය නෙවෙයි.. ආදරය!
Deleteජිවිතේ හැටි ඔහොම තමයි මල්ලියෝ..ජිවිතේ හැමදාම පැරදීමක් නෑ කවදා හරි ජයග්‍රහණයක් තියනවා...ජය..!!!
ReplyDeleteඇත්ත අක්කේ.. ඒත් ජයග්‍රහණය කරන වෙලාව එද්දී, අපිට ලබා ගන්න දෙයක් නැති වෙලා නම්??
Deleteෂෝට් ඇන්ඩ් ස්වීට්...නියමයි රැංගෝ හිතට වදින්නම ලියලා තියෙනවා..ඔබට ජය!!!
ReplyDeleteස්තුතියි ගවේෂකයා!
Deleteඇය යන්න ගියා මැකිලා.....
ReplyDeleteමට ටක්ගාලා මතක් වුනේ අමරසිරි පීරිස්ගෙ එම ගීතය...
සරලයි...පැහැදිලියි....අර්ථය දැනෙනවා මල්ලි....
ස්තුතියි අක්කේ!!
Deleteඅන්තිම පැන්සෙත් හිදෙනකම් බලන් හිටියද ආදරේ වෙනුවෙන්...
ReplyDelete:)
බලා හිඳීම අවසන් වෙද්දී අතේ පැන්සේ නෑ...
Deleteමොනවා කියන්නද මන්දා :)
ReplyDeleteඅල්ලලා දාන්න අයියේ!
Delete