අවුරුදු ගණනාවක් පුරාවට,එහෙමත් නැත්නම් ජීවිත කාලය පුරාවට ගොඩ නැගුණු මතකයන්, හැම දේ ම මාසයක් දෙකක් ඇතුලත අමතක කරලා, ජීවිතේ අලුතින් ම පටන් ගන්න එක ලේසි නැහැ. නැති වී ගිය සම්බන්ධතා නිසා බිඳ වැටුණු මානසික තත්වය ගොඩ ගන්න තවත් ඒ වගේ ම සම්බන්ධතා බොහොමයක් අවශ්‍ය වෙනවා. ඒත් එහෙම වෙලා තියෙන වෙලාවක හුදෙකලා වෙන්න සිදු වුනොත්? එහෙම වුණොත් ඒ මතකයන් නිසා පිස්සු නොහැදී බේරෙන්න ලැබෙනවා නම් වාසනාවක්.
ආදරය කරන
කෙනෙක් ආදරයෙන් පරදින එක ජීවිතය නැති කර ගන්න තරම් දෙයක් නෙවෙයි. ඒත්, දන්න කියන
කාලේ ඉඳලා ම ආශ්‍රය කරලා, හිතා ගන්න බැරි තරම් ලං වෙලා, ඒ තරම් ම, නැත්නම් ඊටත්
වඩා ආදරය කරපු දෙන්නෙක්ට තමන්ගේ වැරද්දක් නැතිව, සමාජයේ යම් යම් සම්මතයන් නිසා වෙන් වෙන්න සිද්ධ වෙනවා නම්, එතන
දී හිත හදා ගන්න විදියක් තියෙනවා ද? ඊළඟ ආත්මයේ දී වත් අපි දෙන්නට එකතු වෙන්න
ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා වෙන් වෙමු කියලා ඔයා කියද්දී, මම ඊළඟ ආත්මයක් ගැන
විශ්වාස කරන්නේ නැති බව සමහර විට ඔයාට අමතක වෙන්න ඇති.
කැම්පස් එකේ
නිවාඩුවත් එක්ක ම ගෙදරට වෙලා තනියෙන් ඉන්නේ නැතුව, පේරාදෙණියේ ආවේ පිස්සු නොහැදී
ඉන්න කියලා කියන එකේ වරදක් නැහැ.. ඇත්තට ම මම ආවේ ඒ මතකයන් අමතක කරන්න.සැරින් සැරේ
ඔයා මට කතා කරන්න උත්සාහ කළත්, මම පිළිතුරු නොදුන්නේ ඔයාගෙන් ඈත් වෙන්න හිතාගෙන මේ
ආපු ගමන ඵල රහිත එකක් කර ගන්න ඕන නැති නිසාමයි. පිළිගන්න අකමැති වුණත්, ආයෙමත් ගමේ ගියාම ඔයාව දකිද්දී ඒ අමතක කරපු මතකයන් හැම එකක් ම මතක් වෙන බව මම හොඳින්
ම දැනගෙන හිටියා.
වසන්තයේ අගදී
ත් පේරාදෙණිය බොහොම සුන්දරයි. කහ පාට ට, රෝස
පාට ට රොබරෝසියා මල නොපිපුනාට රතු ම රතු පාටට මහා විශාල මැයි ගස් පිරී ඉතිරිලා
යන්න තරම් පිපුණු මැයි මල්, මුළු පේරාදෙණිය ම ලස්සන කරනවා. සැරින් සැරේ හමන සිසිල්
සුළං රැල්ලට පාට පාට මල් පෙති බොහොම සීරුවට පාවෙලා ඇවිත් ආදරෙන් පොළොව වැළඳ
ගන්නවා. හරියට බොහොම කාලයක් වෙන් වෙලා හිටපු ආදරවන්තියක් තමන්ගේ ප්‍රියයා හමු
වෙනවා වගේ..
අක්බාර් පාලම උඩට
වෙලා පහළින් පෙනෙන ආදර වීදිය දිහා බලාගෙන ඉන්න මට, ආදරෙන් තුරුළු වුණු පෙම් යුවළ
බොහොම හෙමින් ඒ දිගේ පියමං කරනවා දකිද්දී මතක් වෙන්නේ මගේ අතේ එල්ලිලා ගියපු
ඔයාව.. ඒ හැම දේ ම දැන් අතීතයට එකතු වෙලා ඉවරයි. හරියට බොහොම ලස්සන දර්ශනයක්
මවමින්, ඉර බැහැගෙන ගියාට පස්සේ අක්බාර් පාලම ඝන අඳුරේ ගිලෙනවා වගේ.
හිතේ ඇති වුණු
කණස්සල්ලෙන් මිදෙන්න වෙන්න ඇති සමහර විට මම පාලමෙන් එහා පැත්තට යන්න ඇත්තේ. ඒත් පාලමෙන්
එහා පැත්තේ, මහා විශාලව වැඩුණු කඩොලාන ගහ යට, පෙම් සුව විඳින පෙම්වතුන් ආයෙමත් මගේ
හිත චංචල කළා. ලස්සනට පිපුණු මල් වලින් සැරසුණු, ක්‍රමානුකුල මාවත් දිගේ තේරුමක්
නැතිව ඔහේ ඇවිදලා මම ආයෙමත් ආවේ අක්බාර්
පාලම උඩට. දැන් ටිකෙන් ටික ඉර බැහැගෙන යන්න සැරසෙනවා. පරිසරය පුදුමාකාර විදියට
ලස්සනයි. පාලමේ එක බැම්මකට හේත්තු වෙලා ගඟ දිහාව බලාගෙන ඉඳිද්දී, මට කාලය ගත වෙනවා
දැනුනේ නැහැ.
මගේ උරහිස මත කවුරු
හරි සීරුවට ඇත තියනවා වගේ දැනුණු හින්දා ඒ දිහාව බැලුවා.
“මොකද මෙතන
තනියම කරන්නේ? කතා නොකරන්නේ මාත් එක්ක තරහා වෙලා ද?”
ඒ ඔයාගේ ම සුපුරුදු
ලයාන්විත කට හඬ..
මම කොහොම ද මගේ
ඇස් අදහා ගන්නේ? ඔයා ඇත්තට ම මාව හොයාගෙන ඇවිත්..මගෙන් පිළිතුරක් නැති නිසා
සැතපුම් සිය ගානක් ගෙවාගෙන, ඔයා මාව හොයාගෙන ඇවිත්..
“ආදරේ
කියන්නේ මේක නෙවෙයි ද?”
මගේ උරහිස මත
තිබුණු ඔයාගේ අත උඩින් මගේ අත තියන ගමන් මම මගෙන් ම අහ ගත්තා..
සැ.යු:
සම්පුර්ණයෙන් ම හිතලුවකි.. සැබෑ ජීවිතයට මෙලෝ සම්බන්ධයක් නැත!
ප/ලි:
නව කතාවක ලක්ෂණ වලට සමාන ලක්ෂණ සහිත කෙටි කතාවක් ලියන්න ආසාවක් තිබුණා. ඒ වගේ ම පේරාදෙණියේ දී අත්විඳපු සමහර දේවල් නිසා මෙහෙම ලියන්න හිතුණා.අඩුපාඩු බොහොමයක් තියෙන්න පුළුවන්. (භාෂාව ටිකක් බොළඳ වැඩි වීම ඇතුළුව)
ඒවා පෙන්වා දීම ශක්තියක් වේවි!
ඒවා පෙන්වා දීම ශක්තියක් වේවි!
පරිසර වැනුමෙන් කතාවට නියෙමට පසුබිම හදලා තියෙනවා
ReplyDeleteස්තුතියි හසිත!!
Deleteලස්සනයි මලයා.. ආදරේ ගැන නම් ඉතින් කොයිතරම් කතා කරන්න බැරිද?... ඉවරයක් කරන්නත් බෑනේ..
ReplyDeleteසමහර වංක ආදරවන්තයෝ ඇත පටලගෙන තුරුල වේවි යද්දී සැබෑ ආදරවන්තයෝ සදහටම වෙන්වෙලා.. හැමදේම වෙන්නේ හොඳටයි කියල හිතන් පාඩුවේ ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ එහෙම වෙලාවට...
ආදරයට හොඳම නිර්වචනය "ආදරය" ම පමණයි!
අයියගේ කමෙන්ට් එක කියවල ඉවර කරද්දී, මුලින් කියපු කතාව ආයෙත් හිතුණා! ආදරය කියන්නේ කවදාවත් කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි! ස්තුතියි අයියේ!!
Deleteආදරේ ගැන කතා කරන්න භාෂාව ඒහැටි ගැටළුවක් නෙමෙයි.. නියමයි.. දිගටම ලියන්න...
ReplyDeleteආදරය කියන්නෙත් එක්තරා භාෂාවක් නේ.. ස්තුතියි ලොක්කයියේ!
Deleteභාශාව බොලද නම් නැ...බොලද නැති ආදරේට මම නම් ආසත් නැ..එතකොට ආදරේ නිරසයි වගේ...
ReplyDeleteලස්සන කතාවක් රැංගෝ.. ආදරය කියන්නේ කොයිතරම් දේවල් නම් ලියන්නම තියෙනවද..හරි අපුරු තේරුමක් නැති වචන හතර...
ස්තුතියි නිම්ශා.. මට ඕන වුනේ මල් කතාවක් වගේ එකක් නොලියන්න.. ඒ හින්දයි එහෙම කිව්වේ!
Deleteනියමයි මලයා.. කතාව ලස්සනයි..
ReplyDeleteස්තුතියි අයියේ!!
Deleteකතාව ලස්සනයි රැංගො...ප්‍රෙමය හා පේරාදෙනිය පරිසරය ඇත්තටම සුන්දරයි. දිගටම ලියන්න...:)
ReplyDeleteපේරාදෙණිය කියන්නේ හරියට ප්‍රේමයේ පුරවරය වගේ.. පරිසරය සකස් වෙලා තියෙන්නේ පුදුම තරම් ලස්සනට..
Deleteස්තුතියි අක්කේ!!
මමනම් හිතන්නේ නැහැ මේක බොළඳයි කියලා...ජය වේවා..:)
ReplyDeleteස්තුතියි සයුරි!!
DeleteEla .. keep it up ...
ReplyDeleteThanks Buddy!!
Deleteතව පාරක් කියවන්න හිතෙනවා.....
ReplyDeleteඑච්චරට ලස්සනයි
ස්තුතියි රොබින්!!
Deleteලස්සනයි..එක හුස්මට කියෙව්වා... හරිම ලස්සනයි!!! භාෂාවෙ එහෙම බොළද බවක් මටනම් දැනුනෙ නෑ.. ආදරේදි බොළඳ කම පොඩ්ඩක් තිබ්බාට ගානක් නෑ මං හිතන්නෙ..
ReplyDeleteස්තුතියි හිතු අක්කේ!! බොළඳ වැඩි වීම නම් ප්‍රශ්නයක් වෙනවා! ගානට තිබුණම හරි නේ..
Deleteහිතලුවක් විතරයි කියලා ඩිස්කලේමර් එකක් දාලා තියෙන්නේ මේක ඔය නිකං සතියක් පේරාදෙනියේ හුලං වැදිලා නිකං පීනසට වගේ හිතුණු එකක් කියලා කියන්න නේද?
ReplyDeleteඅන්න හරි.. නිකම් ඉන්න කොට හිතුනු එකක්!! මේ දවස් වල හුලඟයි පින්නයි නේ.. ඉතින් පීනස වගේ හැදෙනවා!!
Deleteස්තුතියි කතන්දර මේ පැත්තේ ආවට!!
ඇත්තටම ලස්සනයි...
ReplyDeleteස්තුතියි චාමින්!
Deleteභාෂාවෙන් කරන වර්ණ ගැන්වීම නියමයි. ආදරේ බොලඳ වෙන තරමට ලස්නයි.ඒකයි සැබැව නුවර ගිහින් සතියක නිර්මානාත්ම අත්දැකිම් මේව නම් තව ටික දවසක් හිටියනම් කොහොම හිටීද
ReplyDeleteඒක තමයි සතියෙන් ආවේ! හොඳ වෙලාවට නේ.. නැත්නම් අයියලා ට මගේ ගැන බ්ලොග් එක පිරෙන්න සටහන් ලියන්න සිදු වෙන්න ඉඩ තිබුණා!
Deleteආදරේ බොළඳ වීම හෝ නොවීම පුද්ගල බද්ධයි නේ.. ඒත් ආදරය ගැන ලියද්දි, නිර්මාණය මල් නවකතාවක ආකාර නොවිය යුතු බවයි මගේ හැගීම.. බොළඳ බවක් ලේඛනයට අවශ්‍ය නෑ නේ ද?
මචන් සැබැ ලෝකයට සම්බන්දයක් නෑ කිව්වට මට නම් හිතෙන්න එක ඇත්ත සැගවිමක් කියල. පොඩි සම්බන්දයක් නැත්තෙම නෑ....:-D
ReplyDeleteකොහොම උනත් කතාව ලස්සනය්.දිගටම ලියන්න...
සැබෑ අත්දැකීම් බිංදු මාත්‍රයක් වත් නැතිව සාර්ථක නිර්මාණයක් බිහි වෙන්න නම් රචකයා සතුව මහා විශාල පරිකල්පන ශක්තියක් තිබිය යුතුයි නේ! මගේ ළඟ ඒ තරම් ම ලොකු පරිකල්පන ශක්තියක් නෑ කියලා කිව්වම ඇති නේ!
Deleteස්තුතියි KDSL!!
හොඳ කතාවක් අය්යේ ජය !!
ReplyDeleteස්තුතියි මල්ලි!!
Deleteභාශාව බොලඳ වැඩි නෑ ...මාර සංවේදි.....
ReplyDeleteස්තුතියි සිතු!!
Deleteහරිම ලස්සනයි මල්ලි....ඇත්තටම...
ReplyDeleteබොහොම ස්තුතියි අක්කේ..
Deleteමගේ කමෙන්ට් 1 මම කලින්ම දුන්නනේ!:P
ReplyDeleteඅයෙත් මෙතන ලියන්න ඕන නෑ(ලියන්න කම්මැලියි ;))
එහෙමයි!!හිතට ගත්තා ඕං..
Deleteආදරය ගැන ලියන්න තියෙන්නෙ බොලඳ කතා තමා..ඒත් ඔයාගෙ ලියවිල්ල බොලඳ නැහැ..ලස්සනයි..!
ReplyDeleteස්තුතියි අක්කේ!!
Deleteපේරාදෙණියේ හිටියොත් කොහොමත් ආදරේ මෝදු වෙනවා හික්...
ReplyDeleteකතාව ලස්සනයි විඳින්න පුළුවන් විදියට ලියල තියෙනවා.
ජයෙන් ජය!!
ආයෙත් අහලා..පේර නේ!!
Deleteස්තුතියි අයියේ!!
උඹලව පෙරේටම ඇදන් එන්න ඕනේ පෙම් සිතුවිලි පහල වෙන්න.. හික්.. :D
ReplyDeleteනියමයි.. අපුරුවට වචන ගලපලා. උපන් දා ඉඳන් දකින හින්දද මන්ද මටනම් ඔතන අමුත්තක් නෑ. ඒත් මේ ලියලා තියන විදියට මට ආයෙම එතනට ගිහින් බලන්න හිතුනා.
ආයෙත් අහලා.. ඒක නේ දුර කතර ගෙවාගෙන ආවේ!!
Deleteස්තුතියි ක්සැන්ඩර්!!
ලස්සනට ලියලා තියෙනවා. අනිත් අය කියනවා වගේම ආදරේට බොළදකමත් ඕන.
ReplyDelete"ආදරේ කියන්නේ මේක නෙමෙයිද... "
ස්තුතියි අක්කේ!!
Delete//වසන්තයේ අගදී ත් පේරාදෙණිය බොහොම සුන්දරයි. කහ පාට ට, රෝස පාට ට රොබරෝසියා මල නොපිපුනාට රතු ම රතු පාටට මහා විශාල මැයි ගස් පිරී ඉතිරිලා යන්න තරම් පිපුණු මැයි මල්, මුළු පේරාදෙණිය ම ලස්සන කරනවා. සැරින් සැරේ හමන සිසිල් සුළං රැල්ලට පාට පාට මල් පෙති බොහොම සීරුවට පාවෙලා ඇවිත් ආදරෙන් පොළොව වැළඳ ගන්නවා. හරියට බොහොම කාලයක් වෙන් වෙලා හිටපු ආදරවන්තියක් තමන්ගේ ප්‍රියයා හමු වෙනවා වගේ..//
ReplyDeleteඅන්න ඒ ටික ගොඩක් අපූරුයි. පේරාදෙණිය අපේ ඇස් ඉස්සරහා මැවෙනවා වගේ.මේ කතාව පුරාම පරිසරය විස්තර කරලා තියෙන හැටි හරිම අගෙයි-මට දැනෙන විදියට.
ඒත් ඔක්කොටම වඩා මට දැනුන දේ තමයි, කතාවේ මාතෘකාව. ඒ නම දැක්කාම මට රෂියන් කෙටිකතා මතක් වුණේ..
කාට හරි හිතෙන්න පුළුවන් කතාව බොළද වැඩියි කියල.ඒත් මං දකින විදියට නම් බොළදකමින් තොරව ආදරයක් පවතින්න බෑ.අපි කොච්චර ගැඹුරක් එක් කරන්න හැදුවත් ආදරය කියන දේ යම් තාක් දුරකට හරි බොළදයි.අනිත් එක සමහරු ලියන දේවල්වල හැටියට මේකට කොහොමද බොළදයි කියල කියන්නෙ.
මේක මම අය්යාගෙන් කියෙව්ව සාර්ථකම නිර්මාණයක්.
ස්තුතියි නංගියෝ..
Deleteලස්සනයි අයියා ! :)
ReplyDelete