Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

නිවාඩු දවසක්

Monday, January 23, 2012

කෝන් එකට පිරවූ
අයිස්ක්‍රීම් පැහැය
නෑකම් කියයි
රත් වූ දෑසට..
බීඩියක් දුන්නට
කොහොම නම් මූට
අයිස් පලමක්
අරන් දෙන්න ද.?
වෙනදා ආදායම
තුන් දාහයි
අද නම් මට
දාහක් වත් නැති ගානයි..
අපොයි දෙයියනේ
අබුද්දස්ස කාලේ..
සසුන් මෙහෙවර
විඩා නංවයි
මේ සුළඟින්
සිත සැනසෙයි
කසා වත හැඳී
දෙනමක් යෙයි..
පල්ලිය වගේ ද
මේ ආතල් එක.?
ජුබ්බා හැඳ
පෙළක් සරයි...
අර බලපං
අරූ පනින උස..
මේ බලපන්
මුගේ කැමරාව..
බලපං බං
මුංගේ ආටෝප..
රෙන පුකට
මොන කැටයම් ද?
කියපන් බං
උඹේ කතාව..





නිමිත්ත : සෙනසුරාදා දිනක හවස පැය 4 ක් පමණ ගාලු කොටුවේ ගෙව්වෙමි.. දුටු නානාවිධ දෙයින් ඔළුව මන්ද මෝල් විය..

19 comments

  1. ඔන්න එහෙනම් කිව්වා මගේ කතාව!
    අයෙත් දවසක යන්න ඕන බන්!

    ReplyDelete
    Replies
    1. යමන්.. ඊටත් වඩා රෑ වෙනකම් ඉඳලා එන්න ම යමන්..

      Delete
  2. හපෝයි ඔව්.. නිදහසේ වටපිටාවේ ලස්සන බලන්නවත් නෑ හවස වරුවකට ගිහින්,.

    ReplyDelete
  3. ඇත්ත කථාව.. නිදහසේ වටපිටාව බලන්නවත් විදියක් නෑ කොටුවට හවසට පිරෙන එක එක ජාතියේ මිනිස්සු නිසා,..

    ReplyDelete
    Replies
    1. දැන් නම් ටිකක් හොඳයි.. වෙනදා කොටුව ඇඩල්ට්ස් ඔන්ලි නේ..

      Delete
  4. ලස්සන අදහසක්..

    ReplyDelete
  5. Ya
    Tawa dawasaka yanna
    Bt
    1st 4to eka wage 4toz dana eka hoda madi ne...
    Kagewath nidahasata badha karanne mokatada!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. ඒ උනාට මේ වගේ එව්වා නේ ගොඩක් තියෙන්නේ..

      Delete
  6. කවියත් පිංතූරත් අපි නැවතත් අතීතයට කැඳවන් ගියා ..ස්තුතියි

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් හැමදා ම හැමෝට ම පහුගිය කාලය දැනට වඩා සුන්දරයි.. අනේ මන්දා.. මටත් එහෙමයි නේ..

      Delete
  7. ඇත්ත කතාව මල්ලි

    ReplyDelete
  8. උඹටත් හිතෙන දේවල්...!!!
    එල..

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් අපි සැහැල්ලුවෙන් නේ ඉන්නේ.. ඒ හින්දා වෙනදට වඩා හොඳ හොඳ දේවල් හිතෙනවා නේ..

      Delete
  9. දාන්න තරමින් කොටුව දැන් වැදගත්.කවියේ තියෙන විදියට අයෙත් රුහිතෙට ගිහින් වගේ..

    ReplyDelete
    Replies
    1. රුහිතෙට ගිහින් නම් නෑ. ඒත් හවසට එන සමහර අය දැක්කම පව් කියලා හිතෙනවා.. නවත්තලා තියෙන්නේ කොටුවේ පෙම් කෙලින ඒක විතරයි නේ..

      Delete
  10. මෙය කියවා මගේ මනස ද මන්ද මෝල් විය..... හි හී... :D :D

    මොනවා වුණත් ලස්සන අදහස් ටිකක්. හැබැයි තේරුම් ගන්න ටිකක් වෙලා ගියා......

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading