Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ඉරබටු තරුව (හැඟීම් මාත්‍රයක් පමණි - කවියක් නොවේ)

Thursday, May 10, 2012

නැතක් නම් තරු
තැන් තැන් වල
රාශි වෙලා..
තට්ට තනියම
නුඹ විතරක්..

හඳ නැගුණත්,
අමාවකටත්..
සීතල රෑටත්,
ගිනි රස්නෙත්..
හැමදාමත්
නුඹ එතන ම යි...

බොහොම ඈත
තරු දහස් ගණන් අතරේ
කලබලේ දුවන දෑස්
ඇයි නුඹේ ළඟ ම
හැමදාමත්
නතර වෙන්නේ..
ඒ නතර වෙලා
බොහොම ශාන්තව
බලාගෙන ඉන්නේ
ඇයි කියලා
තවමත් මට තේරුමක් නැහැ..

වෙලාවකට
පහ තරුව ලු..
තවත් වෙලාවකට
ඉරබටු තරුව ලු..
සමහරු කියන්නේ
සිකුරු තරුව ලු..
බහුශ්‍රතයන්ට නම්
නුඹ ග්‍රහ ලෝකයක් ලු..

කාට කොහොම උණත්
මට නම්
නුඹ
හැමදාමත්
ඈත බටහිර ක්ෂිතිජයෙන්
අහසට නැගිලා,
මගේ තනිකම, පාළුව
ඇසිල්ලකින් නැති කරන
මගේ ම
ඉරබටු තරුව...

ඒ බැඳීමට
නමක් දෙන්න තරම්
මට තේරුමක් නැහැ..
ඒත්..
නමක් නැති
ඒ සදාකාලික බැඳීමට
මම මහා ගොඩක්
ආදරෙයි..




44 comments

  1. ලස්සන ලියමනක් හොඳ අදහසක් :)

    ReplyDelete
  2. ලං වෙලා කාටත්
    …පේන්න ඇති නිසා
    …මෙච්චර තරු තියන
    …රෑ අහස් ගැබපුරා
    …හැමෝටම පේන්නේ
    …නුබෙ හැඩ විතරමයි

    ReplyDelete
    Replies
    1. එක ම හේතුව
      ලං වෙලා
      ඉන්න එක ම ද?

      Delete
  3. ලස්සනයි ඇත්තටම....:)

    ReplyDelete
  4. ලස්සන කවි පෙලක්. රසවින්දා. ස්තුතියි

    ReplyDelete
  5. මට කවි තේරෙන්නෙ නැහැ හලේ.....

    ReplyDelete
  6. මමත් කාලෙකට කලින් කවියක් ලිව්ව,පහන් තරුව ගැන..
    //එකම අහස් රග මඩලක
    ද්විත්ව චරිත රග දක්වන
    ලොව සුන්දරතම නිළිය// කියල.
    ඒත් මේක ඊට වඩා වෙනස්නෙ.නමක් නැති බැදීමක් ගැන ලස්සන අදහසක්.

    //නැතක් නම් තරු
    තැන් තැන් වල
    රාශි වෙලා..//
    කියන කොටසෙ ඔයා නැතක් කියන එකෙන් අදහස් කළේ බොහෝ කියන එක නම් නැතක් නම් කියල කියන කොට පොඩි නොගැළපීමක් තියෙනව වගේ නේද අය්යෙ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයාලා කිව්වා හින්දා ම හයිකුවෙන් ටිකක් ඈත් වුණා..

      නැතක් කියලා අදහස් කළේ අනවශ්‍ය තරම් වැඩියෙන් කියන එක. මට නම් එතන වෙනසක් දැනුණේ නැහැ.. ඒත් මට නොදැනුනු වරදක් තියෙන්න පුළුවන් නේ. එහෙම නම් ඒක ටිකක් පැහැදිලි කරනවා ද නංගෝ..

      ඔයා ලියපු කවිය නම් බොහොම ලස්සනයි. එක් එක් අය ලියන්නේ තමන්ට ආවේනික රටාවකට නේ. භාෂාවට හානියක් නොවී, වෙනස් අදහසක් ලියන්න පුළුවන් නම්, එතැන නිර්මාණාත්මක බවක් පවතිනවා. මට හිතෙන්නේ ඔයාගේ කවියේ ඒක නොඅඩුව පවතිනවා කියලා..

      Delete
  7. මේ දවස්වල රැංගෝ අහස දිහා බලනවා වැඩියි වගේ..හ්ම්..
    :)

    ReplyDelete
    Replies
    1. කවදා කවුරු අපිව දාලා ගියත්, හැමදාම අපේ නතියට අහසේ කවුරු ම හරි ඉන්නවා.. අඩු ම ගානේ කළු වලාකුලක් හරි.. ඒ හින්දයි ගොඩක් අහසත් එක්ක සමීප වුනේ!!

      Delete
  8. හිස් දෑස් හැම වෙලේම
    අර දුරම දුර අහසට
    හෙලන විට මම තනිකමට
    දන්නවද....

    හත්දින්ක් තරු පොකුරු නෙක රටා පරදවා
    හදනවා මගේ හිත සියල් අපුල් සිතුවිලි මකා....
    කොහොම නම් මම නුඹ අතැර යන්නද
    දිලි දිලී මා මා අහස් ඉම නුඹ රැදෙනකොට....

    ReplyDelete
    Replies
    1. ඒක නේ..
      කොහොම නම් මා
      නුඹ අතහැර යන්න ද?

      Delete
  9. තේරුනේ නං නෑ...

    ReplyDelete
  10. නමක් නැති
    ඒ සදාකාලික බැඳීමට
    මම මහා ගොඩක්
    ආදරෙයි..

    මමත් ආදරෙයි!! ඒත් සදාකාලිකයි කියලා හිතාගෙන ඉන්න සමහර බැඳීම් එහෙම නෙවෙයි කියලා දැන්ගන්න වුනාම දුක වැඩියි!

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. ඒ හින්දයි ජීවිත කාලය පුරා ම බැඳී ඉන්න පුළුවන් විදියට ඉරබටු තරුවත් එක්ක බැඳීමක් ඇති කර ගත්තේ.. කවුරුවත් ඇහුම්කන් නොදෙන වෙලාවක ඕන තරමක් වෙලා නිහඬව අපි කියන හැම දේ ම අහන ඉන්න සුදානම් කෙනෙක්..

      Delete
  11. කවියනම ලස්සනයි මලයා..

    පිළිතුරු කවක් ලියන්න හිතුනත් උණ විකාරෙන් බෑ.. පස්සේ ඇවිත් ලියන්නම්..

    ReplyDelete
    Replies
    1. හා අයියේ.. බොහොම ස්තුතියි අසනීපෙන් ඉඳලත් මේ පැත්තේ ආපු එකට..ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

      Delete
  12. තේරෙන්නෙ නැති තැන් ටිකක් තියනෝ.......

    ReplyDelete
    Replies
    1. ඒ මොකද ඒ? මොනවා ද තේරෙන්නේ නැත්තේ??

      Delete
  13. ඔයාගේ අදහස් අපේ ජීවිත වලට ගොඩාක් සමීපයි රැන්ගෝ...... සුපිරියි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි Deshantha
      අරුණැල්ලට ආදරෙන් පිලිගන්නවා..

      Delete
  14. \\මගේ ම
    ඉරබටු තරුව...//

    මෙහෙම හීන දකින්න නම් අපි හරි ආසයි තමා

    ReplyDelete
    Replies
    1. අපි ආස විදියට හැම දේ ම වෙනවා නම් ඉතින් මේ ලෝකේ මීට වඩා කොච්චර ලස්සන වෙයි ද? ස්තුතියි අයියේ මේ පැත්තේ ආවට!!!

      Delete
  15. ඉරබටු තරුව නුඹයි
    මගේ සිත් අහසට
    හවසට ඇවිත් කළින්ම
    බැස යන..
    අරුණට ඇවිත්
    අරුණෙහි සැඟවෙන
    මට කිසි දා සැනසුම
    නොදෙන..
    ඉර බටු තරුව නුඹමයි..

    ReplyDelete
    Replies
    1. ඒත්
      ඒ ඉරබටු තරුවට
      මම
      බොහොම ආදරෙයි!!

      Delete
  16. තරුවකට ආදරේ කලාට
    ඈත ඉඳන් බලන්න විතරක්
    ඒක තරුවක්ම විතරමයි
    කවදාවත් ළං වෙන්න බැරි

    හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ආදරේ මහා මෙරක් තරම් තියෙනවා නම්,
      ඒ ආදරේ ජීවිත කාලයක් පවතිනවා නම්,
      ඈත ඉඳං හරි තරුවේ ලස්සන විඳින්න පුළුවන් නම්,
      ඇයි ලං වෙලා තරුවට දුකක් දෙන්නේ?
      ඒ දුක තනියම විඳින්න පුළුවන් නම්..

      Delete
  17. ලස්සන අදහසක්....තනිකමක් පාලුවක් දැනුන වෙලාවට ඈතින් තියෙන තරුවක් උනත් හිතට සැනසීමක් ගේනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම Chams..
      බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට!!

      Delete
  18. රැංගෝ කියන්නේ චන්ඩියෙක් කියල හිතුවෙ මම.. :)

    මරු අදහස් තියෙනව නොවැ..

    ReplyDelete
    Replies
    1. අපොයි.. එහෙම නම් නැතෝ.. මම අහිංසක කොල්ලෙක් නොවැ!!
      හෙක් හෙක්..
      ස්තුතියි සෑමෝ මේ පැත්තේ ආවට..

      Delete
  19. ගොඩක් ලස්සනයි මල්ලී...

    // කාට කොහොම උණත්
    මට නම්
    නුඹ
    හැමදාමත්
    ඈත බටහිර ක්ෂිතිජයෙන්
    අහසට නැගිලා,
    මගේ තනිකම, පාළුව
    ඇසිල්ලකින් නැති කරන
    මගේ ම
    ඉරබටු තරුව...

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading