දැක පින්නෙන් තෙත් වූ
විකසිත නොවූ රෝස කුසුමක්
අරුණැල්ලෙහි
විකසිත වන්නට තතනන..
නොවී දෙබරෙකු විලස
රොන් උරමි මම ආදරෙන්
නොතලා කිසි දිනෙක
රැක ගනිමි සෙනෙහසින්...
හිනැහුණි කැකුළ
විකසිත ව කුසුමක් ලෙස
එ හසරැල්ලෙන්
අමන්දානන්දයට පත් ව
රොන් උරනු වෙනුවට
මල වට සරන්නට විය බඹරු...
කෙමෙන් මලට ලං ව
පරෙස්සමින් රොන් උරා
මල නොතලා නික්ම
පසෙකට වී
බලා හිඳින්නට වීය
එ මල දෙස ම
වෙහෙස නිවෙන තුරු..
ඒ අතරෙහි
මල දෙසට
පියා සලන
තවත් බඹරෙකු දැක
සිනාසුණි මල
බලා හුන් බඹරු නොදැක..
රොන් උරත් නම්
තවත් බඹරු නුඹ
අරුම කිම මා
නුඹ හිමි බඹරිඳු ව
නික්මිණි බඹරු
කුසුම අතහැර...
මම
~Nj~
කුසුම නුඹ
ReplyDeleteමට විතරක්ම උරුම නොවුන
හිමිකරුවෝ එයි සොයාගෙන
රෝස සුවද නුබ විහිදන..
වරද මලේ ද? බම්බරාගේ ද?
Deleteරෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා
ReplyDeleteමා සැබැවින් ඔබ ගැන සිත ලත වෙනවා
දවාලට හිතන්නේ නැද්ද? සිහිනෙන් විතර ද පෙනෙන්නේ? එහෙනම් අවදි නොවී ඉන්න..
Deleteබම්බරු හරි නරකයිනේ....
ReplyDeleteවරද බඹරගේ ද?
Delete\\...නික්මිණි බඹරු
ReplyDeleteකුසුම අතහැර...\\
බඹරු??
නික්මුණේ එක බඹරයි මට හිතෙන්නෙ නේද??
ඔව්.. එක බම්බරයි නික්මුනේ.. මෙතන බඹරු කියන්නේ එකෙක් ට..
Deleteඋබ කැම්පස් එකේ සාහිත්‍ය සංගමේ ඉන්නවද?
ReplyDeleteනැතෝ.. ලබන අවුරුද්දේ යන්න බලනවා..
Delete//බලා හිඳින්නට වීය
ReplyDeleteඑ මල දෙස ම
වෙහෙස නිවෙන තුරු..//
එහෙම වෙනවද???? :D
මට නම් හිතෙන්නේ එහෙම තමයි... හි හි..
Deleteහිනා වෙන්න ඇත්තෙ යාළුකමට. කොහෙද තිං... මේ බඹරොත් එක්ක බෑනේ. හිතන්නෙම වැරදියට.
ReplyDeleteසමහර විට.. ඒත් ඒ හිනාවක් විතර ම යි කියලා කියන්න පුළුවන් කාට ද.?
DeleteRon urai nam thawath
ReplyDeletebambarun
bala inne kima
"champala kusuma " desa............
ආදරය කියන්නේ ඒකට.. ඒත් අන්තිමේ බැරි ම තැන වෙන්න ඇති යන්න ගියේ!
Deleteඑ මල සිනාසුණේ චපල සිතකින් නම්
ReplyDeleteයන් ට යනු මැන තවත් නොහිඳ ම
ජීවිතේ අරමුණ දරාගෙන....
චපල සිතක් නොවේ නම් කිසිවිට
තේරුම් ගනු මැන ඇගේ හදවත
සැම ට සිනාසෙන අහිංසකාවක් ලෙස....
මල දිහා ම බලා හුන්
ReplyDeleteබඹරාට නොතේරෙන්න පුළුවන් ද?
හිනා උනේ ඒ මල
සිතින් ද? නොසිතින් ද බව!
මලින් පිරි ජීවිත උයන මත
ReplyDeleteකිමද පතන්නේ එකම මලක්
නුඹ හා මම???
"සිනාසුණි මල
බලා හුන් බඹරු නොදැක.."-බඹරු ද?? බඹරා ද??
"පසෙකට වී
බලා හිඳින්නට වීය
එ මල දෙස ම
වෙහෙස නිවෙන තුරු.." ඒ ටික එල
තේරෙන්න ම කියනවා නම් ඒ ආදරේ හින්දා..
Deletea adare hati wenna athi.malee wardak thyeda ?.bt da?
ReplyDeleteආදරේ කියන්නේ එහෙම දෙයාක් නම් ඒ ආදරෙන් වැඩක් තියෙනවා ද කියන එක ප්‍රශ්නයක් නේ?
Delete