දෙවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අලුත්ගම බලා පිටත් වේ...
මෙම දුම්රිය නවත්වන්නේ, කැළණිය,දෙමටගොඩ........!!
විඩා පත් වුණු මුහුණු අතරින්
දුටුවෙමි ඇගේ හැගීම් විරහිත වුවන
හඳුනා ගතිමි ඒ නෙත් යුවළ
පෙර කාන්තිය තවත් නොරැඳුන..
මෙතෙක් කල් මා නුදුටු ඒ රුව
සිහිනයක රැඳී අපැහැදිලි රුව
නිමක් නැති දුක් වින්ද ඇය' රුව
දිගු රැයක සිත හඬවන ඒ රුව
කඳුළු වියලුණු එහෙත් හැඟුම්බර
යළිත් කඳුළට ඉඩක් නොතබන
ශක්තිමත් ඇය - එහෙත් දුර්වල
අසල උන්නී ය - මට ඉගැන්වූ ඇය..
නොබලා යන්නී නෙතින් මා දෙස
හැඬුම් වීසි කර හඬක් නොඑන ලෙස
බෙදා කඩදහි පුරුදු ලෙසින් ඇය
ගතු නොකීවා බැල්මකින් වත් මට...
'මා දරුවන් දෙදෙනෙකුගේ මවක් මි.'
නැත නැත.
නුඹේ කර්මය - උක්තය අනුව යෙදී නැත.
"නිවැරදි කල යුතු ය ඇගේ වගන්තිය"
බුද්ධිය අණ කරයි මට..
"හිටපිය ඔතැන, ඔහොම ම!"
හඬ නගයි මා හෘද සාක්ෂිය.
බුද්ධිය හා සිත අතර අරගලය
නිවැරදි කරන්නට නොගියෙමි මම...
නිකමට වත් පසුම්බිය දෙස
නොබලා සිතින් කියා ගතිමි මම
"නුඹට දෙන්නට කියා මගේ ළඟ
මාරු කර ගත් කාසි නම් නැත."
වියළි තන පුඩුව, බිළිඳු මුවෙහි ඔබා
යටැසින්වත් නොබලා ගියා ය ඇය
බදු ගෙවා පිටි පැකට්ටුවක් ගෙන
උගන්වන්නට තවත් එකෙකුට..
මාරු කාසි දීල මදි මේ කාලේ..
ReplyDeleteඒත් සල්ලි තිබ්බත් කිරි පැකට් ගන්න තැනක් තමා නැත්තෙ..
රටකට ගිය කලක් නෙව!!!!!
Deleteඑල! (Y)
ReplyDeleteඑක පාරට හිතාගන්න බැරිවුනා මොකද්ද කියල :)
දැන් හිතා ගත්ත ද අයියේ? :-)
Deleteහිතන්න දෙයක් තියෙන සුන්දර කවියක්... සල්ලි දුන්න කියල කිව්වට වඩා මාරු කාසි නෑ කියල නිකං උන්න එකේ උත්ප්‍රාසය වැඩියි...රැංගො අය්යගෙ මේ වගෙ කවි තමයි ගොඩක් ලස්සන!!
ReplyDeleteඒකයි ආන්න මේල්ලුවක් එවලා ඇති!!!!!
බොහොම ස්තුතියි නංගෝ!! හොඳක් ඇහුවා ම ද කොහෙද!! :D
Deleteනියමයි මචෝ.. ආසාවෙන් කවියක් කියවන්න ඉතින් මේ පැත්තෙම එන්න ඕන..
ReplyDeleteබොහොම ස්තුතියි දිනේෂ් අයියේ.. ලියන්න පටන් ගත්ත කාලේ ඉඳන් ම මේ පැත්තේ එනවා නේ.. ඒ ගැනත් බොහොම සතුටුයි!! :-)
Deleteපට්ට ..
ReplyDeleteපංකාදු පහයි..
අමුතුම රහක්
බොහොම ස්තුතියි සමීර! :-)
Deleteලස්සණ යි... ඔහොම තමා ලෝකෙ වෙන දේවල්වල හැටි. කයිය අන්තිමට යද්දි සුසුමක් හෙළුණා.
ReplyDeleteහ්ම්ම්...
Deleteබොහොම ස්තුතියි දිලිනි!! :-)
අපූරු අදහසක්
ReplyDeleteස්තුතියි අක්කේ!! :-)
Deleteහ්ම්ම්ම්ම්ම්ම්.......මොනවා කියන්නද....
ReplyDeleteඅපූරු අදහස් ටිකක්.
බොහොම ස්තුතියි! :-)
Deleteආරම්භයට වඩා ශක්තමත් අවසානයක් තියෙනවා. අතර මැද දි කවියේ රිද්මය වෙනස් කිරීම එහි උත්ප්‍රසාසය තවත් වැඩි කරනවා. කොටින්ම කිව්වොත් ප්‍රබල කවිත්වයක් මතුකරනවා
ReplyDeleteබොහොම ස්තුතියි අයියේ. හැමදාම දෙන බොහොම අගේ ඇති උපදෙස් සහ අගය කිරීම් වලටත්..
Deleteජය වේවා!!
පොඩි ප්‍රශ්ණයක්?
ReplyDelete//නුඹේ කර්මය//
මේ ඇය ගෙවන්නේ ඇය කළ අකුසලයක්ද?
ඇත්තට ම නැහැ.. ඒත් ඒ බව තේරුම් කරවන්න විශාල සමාජ කතිකාවතක් අවශ්‍යයි. තමන් වැටිලා ඉන්න තත්වය පෙර කරුමයක් කියලා හිත හදා ගන්න මිනිස්සු ඉන්න රටක ඒ කතිකාවත ඇති කරවීම එතරම් ම ලේසි නැහැ නේ අක්කේ..
Deleteබොහොම ස්තුතියි මේ පැත්තේ ආවට!
අනේ මන්ද මාරු කාසි දුන්නම ඇතිද?
ReplyDeleteඒක නේ දුන්නේ නැත්තේ!! :D
Delete