මුහුදු රැල්ලක්
ඇතුලේ සැඟවුණු
පෙණ කැටි අහුරක
සිර වුණු ඉකියක්
හැඬවුණු මොහොතක
නුඹ හා මා හුන්
වෙරළ පසු කළ
තුන්වෙනි පන්තියේ
දුම්රිය මැදිරිය
දෙදරා වැළපෙනු
අසා උන්නෙමි මම
සැන්දෑ යාමෙක.
පෙර එක් දවසක
සැන්දෑ මොහොතක
මා තුරුලෙහි හිඳ
නුඹ කල් ගෙවූ
ඒ ගල් කුළු මත
වෙන වෙන අය අද..
ඒ අප නොව බව
නොම දැන මහ සිඳු
රිද්මය නංවයි
පෙර ලෙස රළ බිඳ..
Subscribe to:
Post Comments (Atom)
සුමට භාෂා භාවිතයක්!විරහව දනවන්න සුමට භාෂාව අත්‍යවශ්‍යමයි කියල හිතෙනවා!
ReplyDeleteසාර්ථකයි!
ස්තුතියි මිත්‍රයා!! :)
Deleteලස්සනයි මචෝ..............
ReplyDeleteස්තුතියි පිසාචයෝ!! :)
Deleteඑල එල
ReplyDeleteමේ නුබ කිවුවෙ මොන නුබද? :-P
මේක සම්පුර්ණයෙන් ම හිතලුවක් සහෝ!! :) කවුරුවත් නෙවෙයි! :)
Deleteවෙරළ හැපෙමින්
ReplyDeleteබිඳෙන රළ දැක
මතක් වුනි ඒ
සොඳුරු අතීතය
මා බඳ වටා
රැඳුනු නුඹේ දෑතේ
පහස සිහි වුනි
සැඳෑ යාමෙක..
ලස්සන නිසදැසක් මල්ලි..
බොහොම ස්තුතියි අක්කේ.. ඒ වගේ ම පිළිතුරු කවියටත්! :)
DeleteVery nice aiya!
ReplyDeleteWell done
Thanks nangiya!
Deleteසුපිරි මචං......
ReplyDeleteඅවුලක් හිතන්න එපා... උඹ හෙළුව වනන හැටි දැක්කහම ලැජ්ජයි බං
:)
Deleteලජ්ජා වෙන්න දෙයක් නෑ මී ගොඩයෝ.. තම තමන්ට පුළුවන් විදියට හෙළුව වැනීමයි කළ යුත්තේ!!
නියමයි ඈ.
ReplyDeleteබොහොම ස්තුතියි යාළුවා!! :)
Deleteහ්ම්ම් එහෙම වෙන්ට එපා කියලා පතමි.. ඉක්මනට සෝක් නංගියෙක් ලැබේවා කියා ද පතමි.
ReplyDeleteනිසදැස නම් සිර.. මට සින්දුවකුත් මතක් උණා.. ශීට්
මේ ඩිංගට ඒකත් අමතක උනානේ . මතක් උන ගමන් කියන්නම් ඈ
:) මොකද්ද ගීතය? සාගර වෙරළේ සොඳුරු සැදෑවක වගේ ගී පදයක් ද?
Deleteබොහොම ස්තුතියි සුදා මල්ලි! :)
අපූරු පැදි පෙලක් රැංගෝ..සුභ පැතුම්..
ReplyDeleteමොකද මේ විරහ ගී විතරක් ලියන්නේ??
එහෙම එකක් නැහැ අක්කේ.. ඊයේ කොළඹ ගිහින් කෝච්චියෙන් එද්දී, දැකපු දේවල් හින්දා හිතුණු දෙයක් ලිව්වේ.. ඊළඟ ලිපියේ තේමාව එහෙනම් වෙනස් කරන්නම්කෝ!!
Deleteබොහොම ස්තුතියි අක්කේ..
රැඩිකල් ලිවිල්ලක් වගේ!
ReplyDeleteඔහොම යන් මලයෝ..
ජයවේවා!
එහෙම හිතලා ලියපු එකක් නම් නෙවෙයි. බොහොම ස්තුතියි අයියේ!!
Deleteපා දෙවූ මුහුදු රළ
ReplyDeleteවේල් පට ලෙස සිතා
කිරි කවඩි ගෙල බඳින
මාල හත යැයි සිතා
ගත දැවටි දිය බින්දු
අසිරි පැන් යැයි සිතා
නුඹ එක්ක අනන්තෙට
ඇවිද ගිය හැටි සිතා
මම තැවෙමි කඳුලු නැත
හඬා නෙත් වියළිලා
සෑහෙන්න බරපතල තත්වයකට මුහුණ දෙන්න වෙලා වගේ.. අනන්තයෙන් ආපහු එන්න බැරි වෙන්ට ඇති මයේ හිතේ! බොහොම අපුරුයි අක්කේ..
Deleteජය වේවා! :)
කවි පන්තිය නම් අපුරුයි...........
ReplyDeleteස්තුතියි සචිත්!
Deleteකාලෙකට පස්සේ ගොඩක් හිතට දැණුනු කවි පෙළක්.
ReplyDeleteස්තුතියි සිතු!!
Deleteගොඩක් ලස්සනයි මචං වචන, සරලයි ඒ වුනාට තේරුම ගැඹුරුයි.හරියටම විරහව වගේ.
ReplyDeleteබොහොම ස්තුතියි මිත්‍රයා!
Deleteඑල!!!
ReplyDeleteස්තුතියි මල්ලි!
Deleteජය වේවා!
ReplyDeleteක්ෂිතිජයේ මානයෙන්
ReplyDeleteමල හිරුගේ සේයාව
යාන්තම් මම දිටිමි
කඳුළු කැට අතරින්ම
රළ බිඳේ
වෙරළ මත
සුදු පෙණ කැටි විසුරුවා...
ඒ වගෙයි සිහින හද
බිඳුනේ මගේ විසිරුවා..
බොහොම ස්තුතියි අයියේ. අපුරු පද ටික! :)
Deleteලස්සන පද වැල් ටික .
ReplyDeleteස්තුතියි අක්කේ!
Deleteකවිය ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් කෙළවර විය යුතුය කියමන මේකවියත් එක්ක එකට පෑහෙනවා. කවියට අවශ්‍ය ධ්වනිය සහ ව්‍යංගය මෙහිදී අපුර්ව ආකාරයෙන් හමුවෙනවා.
ReplyDelete"සැන්දෑ මොහොතක.." යන්න සැන්දෑ යාමෙක කියලා ලියැවුනානම් හොඳයි කියල මට හිතෙන්නෙ
ඒ විදිහට වෙනස් කළා.. බොහොම ස්තුතියි අයියේ අගය කිරීම වෙනුවෙන්!
Deleteසිරා මචං වචන ටික :)
ReplyDeleteදෙවෙනි පාර හෙමිහිට කියවද්දී තමා ඔක්කොම හරියට තේරුනේ :)
ස්තුතියි මඩයෝ!!
Deleteලස්සනයි ආ..
ReplyDeleteස්තුතියි අයියේ!! :)
Deleteදැනෙනවා පද පෙළ හද පතුලටම....
ReplyDeleteමාලි වෙනුවෙන් අත්සන් කලේ නැත්නම් එන්න
ස්තුතියි සිරා.. මාලි වෙනුවෙන් අත්සන් කළා..
Deleteජය වේවා!
වචන ටික හරි සෞමයයි ... දිගටම කියවගෙන යන්න ආස හිතෙනවා ...
ReplyDeleteස්තුතියි මිත්‍රයා! :)
Deleteබොහොමයක් නූතන ආදර කතාවල තිත්ත ඇත්ත....
ReplyDeleteඑකඟ වෙමි!
Deleteපෝස්ට් කීපයකට පස්සෙයි මේ පැත්තට ආවෙ... ලස්සන කවි පෙළක් මල්ලියෝ....
ReplyDeleteබොහොම ස්තුතියි අක්කේ!
Delete