Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

දානය දන් දීම

Wednesday, May 2, 2012

දොරින් දොර ඇවිද
නොලැබෙන ලදුව
එකමෙකෙක්
ඈ දැක,
දුන් දානය ගෙන
පැලට විත් බුදින සඳ..

පිල්කඩට වී පතයි
නකුටු බල්ලෙක්
ඇගේ ඉඳුලෙන්
කුස පුරවා ගන්නට..


ප.ලි.:
ලියපු දේට වඩා දෙයක් දැනෙනවා වගේ නම් ඒ ගැන අදහසත් කියලා ම යන්න..





පින්තුරය ගත්තේ මෙතනින්

20 comments

  1. තමන්ට දනට හම්බුණු ආහාරත් කුසගින්නේ සිටිය සතුන්ට දීපු ඒ වගේම තමන් වළඳපු දේ වමාරලා කුසගින්නේ හිටිය සතුන්ට දීපු භික්ෂූන් වහන්සේලා ගැන සද්ධර්මාලංකාරයේ අපූරුවට කතා කරනවා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම. මගේ දැනුම නිවැරදි නම්, සීවලී මහා රහතන් වහන්සේ වරක් කිරි දෙන බැල්ලකට තමන් වලඳපු දේ වමාරලා කන්න දුන්නා.. ඒ වගේමයි ගෞතම බුදු රජාණන් වහන්සේ, බෝසත් අවධියේ දී තමන්ගේ ජීවිතය පවා සතෙකුගේ බඩගින්න නිවන්න පරිත්‍යාග කළා..(මෛත්‍රී බුදු හාමුදුරුවොන් ට කලින් ගෞතම බුදු හාමුදුරුවෝ බුදු වුනේ ඒ පිං බලෙන් කියලයි මම අහලා තියෙන්නේ)
      ස්තුතියි සහෝ මේ පැත්තේ ආවට!

      Delete
  2. දානයක් ගැන කිය උනාට මෙතන වෙන අදහසක් තියෙන්නේ.. ඒත් හරියටම මොකක්ද කියලා කියන්න තේරෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මාර්ගයට අවතීර්ණ වෙලා වගේ...

      Delete
  3. හැමදේම කරන්නෙ “බඩගින්නට“ නෙ..

    ReplyDelete
  4. මිරිවැඩි සගලක් ඉල්ලා ඇඩුවෙමි පා යුග නැති ඔබ දකින තුරා කියන සින්දුව මතක් උනා. මිරිවැඩි සගල වගේද කෑම......................

    ReplyDelete
  5. ලස්සන අදහසක්.....පින්තූරයට හිත ගියා සෑහෙන්න.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පිස්සෝ.. මගෙත් හිතට අල්ලපු පින්තුරයක්!

      Delete
  6. ටිකක් වෙලා ගිහින් තේරුනා....

    ReplyDelete
    Replies
    1. ටියුබ් ලයිට් නෙවෙයි නේ!! නේ අක්කේ?

      Delete
  7. හිගන්නාගේ පාත්තරේට බැලලියක් වැටුනා වගේ කියන්නේ ඕවට තමා!

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. ඒකට තමයි! හැබැයි ඉතින් මේ කියන්නේ නම් ඒක ගැන නෙවෙයි!

      Delete
  8. හරියටම දැනුනේ නෑ අදහස් කරන දේනම්.. ගැඹුරු අර්ථයක් ඇති..

    ReplyDelete
    Replies
    1. ගැඹුර වැඩි හින්දා හිතු අක්කා බහින්න බයේ වගේ!!

      Delete
  9. එකම එක්කෙනා දුන් දානය වුනත් කුසගින් නිවෙන්නෙක් දෙදෙනෙකුගේ. මෙහි මතුපිට අරුතට වඩා යටි අරුත හරි ගැඹුරුයි.

    ඇ කතාවක් තියෙනවානේ
    දුන්නොත් දානේ ලැබෙයි නිධානේ.. කියලා

    ReplyDelete
    Replies
    1. ඒක නේ.. දුන්නොත් දානේ.. ලැබෙයි නිධානෙ!!
      ආසන්නයි.. තවත් ටිකක් උත්සාහ කරන්න වෙනවා!

      Delete
  10. සරලයි කියල හිතුවොත් තේරුම ගන්න අමාරුයි.එත් තවමත් හරියට තේරුම ගත්තේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සරලව හිතන්නකෝ.. බල්ලාට උපමා කරලා තියෙන්නේ මිනිහෙක් නම්...

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading