Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

අහවර පෙමක්

Tuesday, March 11, 2014

උණා සළු පිළි සේද - මුදා රන් හසගන
නිරුවත් විණි ළමැද - එද' හද වසාගෙන
දඟකාර රළු තඹර - රඟත තිසර තුඩු මත
පොපියන රතදර - තැවරූ සුසුම් තොල් අග

ඕ නොදන්නී ය - කවියක් වන වග
මිහිරි මතකය - එක් සොඳුරු යුගයක
ප්‍රේමය මළ තැන - හර බැර එක් කර
හැඟුම් විකිණෙයි - ගඳඹ සිතක් ළඟ

සයුර හඬන තැන - අඳුරු වලා මැද
රිදී ඉරක් විය - මැවෙන මැකී යන
ගල් දෙබොක්කාවක - රළ මැරෙන තැන
වැටකෙයියා කටු ඇණී - මියැදුණේ ය අපේ ප්‍රේමය

එහෙන් මෙහෙන් එකිනෙක අහුලා ගෙන
දුහුවිලි පිහිදා අත්ලෙහි ගුලි කල
පිළිවෙළක් නැති හැඟුම් පොදි ඇත
පෙමක් නැතත් එහි රතියක් ශේෂ ය


9 comments

  1. කවියට පින්තුරෙකුත් දැම්ම නං එළ නේද??

    ReplyDelete
  2. පෙමක් ඇත්තෙම නැත්ද?

    ReplyDelete
  3. මොනව කියන්නද ඉතින්......?

    ReplyDelete
  4. පොඩි හරි පෙමක් තිබුනනම් ඉතින්.. හ්ම්ම්..

    ReplyDelete
  5. හැඟුමක් නොමැති හැඟුමක
    රැඳුනු රාග සිතිවිලි රැල්ලක
    ඉවසුවනොහි කල ක්‍රියාවක
    ඉතිරිව් තුච්ච සුසුම් පොදක

    ReplyDelete
  6. පෙමක් නැතත් එහි රතියක් ශේෂ ය////

    අනේ මංද....
    කවිය ගැලපුම නං අපූරුයි...
    මවන බොරුවට වඩා ඔබ පෙන්වු සැබෑව අගෙයි සැබැවින්ම

    අවන්හල

    ReplyDelete
  7. හැබෑව. ප්‍රේමයට වඩා රාගයද මන්දා තිබිලා තියෙන්නේ

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading