ආං බලාපියව්...
කෝට් බෑය ජැන්ඩි පහට
මුණ බලන සපත්තු දෙක
කරකවාපු උඩු රැවුල
ඒ මහත්තැන්ගේ තේජස!!
තෝ හොරිකඩයා
තෝ මොකාද?
මුඩුක්කු වල බල්ලෝ
හිඟා කන්නේ, අත පය නැද්ද?
හායි ඩියර්
වට්ස් අප් දෙයර්
ඩු යූ වෝන්ට් සම් බියර්?
චී.. බලන්න මෙයාලගේ ගඳ..
ගමේ වාගේ නොවෙයි මෙහේ
සර්පයෝ අඩියෙන් අඩියට විසකුරු
කොන්ක්‍රීට් වනන්තරේ
අතරමං වෙයි නිරතුරු
ගමෙන් ගිහින් අපි තාමත්
ඒ වගේ ම හරි ගොඩේ ලු
අම්මේ මං ගමට එනවා
අපි හේනක් කොටා ගනිමු..
Subscribe to:
Post Comments (Atom)
අන්න කරනවානම් මොලේ ඇති වැඩේ..හි හි..
ReplyDeleteමාත් මොලේ කල්පනා කරන්න තීරණය කළා!! :)
Deleteදැන් ඔය හේන ලබුදුවේද කොටන්නේ...?
ReplyDeleteකොහොමත් ඇඟ බහින්නත් එක්ක එක හොඳයි...
මට මහගම සේකරගේ මහත්තයාගේ "ගම අමතකයි" මතක් උණා :)
නෑ නෙව.. මං ගිංතොට නේ.. හේන කොටන්නේ අපේ ගමේ!!
Deleteගම අමතකයි කියන්නේ මාත් බොහොම ආස කරන කවි පෙලක්!!
ජය වේවා!
ඒත් මට මතක නෑ
ReplyDeleteගමට එන පාර
කොළඹ සුකුරුත්තම් නිසා
ගිනි කණ වැටිලා මගේ ඇස් දෙක..
අම්මේ මට ගමට එන්න පාර කියාපාන්නේ!!!
Deleteමට ගමට එන්න ගමට එන්න කුරුලු පිහාටුවක් එවන්න එවන්න....
ReplyDeleteපොඩි මල්ලි අතේ අනේ අම්මේ කුරුලු පිහාටුවක් එවන්න එවන්න....
අමරසිරි පීරිස්ගේ මම බොහොම ප්‍රිය කරන ගීතයක්!
Deleteජය වේවා!!
මට ගමට එන්න ගමට එන්න
ReplyDeleteකුරුළු පිහාටුවක් එවන්න
පොඩි මල්ලි අතේ අනේ අම්මේ
කුරුළු පිහාටුවක් එවන්න.
- අමරසිරි පීරීස්
මගේ ප්‍රියතම ගීතයක්
මගේ ප්‍රියතම ගායකයාත් ඔහුයි!!
Deleteජය වේවා මාතලන් අයියේ!!
හේන වැව්වෙ නැති උනත් අම්මා ළගට එන එකම ඇති
ReplyDeleteමම සිරාගෙ කාමරේ සිරා
හැම හිතේ දුකක් ම අම්මා ළඟ දී නැති වෙන්න තරම් ඒ බැඳීම පුදුමාකාරයි!!
Deleteජය වේවා!
මමත් එනවා යං අපි දෙන්නම.. :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කාලෙකට පස්සේ රජා ඇවිත්!!
Deleteජය වේවා!!
කවිය නම් හොදයි..... ඒත් හේන් කොටන්න ගියොත් දිය කැට පහනෙ දීප්තිට වෙච්ච දේ තමයි වෙන්නෙ.
ReplyDeleteගම; සැකයෙන් තොරව නැවත පිළිගන්නෙ නෑ
නගරය; තවමත් ආගන්තුකයි....
එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා නේ!!
Deleteසැහෙන්න වටිනා අදහසක්. ඔබ කියන්න බලාපොරොත්තු වුණු නේ වටහා ගත්තා කියා හිතනවා!
ජය වේවා!!
ගමේ වාගේ නොවෙයි මෙහේ
ReplyDeleteසර්පයෝ අඩියෙන් අඩියට විසකුරු....
අවසර මට එන්න ඔහේ
කවුරුවත්ම නෑ සුමිතුරු..
අන්තිම පද දෙක ගැන මම තෘප්තිමත් නැහැ. නමුත් ගොඩක් අයට දැනිලා තිබුණේ ඒ පද දෙක. මේ පද දෙක වඩාත් සංවේදී බවක් දැනෙනවා!!
Deleteනුවර පිරිලා එරමිණි කටුවැල්
ReplyDeleteආයෙත් බැද්දට එනවා මං!
එහෙමයි!! ආයෙත් බැද්දට එනවා!!
Deleteහ්ම්ම්..එහෙම හොඳයි :)
ReplyDeleteස්තුතියි!!
Deleteමෙන්න කවි.. මේකවිය හොඳට ලියල තියෙනවා. හැබැයි පුංචි දෝෂයක් තියෙනව කියල හිතෙනවා
ReplyDelete"
අම්මේ මං ගමට එනවා
අපි හේනක් කොටා ගනිමු.."
මේටික කියන්න කලින් ඒ අදහසට එන්න තව ටිකක් කවියෙන්ම එන හේතුව විස්තර කළානම් හරි..
නැත්නම් නොකියූ දෙයක් අන්තිම පේලියේ හැංගිලා තියෙනවා වගේ..
ස්තුතියි අයියේ.. මම ඒ ටික වෙනස් කරන්න උත්සාහ කරන්නම්! :)
Deleteඅපූරු සිතුවිල්ලක්..
ReplyDeleteබොහොම ස්තුතියි අක්කේ..
Deleteලස්සන සිතුවිල්ලක් සහෝදරයා... මෙව්වා කැම්පස් යන උදවියට නිතර පහලවෙන කවි වෙන්ටෝනා ඒ ඇයිද මන්දා...
ReplyDeleteසෑහෙන්න කාලයක් තිස්සේ මේ පැත්තට ගොඩවෙන්න උවමනාවක් තිබ්බත් ඒක මෙච්චර කාලයක් අතපසු වුනා ටිකක් නිවිහැනහිල්ලෙ ඉන්න නිසා තමා අද මේක කියවන්න ආවේ...
මට එහෙම හිතුණේ අපේ එවුන්ට වෙන දේවල් දැකලයි. මම ඉතින් ගෙදර ඉඳන් කැම්පස් යන එකා නෙව.. :)
Deleteඅරුණැල්ලට සාදරෙන් පිළි ගන්නවා යාළුවා..
ජංගමය ට සර්විස් මදි
ReplyDeleteනෙට් එක නැහැ සයිබරයට
ගියපු පයින් උඹ එනවා
නගරෙ බලා මොනවද කැට
ස්තුතියි Bindi මේ පැත්තේ ආවට!!
Deleteජය වේවා!
කෑවොත් බෙහෙත් නැති සර්පයෝ ඉන්නේ ලංකාවේ වැඩිපුරම කොළඹ රටේ මචන්. ගමෙන් ආව කෙල්ලෝ පොෂ් කෙල්ලෝ වෙන්ඩ හදනකොට, ගමෙන් ආපු කොල්ලෝ පොෂ් පොරවල් වෙන්න හදනකොට ඕව බලල හිනා වෙනවා ඇරෙන්න අපේ හඩු ගඳ මකන්න උන්ට සුවඳට දැනෙන්න අපි සෙන්ට් ගහන්න ඕනේ නෑ මචන්.
ReplyDeleteකොහේ ගියත් තමන්ගේ අනන්‍යතාව රැක ගන්න පුළුවන් නම්, ඒක තමයි වැදගත් ම දේ. කොළඹ ගිහින්, ඒ අසිරිය දැකලා කුල්මත් වෙලා වෙනස් වෙන උදවිය, කවදා හරි යුරෝපීය රටකට එහෙම ගියොත්, "වට් ඉස් ශ්‍රී ලංකා??" කියලා අහන තත්වෙට වැටෙනවා!
Deleteඅදහසට බොහොම ස්තුතියි යාළුවා!!
ජය වේවා!!
Boru sobana jeththu kaarayanta game kollekgen honda kane parak. niyamai.
ReplyDeleteස්තුතියි අක්කේ..
Deleteකවී පොඩ්ඩ හරිම රහයි
ReplyDeleteබොහොම ස්තුතියි මිත්‍රයා!
Delete