Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

නුඹ ද අස්ථීර ය..

Sunday, January 29, 2012




නුඹ හමු වන තුරු
ජීවත් වුණු ලෙස
ජීවත් වනු බැරි
කිමැයි අද මට
දන්නී වේ නම්
නුඹ මා සොඳුරිය
තෝරා දෙනු මැන
නොදනිමි තව මම..

එති යති ආගන්තුකයෝ
රැඳෙති අයෙක්
නික්මෙන විට
තවකෙක්..
නොනික්මෙන්නට ම පැමිණි
නුඹ ද නික්මෙන්නට
සැරසෙත් නම්,
වේ ද යමක්
ස්ථිර ව රැඳී
අස්ථිර වූ ජීවිතයේ..


 පසක් වෙතත්,
ඒ අස්ථීරත්වයේ ම
ස්ථීරත්වය සොයන..
මම
~Nj~

22 comments

  1. අස්ථිර වූ ස්ත්‍රී සිතක් තුල ප්‍රේමයක් හටගනී නම්
    පුත්තලමේද ගෝවා වගා කර හැකිය!:DD

    ReplyDelete
    Replies
    1. පුත්තලමේ ගෝවා වැවීම ඉම්පෝසිබල් ය..

      Delete
  2. තරුන කාලෙ පේන සත්‍යය හා වයසට ගියාම තේරෙන බොරුව..... :D :D :D

    ReplyDelete
  3. මෙවන් දුකක්, වනේ වනසතුරෙකුටවත් නොවේවා

    ReplyDelete
  4. සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්
    සොයා ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්.......

    ReplyDelete
  5. ජීවිතය වෙනස් කල නුඹ
    ඒ හිතට අයිති නැති කල
    අස්තීර ප්‍රේමයයක
    පැටලීගෙන හිත තවම..

    ReplyDelete
    Replies
    1. හිතට තවමත් අයිතියි නුඹ
      වෙන්වී ඈතට යන්න හදන..
      පැටලුණු ප්‍රේමයෙන්
      හිත නිදහස් වන්න
      බොහෝ කල් යාවි තව
      අනේ එපා දුරස් වන්න..

      Delete
  6. අස්ථිර ලොව තුළ ස්ථිර යමක් සෙවිම නිෂ්එලය.. :)

    ReplyDelete
    Replies
    1. දැනුවත් ව හෝ නොදැනුවත්ව අපි හැමෝම කරන්නේ ඒක නේ..

      Delete
  7. සියලු සංස්කාරයෝ නැසෙන සුලුය...

    ReplyDelete
  8. ගණන් ගන්න එපා බන්.. මන් කැම්ප් එකෙම දාලා ආවේ

    ReplyDelete
  9. macho umbwa pissu wattapu me kella kauda bn?.mkda wune ekita?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ඇනෝ.. එහෙම කෙනෙක් නැද්ද කොහේ ද!!

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading