Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

රිද්මය නංවයි පෙර ලෙස රළ බිඳ

Tuesday, September 25, 2012

මුහුදු රැල්ලක්
ඇතුලේ සැඟවුණු
පෙණ කැටි අහුරක
සිර වුණු ඉකියක්
හැඬවුණු මොහොතක
නුඹ හා මා හුන්
වෙරළ පසු කළ
තුන්වෙනි පන්තියේ
දුම්රිය මැදිරිය
දෙදරා වැළපෙනු
අසා උන්නෙමි මම
සැන්දෑ යාමෙක.

පෙර එක් දවසක
සැන්දෑ මොහොතක
මා තුරුලෙහි හිඳ
නුඹ කල් ගෙවූ
ඒ ගල් කුළු මත
වෙන වෙන අය අද..
ඒ අප නොව බව
නොම දැන මහ සිඳු
රිද්මය නංවයි
පෙර ලෙස රළ බිඳ..

49 comments

  1. සුමට භාෂා භාවිතයක්!විරහව දනවන්න සුමට භාෂාව අත්‍යවශ්‍යමයි කියල හිතෙනවා!
    සාර්ථකයි!

    ReplyDelete
  2. ලස්සනයි මචෝ..............

    ReplyDelete
  3. එල එල
    මේ නුබ කිවුවෙ මොන නුබද? :-P

    ReplyDelete
    Replies
    1. මේක සම්පුර්ණයෙන් ම හිතලුවක් සහෝ!! :) කවුරුවත් නෙවෙයි! :)

      Delete
  4. වෙරළ හැපෙමින්
    බිඳෙන රළ දැක
    මතක් වුනි ඒ
    සොඳුරු අතීතය
    මා බඳ වටා
    රැඳුනු නුඹේ දෑතේ
    පහස සිහි වුනි
    සැඳෑ යාමෙක..

    ලස්සන නිසදැසක් මල්ලි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කේ.. ඒ වගේ ම පිළිතුරු කවියටත්! :)

      Delete
  5. සුපිරි මචං......

    අවුලක් හිතන්න එපා... උඹ හෙළුව වනන හැටි දැක්කහම ලැජ්ජයි බං

    ReplyDelete
    Replies
    1. :)
      ලජ්ජා වෙන්න දෙයක් නෑ මී ගොඩයෝ.. තම තමන්ට පුළුවන් විදියට හෙළුව වැනීමයි කළ යුත්තේ!!

      Delete
  6. හ්ම්ම් එහෙම වෙන්ට එපා කියලා පතමි.. ඉක්මනට සෝක් නංගියෙක් ලැබේවා කියා ද පතමි.
    නිසදැස නම් සිර.. මට සින්දුවකුත් මතක් උණා.. ශීට්
    මේ ඩිංගට ඒකත් අමතක උනානේ . මතක් උන ගමන් කියන්නම් ඈ

    ReplyDelete
    Replies
    1. :) මොකද්ද ගීතය? සාගර වෙරළේ සොඳුරු සැදෑවක වගේ ගී පදයක් ද?
      බොහොම ස්තුතියි සුදා මල්ලි! :)

      Delete
  7. අපූරු පැදි පෙලක් රැංගෝ..සුභ පැතුම්..
    මොකද මේ විරහ ගී විතරක් ලියන්නේ??

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නැහැ අක්කේ.. ඊයේ කොළඹ ගිහින් කෝච්චියෙන් එද්දී, දැකපු දේවල් හින්දා හිතුණු දෙයක් ලිව්වේ.. ඊළඟ ලිපියේ තේමාව එහෙනම් වෙනස් කරන්නම්කෝ!!
      බොහොම ස්තුතියි අක්කේ..

      Delete
  8. රැඩිකල් ලිවිල්ලක් වගේ!
    ඔහොම යන් මලයෝ..
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. එහෙම හිතලා ලියපු එකක් නම් නෙවෙයි. බොහොම ස්තුතියි අයියේ!!

      Delete
  9. පා දෙවූ මුහුදු රළ
    වේල් පට ලෙස සිතා

    කිරි කවඩි ගෙල බඳින
    මාල හත යැයි සිතා

    ගත දැවටි දිය බින්දු
    අසිරි පැන් යැයි සිතා

    නුඹ එක්ක අනන්තෙට
    ඇවිද ගිය හැටි සිතා

    මම තැවෙමි කඳුලු නැත
    හඬා නෙත් වියළිලා

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න බරපතල තත්වයකට මුහුණ දෙන්න වෙලා වගේ.. අනන්තයෙන් ආපහු එන්න බැරි වෙන්ට ඇති මයේ හිතේ! බොහොම අපුරුයි අක්කේ..
      ජය වේවා! :)

      Delete
  10. කවි පන්තිය නම් අපුරුයි...........

    ReplyDelete
  11. කාලෙකට පස්සේ ගොඩක් හිතට දැණුනු කවි පෙළක්.

    ReplyDelete
  12. ගොඩක් ලස්සනයි මචං වචන, සරලයි ඒ වුනාට තේරුම ගැඹුරුයි.හරියටම විරහව වගේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා!

      Delete
  13. ක්ෂිතිජයේ මානයෙන්
    මල හිරුගේ සේයාව
    යාන්තම් මම දිටිමි
    කඳුළු කැට අතරින්ම
    රළ බිඳේ
    වෙරළ මත
    සුදු පෙණ කැටි විසුරුවා...
    ඒ වගෙයි සිහින හද
    බිඳුනේ මගේ විසිරුවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ. අපුරු පද ටික! :)

      Delete
  14. ලස්සන පද වැල් ටික .

    ReplyDelete
  15. කවිය ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් කෙළවර විය යුතුය කියමන මේකවියත් එක්ක එකට පෑහෙනවා. කවියට අවශ්‍ය ධ්වනිය සහ ව්‍යංගය මෙහිදී අපුර්ව ආකාරයෙන් හමුවෙනවා.
    "සැන්දෑ මොහොතක.." යන්න සැන්දෑ යාමෙක කියලා ලියැවුනානම් හොඳයි කියල මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒ විදිහට වෙනස් කළා.. බොහොම ස්තුතියි අයියේ අගය කිරීම වෙනුවෙන්!

      Delete
  16. සිරා මචං වචන ටික :)
    දෙවෙනි පාර හෙමිහිට කියවද්දී තමා ඔක්කොම හරියට තේරුනේ :)

    ReplyDelete
  17. Replies
    1. ස්තුතියි සිරා.. මාලි වෙනුවෙන් අත්සන් කළා..
      ජය වේවා!

      Delete
  18. නසියර් (ගිහාන්)September 28, 2012 at 7:18 AM

    වචන ටික හරි සෞමයයි ... දිගටම කියවගෙන යන්න ආස හිතෙනවා ...

    ReplyDelete
  19. බොහොමයක් නූතන ආදර කතාවල තිත්ත ඇත්ත....

    ReplyDelete
  20. පෝස්ට් කීපයකට පස්සෙයි මේ පැත්තට ආවෙ... ලස්සන කවි පෙළක් මල්ලියෝ....

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading