කෝන් එකට පිරවූ
අයිස්ක්‍රීම් පැහැය
නෑකම් කියයි
රත් වූ දෑසට..
බීඩියක් දුන්නට
කොහොම නම් මූට
අයිස් පලමක්
අරන් දෙන්න ද.?
වෙනදා ආදායම
තුන් දාහයි
අද නම් මට
දාහක් වත් නැති ගානයි..
අපොයි දෙයියනේ
අබුද්දස්ස කාලේ..
සසුන් මෙහෙවර
විඩා නංවයි
මේ සුළඟින්
සිත සැනසෙයි
කසා වත හැඳී
දෙනමක් යෙයි..
පල්ලිය වගේ ද
මේ ආතල් එක.?
ජුබ්බා හැඳ
පෙළක් සරයි...
අර බලපං
අරූ පනින උස..
මේ බලපන්
මුගේ කැමරාව..
බලපං බං
මුංගේ ආටෝප..
රෙන පුකට
මොන කැටයම් ද?
කියපන් බං
උඹේ කතාව..
නිමිත්ත : සෙනසුරාදා දිනක හවස පැය 4 ක් පමණ ගාලු කොටුවේ ගෙව්වෙමි.. දුටු නානාවිධ දෙයින් ඔළුව මන්ද මෝල් විය..
Subscribe to:
Post Comments (Atom)
ඔන්න එහෙනම් කිව්වා මගේ කතාව!
ReplyDeleteඅයෙත් දවසක යන්න ඕන බන්!
යමන්.. ඊටත් වඩා රෑ වෙනකම් ඉඳලා එන්න ම යමන්..
Deleteහපෝයි ඔව්.. නිදහසේ වටපිටාවේ ලස්සන බලන්නවත් නෑ හවස වරුවකට ගිහින්,.
ReplyDeleteඇත්ත කථාව.. නිදහසේ වටපිටාව බලන්නවත් විදියක් නෑ කොටුවට හවසට පිරෙන එක එක ජාතියේ මිනිස්සු නිසා,..
ReplyDeleteදැන් නම් ටිකක් හොඳයි.. වෙනදා කොටුව ඇඩල්ට්ස් ඔන්ලි නේ..
Deleteලස්සන අදහසක්..
ReplyDeleteස්තුතියි මචං..
DeleteYa
ReplyDeleteTawa dawasaka yanna
Bt
1st 4to eka wage 4toz dana eka hoda madi ne...
Kagewath nidahasata badha karanne mokatada!
ඒක නම් ඇත්ත.. ඒ උනාට මේ වගේ එව්වා නේ ගොඩක් තියෙන්නේ..
Deleteකවියත් පිංතූරත් අපි නැවතත් අතීතයට කැඳවන් ගියා ..ස්තුතියි
ReplyDeleteකොහොම උනත් හැමදා ම හැමෝට ම පහුගිය කාලය දැනට වඩා සුන්දරයි.. අනේ මන්දා.. මටත් එහෙමයි නේ..
Deleteඇත්ත කතාව මල්ලි
ReplyDeleteස්තුතියි අක්කා!
Deleteඋඹටත් හිතෙන දේවල්...!!!
ReplyDeleteඑල..
දැන් ඉතින් අපි සැහැල්ලුවෙන් නේ ඉන්නේ.. ඒ හින්දා වෙනදට වඩා හොඳ හොඳ දේවල් හිතෙනවා නේ..
Deleteදාන්න තරමින් කොටුව දැන් වැදගත්.කවියේ තියෙන විදියට අයෙත් රුහිතෙට ගිහින් වගේ..
ReplyDeleteරුහිතෙට ගිහින් නම් නෑ. ඒත් හවසට එන සමහර අය දැක්කම පව් කියලා හිතෙනවා.. නවත්තලා තියෙන්නේ කොටුවේ පෙම් කෙලින ඒක විතරයි නේ..
Deleteමෙය කියවා මගේ මනස ද මන්ද මෝල් විය..... හි හී... :D :D
ReplyDeleteමොනවා වුණත් ලස්සන අදහස් ටිකක්. හැබැයි තේරුම් ගන්න ටිකක් වෙලා ගියා......
ස්තුතියි මහි!
Delete