නොලැබෙන ලදුව
එකමෙකෙක්
ඈ දැක,
දුන් දානය ගෙන
පැලට විත් බුදින සඳ..
පිල්කඩට වී පතයි
නකුටු බල්ලෙක්
ඇගේ ඉඳුලෙන්
කුස පුරවා ගන්නට..
ප.ලි.:
ලියපු දේට වඩා දෙයක් දැනෙනවා වගේ නම් ඒ ගැන අදහසත් කියලා ම යන්න..
පින්තුරය ගත්තේ මෙතනින්
-පිනිබිඳු වියලන්නට නොව කැකුළු විකසිත කරන්නට..
තමන්ට දනට හම්බුණු ආහාරත් කුසගින්නේ සිටිය සතුන්ට දීපු ඒ වගේම තමන් වළඳපු දේ වමාරලා කුසගින්නේ හිටිය සතුන්ට දීපු භික්ෂූන් වහන්සේලා ගැන සද්ධර්මාලංකාරයේ අපූරුවට කතා කරනවා
ReplyDeleteඅනිවාර්යයෙන් ම. මගේ දැනුම නිවැරදි නම්, සීවලී මහා රහතන් වහන්සේ වරක් කිරි දෙන බැල්ලකට තමන් වලඳපු දේ වමාරලා කන්න දුන්නා.. ඒ වගේමයි ගෞතම බුදු රජාණන් වහන්සේ, බෝසත් අවධියේ දී තමන්ගේ ජීවිතය පවා සතෙකුගේ බඩගින්න නිවන්න පරිත්‍යාග කළා..(මෛත්‍රී බුදු හාමුදුරුවොන් ට කලින් ගෞතම බුදු හාමුදුරුවෝ බුදු වුනේ ඒ පිං බලෙන් කියලයි මම අහලා තියෙන්නේ)
Deleteස්තුතියි සහෝ මේ පැත්තේ ආවට!
දානයක් ගැන කිය උනාට මෙතන වෙන අදහසක් තියෙන්නේ.. ඒත් හරියටම මොකක්ද කියලා කියන්න තේරෙන්නේ නෑ..
ReplyDeleteමාර්ගයට අවතීර්ණ වෙලා වගේ...
Deleteහැමදේම කරන්නෙ “බඩගින්නට“ නෙ..
ReplyDeleteඒක නම් ඇත්ත අක්කේ..
Deleteමිරිවැඩි සගලක් ඉල්ලා ඇඩුවෙමි පා යුග නැති ඔබ දකින තුරා කියන සින්දුව මතක් උනා. මිරිවැඩි සගල වගේද කෑම......................
ReplyDeleteකන දෙයක් බඩට නේ!!
Deleteලස්සන අදහසක්.....පින්තූරයට හිත ගියා සෑහෙන්න.....
ReplyDeleteස්තුතියි පිස්සෝ.. මගෙත් හිතට අල්ලපු පින්තුරයක්!
Deleteටිකක් වෙලා ගිහින් තේරුනා....
ReplyDeleteටියුබ් ලයිට් නෙවෙයි නේ!! නේ අක්කේ?
Deleteහිගන්නාගේ පාත්තරේට බැලලියක් වැටුනා වගේ කියන්නේ ඕවට තමා!
ReplyDeleteඅන්න හරි.. ඒකට තමයි! හැබැයි ඉතින් මේ කියන්නේ නම් ඒක ගැන නෙවෙයි!
Deleteහරියටම දැනුනේ නෑ අදහස් කරන දේනම්.. ගැඹුරු අර්ථයක් ඇති..
ReplyDeleteගැඹුර වැඩි හින්දා හිතු අක්කා බහින්න බයේ වගේ!!
Deleteඑකම එක්කෙනා දුන් දානය වුනත් කුසගින් නිවෙන්නෙක් දෙදෙනෙකුගේ. මෙහි මතුපිට අරුතට වඩා යටි අරුත හරි ගැඹුරුයි.
ReplyDeleteඇ කතාවක් තියෙනවානේ
දුන්නොත් දානේ ලැබෙයි නිධානේ.. කියලා
ඒක නේ.. දුන්නොත් දානේ.. ලැබෙයි නිධානෙ!!
Deleteආසන්නයි.. තවත් ටිකක් උත්සාහ කරන්න වෙනවා!
සරලයි කියල හිතුවොත් තේරුම ගන්න අමාරුයි.එත් තවමත් හරියට තේරුම ගත්තේ නැහැ.
ReplyDeleteසරලව හිතන්නකෝ.. බල්ලාට උපමා කරලා තියෙන්නේ මිනිහෙක් නම්...
Delete