Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

චපල කුසුම..

Thursday, January 26, 2012

රොන් සොයා සරන බඹරෙක්
දැක පින්නෙන් තෙත් වූ
විකසිත නොවූ රෝස කුසුමක්
අරුණැල්ලෙහි
විකසිත වන්නට තතනන..

නොවී දෙබරෙකු විලස
රොන් උරමි මම ආදරෙන්
නොතලා කිසි දිනෙක
රැක ගනිමි සෙනෙහසින්...

හිනැහුණි කැකුළ
විකසිත ව කුසුමක් ලෙස
එ හසරැල්ලෙන්
අමන්දානන්දයට පත් ව
රොන් උරනු වෙනුවට
මල වට සරන්නට විය බඹරු...

කෙමෙන් මලට ලං ව
පරෙස්සමින් රොන් උරා
මල නොතලා නික්ම
පසෙකට වී
බලා හිඳින්නට වීය
එ මල දෙස ම
වෙහෙස නිවෙන තුරු..

ඒ අතරෙහි
මල දෙසට
පියා සලන
තවත් බඹරෙකු දැක
සිනාසුණි මල
බලා හුන් බඹරු නොදැක..

රොන් උරත් නම්
තවත් බඹරු නුඹ
අරුම කිම මා
නුඹ හිමි බඹරිඳු ව
නික්මිණි බඹරු
කුසුම අතහැර...

මම
~Nj~



22 comments

  1. කුසුම නුඹ
    මට විතරක්ම උරුම නොවුන
    හිමිකරුවෝ එයි සොයාගෙන
    රෝස සුවද නුබ විහිදන..

    ReplyDelete
  2. රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා
    මා සැබැවින් ඔබ ගැන සිත ලත වෙනවා

    ReplyDelete
    Replies
    1. දවාලට හිතන්නේ නැද්ද? සිහිනෙන් විතර ද පෙනෙන්නේ? එහෙනම් අවදි නොවී ඉන්න..

      Delete
  3. බම්බරු හරි නරකයිනේ....

    ReplyDelete
  4. \\...නික්මිණි බඹරු
    කුසුම අතහැර...\\

    බඹරු??
    නික්මුණේ එක බඹරයි මට හිතෙන්නෙ නේද??

    ReplyDelete
    Replies
    1. ඔව්.. එක බම්බරයි නික්මුනේ.. මෙතන බඹරු කියන්නේ එකෙක් ට..

      Delete
  5. උබ කැම්පස් එකේ සාහිත්‍ය සංගමේ ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. නැතෝ.. ලබන අවුරුද්දේ යන්න බලනවා..

      Delete
  6. //බලා හිඳින්නට වීය
    එ මල දෙස ම
    වෙහෙස නිවෙන තුරු..//

    එහෙම වෙනවද???? :D

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ එහෙම තමයි... හි හි..

      Delete
  7. හිනා වෙන්න ඇත්තෙ යාළුකමට. කොහෙද තිං... මේ බඹරොත් එක්ක බෑනේ. හිතන්නෙම වැරදියට.

    ReplyDelete
    Replies
    1. සමහර විට.. ඒත් ඒ හිනාවක්‌ විතර ම යි කියලා කියන්න පුළුවන් කාට ද.?

      Delete
  8. Ron urai nam thawath
    bambarun
    bala inne kima
    "champala kusuma " desa............

    ReplyDelete
    Replies
    1. ආදරය කියන්නේ ඒකට.. ඒත් අන්තිමේ බැරි ම තැන වෙන්න ඇති යන්න ගියේ!

      Delete
  9. එ මල සිනාසුණේ චපල සිතකින් නම්
    යන් ට යනු මැන තවත් නොහිඳ ම
    ජීවිතේ අරමුණ දරාගෙන....

    චපල සිතක් නොවේ නම් කිසිවිට
    තේරුම් ගනු මැන ඇගේ හදවත
    සැම ට සිනාසෙන අහිංසකාවක් ලෙස....

    ReplyDelete
  10. මල දිහා ම බලා හුන්
    බඹරාට නොතේරෙන්න පුළුවන් ද?
    හිනා උනේ ඒ මල
    සිතින් ද? නොසිතින් ද බව!

    ReplyDelete
  11. මලින් පිරි ජීවිත උයන මත
    කිමද පතන්නේ එකම මලක්
    නුඹ හා මම???

    "සිනාසුණි මල
    බලා හුන් බඹරු නොදැක.."-බඹරු ද?? බඹරා ද??
    "පසෙකට වී
    බලා හිඳින්නට වීය
    එ මල දෙස ම
    වෙහෙස නිවෙන තුරු.." ඒ ටික එල

    ReplyDelete
    Replies
    1. තේරෙන්න ම කියනවා නම් ඒ ආදරේ හින්දා..

      Delete
  12. a adare hati wenna athi.malee wardak thyeda ?.bt da?

    ReplyDelete
    Replies
    1. ආදරේ කියන්නේ එහෙම දෙයාක් නම් ඒ ආදරෙන් වැඩක් තියෙනවා ද කියන එක ප්‍රශ්නයක් නේ?

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading