මේ වන විට උසස් පෙළ අවසන් වී මාස කිහිපයක් ගත වී ඇත. විභාගය නිසා පරිගණකය දෙස වත් බලන්නට අවසර නොලත් අය දැන්අන්තර්ජාල පහසුකම් ද ලබා ඇත. මදක් සොයා බැලු විට, වත් පොතේ අලුතෙන් ගිණුම් නිර්මාණය කරගෙන දවස පුරා ම 'චැට්' කරනු දදැකිය හැකි ය.
ඒ අතර සයිබරයේ අලුත් පිරිසෙන් කිහිප දෙනෙක් බ්ලොග් ලිවිල්ලට ද එකතු වී අති බව මම නිරීක්ෂණය කළෙමි.මම ද උසස් පෙළ අවසන් ව බ්ලොග් ලියන්නට පිවිසුණෙක් මි. බ්ලොග් එකකට - දෙකකට වඩා නොදැක බ්ලොග් ලියන්නට පටන් ගත් මට, නිවැරදි ව බ්ලොග් එකක් යනු කුමක්ද යන්නත්, එයින් කෙරෙන දේ සහ කළ හැකි දේ පිළිබඳවත් අවබෝධ කර ගැනීමට කලක් ගතවිය. නමුත් මේ වන විට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සයිබරය ඔස්සේ දැන හඳුනා ගත් අයගෙන් දැන උගත් කරුණු මත පදනම්ව මා යම්දැනුමක් ලබා ඇති යි සිතෙයි.
බ්ලොග් ක්ෂේත්‍රයට අලුතින් පැමිණියවුන්ට මා මේ ලියන සටහනෙන් යම් දෙයක් ලබා ගත හැකි වේ නම් මම සතුටු වෙමි.සයිබරය පුරා බ්ලොග් අඩවි දස දහස් ගණනක් විසිරී ඇත. ඒ අතර සිංහල බ්ලොග් දහස් ගණනකි. ඒවායින් සමහරක් අතහැර දැමූ ඒවා ය.තවත් සමහරක් කිසිවෙකුට හෝ කිසි ම පලක් නැති ඒවා ය. තවත් ඒවා හිට්ස් බලාපොරොත්තුවෙන් කුණුගොඩවල් මාකට් කරන ඒවා ය.සමහරක් ඒවා දිනපොත් ය. බොහෝ විට බ්ලොග් එකක් ලියන්නට පටන් ගත් ඔබ, ඒවා අතර අතරමං ව මගේ බ්ලොගයෙන් කවරක් කළයුතු දැයි සිතා ගත නොහැකිව සිටිනවා විය හැකි ය.
සැබවින් ම බ්ලොග් එකක් යනු කුමක් ද?
තමන් විසින් ලියන ලද හෝ උපුටා ගන්නා ලද හෝ නිර්මාණය කරන ලද හෝ සටහන්,අන්තර්ජාලයේ පල කළ හැකි පහසු ම සහ ලාභදායි ම මාර්ගය ලෙස බ්ලොග් එකක් සරලව හඳුන්වා දිය හැකි ය. බ්ලොගර්, වර්ඩ් ප්‍රෙස්ඇතුළු සේවා සම්පාදකයන්ගේ සහය ඇතිව මිනිත්තු කිහිපයක දී, පහසුවෙන් අපට අවශ්‍ය පරිදි බ්ලොග් එකක් නිර්මාණය කර ගත හැකි ය.
හැමදේම මාකට් වෙන කාලයකදී බ්ලොග් මාකට් වීම වැලක්විය නොහැක්කකි! නමුත් අප දන්නා තරමින් සිංහල බ්ලොග් ලියන අතිමහත් බහුතරය වාණිජ පරමාර්ථයකින් බ්ලොග් ලියන්නේ නැත.එනම් සිංහල බ්ලොග් කලාවට වෙළඳපොළ කියන දේ ගැවී නැත. ඒ කියන්නේහැමදේටම මුල්‍යමය වටිනාකමක් ඇති මේ ක්‍රමයට විරුද්ධව යා හැකි පහසු මාධ්‍යයක් ලෙස බ්ලොග් කලාව හැඳින්විය හැකි ය.
පුවත්පතක, මාධ්‍යවේදියාගේ පටන් කතුවරයා දක්වා කරන්නේ රැකියාවකි. සමස්තයක් ලෙස ඔවුන් සිය වෘත්තියෙන් යම් තෘප්තියක්ලබනවා විය හැකි ය. නමුත් අවසානයේ එය රැකියාවක් හෙවත් මුදල් ඉපයීමේ මාර්ගයක් බවට පත් වී ඇත. මෙහි වරදක් මම නොදකිමි.එහෙත් මෙය සමහර අවස්ථා වල දී මුදලට විකිණීම දක්වා ම දරුණු වීමක් දැකිය හැකි ය. සරලව කියන්නේ නම් පත්තරය ද මාකට් වී ඇත.එය කෙසේ වත් සාධාරණීකරණය කල නොහැක්කකි. නමුත් සංසන්දනාත්මකව, බ්ලොග් එකක් ලියැවෙන්නේ හුදෙක් ආත්ම තෘප්තියසඳහා ම පමණි. (Ad Sense හෝ වෙනත් දැන්වීම් හරහා බ්ලොගය විකුණන්නට උත්සාහ කරන්නන් හැර)
බ්ලොග් එකක් ලිවීමේ අරමුණු මොනවා ද?බ්ලොග් එකක් සමාන වන්නේ, පත්තරයක තීරු ලිපියකට යැයි සරලව කිව හැකි ය. එක් තීරු ලිපියක් හේතුවෙන් පුවත්පතක අලෙවිය ශීඝ්‍රලෙස වැඩි කරවීමට මෙන් ම, සමාජයට දිය යුතු පණිවුඩයක් පහසුවෙන් සහ වඩාත් සංවේදී ලෙස ලබා දිය හැකි ය. බ්ලොග් එකක් යනුසයිබරයේ සැරිසරන බොහෝ දෙනෙක්ට කිසිඳු අමතර වියදමකින් තොරව ප්‍රවේශ විය හැකි තැනකි. ඒ නිසා බ්ලොග් එකක් මගින් අප ලබාදෙන පණිවුඩය පහසුවෙන් ම වැඩි පිරිසක් වෙත ගෙන යා හැකි ය.
වෙළඳ දැන්වීම් සඳහා ද බ්ලොග් බෙහෙවින් භාවිත කෙරෙන්නේ මේ නිසා ය. වෙළඳ අරමුණු වලින් බැහැරව පුළුල් සමාජ කතිකාවතක් ඇති කෙරීමට බ්ලොග් එකක් භාවිත කිරීම එතරම් අපහසු නොවේ.
අද සමාජයේ සාරධර්ම පිරිහී ඇති බවට සමහරු චෝදනා කරති. භාෂාව සහ සාහිත්‍යය වැරදි ලෙස භාවිත වන බවට සහ විනාශ කෙරෙනබවට සමහරෙක් දොස් නගති. තවත් උන් කියන්නේ මාධ්‍ය සිය මෙහෙවර නිසි පරිදි ඉටු නොකරන බව යි. සුභාවිත සිංහල ගීතය ජනතාවඅතරට නිසි පරිදි නොයන බවත්, හොඳ ගීත දැන් අහන්න නොලැබෙන බවත් අයෙක් කියති. දක්ෂ නිර්මාණකරුවන්ට තැනක් නැති බවත්,ඔවුන්ගේ නිර්මාණ ජනතාව අතරට යවන්නට ක්‍රමයක් නැති බවටත් දොස් නැගෙයි. එමෙන් ම යම් යම් විෂයය කරුණු හොඳින් දන්නා අයට, ඒ කරුණු අන් අයට කියා දෙන්නට කාලය මදි වීම නිසා හෝ ක්‍රමයක් නොමැති වීම නිසා අදාළ දැනුම අපතේ යයි.
අන්‍යයන්ට දොස්කියමින් ගත කළ කාලය දැන් අවසන් කළ යුතු ය. ඔබ දන්නා දේ, ඔබට කිව යුතු යැයි හැඟෙන දේ කිසිඳු බාධාවකින් තොරව කියන්නටබ්ලොග් අඩවියක් භාවිත කළ හැකි ය.මේ සියල්ලට ම පිළිතුරු බ්ලොග් කලාව සතු වෙයි.
ඔබ ලියන බ්ලොග් එකකින් භාෂාව සහ සාහිත්‍යය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ හැකි ය.එමෙන් ම ඔබ දන්නා විෂයය කරුණුවෙනත් අයට කියා දීමට, ගීතය, කවිය වෙනුවෙන් ඉදිරිපත් වීමට, ඔබ සතුව ඇති හොඳ ගීත බෙදා හදා ගැනීමට, ඒවාට පසුබිම් වූ සිදුවීම් සහ ඒ හා බැඳුණු කරුණු පල කිරීමට, ඔබේ නිර්මාණ පල කිරීමට, ඔබට හැඟෙන පරිදි සමාජය වෙත දිය යුතු පණිවුඩයක් දීමට ඔබට මෙයින්අවස්ථාව සැලසෙයි.මෙහි එක් ගැටලුවක් ඇත. සියල්ල අවසානයේ ඔබට ආත්ම තෘප්තිය විනා වෙනත් යමක් හිමි නොවේ. බ්ලොග් එක වෙත එන පිරිසත්, පලවන අදහස් ටිකත් ඒ සඳහා හේතු වේ.
බ්ලොග් එකක් පටන් ගත් කාලයේ බොහෝ විට ලැබෙන හිට්ස් ගණන අඩු විය හැකි ය. එමෙන් ම එහි සටහන් වලට අදහස් පල වීම බොහෝ අඩු විය හැකි ය. බොහෝ දෙනා බ්ලොග් ලිවීම එපා කර ගන්නේ හෝ කිසිවෙකුට වැඩක් නැතිඑහෙත් හිට්ස් බොහෝ ලැබෙන වල්පල් ලියන්නට පෙළඹෙන්නේ මේ හේතුව නිසා ය. නමුත් මෙයින් බ්ලොග් එකෙහි Ranking ඉහළට එනනිසා Google වැනි සෙවුම් යන්ත්‍ර වලින් බ්ලොගය සොයා ගැනීමේ දී අදාළ ලයිස්තුවේ ඉහළට පැමිණීම සිදු වේ. මෙය වාසියකි.
ඔබට හිට්ස් අවශ්‍ය නම් Traffic Source එකක සහය ලබා ගත හැකි ය. දිනකට හිට්ස් දහසක් ලබා ගැනීම එතරම් දෙයක් නොවනු ඇත. නමුත් 'මා ලියන දේවල් කියවන්නට කැමැත්තෙන් මෙහි පැමිණි එවුන් මේ තරම් විණි යැ' යි ලැබෙන ආත්ම තෘප්තිය එවිට ඔබට නොලැබෙනු ඇත.
උසස් නවකතාවක් කියවා එහි රසය ලබන්නට උත්සාහ කරනවාට වඩා බොහෝ දෙනා පෙළඹෙන්නේ මල් නවකතාවක් කියවා ක්ෂණිකසතුටක් විඳීමට ය. රසය ද වාණිජකරණය වී තිබීම මෙයට හේතුව යි. 'චිංගීස් අයිත්මාතව්ගේ' "අම්මා සහ මිහිකත" පොතේ (පරිවර්තන)පිටපත් වලට වඩා ලංකාවේ 'සුජීව ප්‍රසන්න ආරච්චිගේ' "සින්දුර්" විකිණෙන්නේ ඒ නිසා ය. එය සමාජයේ වරදක් නොවේ. අප හුරුව ඇත්තේ එවන් රටාවකට ය.ටොපියක් කද්දී දැනෙන පැණි රසය ක්ෂණික ය. මිහිර මුළු සිරුරට ම දැනෙයි. එමෙන් ම එය නැති වී යන්නේ ද ඒ වේගයෙන් ම ය.
නෙල්ලිගෙඩියක් කෑම ටොපියක් තරම් පහසු නැත. නොයෙක් රස සමුහයක් දිවට දැනෙයි. ඒ රසය බොහෝ වෙලා දිවෙහි රැඳී තිබෙයි. අවසානයේටොපිය හරහා රසකාරක පොදියක් ඇඟට ඇතුළු වී ඇත. නෙල්ලි හරහා රෝග බොහොමයක් නසන ඔසු ලැබී ඇත. නමුත් නෙල්ලි ගෙඩියට වඩා මාකට් වන්නේ ටොපියයි. නමුත් නෙල්ලි වලට පිරිසක් හුරු කරවා ගන්නට ඔබ සමත් වුයේ නම් ඔවුන් ක්ෂණිකව රසය දෙන, ඒ ක්ෂණයෙන් ම නැති වන ටොපි පසුපස නො දුවනු ඇත. අවසානයේ මාකට් එක නෙල්ලි වෙත යොමුවනු ඇත.
බ්ලොග් එක ටොපි විකුණන්නක් නොවිය යුතු ය. මුලින් ඔබ වටා වැඩ පිරිසක් නො රැඳෙනු ඇත. නමුත් අවසානයේ ඔබ හා රැඳෙන පිරිසඔබ හැර නොයනු ඇත. ඒ හැරත් කමෙන්ට් සහ හිට්ස් පස්සේ එළවා නොගොස් සමාජයට යමක් දුන්නේ යැයි තෘප්තියක් ඔබ සතු වනු ඇත.
හොඳ ලිපියක් සහෝ.සමාජේ පිරිහිලා පිරිහිලා කියල මතුර මතුර ඉන්නවට වඩා බ්ලොග් එකකින් හරි ඒ පිරිහීම වලක්වගන්න අපිට කරන්න පුළුවන් දෙයක් කරන ඒක වටිනවා
ReplyDeleteබොහොම ස්තුතියි Pramudi!
Deleteඑකඟ වෙමි....
ReplyDeleteසතුටුයි!
Deleteහැම දෙනෙක් එක්කම නොවුණත් අපි කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් කතා කර ඇත්තෙමු.
ReplyDeleteකමෙන්ට්ස් හිට්ස් වලට හැම දෙනාම කැමතිය.කව්රුන් හෝ තමන් කියවා ඇති බව දැනෙන විට දැනෙන සතුට මිල කල නොහැක්කකි.එත් කෙනක් මගේ ලිපියෙන් යමක් රැගෙන ඇති බව දැනගන්න විට ලැබෙන සතුට ඊටත් වඩා වැඩිය.
හැමෝම බොහොම බරසාර විදියට බ්ලොග් ලියන්න ගියොත් මේක බොරින් කලාවක් වේවි.රසවින්දනය උපරිමෙන්ම තිබිය යුතුය.නමුත් අවසානයේ කියවන්නාට ආකල්පමය වශයෙන් යමක් ලැබිය යුතු බව මගේ අදහසයි.
මම මේ සම්බන්ධයෙන් කෙනෙක්ගෙන් විමසු විට ඔහු පැවසුවේ "මල්ලි 80න් පස්සේ ඉපදුන එවුන් ලියන එකම ලොකු දෙයක්" කියාය.ලියන්නන් බොහෝ දෙනෙක් තුල ආකල්පමය වෙනසක් ඇති විය යුතු බව තරයේ විශ්වාස කරන අතර හැමදෙනාම මොනවා හෝ ලියන ඒක ගැන සතුටු වෙමි!
ලියනා දෙයින්, පාඨකයා යමක් ලබා ගැනීම තරම් සතුටක් ලියන්නාට ලැබිය නොහැකියි. ලේඛනය වෙනුවෙන් කැප වුණු පුද්ගලයෙකුට මිසක්, ලේඛනය ව්‍යාපාරයක් කර ගත්, නැතිනම් ටොපි විකුනන්නෙක්ට එහි අගය දැනෙන්නේ නැහැ. ඔබේ අදහස පිළිබඳව සතුටුයි සහෝ!
Deleteජය වේවා!
aniwa
ReplyDeleteජය වේවා!!
Deleteසහතික ඇත්ත රැන්ගෝ... බ්ලොග් එකකින් කරන්න පුළුවන් දේවල් හිතනකොට පුදුමත් හිතෙනවා...බ්ලොග් එකක් පටන් ගන්නේ කෙනෙක් ආසාවකට. බ්ලොග් එකක් පටන් ගත්ත කාලේ ලක්ෂ ගණන් හිට්ස් බලාපොරොත්තු වෙනවා. මේක ඕනෙම කෙනෙක්ගෙන් වෙනවා (මම පටන් ගත්ත මුල් කාලෙත් මට ඔහොම හිතුනා). ඒත් ඒ අතරින් බොහොම සුළු පිරිසක් හිට්ස් කියන්නේ මොනවද කියන එක පස්සේ තේරුම් ගන්නවා. හිට්ස් පස්සේ දුවන කුණු මාකට් කරන බ්ලොග් ඕනේ තරම්. ඒත් අපිට ඒවාට වචනයක්වත් කියන්න බෑ. මොකද ඒක තම තමන්ගේ කැමැත්ත, ඒවාට අයිතියක්, නිදහසක් තියනවනේ. ඒවා වටා රොක් වෙච්ච පාඨකයොත් ඕනේ තරම් ඉන්නවා. වැදගත් සාහිත්‍ය නිර්මාණ, උසස් සිතුවිලි නිර්මාණාත්මකව ලියවෙච්ච ලිපි කියවන්නේ සීමිත පිරිසක්. අනික සමහරු හිතනවා බ්ලොග් එකක් කියෙව්වොත් කමෙන්ට් කරන ඒක අනිවාර්ය අංගයක් කියලා, අද ගොඩක් වෙලාවට ගොඩක් දෙනා හිතන්නේ, "එයා මගේ බ්ලොග් එක කියවන්නෙත් නෑ, කමෙන්ට් දාන්නෙත් නෑ, ඉතින් මමත් එයාගේ බ්ලොග් එකේ කමෙන්ට් දාන්නෙත් නෑ කියලා.." ඔන්න ඔය තත්වෙට අද බ්ලොග් පත්වෙලා, තවත් දෙයක් බ්ලොග් එකක් ලියන එක පොරක් වෙන්න හේතුවකුත්, ඒක මහා සමාජ සත්කාරයකුත්/ ජීවිතේ අනිවාර්ය අංගයක්, කියලා හිතන උදවියත් ඕනේ තරම් ඉන්නවා. (බ්ලොග් එකට ආදරේ ඒක වෙනම කතාවක්, කවියෙක්, ලේඛකයෙක් තමන්ගේ පොත්වලට ආදරෙයි වගේ තමයි බ්ලොග් ලියන අයත් බ්ලොග් එකට ආදරෙයි.) තමන් ලියන දේ රසවත්නම් වැදගත් නම් පාඨකයෝ කවදාවත් තමන්ව දාලා යන්නේ නෑ, නමුත් ඒ දාලා නොයන පිරිසට අයත් වෙන්නේ බුද්ධිමත් පාඨකයෝ පිරිසක් විතරයි.
බොහොමයක් බ්ලොග් වල තත්වය නිසා දැන් බ්ලොග් කියවීම සම්පුර්ණයෙන් ම පාහේ අත හැරුණු දෙයක් වෙලා. ඔබ කිව්වත් වගේ අරුණැල්ල වෙත එන බොහෝ දෙනෙක් දැන් එන්නේ මගෙන් කොමෙන්ටුවක් ගන්න නෙවෙයි. මා ලියන දෙයක් කියවන්නට යැයි කියලා දැනෙන විට තිබෙන සතුට වෙනත් ක්‍රමයකින් ලබා ගන්න බැහැ. ඒ වගේ ම මෙතෙක් ඔබ දුන් සහයට බොහොම ස්තුතියි. ඉදිරියටත් සහය බලාපොරොත්තු වෙනවා..
Deleteඇත්ත! හිට්ස් ඕන නම් එක්කෝ දේශපාලනය නැත්නම් 18+ එකක් ලියලා දාන්න විතරයි ඕන! හැබැයි හිට්ස් අරවා මේවා නැති උනත් දීර්ඝ කාලීනව හෙමින් හෙමින් හදාගන්න ඉමේජ් එක සෑහෙන්න වටිනවා!
ReplyDeleteඑහෙම නැත්නම්, 18+ ද මන්දා, 18+ නෙවෙයි වගේ මාතෘකාත් දැන් බොහොම වෙලාවට මාකට් වෙනවා!
Deleteඅනිවා මචං! මේක තමයි ඇත්ත!
ReplyDeleteස්තුතියි නාඩියා!
Deleteම්..උඳු වැපුරුවොත් උඳු..මුං වැපුරුවොත් මුං..එහෙත් වපුරන්නාට තමන් වපුරන්නේ කුමක්දැයි තීරණය කිරීමට නිදහස තිබිය යුතු බව මගේ හැඟීමයි..
ReplyDeleteඒත් අස්වැන්න නෙලන්නේ පාඨකයන් නිසා තමන් වපුරන දේ ගැන කොයි කව්රුත් අවධානයෙන් ඉන්නවා නම් තමයි හොඳ! ඇත්තට ම මා බෙහෙවින් ම අගය කරන බ්ලොග් කිහිපයෙන් එකක් අක්කාගේ බ්ලොග් එක!
Deleteජය වේවා!!
ස්තුතියි මල්ලි..ඒත් ලිවීමේ නිදහස තියන නිසා ටොපි විකුණන්නොත් සිටිය යුතු බව කියන්නයි මම උත්සාහ කලේ..
Deleteඑතකොට තමා මහන්සිවෙලා ලියන වටිනා දේක අගය වැඩි වෙන්නේ..හරියට මඩේ පිපුන නෙලුමක් වගේ..
නමුත් මඩ ගොහොරුවක් මැද පිපිලා තියෙන්නේ නෙලුම් මලක්, නැත්නම් දෙකක් නම් ඒවා හොයා ගන්න බොහොම අපහසු වෙනවා නේ ද? එතකොට නෙලුම් මල් නැතියි කියලා හිතලා බොහෝ දෙනෙක් හැරිලා යන්න ඉඩ තියෙනවා. අඩු ගානේ මඩ ගොහොරුව පිරෙන්න නෙලුම් මල් පිපෙනවා නම්..
Deleteජය වේවා අක්කේ!
හිතන්න දෙයක් තියන ලිපියක්. ජය!
ReplyDeleteබොහොම ස්තුතියි යාළුවා!!
Deleteජය!
සියළු දෙනාටම හිතන්න හොඳ කරුණූ ටිකක් ..ඇත්තෙන්ම හොඳ පරිපුර්ණ ලිපියක් ...
ReplyDeleteස්තුතියි
බොහොම ස්තුතියි මිත්‍රයා..
Deleteහොද ලිපියක් සහෝදරයා... මේ අදහස් වලට මමත් එකගයි... ඉල්ලුමට සැපයුම න්‍යායෙන් බැහැර වෙච්ච කෙනෙක් තමා මමත්.... හරවත් දෙයක් දෙන්න හැම බ්ලොග් කරුවම උත්සාහ කරනවා නම් බ්ලොග් ලෝකය වඩා සොදුරු තැනක් වේවි....
ReplyDeleteඅනිවාර්යයෙන් ම. ඒ ගැන කතිකාවතක් ගොඩනැගීමයි මගේ අදහස වුණේ. බොහොම ස්තුතියි සිරා!
Deleteහැම මාධ්‍යක්ම විකිණෙන මේ වෙලාවෙ බ්ලොග් කියන්නෙ හොඳ මාධ්‍යක්. මාධ්‍ය වලට වැඩිය බ්ලොග්කරුවන් ඉදිරියෙන් ඉන්නව. ඒ හොඳ තත්වය රැකගනිමු කියලයි මට නං කියන්න තියෙන්නෙ.
ReplyDeleteඔව් රාජ්. මගෙත් අදහස ඒකයි. බ්ලොග්කරුවන් විකිණිය යුතු නැහැ කියන එකයි මගෙත් අදහස.
Deleteඑකඟයි 100%
ReplyDeleteසමහර ගංගා කෙත්වතු අස්වද්දනව
තව කාලෙක දෙගොඩ තලා ගිහින් විනාසයක් කරනව
සමහරු ඒ වතුර එක්කහු කරන්න වැව් හදනව...
"සසර පුරා සරණ තුරා
දුවන පනින දඟලන සිත
දමනය කර සුවපත් වෙයි
නුවණක් ඇත්නම්.."
බොහොම ස්තුතියි. ඔබ කවි දෙකෙන් අදහස් කළ දේවල් තේරුම් ගන්න පුළුවන් නම් බොහෝ සිත් පැහැදේවි!
Deleteජය වේවා!
හ්ම්ම්ම්.. මේ ගැනනම් හුඟාක් කියන්න පුලුවන් මාතෘකාවක්...:) ලියලා තියෙන හුඟාක් කරුණු වලට එකඟයි!!!! අර රූ අක්කා කිව්වා වගේ මාත් හිතන්නෙ වපුරන තරමට තමා අස්වැන්න...
ReplyDeleteඅනිත් කාරනේ, ඉක්මන්ට පිම්බෙන්න හදනවානම්, පිපිරෙන්නත් හිත හදාගන්න ඕනෙ..:)
ජය වේවා!!
බොහොම ස්තුතියි අක්කේ. එකඟ නොවෙන කරුණු ටික ගැන අපි සාකච්ඡා කරමු. සමහර විට යම් එකඟතාවකට එන්න පුළුවන් වෙයි. සටහනේ ලියන්නට අමතක වුණු, අක්කා කිවූ අන්තිම කාරණයට නම් එකඟයි. ඉක්මනට පිම්බෙන්න හදනවා නම්, පිපිරෙන්නත් හිත හදා ගන්න ඕන.
Deleteජය වේවා!
නෙල්ලි ගෙඩියට මා නම් බොහේ ප්‍රිය කරමි...
ReplyDeleteමගේ තේරීම ද නෙල්ලි ගෙඩියයි!!
Deleteඇත්ත. මේ කතාවට කටේ මසුරන් දාන්න වටිනවා. බ්ලොග් එකකින් කරන්න පුළුවන් දේ අපමණයි. සමාජමය කතිකාවක් නිර්මාණය කරන වේදිකාවක් කරගන්නත් වගේම ඒ බ්ලොග් එක හරහා ම අධ්‍යාපනික වටිනාකමක් සහිත දේ දෙන්නත් එතනින් නොනැවතී සිනාවක් නගන්නට සමත් යමක් එක්කරන්නත් බ්ලොග් වගේ දෙයකට පුළුවන්. ඒත් මේ සියල්ලම රඳා පවතින්නේ බ්ලොග් ලියන්නා ගේ හැකියාව සහ පරිචය සහ සමාජමය වටපිටාව මතයි.
ReplyDeleteමේ ගැන කතා බහක් ඇතිකිරීම මම දකින්නේ කාලෝචිත දෙයක් විදියට. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි අයියේ. බොහොම වාර ගණනක් අපි කතා කළ දේවල් කිහිපයක් අකුරු කළේ ඒ පිලිබඳ අනෙක් අයගෙත් දැනුවත් වීම බලාපොරොත්තුවෙන්. අදහස් ටික දැක්කහම නම් හිතෙනවා සාර්ථකයි කියලා..
Deleteජය වේවා!
හැට්ස් ඔෆ් මචන් රැන්ගො.....කිව්ව වගේම පරිපූර්ණ ලිපියක්.....
ReplyDeleteබොහොම ස්තුතියි පිසාචයා. මට වඩා අත්දැකීම් බහුල, බ්ලොග් ලෝකයේ ජ්‍යෙෂ්ඨයෙක්ගෙන් එවැනි දෙයක් අහන්න ලැබීම සතුටක්!
Deleteජය වේවා!!
බ්ලොග් එකක් දිගටම කරන්න නම් තමන්ට ජොලියක් ආශ්වාදයක් ලැබෙන්න ඕනෑ. පඩියට ලියනවා නෙවෙයි නේ. ඉතිං තමන් කැමති දේ තමයි ලියන්න වෙන්නේ.
ReplyDeleteවිවිධත්වයත් අවශ්‍යයයි.
එකිනෙකාගේ කැමැත්ත විවිධයි නේ කතන්දර. මගේ අදහස, අපි දෙන දේ හොඳ දෙයක් විය යුතුයි කියන එක. හොඳ කියන වචනය අර්ථ දක්වා ගැනීම තම තමන්ගේ නැණ පමණින් සිදු කර ගත යුතුයි නේ. ඒ වගේ ම බොහොම කාලයකට පසුව අරුණැල්ලට ඔබගේ පැමිණීම ගෞරවයෙන් සලකනවා.
Deleteජය වේවා!
මම නම් ලියන්නේ මට කැමති දේවල්,ඒකෙන් මම හිට්ස්,කොමන්ට්ස් බලාපොරොත්තු වෙනවා ඒ හැරෙන්න වෙන මුකුත් නැහැනේ කොහොමත්.
ReplyDeleteඅනිවාර්යයෙන් ම. :) අවසානයේ අපි කාගේත් බලාපොරොත්තුව ඒක ම නේ..
Deleteජය වේවා!!
හැමදාමත් කියනවා වගේ ඔබ සතු නිර්මාණශිලිත්වය විශිෂ්ඨයි.ඇත්ත මගේ බ්ලොග් එකට එතරම් පිරිසක් තවම එන්නේ නැහැ.එත් මම දකින දේ ලියනවා.මගේ බ්ලෝග් එකේ වැරුද්දක් දැක්කොත් මටත් කියන්න.ඔබට ජය
ReplyDeleteමේ ලිපිය ලියන්න හේතු වුණු සිදුවීම් කිහිපය අතරේ, ඔබේ බ්ලොග් එකත් එක් හේතුවක් වුණා. අක්කාගේ බ්ලොග් එක බොහොම අගෙයි. වැදගත් කරුණු රාශියක් පිළිබඳව දැනුවත් කෙරෙනවා. ඒ වගේ ම හිට්ස් ලැබුනත් නැතත්, ඒ ලිපි පෙළ පිළිබඳව ඔබට සතුටු වෙන්න පුළුවන්.
Deleteනෙළුමක් පිපෙන්නට මඩ ගොහොරුවක් අවශ්‍යයි නේ!!
රැංගෝ මලේ..
ReplyDeleteමේ අදහසට මම සමුපූර්නයෙන්ම එකගයි.මමත් 100% ක්ම ඉන්නේ මේ මතයේ. මමත් පහුගිය දිනවල නිරීක්ෂණය කළ ආකාරයට බ්ලොග් ලිවීමේ සීග්‍ර වර්ධනයක් ලබා තියෙනවා. ඇත්තටම ලංකාව වගේ රකටක ඒක හොද දෙයක්.
ඒත් ලංකාව තුල සිංහල බ්ලොග් අඩවි තවම ජනප්‍රිය වෙලා නැහැ.වයස සීමාවකින් තොරව ලියන්නඅසිමිත නිදහසක් ඇති අවකාශයක්. මම මේ කලාව පටන් අරන් යාන්තමට අවුරුද්දකට කිට්ටුයි. හැබැයි ඒ වයසින් මුහුකුරා ගිය සහෘදයෙක් හැටියටයි බ්ලොග් අවකාශයට ඇතුලු වුනේ.
යව්වනයන් මේක සරල වැඩක් ලෙසට පටන්ගත්තත් පෝට් එකකින් දෙකකන් වැඩේ අතහැර දනවා. එකක් ලිවීමේ හැකියාව නොමැති කම අනෙක අත්දැකීම් මඳ බව, අනෙක පොත පත නොකියවිම සහ පොත පත ඇසුරේ මනස දියුණු නොවීම මේ කලාව නිස්සාර වීමට ප්‍රධාන සාධකයක් වෙනවා.
කමෙන්ට් එකක් වැදගත් පුවත්පතක ලිපියක් පලවන තරම්ම සතුටක් ගෙන දෙන කාරනයක් නෙවෙයි. පුවත්පත්ක් යනු මහා දැවැන්ත වපසරියක් නිර්මාණයවන තැනක්. එතැනට කවියක් කෙටිකතාවක් රිංගවිම බොහෝ අපහසුයි. එහෙම රිංගාගත් දවසට ලබන සතුට අපමනයි.
මම ලියන කිසිම දේකින් නකමෙන්ට් අපේක්ෂා කරන්නේ නෑ. ඒත් කමෙන්ට් ලැබෙනවා. මගේ අරමුන හොඳ දසනුදිශාවන් සොයා ඒ කෙරෙහි යම් තරමක පාඨක පිරිසක් යොමු කරවිමයි. අඩුම තරමින් හොඳ නිර්මාණයක් හොයා විඳගැනීමට අවකාශයක් සකස් කර දීම.මම කියවූ පොතක් හෝ නැඹූ චිත්‍රපටයක් තව කෙනෙක් කොකියවා හෝ නොදැක තියෙන්න පුළුවන් මා කරන්නේ ඒ තැනැත්තා ඒ දෙසට යොමු කිරීම පමණයි. ඉතින් එවැනි අවස්තාවක මා ලියන දේට කිසිම විටක කමෙන්ට් අපේක්ෂා කරන්නේ නෑ. මා දක්න්නේ එය අපේක්ෂා නොකළ යුතු දෙයක් හැටියටයි.
මේ බ්ලොග් අවකාශයේ පළවන කවි පිටු ලනන අනුව බලන විට ලංකාවේ කව් පොත්වලට තිබිය යුතු ඉල්ලුම හිතාගත නොහැකියි. ඒත් කණගාටුවට කරුණ මේ රටේ කුණු නවකතා 1000-1500ක් වසරක්තුළ අලවි වෙද්දි කවියෙ ශ්‍රේෂ්ඨයන් වන රත්න ශ්‍රී, නන්දන, එරික්, ආරියවංශ රණවීරගේ කවිපොත් පවා විකිනෙන්නේ 200 -300 අතර ප්‍රමාණයක්.ඒකටත් වසර 3ක් හෝ 4ක් ගත වෙනවා. එහෙමනම් අඩුම තරමේ කවි ලියන අයවත් මේ කවිපොත් නොකියවන්නේ ඇයිද යන්න ගැටලුවක්.
ඒත් මේටිකත් සටහන් කරන්නම් මතුදවසක බේ බ්ලොග් අඩවි වාර්හිකව රජයට ආදායමක් ලැබෙන පරිදි ලියාපදිංචි කිරීමට සදහා නිතියක් පැනවූ වොත් එදාට මේ තත්වය තදින්ම වෙනස් මගකට හැරේවි.
මොනව වුනත් මල්ලගේ අදහස ඉතාමත් වැදගත්. අපි මේගැන නිරන්තර කතා කරල තියෙනවා.
බ්ලොග් ලියන්න අලුත් වුණාට අයියා සතු අත්දැකීම් සහ දැනුම බ්ලොග් ලෝකයේ කාටවත් වඩා බොහොම ඉහලයි. ඒ වගේ ම මේ ලිපිය පිළිබඳව පල කෙරුණු, බොහොම වැදගත් කරුණු රැසකින් පිරි අදහසක් විදියට මේ අදහස මා දකිනවා.
Deleteඅයියාගේ ලිපි වලට කමෙන්ට් කරන්නේ නිරායාසයෙන්. ලිපිය කියවාගෙන යන විට හිතන්නට බොහෝ දේ ලැබෙනවා. ලිපිය අවසන් වෙද්දී ඒ හිතුනු දේවල් අදහසක් ලෙස පල වෙනවා. කමෙන්ට් කරපන්. නැත්නම් මරනවා නොකිව්වට කමෙන්ට් මහා ගොඩක් අස්වැන්නට ලැබෙන්නේ එහෙමයි.
ඒ වගේ ම මාතෘකාව කුමක් වුවත්, බ්ලොග් එකක් ලියවෙන්න ඕනෑ එහෙමයි.
ජය වේවා!!
කවි ගැන කතාබහක් යන නිසා මම දෙයක් එකතු කරන්නම්. මම කවි ලියනවා (මම දන්නේ නෑ ඒවා කොතරම් හොඳද නැත්ද යන්න) කවි රස විඳිනවා. ඒත් මම කවදාවත් කවි පොතක් කියවලා නෑ.
Deleteඒකට හේතු දෙකක් දෙන්නම්.
කවි පේළියක් කියවන්න ලැබෙන එක එක්තරා රසයක් දෙනවා. ඒ වගේම විවිධ කවියන්ගේ කවි කියවන එක ඊට වඩා රසයක් ගෙනෙනවා. ඒත් කවි පොතක එකම කවියා ගේ නිර්මාණ ඇතුලත්. මට සිතෙන්නේ එය නීරස වෙයි කියා මගකට කියවන විට. ඒ නිසා මම කවි පොත් වලට යොමු වන්නේ නෑ.
දෙවැන්න පොත්වල මිල ගණන්. තමන්ට වැඩි රුචිකත්වයක් තියන දේ ගන්න ගියාම රසිකත්වයක් තියන ඒත් අඩු රුචියක් තියන කවි පොතකට පාඨකයා (මම) පොළඹවන්න ඒ තියන මිල ගණන් එක්ක අසීරුය. ඒ මිලටම මට හොඳ පරිවර්ථනයක් හෝ රසවත් ප්‍රබන්ධයක් එහෙමත් නැතිනම් නවකතාවක්/කෙටි කතා එකතුවක් ගන්න හැකි නම් මම එයට යොමුවන ප්‍රවනතාව වැඩියි. (ඒත් මම කිසිම දිනක බාල ප්‍රේම කතා කියවා නෑ, අඩුම ගානේ පුස්තකාලයකින් හෝ. මොකද මම සුරංගනා කතා කියවන වයස පසුකරන් ඉන්න නිසා.)
ඔන්න ඔය සාධක දෙක තමයි මටනම් තියන හේතු.
මම නම් කවි, නවකතා සහ පරිවර්තන ආදී සියලුම පොත් කියවනවා. ඒ වගේ ම කාලයක් බොළඳ ප්‍රේම කතා කියෙව්වා. ඒ, ඒවාත් කියවා තිබිය යුතු නිසා. දැන් නම් ඒවාට ආසාවක් නැති නිසා කියවන්නේ නැහැ.
Deleteවෙනසකටත් එක්ක පොඩි කවි පොතක් අරන් බලන්න. රත්න ශ්‍රී සර්ගේ වගේ කවියක් දෙකක් කියවද්දී දැනෙන දේ සමහර වෙලාවට නවකතා පොත් ගානක් කියෙව්වත් ලැබෙන්නේ නැති තරම්. මගේ අදහසක් විතරයි. කොහොම වුනත් අයියාගේ කමෙන්ට් එක අගය කරනවා!
ජය වේවා!!
මාත් ටොෆී විකුණනවද මන්දා
ReplyDeleteඑහෙම නම් ටිකක් හිතන්න වෙයි වගේ!! :D
Deleteනෙල්ලි ද ඇත බෝරින් නොවන්නට ටොෆිද ඇත.ඒ දෙකටම නැති ඒවත් ඇත
ReplyDeleteඑහෙම ඒවා නම් වැඩක් ම නැත. නෙල්ලියක් පල දරවන්නට ලැබේවායි පතමි!
Deleteඇත්ත ඇත්ත...
ReplyDelete:)
Deleteකිව්ව වගේම පරිපූර්ණ ලිපියක්.....
ReplyDeleteබොහොම ස්තුතියි මිත්‍රයා!!
Delete