උණා සළු පිළි සේද - මුදා රන් හසගන
නිරුවත් විණි ළමැද - එද' හද වසාගෙන
දඟකාර රළු තඹර - රඟත තිසර තුඩු මත
පොපියන රතදර - තැවරූ සුසුම් තොල් අග
ඕ නොදන්නී ය - කවියක් වන වග
මිහිරි මතකය - එක් සොඳුරු යුගයක
ප්‍රේමය මළ තැන - හර බැර එක් කර
හැඟුම් විකිණෙයි - ගඳඹ සිතක් ළඟ
සයුර හඬන තැන - අඳුරු වලා මැද
රිදී ඉරක් විය - මැවෙන මැකී යන
ගල් දෙබොක්කාවක - රළ මැරෙන තැන
වැටකෙයියා කටු ඇණී - මියැදුණේ ය අපේ ප්‍රේමය
එහෙන් මෙහෙන් එකිනෙක අහුලා ගෙන
දුහුවිලි පිහිදා අත්ලෙහි ගුලි කල
පිළිවෙළක් නැති හැඟුම් පොදි ඇත
පෙමක් නැතත් එහි රතියක් ශේෂ ය
කවියට පින්තුරෙකුත් දැම්ම නං එළ නේද??
ReplyDeleteඕං දැම්මා!! :D
Deleteපෙමක් ඇත්තෙම නැත්ද?
ReplyDeleteමොනව කියන්නද ඉතින්......?
ReplyDeleteපොඩි හරි පෙමක් තිබුනනම් ඉතින්.. හ්ම්ම්..
ReplyDeleteහැඟුමක් නොමැති හැඟුමක
ReplyDeleteරැඳුනු රාග සිතිවිලි රැල්ලක
ඉවසුවනොහි කල ක්‍රියාවක
ඉතිරිව් තුච්ච සුසුම් පොදක
පෙමක් නැතත් එහි රතියක් ශේෂ ය////
ReplyDeleteඅනේ මංද....
කවිය ගැලපුම නං අපූරුයි...
මවන බොරුවට වඩා ඔබ පෙන්වු සැබෑව අගෙයි සැබැවින්ම
අවන්හල
one of ur best poems...!!!!
ReplyDeleteහැබෑව. ප්‍රේමයට වඩා රාගයද මන්දා තිබිලා තියෙන්නේ
ReplyDelete