මේ ලියවෙන්නේ අරුණැල්ලට ලියන සියවන සටහනයි. ඒ, අරුණැල්ල ඒ නමින් අරඹා වසරක් ගෙවෙන තැන දී යි.
මේ දක්වා ආ ගමනේ බ්ලොග් ලෝකය සහ සයිබරය තුළ, රැංගෝ ට ගුරුහරුකම් දෙමින් රැඳී වුන් රැසකි. මා අල්තීනායි විණි නම්, උහූ දුයිෂෙන් වැන්නෝ වුහ. එවැන්නවුන්ට ප්‍රණාමය පුද කරනු වස්, මෙතෙක් මා හා බ්ලොග් කරණයේ යෙදුණු පිරිසෙන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වය ඇතිව 'චිංගීස් අයිත්මාතව්' විසින් රචිත 'ගුරු ගීතය' නම් අද්විතීය කෘතිය යුනිකෝඩ් කරන ලදී.
ගුරු ගීතය PDF ගොනුව මෙතැනින් බාගත කළ හැකි ය!
ප.ලි :
2011 වසරේ අගෝස්තු මස 21 වන දින, එතෙක් Nj_A ලෙස තිබූ බ්ලොගය අරුණැල්ල නමින් ලියන්නට ගෙන මේ වන විට වසරක් ගතවී ගොස් හමාර ය. වසරක් තුල Page Views 40,000 කට අධික සංඛ්‍යාවක් අරුණැල්ලට හිමි කර දෙමින් මේ දක්වා අරුණැල්ල සමග රැඳී හුන් ඔබ සැමට අරුණැල්ල වෙනුවෙන් මගේ ප්‍රණාමය පුද කරමි!
සයිබරයේ කරක් ගසා කොතෙක් සෙව්වත් scan කරන ලද pdf ගොනුවක් ලෙස මිස සොයාගත නොහැකි වූ ගුරු ගීතය යුනිකෝඩ් කිරීමෙහිලා,
ස්වායක්ත ලියන නුවන් තාරක සොහොයුරා
නේජා ලියන රුවී
ගිනි කුරුල්ලා හෙවත් සමිල අයියා
අස්වැන්න ලියන දයානන්ද රත්නායක අයියා
ක්සැන්ඩරගේ කොලම ලියන ක්සැන්ඩර්
සුදාගේ සිතුවිල්ලක් ලියන මුදිත සුදාරක
Feels Like ලියන සඳුනි
බිම්සර
සිතුම් පැතුම්
චතුර බුද්ධික
ජනරඟ විජයිඳු දේවසුරේන්ද්‍ර
සඳ කිඳුරා
දඟ මල්ල
දඟකාරි
හසිත අයියා
ප්‍රදීප් අයියා
මී ගොඩයා
පුබුදු මල්ලි
ඇතුළු පිරිසත්, විශේෂයෙන් Red Riding Hood දක්වූ සහයෝගයත් බෙහෙවින් ම අගය කළ යුතු ය.
අරුණැල්ල වෙනුවෙන් එක කමෙන්ට් එකක් හෝ යෙදූ මගේ මිත්‍රයින්ටත්, අරුණැල්ලට ඇවිත්, රහසෙන් ම නික්ම ගිය දහස් ගණනටත් බොහොමත් ම ස්තුතියි! ඔබේ සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වෙමි!
ජය වේවා!!
ගුරු ගීතය - චිංගීස් අයිත්මාතව්
Tuesday, August 21, 2012
Labels:
Emotional,
ආදරය,
ගුරු උපහාර,
පිදිය යුත්තෝ,
පොතක් ගැන,
සාහිත්‍යමය
Subscribe to:
Post Comments (Atom)
උණුසුම් සුබ පැතුම් රැන්ගෝ..
ReplyDeleteජයෙන් ජයම වේවා!!
ස්තුතියි ප්‍රමුදි!!
Deletemageth unsusum suba pathum malli
ReplyDeleteස්තුතියි අක්කා!!
Deleteසුභ පැතුම් මලයා.... 500 ඉක්මණින් බැට් කිරීමට හැකිවේවා...
ReplyDeleteබොහොම ස්තුතියි අයියා.. උත්සාහ කරන්නම්.. ඔයාලගේ සහයෝගයත් ඕන ඉතිං!!
Deleteජය වේවා!!
100 ට සුභපැතුම් !!!
ReplyDeleteස්තුතියි සහෝ!!
Deleteඅරුණැල්ලට සුභ උපන් දිනයක් වේවා...!!මන් ඉතින් උදේම විශ් කලානේ..
ReplyDeleteජය වේවා... තව ගොඩාක් කල් ලස්සන පෝස්ට් ලියන්න ලැබේවා.. :D
ප.ලි. මේ මල්ලියේ අර විශේශ ස්තූතිය නැති වුනාට කමක් නැ.. අර මන් ඉල්ලපු කේක එක නම් ඕනේ..හරිය..
හරි හරි අක්කේ.. ඒක එදාට දෙන්නම්කො!!
Delete100ට සුබ පැතුම්
ReplyDeleteගුරු ගීතය වැඩේ නම් ඉහළය
හැබෑට මේ වගේ වැඩ කරගෙන යන්නත් පුලුවන් නේද දිගටම?
පොඩි වෙනසක් කරන්න හැදුවේ.. යම් හොඳක් තියෙනවා නම්, කරගෙන ගියාට වැරැද්දකුත් නෑ නෙව!!
Deleteස්තුතියි ගැටයෝ!
අලේ සුට්ටන් උපන්දින සැමරුමක් කට්ටියම එකතු වෙලා දාමුකෝඕඕඕඕඕ..... :p
ReplyDeleteඅලේ ඉතිං දාමුකෝ..
Deleteලොලේ ලොල්!!
දිගටම ලියමු මචා...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)))
එහෙමයි රජෝ.. ජය වේවා!!
Deleteඋණුසුම් සුබ පැතුම් මචං..... දිගටම ලියමු එල කිරි වගේ...............ජයෙන් ජයම වේවා
ReplyDeleteස්තුතියි මචං!!
Deleteඅරුණැල්ල මුල්ම පොස්ට් තථ් කමෙන්ට් 1 ක් දාපු එකම කෙනා මම වෙන්නැති :)
ReplyDeleteමට බ්ලොග් 1 ලියන්නත් ශක්තියක් උනේ අරුණැල්ල.අරුණැල්ල සහ මම අතර තියෙන්නේ බ්ලොග්කරුවන් දෙන්නෙක් අතර තියෙනවට වඩා ලොකු බැඳීමක්.ඒක මට අද ඇත්තටම සතුටු වෙන්න හේතුවක්.
ගමන තව බොහෝ දුරයි මිත්‍රයා !
හදවතින්ම සුභපැතුම්!
සහතික ඇත්ත මිත්‍රයා!! අදහස බොහොම ගෞරවයෙන් පිළි ගන්නවා!!
Deleteසුබ බ්ලොග්වසරියක් වේවා මල්ලි. සුබ පැතුම්. මමද කොහෙද භාරදීපු වැඩේ අන්තිමටම කරපු එකා. ගුරු ගීතය කරපු එක වටිනවා. ජය...!
ReplyDeleteඑහෙමවත් නොකරපු එවුනුත් ඉන්නවා නේ අයියේ!! හෙක් හෙක්!! උදව්වට බොහොම පිං ඈ!
Deleteජය වේවා!!
මටත් බ්ලොග් බඳින්න කියා දීපු තාමත් වැලි හලලා දෙන සිමෙන්ති අනලා දෙන ආදරණිය සර්...
ReplyDeleteමේ වගේම තවත් ඉදිරියටත් යහපත් නිර්මාණ එලි දක්වන්ට වාසනාව ශක්තිය ලැබේවා...
උඹට මගෙන්:- මයි කොන්ගැචුලෂන්...
වටලපං දෙකක් ඕනේ...
1.රාමසාන් සඳ බැලුවට
2.බ්ලොග් ගඩොල් 100ක් බැඳ හැපී එකට
මේ මං සුදාගේ සිතුවිල්ලක් පැත්තෙන්
ස්තුතියි සුදා මල්ලි!
Deleteමම බ්ලොග් අවකාශයට අඩිය තියද්දි නොදන්නා දේවල් කියලා දීල බොහෝ දෙනෙක් උපකාර කළා. මා ලබපු ඒ අවස්ථාවන්, මගෙන් තවත් කෙනෙක් ලබනවා නම් එය බොහොම සතුටක්.
වටලප්පන් වැඩේ ගැන අපි වෙන වෙලාවක කතා කරමුකෝ.. ඈ!!
ජය වේවා!
චිංගීස් අයිතාතෙව් වගේම ඔබත් නැවත ගුරු ගිතය ලියනා හොඳ පන්නරයක් ලැබුවා. හැමදාමත් අලුත්වෙවි කියවන්න හැකි කෘතියක්.
ReplyDeleteපෝස්ට් 100 ක් කියන්නේ ලොකු ගමනක්. විශේෂයෙන්ම මේවගේ දේවල් නිර්මාණකරනයේ හොඳ අත්වැලක් වෙනවා නිසැකයි.
සිංහල භාෂාව සහ සාහිත්‍ය වගේම කවිය ගිතය ගැන මෑත කාලයේ වැඩියෙන්ම කතාබහට ලක් වු නිල්රුල් නිලාර් හෙවත් නිලාර් එන් කාසිම් සොහොයුරා මතකයට එනවා මේ වෙලාවෙ.
ඒ ඔහුගේ ගමන් මගෙහි ඔබද ඔහු වැනිම තරුවක් ව දිදුලනු ඇත. අනාගත කලා අඹරෙහි. ඒ හැකියාව වෙනුවෙන් සුබපැතුම්.
බොහොම ස්තුතියි අයියේ. නිලාර් එන් කාසිම් කියන්නේ මා බොහොම ගරු කරන පුද්ගලයෙක්. ඒ වගේ ම මට ඔහු පරමාදර්ශී චරිතයක්. නොදන්නා බොහෝ දේ කියා දෙමින් ඔබ ලබා දෙන සහයෝගයටත්, දිරි ගැන්වීම් වලටත් බොහොම ස්තුතියි.
Deleteඔබ වැනි අයෙකුගෙන් මේ වගේ අදහසක් ලබන්නට තරම් මා වාසනාවන්ත යි!
අවුරුද්දක් පිරීම ගැන මගේ සුභ පැතුම්..
ReplyDeleteවැඩේ කරන්න ගත්තට මොකෝ බාගයක් නේ මට කරන්න පුළුවන් උනේ..
නමුත් කළ කොටස හරියට කළා නේ අයියේ. ලබා දුන් සහයෝගයට බොහොම ස්තුතියි!!
Deleteඔන්න මගෙනුත් සුභ පැතුම්...
ReplyDeleteඅපිවත් බලලා යන්න නිතරම එනවා යනවා නම් තමයි වැඩේ ලස්සන...
අනිවාර්යයෙන් ම සිරා.. මේ දවස් වල ටිකක් විතර කාර්ය බහුලයි. නමුත් අවස්ථාවක් ලැබුණු ගමන් එනවා!
Deleteබොහොම ස්තුතියි කොමෙන්ටුවට!
ශතකයට සුබ පැතුම්.....!!!
ReplyDeleteගුරුගීතය යුනිකෝඩ් කරපු එක විශිෂ්ට වැඩක්, ඒ සදහා දායක වුන හැමෝටම ස්තූතියි....!!!
ස්තුතියි සුමිත් සහෝදරයා.. ඔබ වැන්නෙකුගේ අදහසක් මගේ බ්ලොගයේ පල වීමත් මට කළ විශාල ගෞරව දැක්වීමක්!
Deleteජය වේවා!!
මගේ සුබ පැතුම් .....ඉදිරියටත් ලියන්න , අපි එනවා කියවන්නට
ReplyDeleteබොහොම ස්තුතියි මිත්‍රයා!!
DeleteRango, Rango, Rango, Rango, Rango
ReplyDeleteA ladies man indeed from his head down to his knees, Rango was doing the tango, But in came bad bill from his hide out on the hill, With a notion to kill rango
Rango, Rango, Rango, Rango, Rango
Rango, Rango, Rango, Rango, Rango
Thanks buddy!! The thing is, I'm still confused and couldn't figure it out whether this is a compliment or not!!
DeleteAny way thanks for being with Arunalla!!
සුභ පැතුම් මලයා.. සාර්ථක ගමනක් යන්න පුළුවෙන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteස්තුතියි අයියා!! :)
Deleteසුභ පැතුම්!!! දිගු ගමනකට ආසිරි!!!
ReplyDeleteස්තුතියි සිතූ!
Deleteඋණු සුම් සුභ පැතුම් රැංගෝ.. ඒවගේම 100 සහ 1 වෙනුවෙන් කරපු ගුරු ගීතය වැඩේ නම් උපරිමයි.. දිගු ගමනකට ආසිරි..
ReplyDeleteජය වේවා..
ස්තුතියි රස්තියාදුකාරයා!!
Deleteමේ පොත දැන් out of print ද?
ReplyDeleteBTW, congrats on the century!
අපොයි නැහැ..මේ පොත තාමත් කඩවල් වල ගන්න තියනවා..මම හිතන්නෙ දැන නම් අළුත්ම මුද්‍රණයක් තියෙන්නෙ..
Deleteඑහෙනම් මේ කරලා තියෙන්නේ වැරදි වැඩක් නේද?
Deleteදැනට නෙට් එකේ මේ පොතේ ස්කෑන් කරපු පිටපත් බොහොමයක් තියෙනවා. යුනිකෝඩ් නැති නිසයි මෙහෙම කළේ! බොහොම ස්තුතියි කතන්දර!!
Deleteජය..
ReplyDeleteඒ වගේම ගුරු ගීතය කලින් බලල තිබුනත් ඩව්න්ලෝඩ් කරගත්ත.
ස්තුතියි යාළුවා!
Deleteජය!!
godaaaaak sthuthiiiii
ReplyDeletePleasure is mine Ano!!
Deleteසුභ පැතුම් නජාත්
ReplyDeleteතවත් දිගු ගමනක් යන්න ලැබේවා!
ස්තුතියි අයියේ!!
Deleteසුභ පැතුම් මල්ලියෝ.. මින් ඉදිරියටත් මේ වගේම ලියන්න....
ReplyDeleteස්තුතියි අක්කේ!!
Deleteලිපි 100ට සුභ පැතුම්. හැබැයි මම කියවන පළවෙනි ලිපිය. දැන් ඉතින් ගුරු ගීතයත් බලන්න ඕනෙ.
ReplyDeleteඑහෙනම් දිගට ම අරුණැල්ල එක්ක එකතු වෙන්න.. ඊළඟ ලිපියේ ඉඳන් කියවමු!!
Deleteජය වේවා!!
සියක් සතුට මැද
ReplyDeleteසියක් පැතුම් මැද
යනෙන දිගු මාවත
තවත් සරු වේවා සබඳ..
නෙලා නෙක අස්වැන්න
සහස් දන වෙත බෙදන
අඳුරු අහුමුළු කරා
නැගෙනු මැන අරුණැල්ල..
සුපැතුම් සොහොයුර
තවත් දිගු ගමනකට
මල් සමග ගල් මුල්ද හමුවන
නොනැවිතී ඉදිරියට යන..
බොහොම ස්තුතියි අක්කේ.. කවිය නම් නියමයි!!
Deleteජය වේවා!!
උණුසුම් සුභ පැතුම්...දිගටම ලියන්න ලැබේවා...!!!
ReplyDeleteබොහොම ස්තුතියි.. මෙච්චර කාලයක් කරපු හැම දේට ම උදව් කළාටත් ඒ වගේ ම ස්තුතියි!! ඉදිරියටත් ඒ විදියට ම ඔයාගේ උදව් බලාපොරොත්තු වෙනවා!
Deleteජය වේවා!
සුබ පැතුම් රැංගෝ....දිගටම ලියන්න
ReplyDeleteගුරු ගීතය කියන්නේ කවදාවත් කොයිතරම් කියෙව්වත් එපා නොවන කතාවක්...
පේරාදෙණිය ව්ශ්වවිද්‍යලයෙන් ගුරු ගීතය වේදිකා නාට්‍යක් බවට පත් කරා. ඒ නාට්‍යය විශ්ව විද්‍යාලයේදීත් පාසල් දර්ශනයක් ලෙස ගාල්ලේදිත් නරඹන්නට පුලුවන් වුනා.
http://www.youtube.com/watch?v=wUJIUnCX3cc
මේ එම නාට්‍යයේ ගීතමය කොටසක්....
ස්තුතියි දඟකාරී.. මම ඒ නාට්‍යය බලලා නම් නැහැ. ඒත් ආයෙත් රඟ දක්වන අවස්ථාවක් යෙදුනොත් මටත් කියන්න..
Deleteජය වේවා!!
ඔයාට මම අවන්කවම සුබ පතනවා රැන්ගෝ..දිගටම හොඳ දේවල් ලියන්න ලැබෙන්න...ජය වේවා..!!!
ReplyDeleteස්තුතියි රෙහානි!! ඉදිරියටත් අරුණැල්ල එක්ක ඉන්න!
Deleteජය වේවා!
අඩේ සෑහෙන්න වටින වැඩක් කරලා තියෙන්නේ . .
ReplyDeleteකොයි තරම් සැරයක් කියෙව්වත් එපා නොවන මගෙත් ආසම පොතක් මේක . . .
වැඩේට හවුල් උනු හැමෝටමට බොහෝම ස්තූතියි . ..
බ්ලොග් සංවත්සරේටත් සුභපැතුම් . . ජය වේවා
ස්තුතියි දුකා!!
Deleteජය වේවා!!
කිරිල්ලිගෙනුත් 100 ට දාහක් සුභ පැතුම්..දිගටම ලියන්න..
ReplyDeleteබොහොම ස්තුතියි අක්කේ!!
Deleteනියමයි සහෝ! ඔබට සුභ පැතුම් :)
ReplyDeleteබොහොම ස්තුතියි!!
Deleteඅඩෝ...පරක්කු වෙලා හරි මෙන්න මගෙනුත් සුභපැතුම්.....
ReplyDeleteස්තුතියි මචෝ!!
Deleteආඩෝ මගෙනුත් සුභ පැතුම් මචං~
ReplyDeleteබොහොම ස්තුතියි සබිත් අයියා!
Deleteසුභ පැතුම් රැංගෝ!!! තවත් බොහෝ කාලයක් බ්ලොග් අවකාශෙ රැඳෙන්න වාසනවා, ශක්තිය ලැබෙන්න කියලා මම සුභ පතනවා!!!
ReplyDeleteජය වේවා!!
ස්තුතියි අක්කා.. දිගටම ඔයාලගේ සහයෝගයත් බලාපොරොත්තු වෙනවා!!
Deleteසුබ පැතුම්...........
ReplyDeleteස්තුතියි!!
Deleteඋණුසුම් සුබ පැතුම් මල්ලි.. දිගටම ලියන්න..
ReplyDeleteජයෙන් ජයම වේවා!!
බොහොම ස්තුතියි අක්කේ!!
Deleteජය වේවා!!
හ්ම්ම්ම් ගුරු ගීතය... හරිම ලස්සන පොතක්... මම මේ ලඟදියි කියෙව්වේ....
ReplyDeleteමම නම් බොහොම කාලෙකට කලින් කියෙව්වේ.. මේ වෙද්දී සිය පාරක් වත් අඩු ම ගානේ කියවපු පොතක්!
Deleteජය වේවා!!
පොත යුනිකෝඩ් කරන වැඩේට මාවත් එකතු කරගත්තට ගොඩක් පින්..ගුරු ගීතය පොත ගැන අහලා තිබ්බට කියෝල තිබ්බෙ නෑ..කාලෝචිත කතාවක්.
ReplyDeleteබ්ලොග්කරණයේ ඉදිරියටම යන්න මගෙනුත් සුබපැතුම් රැංගොට... :)
ස්තුතියි Neja!!
Deleteජය වේවා!!
100 ට උණුසුම් සුභපැතුම්! :)
ReplyDeleteප.ලි. - මන් දැන් ලියන්නේ නැතෝ.
බොහොම ස්තුතියි!!
Deleteලියන එක නවත්තපු එක නම් අපරාදේ!!
පොතේ රචක අය්ත්මාත්ව්ගේ නම හා පරිවර්තන කල දැදිගම මාමාගේ නමත් යෙදුවානම් හොදයි යැයි සිතමි.
ReplyDelete~කසුන්