2011 ප්‍රතිඵල ලේඛනයේ පළමු කලාපය පිට වීමේ දී දෝෂය ඇති වී තිබුනේ ප්‍රතිඵල ඇතුලත් කිරීමෙහි ය. එය නිවරදි කරන ලදුව, නිකුත් කල දෙවන කලාපයේ z අගය සෙවීමේ ක්‍රමය වැරදී තිබිණි. අද පිටත් වූ තුන් වන කලාපයෙහි වැරදි කොහෙද, නිවැරදි කොහෙද යන්න ශක්‍රයාගේ පුතා වයිමා තබා, බන්දුල ගුණවර්ධන ඇමැති තුමා වත් දන්නවා යයි සිතිය නොහැක.
ප්‍රතිඵල පිට වූ පසු බොහෝ දෙනා ඒ පිලිබඳ සිය අප්‍රසාදය පල කරන්නට වීම නිසා, අද මුණ ගැසුණු අප ශිෂ්‍ය කණ්ඩායමේ කිහිප දෙනෙක් සමග මෙහි ඇති ගැටලුව පිලිබඳ සාකච්ඡා කරන්නට යෙදුනි..සංඛ්‍යානය පිළිබඳව විශේෂයෙන් හදාරා නැතත්, අප හදාරා ඇති සංඛ්‍යානය අනුව ද මේ ක්‍රමය වැරදි බව මනාව වැටහිණි.
කෙටියෙන් කියන්නේ නම්, z අගය මගින් කෙරෙනුයේ, භරිත මධ්‍යන්‍ය ක්‍රමයක් මගින් ලකුණු ලබා දීමයි. උදාහරණයක් ලෙස, සංයුක්ත ගණිතය සහ භෞතික විද්‍යාව විෂයයන් දෙක සඳහා ලබා දෙන ප්‍රශ්න පත්‍ර දෙක සලකමු. යම් වසරක භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට වඩා, ගණිතය ප්‍රශ්න පත්‍රය බෙහෙවින් අසීරු යයි සිතමු. එවිට, සමස්තයක් ලෙස ගණිතයට ලබා ගන්නා ලකුණු ප්‍රමාණය අඩු වේ. එනම් මධ්‍යන්‍යය අඩු වෙයි.(උදා: ලකුණු 40) එමෙන් ම භෞතික විද්‍යාව සඳහා ලබා ගන්නා ලකුණු වල මධ්‍යන්‍යය ඉහල අගයක පවතී. (උදා:50). එවිට භෞතික විද්‍යාවට ලබා ගන්නා ලකුණු 50කට වඩා ගණිතය වෙනුවෙන් ලබා ගන්නා ලකුණු 50ක් වෙනුවෙන් ශිෂ්‍යයා වැඩියෙන් වෙහෙස විය යුතු ය. අතීතයේ පැවති මුළු ලකුණු මත පදනම ක්‍රමයේ දී ගණිතයට ගන්නා ලකුණු 50ත්, භෞතික විද්‍යාවට ගන්නා ලකුණු 50ත් සැලකුනේ එක ලෙස ය. නමුත් Z අගය ලබා දීමේ දී අසීරු විෂයයට ලබා ගන්නා ලකුණු වලට වැඩි වටිනාකමක් හිමි වෙයි. සරලව Z ලකුණ පිළිබඳව එසේ පැහැදිලි කල හැකි ය.
මෙවර සිදු වුයේ කුමක් ද?
මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය පිරිසෙන් එක් කොටසක්(දෙවන හා තුන් වන වාරය) පැරණි විෂයය නිර්දේශය යටතේ ද, ඉතිරි කොටස(පළමු වාරය) අලුත් විෂයය නිර්දේශය යටතේ ද විභාගයට මුහුණ දුන් අතර දෙපිරිස සඳහා වෙන වෙන ම ප්‍රශ්න පත්‍ර සැපයිනි.
ප්‍රතිඵල දෙවන නිකුතුවේ වරද කුමක් ද?
Z අගය ගණනය කිරීමේ දී ප්‍රධාන වශයෙන් ප්‍රශ්න පත්‍රය සඳහා ශිෂ්‍යයන් ලබා ගන්නා ලකුණු වල මධ්‍යන්‍යය සැලකිල්ලට ගන්නා බව කලින් කීවෙමි. දෙවන නිකුතුවේ දී එක් එක් විෂයයන් සඳහා Z අගය, එකට ගෙන ගණනය කර තිබිණි. එනම්, විෂයය සඳහා පොදු මධ්‍යන්‍යයක් සලකා ඇත. උදාහරණයක් ලෙස, අලුත් නිර්දේශයේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු සහ පැරණි නිර්දේශයේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු එක ම ප්‍රශ්න පත්‍රයකට මුහුණ දී ලබා ගත් ලකුණු ලෙස සලකා කටයුතු කර ඇත. එනම් ප්‍රශ්න පත්‍ර දෙක ම එක ලෙස අමාරු ඒවා ලෙස සලකා ඇත. එවිට Z ලකුණ ලබා දීමෙන් අභිමත දේ සිදු නොවන බව ඕනෑ මෝඩයෙකුට වැටහෙන කරුණකි. (නමුත් මෙය විභාග දෙපාර්තමේන්තුවට වැටහී නැත)
තෙවන නිකුතුවේ වරද?
මෙවර Z ලකුණ ගණනය කිරීම නිවැරදිව සිදු කර ඇති බව පවසයි. එනම් එක් එක් ප්‍රශ්න පත්‍රයට වෙන වෙන ම ගණනය කර ඇත. මෙහි ගැටළුවක් නැත.
එසේ නම් වරද කුමක් ද??
යම් විභාගයකට වරක් මුහුණ දෙන සිසුවා දෙවන හෝ තෙවන වර ඒ විභාගයට ම මුහුණ දෙද්දී, ඒ පිලිබඳ හොඳ අවබෝධයක් ඇතිව කටයුතු කරයි. පෙර අත්දැකීම් තිබීම ඊට හේතුව යි. උසස්පෙළ විභාගයෙන් සමස්තයක් ලෙස ගත් කල දෙවන වාරයේ පෙනී සිටි සිසුන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය වැඩි වීම මේ නිසා සිදු වන්නකි. එනම්, දෙවන වර පෙනී සිටින සිසුන්ගේ මධ්‍යන්‍යය ලකුණ ඉහල මට්ටමක පවතී. පළමු වර පෙනී සිටින බොහෝ සිසුන් ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ දෙවන වාරයේ ද පෙනී සිටීමේ අපේක්ෂාවෙනි. එසේ නැතිනම්, යන්තම් විභාගය සමත් වීමේ අපේක්ෂාවෙනි. සමස්තය සලකු විට, සුළු පිරිසක් පමණක් විශ්ව විද්‍යාල ප්‍රවේශය අරමුණු කර ගනිමින් ම විභාගයට පෙනී සිටියි. ඒ හේතුව නිසා දෙවන වර පෙනී සිටි අයට වඩා පළමු වර පෙනී සිටි අයගේ එක ම ප්‍රශ්න පත්‍රයක් සඳහා ම වුවත් මධ්‍යන්‍යය අඩු අගයක් ගනී.
උදාහරණයක් ලෙස පළමු වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය 45 ක් පමණ වෙද්දී දෙවන වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය 50 ක් පමණ විය හැකි ය. ඒ හේතුව නිසා ලකුණු 47ක් ලබා ගන්නා පළමු වර ශිෂ්‍යයාට ධන Z ලකුණක් හිමි වෙද්දී ඒ ලකුණු ප්‍රමාණය ම ඒ ප්‍රශ්න පත්‍රය සඳහා ම ලබා ගන්නා දෙවන වර ශිෂ්‍යයා ට හිමි වන්නේ සෘණ Z ලකුණකි. මෙවර සිදු වී ඇත්තේ එයයි. ප්‍රශ්න පත්‍රය මත පදනම් ව Z ලකුණ ගණනය කිරීමේ වරදක් නැත. නමුත් මෙහි දී නොසලකා හැරී කරුණු කිහිපයක් පවතී. එනම් පසුගිය වසර වල, දෙවන හා තෙවන වර ශිෂ්‍යයන් ලබා ගත් ලකුණු වල මධ්‍යන්‍යයේ සහ පළමු වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍ය වල වෙනස කවර ආකාර ද? සමස්තයක් ලෙස, පළමු වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්යේ සහ අනෙක් ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍ය අතර අනුපාතය කවර ආකාර ද? තෝරා ගත් ස්ථාන ප්‍රමාණයක් තුල පළමු වර ශිෂ්‍යයෝ කීයක් සිටිත් ද? දෙවන වර සහ තෙවන වර කීයක් සිටිත් ද?
වසර ගණනාවක අදාළ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමෙන් පසුව, ඒ අනුපාතය ආරක්ෂා වන පරිදි Z ලකුණ නැවත සකස් කල යුතු ය. මේ සියල්ල සිදු කිරීමට දින දෙක තුනකට වඩා ගත නොවේ. හේතුව, සියලු ම ලකුණු සටහන් පරිඝනක වල සටහන් කර තිබීමයි. ඉන් පසු අදාළ පරිඝනක වැඩසටහනේ සමීකරනය, නව සමීකරණය මගින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් මිනිත්තු කිහිපයක් තුල නව ප්‍රතිඵලය ලබා ගත හැකි ය. මුද්‍රණය සඳහා දවසක් ගත වුවත්, සතියක් තුල නිවැරදි ප්‍රතිඵලය ලබා දිය හැකි ය.
සංඛ්‍යානය විධිමත් ව හැදෑරු එක් අයෙක් හෝ විභාග දෙපාර්තමේන්තුවේ සේවය නොකරතියි සිතිය නොහැක. එසේ නම්, මේ සඳහා නිවැරදි ව ම ගැලපෙන ක්‍රමය භාවිත නොකර, Firefox Web Browser එක සේ මාසයකට වරක් හෝ දෙකක් ප්‍රතිඵල වල සංස්කරණ ඉදිරිපත් කිරීම අත්වැරැද්දක් යයි සිතිය නොහැක.
අද නිකුත් වූ ප්‍රතිඵල අනුව, බොහොමයක් අයගේ දිවයින් කුසලතාව 300 කින් පමණ වෙනස් වී ඇත. වසර ගණනාවක ප්‍රතිඵල සහ දත්ත අනුව, තමන් අනිවාර්යයෙන් ම ඉංජිනේරු හෝ වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබතියි සිතා සිටි බොහොමයකගේ බලාපොරොත්තු සුන් වී ගොස් ඇත. ඊට අමතරව, අඩු ලකුණු ලැබූ පළමු වර සිසුන් බොහෝ දෙනෙක් ඉහල Z ලකුණු ලබා ඉදිරියට පැමිණ ඇත.
කුසලතා වෙනස් වී, තමන් සුදුසුකම් ලැබීමට සිටි පාඨමාලාව වෙනස් වීම නිසා බොහෝ දෙනෙකුට නැවත විභායට මුහුණ දීමට සිදු වී තිබේ. තුන් හිතකින් වත නොහිතු ලෙස, ඉතිහාසයේ නොවූ විරූ ලෙස කුසලතාව වෙනස් වීම නිසා දෙවන සංස්කරණයට අනුව ඉහල Z අගයයන් ලැබුවන් ට ද නැවත උසස් පෙළ කරන්නට සිදු වී ඇත. ඒ අතින් ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව සුපිරි ය. ඒ සඳහා ඔවුන්ට සති ම දෙකක කාලයක් ලබා දී ඇත. වසරක් තිස්සේ අමතක වී ගිය පාඩම් මතක් කර, උසස් පෙළ ලියා උසස් ලෙස සමත් වීමට සති දෙකක් වැඩිත් එක්ක ඇති ය!
ඊයේ මගේ මිත්‍රයෙකු හමු වී කතා බහ කිරීමේ දී පැවසු දෙයක් තදින් ම මගේ සිතට කා වැදුනි. එය මෙසේ ඔහුගේ වචනයෙන් ම ලියා තබමි.
"2010 A/L කරපු අපි ඔක්කොම කාලකන්නි බං. උඹලා First Shy ම ගියා. ඒත් ස්ට්‍රයික් හින්දා උඹලා ගෙදර. අපි second shy කළා. තාම ප්‍රතිඵල නැතුව ගෙදර. තවත් සමහර එවුන් Third shy කරන්න හිතුවා. උන්ට තාම Admission වත් නැතුව, තීරණයක් ගන්න බැරුව ගෙදර!"
"2010 A/L කරපු අපි ඔක්කොම කාලකන්නි බං. උඹලා First Shy ම ගියා. ඒත් ස්ට්‍රයික් හින්දා උඹලා ගෙදර. අපි second shy කළා. තාම ප්‍රතිඵල නැතුව ගෙදර. තවත් සමහර එවුන් Third shy කරන්න හිතුවා. උන්ට තාම Admission වත් නැතුව, තීරණයක් ගන්න බැරුව ගෙදර!"
මෙය සම්පුර්ණයෙන් ම විභාග දෙපාර්තමේන්තුවේ වරදකි. ලංකාවේ තිබෙන වැදගත් ම සහ වඩාත් ම තරඟකාරී විභාගයේ ප්‍රතිඵල සමග සෙල්ලම් කිරීම දැන් වත් නතර කල යුතු ය. දහසින් බැඳී පියල්ලෙන් පඩි ගන්නා උන් පුටු රත් කරන අතරේ ඉඳ හිට වත් තමා එතනට ගෙනා නිදහස් අධ්‍යාපනය ගැන සිතිය යුතු ය. නො එසේ නම්, මේ සියල්ල වෙනස් කරවන අරගලයක් ඇති වන දිනය වැඩි ඈතක නොවනු ඇත.
ප.ලි:
මේ ගැටලුව නිරාකරණය සඳහා විසඳුමක් සොයන අතර වාරයේ, මෙවැන්නක් මගේ සිතට ආවේ ය. මෙහි නිරවද්‍යතාව පිළිබඳව එතරම් ම පැහැදීමක් නැතත්, පවතින ක්‍රමයට වඩා එය යහපත් වනු ඇති සිතමි. ඒ මෙසේ ය.
පසුගිය වසර කිහිපයක, එක් එක් විෂයයන්ගේ උසස් පෙළ ප්‍රතිඵල වල, මධ්‍යන්‍යයන් ලබා ගත යුතු ය. ඉන් අනතුරුව, ඒ ඒ විෂයයන් සඳහා දෙවන /තෙවන වර සහ පළමු වර පෙනී සිටි ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය වෙන වෙන ම ලබා ගත යුතු ය. සමස්ත මධ්‍යන්‍යය සහ එක් එක් වාරයේ ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය අතර යම් පොදු අනුපාත ලබා ගැනීම මෙහි දී අසීරු නොවනු ඇත. ඉන් අනතුරුව, අදාළ අනුපාතය සලකා, මෙවර උසස් පෙළ පළමු වර ශිෂ්‍යයන් සඳහා එක් මධ්‍යන්‍යයකුත්(මෙය බොහෝ විට ඔවුන්ගේ දැන් මධ්‍යන්‍යයට වඩා වැඩි අගයක් විය හැකි ය) දෙවන සහ තෙවන වර ශිෂ්‍යයන් සඳහා තවත් මධ්‍යන්‍යයකුත් (මෙය දැන් සලකනු ලබන මධ්‍යන්‍යයට වඩා බොහෝ විට අඩු අගයක් වේ) ලබා ගත හැකි ය. දැන් මේ ලබා ගත් කල්පිත මධ්‍යන්‍යයන් මත පදනම් ව වෙන වෙන ම Z ලකුණ ගණනය කළ හැකි ය. මෙහි දී ලැබෙන Z ලකුණ පොදු එකක් ලෙස සැලකිය හැකි නිසා කෙලින් ම අදාල ලකුණ මගින් කුසලතා අංකය (rank) තීරණය කළ හැකි ය!
මේ ගැටලුව නිරාකරණය සඳහා විසඳුමක් සොයන අතර වාරයේ, මෙවැන්නක් මගේ සිතට ආවේ ය. මෙහි නිරවද්‍යතාව පිළිබඳව එතරම් ම පැහැදීමක් නැතත්, පවතින ක්‍රමයට වඩා එය යහපත් වනු ඇති සිතමි. ඒ මෙසේ ය.
පසුගිය වසර කිහිපයක, එක් එක් විෂයයන්ගේ උසස් පෙළ ප්‍රතිඵල වල, මධ්‍යන්‍යයන් ලබා ගත යුතු ය. ඉන් අනතුරුව, ඒ ඒ විෂයයන් සඳහා දෙවන /තෙවන වර සහ පළමු වර පෙනී සිටි ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය වෙන වෙන ම ලබා ගත යුතු ය. සමස්ත මධ්‍යන්‍යය සහ එක් එක් වාරයේ ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය අතර යම් පොදු අනුපාත ලබා ගැනීම මෙහි දී අසීරු නොවනු ඇත. ඉන් අනතුරුව, අදාළ අනුපාතය සලකා, මෙවර උසස් පෙළ පළමු වර ශිෂ්‍යයන් සඳහා එක් මධ්‍යන්‍යයකුත්(මෙය බොහෝ විට ඔවුන්ගේ දැන් මධ්‍යන්‍යයට වඩා වැඩි අගයක් විය හැකි ය) දෙවන සහ තෙවන වර ශිෂ්‍යයන් සඳහා තවත් මධ්‍යන්‍යයකුත් (මෙය දැන් සලකනු ලබන මධ්‍යන්‍යයට වඩා බොහෝ විට අඩු අගයක් වේ) ලබා ගත හැකි ය. දැන් මේ ලබා ගත් කල්පිත මධ්‍යන්‍යයන් මත පදනම් ව වෙන වෙන ම Z ලකුණ ගණනය කළ හැකි ය. මෙහි දී ලැබෙන Z ලකුණ පොදු එකක් ලෙස සැලකිය හැකි නිසා කෙලින් ම අදාල ලකුණ මගින් කුසලතා අංකය (rank) තීරණය කළ හැකි ය!
මට හිතුන දේ මං බුකියට දැම්මා. ඊට වඩා කියන්න දෙයක් නෑ...
ReplyDelete//2012 දී ඔහොම නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්..//
බුකියේ දාපු දේ දැක්කා.. ජය වේවා!!
Deleteඋපේ කියන්නේ නිකම්ම නිකම් විභාගයක් විතරක් නෙමේ. මේ විභාගේ හුඟක් අයගේ ජීවිතේ හා සමාන වෙන දෙයක් විත්තිය මේ විභාගවල සංවිධාන කටයුතු කරන අප්පුහාමිලා මතක තියාගන්න ඕනේ
ReplyDeleteසහතික ඇත්ත අයියේ...
Deleteඇත්ත........ ඒත් දැන් ආයේ මේක වෙනස් කරන්න වෙනවා නම් ඒකට තව මාස 3ක් වත් ගනිවි.... එතකොට 2013 ඇවිත් තියෙවි.. ඒකත් හරියටම කරයිද කියලා දන්නේ කවුද? තුන්වෙනි වතාවේ ලියපු කෙනෙක් නම් මේ අවුරුද්ද කොයි තරම් වටිනවද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැනේ...
ReplyDeleteකවුද මේවට වග කියන්නේ..... අයියො සල්ලි ලියුම් ලියලත් වැඩක් උනේ නැහැනෙ
තමන්ගේ වගකීම් පැහැර හරින එවුන්, තමන් අතින් වක්‍රාකාරව සිදුවෙන වැරදි වලට කොහේ වග කියන්න ද අයියේ??
Deleteළමයින්ගේ ජීවිතත් එක්ක මේ විදියට සෙල්ලම් කරන එක ගැන නම් පුදුම කළකිරීමක් තියෙන්නෙ..... :(
ReplyDeleteකලකිරෙනවා තමයි අක්කේ!
Deleteමගේ කමෙන්ට් 1 උඹ දන්නා නිසා අපහු ටයිප් නොකරමි!
ReplyDeleteඑසේ ය!!
Deleteඅනේ තවත් සංස්කරණ නිකුත් වේවා.පාසල් වල ඉන්න දරුවෝ වැඩි වැඩියෙන් ඒ ලෙවල් කරත්වා.විශ්ව විද්‍යාල ආතල් කාලය තවත් වසර හතර පහකින් දික් වේවා.අපේ වුන් තවත් කල් බලන් සිටිත්වා.2011 වුන් 2015වත් කැම්පස් යැවේවා(මුන්ගේ කටවල් කුනුවේවා)
ReplyDeleteඅපේ ඩිග්රිය මිය යන්නට පෙර ලැබේවා!!
Deleteai ban mechchara sarala deyak wath karaganna bari un tawama tiyagena inne pukata pain gahala pannanne natiwa..munge boru show witarai.. tv ekata pora talks denawa.. unge aya cembridge yaddi lankawe ekata kelalama arinawa...kalakanni yakku..
ReplyDeleteසහතික ඇත්ත යාළුවා..
Deleteවිභාග දෙපාර්තුමෙන්තුවේ උන්දලා හොදයි බාන් කරල කුබුරු හාගන්න..
ReplyDeleteනියම ම විදියට කිව්වා..
Deleteමේවා ගැන මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕන! මේ විභාග නෙවෙයි,ළමයින්ගේ ජිවිත!
ReplyDeleteජීවිතවල වටිනාකමක් නොදන්නා අය, විභාගවල වටිනාකමක් දන්නවා ද??
Delete"2010 A/L කරපු අපි ඔක්කොම කාලකන්නි බං. උඹලා First Shy ම ගියා. ඒත් ස්ට්‍රයික් හින්දා උඹලා ගෙදර. අපි second shy කළා. තාම ප්‍රතිඵල නැතුව ගෙදර. තවත් සමහර එවුන් Third shy කරන්න හිතුවා. උන්ට තාම Admission වත් නැතුව, තීරණයක් ගන්න බැරුව ගෙදර!"
ReplyDeleteඇත්ත කතාව බං..දැනටමත් අපි මාසයක් විතර ගෙදර හිටියා!!!ඒත් අපේ රටේ බහුතරයකට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැති එකනේ වෙලා තියෙන්නේ!!!!
යකුනේ...සල්ලී දීලා ඉගෙන ගනිව්...තොපිට ඒකවත් තේරෙන්නේ නෑ නේ...මොන රෙද්දටද නිදහස් මේවා එක..ඉඩමක් උකස් තියහන්..ඇමතියට ගානක් දියන්...ලොවෙත් 20න් ප්‍රොපෙසර් කෙනෙක් වෙන්න හැකි..
ReplyDeleteප.ලි. - හූ හු...ඇද්ද මල්ලී...උඹලා තාම ස්ට්‍රයික් නිසා ගෙදර නේ....
උසස් පෙල සිසුන් සමඟ බලධාරීන්ගේ සෙල්ලම් වහාම නවත්වන්න ඕනි,
ReplyDeleteමේ තමා රටේ අනාගතය, අනිත් එක ළමයින්ගේ ජීවිත.
අනේ..!!මේ බලධාරීන්ට මොළයක් නැති හැටි,තමන්ගේ ළමයින්ව පිටරට යවල උගන්නනවා, ඊට පස්සේ අසරණ ළමයිගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා.මෙහෙමත් කට්ටිය..මදිවට සති දෙකකින් AL කරන්නත් කියනවා.......
මෙව්වා ගැන කතා කරන්න ගියාම තියෙන ලේ ටිකත් පුච්ච ගන්න තමයි වෙන්නෙ. නාඩිය කිව්ව 1 හරියට හරි.2010 ලියලා කැම්පස් ගිය අපියි මේ පාර ලියපු උනුයි දෙගොල්ලොම ගෙදර.
ReplyDeleteC.W.W.කන්නන්ගර මහත්තය හිටියනම් ඒ මනුස්සය වහ කුප්පියක් බීල මැරෙයි ලංකාවෙ අධපනයට කරන මේ අපරාදෙ දැකල. පව් අපේ අසරන කෙල්ලො කොල්ලො.... මෙහෙම ගියොත් හෙට අනිද්ද වෙනකොට අපේ උන්ට ලංකාවෙ තියෙන වස ජාති මදි වෙයි.
මට නම් කුනුහබ්බ මතක් වෙනවා .. ඇයි යකෝ 1 කින් දෙකකින් , 10 කින් 15 කින් , හරි කමක් නෑ 50 කින් 75 කින් රෑන්ක් එක වෙනස් වුනා කියමු , මේ 300 කින් .!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteමම අහන්නේ කෝමද ඒ .. මගේ 93 රෑන්ක් එක ඉතින් අහවල් එකටද ආයේ පාඩම් කරන්නේ මේ පාර කම්පුස් නේ කියල හිතුවා , පොත් එක එකාට දුන්න , අනේ අපේ අම්මි ගොඩක් සතුටෙන් හිටියේ , මම ගොඩක් අමාරුවෙන් පාඩම් කලේ , දවසට එක වේලයි කෑවේ , අවුරුදු 3 ක් පාඩම් කළා 1ස්ට් ෂයි , 2 න්ඩ් ෂයි දෙකටම ගෙදරින් ගිහින් තනියම වෙන ගෙදරක ඉදන් , ඉතින් 93 රෑන්ක් එක අවුලක් නෑ කියල හිත හදා ගත්තා , අනේ මුන් ඒකට ත් කෙලියනේ .. දැන් මම 400 රෑන්ක් එක , හෙන ගහපන් , 16 දෙනෙක් නඩු දැම්මලු ඒ අයගේ රිසල්ට් කෝමද දන් නෑ , මට රිසුල්ට් එක ගැන දුකක් නෑ , කම්පුස් ඕනෙත් නෑ , ඒත් මම අවුරුද්දක් බලන් හිටියා , ජොබ් එකක් කලෙත් නෑ , කෝස් එකක් කලෙත් නෑ , කම්පුස් යන්න හිටියා අනේ මට හොද වැඩේ ... දැන් ගෙයින් එලියට බහින්නේ කෝමද ..? 93 ... 400 උනා කියල කටක් ඇරලා කිවාකිද ..? සති දෙකකින් එක්සෑම් කරන්න උන්ගේ #@#^$ ^ මම කියන් නෑ ඉතිං ..,
...ගෙ පුතාලත් එක්ක වැඩ කරන කොට ඔයිට වඩා දෙයක් උනත් බලාපොරොත්තු වෙන්න වෙනවා.
ReplyDeleteඇත්ත මචං.. මගෙත් කිට්ටුම මිත්‍රයෙක් මේපාර අවසන් වතාවට උ/පෙලට මුහුණ දුන්න.. 2.18 අගයක් තිබ්බ.. ඒත් මේ තුන්වෙනි සංස්කරණයට 2.01 වෙලා.. එහෙම උනාම රැංගෝ කිව්ව වගේම ආයෙත් ඒ මිනිස්සුන්ට මොන සරණක්ද??
ReplyDeleteපව් අසරණ ළමයින්ගේ ජීවිත...
Z අගය 2ක් දුන්නා නම්, එකම Rank List එකක් හදන්නෙ නැතුව වෙන වෙනම Rank List 2ක් හදන්න ඕන. එහෙම කරලා විභාගයට විෂය නිර්දේශ 2න් මුහුණ දුන්න ගණන හරියටම බලලා සාධාරණ ප්‍රතිශතයක් බැගින් විශ්වවිද්‍යාල වලට ගත්තා නම් හරි.
ReplyDeleteඑක එක පාඨමාලා වලට අයදුම් කරපු ළමයි ගණන බලලා ඒ අයගෙන් නව, පැරණි විදියට Z අගයන් 2ක් දීල තෝරා ගන්න පුළුවන්.
අසාධාරණයක් වේවි. නමුත් හොඳම පිළියම ඒක තමයි!
නමුත් 2011 දී දෙවැනිවර හා තුන්වැනි වර උසස් පෙළ කරපු, දහසක් බලාපොරොත්තු තියන් හිටපු ළමයින්ගේ ජීවිත ගැන කවුද වග කියන්නේ?
වෙච්ච වැරැද්ද යම්තාක් දුරකට හරි නිවැරදි කරන්න තවමත් පුළුවන්.....
එක ළමයෙක් හරි සියදිවි හානි කරගන්න කලින් මේක කරපල්ලා!
මාත් හිතනව ඒ ක්‍රමේ ගොඩක් දුරට සාධාරණයි කියල. ඒක තමයි මම මෙච්චර කාලෙකට දැකපු සාධනීයම විසඳුම. රැංගො පසු සටහනේ දාපු ක්‍රමේත් දැක්ක. සමහර විට මට ඒක හරියමට තේරිලා නැතිවද දන්නෑ. මට තේරුනු විදියට නම් ඒක පදනම් වෙන්නෙ කලින් අවුරුදු වල ලමයි එක් එක් විශයට ගත්ත ලකුනු වල සමස්ථ මධ්‍යන්‍යය පලවෙනි වාරයේ ලමයි වෙනමත් දෙවන සහ තුන්වන වාර වල ලමයි වෙනමත් සැලකුවහම ලැබෙන ලකුනු වල මධ්‍යන්‍යත් අතර අනුපාතයන්ගේ සාමාන්‍යය අරගෙන ඒකට මේ අවුරුද්දෙ ඔක්කොම ලමයි ගත්තු ලකුනු සාමාන්‍යය ආදේශ කරල පලමු වාරයෙ ලමයින්ගෙ මධ්‍යන්‍යයත් අනික් වාර වල ලමයින්ගෙ මධ්‍යන්‍යයත් විදියට ලැබෙන අගය දෙක පාවිච්චි කරල ඒ අයට වෙන වෙනම ඉසෙඩ් අගය ගණනය කරන්න ඕන කියන එක නෙ.
Deleteහැබැයි රැංගො කලින් අවුරුදු වල ඔක්කොම ලමයි ලියන්නෙ එකම ප්‍රශ්ණ පත්තරේකට. මේ අවුරුද්දෙ ඒක වෙනස්. ඔය සලකපු අනුපාතයට මේ ප්‍රශ්න පත්තර දෙකේ වෙනස්කම් හින්ද ඇතිවෙන වෙනස අහුවෙන් නෑ නේද?
එතකොට මධ්‍යන්‍යය දෙක සහ සම්මත අපගමන දෙක සකස් වෙන්නේ වෙන වෙන ම නිසා, වෙනස් ප්‍රශ්න පත්‍ර දෙකක වීමේ ගැටලුව මග හැරෙනවා නේද? අපි මෙතන දී කල්පිත Z ලකුණකට පැමිණීමයි සිදු වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා නේ ද?
Deletemomna wesige puthek da me, hoyala balapan parana syllabus eke ayage ranks, hamoma passata gihin, rank eka adu wenda wenda wenda passata yana tharama wadi wela, mua ayage 5 6 7 passata giata 200 300 ranks wala 50 60 passata gihin.ane pako
ReplyDeletepako am mehema kiyane 3 weni para karapu matati mage yaluwo hamotama una asadarane nisa. tho sidebar eke dala thiene photo eken ma penawa tho inna ara anthare goo kana huthige puthek kiyala
Deleteයාළුවා.. පෞද්ගලිකව මම අන්තරයේ සාමාජිකයෙක් නෙවෙයි. නමුත් අන්තරේ නොවන්න ඔබේ මේ ගැටලුවට මැදිහත් වන්න කවුරුවත් නොහිටින්න තිබුනා. ඔබ සඳහන් කළ පරිදි නිෂ්මි අනුව යන මා බල්ලෙක් නම්, ඔබ ඔහු පිළිබඳව නොදන්නා අයෙක් බවට සැකයක් නැහැ. ටිකක් ඒ අය පිළිබඳව දැනුවත් වන්න. ඔවුන් නොසිටින්නට අද ඔබත් මාත් ලබන නිදහස් අධ්‍යාපනය නැති වී ගොස් වසර ගණනක වන්නට ඉඩ තිබුනා.
Deleteතනබ්ට ගැටළුවක් ඇති වුනු වෙලාවටයි කෙනෙකුගේ නියම ස්වභාවය ඉස්මතු වෙන්නේ. මෙහි කමෙන්ට් කරපු බොහෝ දෙනෙක් ඔබ මුහුණ දුන් ගැටලුවට ම මුහුණ දුන් අය. ඒ වගේ ම මගේ මුහුණු පොතේ මිතුරන් බොහෝ දෙනෙකුත් එහෙමයි. නමුත් ඔබ භාවිත කළ ආකාරයේ වාග් රටාවක් භාවිත කළ වෙනත් කිසිවෙක් සිටියේ නැහැ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගෙන් සමාජය බලාපොරොත්තු වන්නේ මීට වඩා සංයමයක්. ඔබේ ප්‍රශ්නය වෙනුවෙන් කතා කිරීමයි අපේ අරමුණ වුනේ. නමුත් ඔබ දොස් පවරුවෙත් අපටමයි. එයින් ඔබ නිවැරදි අවබෝධයකින් තොරව කටයුතු කරන අයෙක් බව පැහැදිලියි.ඒ අනුව බලන විට ඔබ වන්නෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලැබීම සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේ ම වාසනාවක් බවත් කිව හැකියි!
වරෙක මාර්ටින් වික්‍රමසිංහයන් තම ‘භව තරණය‘ කෘතිය නිර්ධය ලෙස හෙලා දැකු වුන්ට මෙසේ කීවේය.
Delete“එක පාරක් හරි මගේ පොත කියවල ඒකට බැන්නට කමක් නෑ. ඒත් පොත දැකලවත් නැතිව බනින අය ගැන නම් කණගාටුයි.“
...
දැනට පේන විදියට සාධාරණයක් කරන්න පුළුවන් එකම විදිය විශ්වව්ද්‍යාලයට තෝරා ගන්න ක්‍රමවේදය වෙනස් කරන එක විතරයි. ඒ ගැන තමා මුකුත් කියල නැති එක තමා අව්ල . ඊට වඩා වැඩි දෙයක් නම් බලාපොරොත්තු වෙන්න බැරි වෙය් .:-(
ReplyDeleteඅවුරුදු ගාණක් තිස්සෙ මහන්සි වෙලා වැඩ කරලා තමන් ගත්ත ප්‍රථිඵලය ගැන විශ්වාස කරන්න බැරි නම් ඒ ළමයින්ගෙ අනාගතේ ගැන තව කවර කතාද..
ReplyDeleteමේ විදිහට රටේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න අයිතිය මේ මිනිස්සුන්ට දුන්නේ කවුද?
3rd edition එකේ z-scores හරි උනාට ranks හරි කියල කියන්න බෑ නේද?
ReplyDeleteranks දීල තියෙන්නේ වෙන වෙනම හදපු z-scores එක list එකකට අරගෙන.
ඒත් එකිනෙකට සම්පුර්ණයෙන්ම වෙනස් structures 2ක papers වලට ලියපු, groups 2ක
z scores එකට ගන්න බෑ නේ.
මොනවා අහනවද මල්ලි? මගෙත් යාලුවෝ ගොඩක් මේ පාර 3වෙනි වතාවට විභාගේ ලිව්වා.. උන්ගේත් ප්‍රතිඵල හොදටම අවුල්.කාට කියන්නද මන්ද මේ විකාර..නඩු දාන්න තමයි වෙන්නේ.. මී හරක් අධ්‍යාපනයේ ලොකු පුටුවලට ගියාම ඔහොම ඒවා වෙනවා..
ReplyDeleteකරුමේ තමා රැ0ගෝ..
ReplyDeleteකැම්පස් එන්න කලින් හම්බවුන HNB ජොබ් එක එපා කියලා කැම්පස් ගියේ.දැන් නම් දුකයි ඒක ගැන..
යන්න ඉන්න ළමයින්ටත් මෙවුන්ගෙන් සෙතක් නෑ...කැම්පස් ඇතුලේ ඉන්න අපිටත් සෙතක් නෑ....!
ReplyDeleteළමයින්ගේ ජිවිත වල වගකීම ගන්නේ කවුරුන්ද ?????
දුක දන්නේ ඒ ළමයිනුයි ළමයින්ගේ අම්මල අප්පච්චිලයි...නැතුව මේ මිනිස්සු නෙවෙයි....
මෙවුන්ට උසස් පෙළ තවත් එක විභාගයක් විතරයි....ඒත් ළමයින්ගේ හීන සේරම තියෙන්නේ මේ දේවල් එක්ක.....ළමයි නැතුවද මන්ද මේ මිනිස්සුන්ට.....?????
2011 උසස් පෙල කල ඔක්කොගෙන්ම අවසරයි,
ReplyDeleteමට ප්‍රදාන වශයෙන් කියන්න තියෙන්නෙ එක දෙයයි,
"තොපිට කැම්පස් එන්න වෙන්නෙ නෑ.."
"අපට අවුට් වෙන්න වෙන්නෙත් නෑ.."
යකෝ ලංකාවෙ හන්දියක් හන්දියක් ගානෙ ප්‍රයිවට් කැම්පස් හදන්නෙ,
අම්මා තාත්තා උගස් තියලා හරි පලයව් ඒකකට,
හිඟන්නො වගේ රජයෙන් කන්න බලා ඉන්නෙ,
නිදහස් අද්‍යාපනය ආයෝජනයක් උනේ ඉස්සර,
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී(පැසිස්ට්වාදී) ආන්ඩු ක්‍රමයේ අලුත්ම ව'ශන් එකේ තියෙන්නෙ,
"සල්ලි තියන උංට රට - රට තියන උංට සල්ලි" කියලා,
නොදහස් අද්‍යාපනේ ඉවරයි,
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙත්
"තොපිට කැම්පස් එන්න වෙන්නෙ නෑ.."
"අපට අවුට් වෙන්න වෙන්නෙත් නෑ.."
රත්තා++++++++++++++
මේ වගේ හරක් රංචු පිටින් ඉන්න රටක මෙවගේ ගැටලු නොනැසී තියෙනවා. ඒවායින් වන්දි ගෙවන්න වෙන්නෙත් මේ තරුන පරපුරට. මේකය් අද තත්තවය.
ReplyDeleteකියල තියන දේවල් වලට වද අයෙ කියන්න දෙයකුත් නෑ, කියන්න ගත්තොත් නවත්තගන්නත් බැරී වේවි. ඒ තරම්ම මුන් ගැන වෛරයක් තියෙන්නේ. මුන්ව නැවත පත්කරගන්න උන්ටත් එක්කම මේ ශාපය වදීවි. අනේ රටට, රටේ අන්නගතයට හෙන ගැහුවත් තමන්ගේ මල්ල පිරෙනවානම් කියල රට විකුණන් කන උන්ට හෙනම ගහපියව්. මේක දේශපාලන කතාවක් නෙමෙයි, නමුත් දෙසපාලුවන්ගේ සහ වටේට ඉන්න ගොන් මැට්ටන්ගේ වැඩවලින් ජීවිතෙත් එක්ක කලකිරිලා ඉන්න සිසුන්ගේ අදහස. අපි 3rd shy කරලා බලන හිටියේ කැම්පස් යන්න. එක ඕනේ තරම් ලකුණුත් තිබුන. Maths හින්ද rank එක 50 කින් 75 කින් වෙනස් උනත් ඔක්කොම වෙනස් වෙනවා. අපිට දැන් කාගේ සරණක්ද? 4th shy කරලත් කැම්පස් යන්න දෙන්නේ උන්ගේ වරද නිසානේ. ඒත් අපේ ජීවිත වල පස්සට යන අවුරුද්ද අයෙ අපිට ලැබෙයිද? අයෙ කරලා කැම්පස් ගියත් out වෙන්න වෙන්නේ කොයි කාලේද? Private Campus වෙනුවෙන්, මුදල් වෙනුවෙන් මේ පර බල්ලෝ නිදහස් අධ්‍යාපනය විකුනනවා. අවසාන පැතුම, මුන් ඉපදෙන ඉපදෙන හෙම ආත්මේම මන්දබුද්ධික වෙලා ඉපදියව්.
ReplyDeleteහරියාකාරව ලංකාවේ මෙච්චර කල් පැවැත්වුන එකම විභාගය උසස් පෙළ විභාගය...ඒකටත් දැන් හරි වගේ :(
ReplyDeleteවිභාග දෙපාර්තමේන්තුවේ ඉන්නේ යමක් කමක් තේරෙන අය නෙවෙයි වෙන්න ඕන...
අධෝමුඛ නැකතට වැඩ කරන එකෙක් මුල පුටුවෙ ඉන්නකන් ඔහොම තමා වෙන්නෙ...
ReplyDeleteඅපිට මේ ප්‍රශ්නෙ අද නැතත් කවදා හරි බලපානවනෙ අය්යේ.. හරිම කණගාටුයි අපේම අය්යල අක්කලට මේ සිද්ධ වෙන දේවල් ගැන.
ReplyDeleteකවදහරි දවසක ලංකාවෙ අධ්‍යාපනය ගැන ලැජ්ජාවක් නැතුව කට ඇරල කියන්න පුළුවන් දවසක් ආවොත්..
gud one malliya...bt ithin mewa examination dept eke ayata thernne athi ekane awla..
ReplyDeleteape minissuntath ithin thamantama deyak wenakam thernnet na...therum ganna try karannet na...api wapurapu thala thamai me nelanne..sb amathi thumata pin sidda wenna issarahat lamainta puluwan wei piya urumayen job 1kata yanna...labourer kenekge lamyekta kawadawath engineer kenek wenna bari wewi...:(
datz their ultimate goal and they are achieving it step by step.."AASIYAAWE AASHCHARYA"
අනේ මන්ද මල්ලි දැන් මේ 2011 වුණු අවුලේ හැටියට 2012 දී මොනවයින් මොනා වෙයිද දන්නෙ නෑ...
ReplyDeleteමෙහි ඔබ පළමු නිකුතුව හා දෙවන නිකුතුව යන දෙකම කලේ එකම z ක්‍රමය භාවිතයෙනි. පළමු නිකුතුවහි තිබු වැරැද්ද දිස්ත්‍රික් රෑන්ක් වරද්දා ගැනීම වන අතර එය z සුත්‍රයේ වරදක් නොව විභාග දෙපාර්තමේතුවේ පරිඝනක වල වරදක් බව පල විය. එය සැහෙන වරදකි. විභාග කොමසාරිස් අස් විය යුතු නැත්නම් අස් කල යුතු තරමේ වරදකි. නමුත් දැන් ඇති වී තිබෙන ප්‍රශ්නයට එහි සෘජු බලපෑමක් නැත.
ReplyDeleteඑවිට කතා කල යුතුව ඇත්තේ දෙවන හා තෙවන z අගය නැත්නම් ඒ ගණනයට යොදාගත් සුත්‍ර පිළිබදවය.
මුලින්ම කිව යුත්තේ මේ z සුත්තර සැදුවේ විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන අමාත්‍යංශ හෝ UGC යෙන් නොවන බවයි. එය සැදුවේ UGC පත් කල කමිටුවක් මගිනි . හරියටම කියනවනම් ආචාර්ය, මහාචාර්ය වරු 9 දෙනෙක් විසිනි. එම කමිටුවේ මුල් තැන ගත්තේ කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් කුලතුංග විසිනි. නම දෙනාගේම නම් මට මතක නැති වුවත් සොයා ගත හැකි නම් මෙසේය,
මහාචාර්ය KRMT කරුණාරත්න(ජ'පුර)
මහාචාර්ය සරත් පිරිස් (මොරටුව)
Dr .දිල්හාරි ආටිගල (කොළඹ)
Dr. සරත් බන්නාහක
ඔවුන් විසින් z අගය වෙන වෙනම ගණනය කිරීම (තෙවන නිකුතුවට යොදා ගත් ක්‍රමය ) මෙන්ම සුත්‍ර දෙක එක් කිරීමේ ක්‍රමය (නැතිනම් "මෙව්වා" කිරීම ක්‍රමය නැතිනම් පළමු/දෙවන නිකුතුවට යොදාගත් සුත්‍රය) යන දෙකම අත්හදා බල ඒවා මගින් ලැබෙන ප්‍රතිපලද සලකා බලන ලදී. මේ බව මහාචාර්ය කුලතුංග නඩු තීන්දුවෙන් පසු මාධ්‍ය සාකච්චාවේදී කියුවේය.
තෙවන නිකුතුවේ වරදක් නැති බව ඔබ කියයි. ඔබ පමණක් නොව මහාචාර්ය තටිල්ද ඒ බව කිවේය. නමුත් ඔබ හෝ මහාචාර්ය තටිල් ද එම තෙවන සුත්‍රයෙන් සිසුන්ගේ ප්‍රතිපල වලට වන වෙනස්කම් සලකා බලා නැත. විශේෂයෙන්ම පසු ගිය අවුරුදු වල විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් වීමේ රටාව (pattern) එක සලකා බලා නැත.
පළමු/දෙවන නිකුතුවට යොදාගත් සුත්‍රයේ ගණිතමය වශයෙන් ගත කල වැරැද්දක් තිබීමට පුළුවන. තෙවන නිකුතුවට යොදාගත් සුත්‍රය ගණිතමය වශයෙන් ගත කල නිවැරදි වීමට පුළුවන.
නමුත් මේ සුත්‍ර ගැන සැලකීමේදී වැදගත්ම දෙය ගණිතමය නිරවද්‍යතාව නොව එය එන ප්‍රතිපල (එම සුත්‍ර භාවිතා කිරීමෙන් ඇතිවන ප්‍රතිපල) වල නිවැරදි බවයි. මේ නිවැරදි බව කීමට පසු ගිය අවුරුදු වල සිසුන් ඇතුලත් වීමේ රටා සමග මෙවර ප්‍රතිපල සැසදීම කල හැක.
එසේ සසඳා ආචාර්ය ගුණතිලක මහතා සංඛ්‍යා ලේඛන ජුලි 22 දා "the island" පුවත්පතට ලියු ලිපියේ තිබු ප්‍රස්ථාර http://www.island.lk/userfiles/image/2012/07/22/table.jpg
(සම්පුර්ණ ලිපිය http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=57347
)
එසේ සැසදු විට පැහැදිලිවම පෙනෙන්නේ පළමු/දෙවන ක්‍රමයට යොදාගත් සුත්‍රය මගින් තෙවන නිකුතුවේ සුත්‍රයට වඩා නිවැරදි ප්‍රතිපල (පසු ගිය වසර කිහිපය හා සසදන විට ඒ රටාවටම ගැලපෙන ප්‍රතිපල ලැබෙන බවයි) ලැබෙන බවයි.
එනිසා පැහැදිලිව පෙනෙන පරිදි නඩු කියා මුල් z ප්‍රතිපල අහෝසි කර නිකුත් කර ගත් ප්‍රතිපල (තෙවන නිකුතුව) මගින් සිදු වී ඇත්තේ විශාලම අසාධාරණයක් බව පෙනේ.
මෙයට වෙනත් ක්‍රම අවශ්‍ය නැත. මුලින් දුන් z අගය (දෙවන නිකුතුව) වඩාත් නිවැරදි නිසා එය යලි ක්‍රියාත්මක කිරීමෙන් විශාලම සාධාරණය වනු ඇති.
මෙහි නීතිමය පැත්ත ගත් විට මුලින් දුන් z අගය ලැයිස්තුව බල රහිත කර තිබෙනවා (null & void).
ඒ කියන්නේ එහෙම ලැයිස්තුවක් දැන් නැහැ. ඒ ලැයිස්තුව කිසිම තීරණ ගැනීමේ කටයුත්තකට යොදාගන්න බෑ.එයට අනුව සිසුන් ගැනීමම අධිකරණයට අපහාස කිරීමක් විදිහට සලකන්න පුළුවන්.
කල හැකි එකම දෙය තීන්දුව දුන් තැනින්ම වෙනස් කර ගැනීම. දැනටමත් මේ ගැන තවත් නඩුවක් පවර තිබෙනවා.
කලින් කතාව වැඩි පුර යමක් ලෙස කියන්නේ නම් නිර්මාල් ආචාර්යතුමා හෝ විශ්ව විද්‍යාල අච්රවරුන්ගේ සංගමයේ ලොක්කන් "අපි සියලුම සිසුන් ගන්නට ලැස්ති" කියා කොතරම් පොර ටෝක් දුන්නත් (වගකීමෙන් වැඩ කිරීම ගැන කතා කරනා කාලයක), සමහරවිට ඒ මහතුන් සිටින පීඨ නම් (කලා, ඉතිහාසය, මානව විද්‍යා ආදිය) කැමති ආකාරය විශාල කර වැඩි සිසුන් පිරිසක් ගැනීමේ හැකියාවක් ඇති ඒවා විය හැක. නමුත් වෛද්‍ය, ඉංජිනේරු ආදිය එසේ රබර් මෙන් අදින්නට නොහැකි බව කියන්නට කැමැත්තෙමි.ඔවුන් ඒ ටෝක් දෙන්නේ ඒ පසු කිවූ ඒවායේ ආචාර්ය වරුන්ගේ අසාද?
..
ගහන දෙකක් සඳහා තනි සම්මත අපගමනයක් සහ මධ්‍යන්‍යයක් සෙවීම මට මතක විදියට උසස් පෙළ, සංයුක්ත ගණිතය II හෙවත් ව්‍යවහාරික ගණිතයේ සංඛ්‍යානය කොටසට තිබුනා.
ReplyDeleteසමහර අය Z ලකුණු ක්‍රමය ඉදිරිපත් කිරීම ගැන තටිල් ට දොස් කියනවා. ඒක හරියට ගුවන් යානයක් අනතුරට පත් වුනාම රයිට් සහෝදරයන්ට බනිනවා වගේ ගොන් වැඩක්. Z ලකුණු ක්‍රමය නොතිබෙන්නට මේ තරම් වත් නිවැරදිව ගණනය කරන්න ලැබෙන්නේ නැහැ. කොහොමත් දෙවන ක්‍රමයේ රෑන්ක් කළ විදියේ විශාල ගැටළුවක් තිබෙනවා. ඒ ගැටලුව නිවැරදි කිරීමට අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් මා දකිනවා.
එකක් දැන් ඉල්ලන ආකාරයට වෙන වෙන ම රෑන්ක් කිරීම.ඕනම කෙනෙක්ට තේරෙන, සරල ම ක්‍රමය වූ ඒ ක්‍රමයට අනුව යම් ආකාරයකට මේ ගැටලුව විසඳුනත්, සම්පුර්ණ විසඳුමක් ලැබෙන්නේ නැහැ. එයිනුත් අසාධාරණයට ලක් වෙන පිරිසක් ඉන්නවා.
නමුත් මම මේ ලිපියේ අවසානයට එක් කළ ක්‍රමය මගින් වඩාත් සාධාරණව මේ ගැටලුව විසඳිය හැකියි. එයින් සමස්තයක් ලෙස ගත් විට සියලු සිසුන්ට සාධාරණයක් වෙනවා. මේ පිළිබඳව කපිල පීරිස් මහතා ලියු ලිපියක් මට පසුව කියවන්නට ලැබුනා. ඔහුගේ ක්‍රමය වී තිබුනෙත් මා කියූ ක්‍රමයමයි.
කෙසේ හෝ මේ ගැටලුවට ඉක්මන් සහ සාධාරණ විසඳුමක් ලැබීම දැකීමට කැමැත්තෙන් පසුවෙනවා!
ජය වේවා!!
මම තටිල්ට දොස් කියන්නේ නම් 2011 දී z අගය යෝජනා කිරීම ගැන නම් නොවේ.
ReplyDelete