ජීවිත උයනේ
සක්මන් කරනා
සිංහ රුවක් ඔහු
සිතුවම් කෙරුවා..
වෘක වෙසක් ගෙන
සිත්තර රවටා,
සිඟාලයෙකු සේ
හූ හඬ නංවා,
සුලු දිය පහ කොට
සුනඛ විලාසෙන්,
කපටි සිංහයා
සිනාසුනා..
ඒ දිය වැදිලා
සිත්තර සිතුවම්
පාට බොඳ වෙලා
දහදිය වැගිරෙන
දෑතහි දිය වී
කාසි කොළ වල
පාට හේදිලා..
Subscribe to:
Post Comments (Atom)
යතාර්තයට මුහුනදුන් සඳැසක්.......පට්ට
ReplyDeleteස්තුතියි Raj!!
Deleteලොකු අදහසක්!! ලස්සනට ලියැවිලා තියෙනවා.. නියමයි!!
ReplyDeleteස්තුතියි අක්කේ!
Deleteගොඩාක් හිතන්න ලියවිච්ච අපුරු අකුරු ටිකක්....
ReplyDeleteස්තුතියි නාඩියා!!
Deleteනියමයි... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතියි රජෝ!!
Deleteඅපූරු කවි පෙළක් නොවැ ..
ReplyDeleteඑහෙම ද? ස්තුතියි යාළුවා!
Deleteනියම අර්ථයක් සහෝදරයා...
ReplyDeleteස්තුතියි සහෝදරයා!!
Deleteයථාර්තයම නිරුවත් කරලා පද ටිකකින් ලස්සනයි
ReplyDeleteස්තුතියි සචිත්!!
Deleteඑක පාරටම මට නම් තේරුණේ නෑ. ආයෙ කියවන්න ඕනා
ReplyDeleteනැවත වරක් උත්සාහ කරන්න අක්කේ.!!
Deleteසිංහයෝ වෘකයෝ සිඟාලයෝ අතරේ මම අතරමං වෙලා වගේ
ReplyDeleteහොල්මන් වගේ නේ!!
Deleteමටත් අන්තිම කොටස ඒකියන්නේ දෙවන කොටස ගැන පොඩ් අපැහැදිලි තාවයක් මතු වුනා. හරියටම ඕනෙ දේ ලියවුනේ නැද්ද නැත්නම් තේරුම්ගත්ත හැටි වැරදිද කියල හිතෙනවා.
ReplyDeleteඒකෙ තියෙන්නේ සිත්තරා ගැන නේ අයියේ!!
Deleteසමහර විට ලියපු දේ පැහැදිලිව නොලියවුනා වෙන්නත් පුළුවන්!!
ආයෙත් උත්සාහ කරලා බලන්නකෝ...
වචන කිහිපයක්
ReplyDeleteඑකට එක් වුනු පේලි සමුහයක්
එනමුදු
ලියවුනු දේ බොහොමයි
ජය
ස්තුතියි අයියේ!
Deleteඒ බං මලයෝ 3පාරක් කියවලත් තේරුනේ නෑනේ මොකද්ද කියන්නේ කියල...
ReplyDeleteකොහොම උනත් ලියල තියෙන විදියට නම් මං ආසයි..
ජයවේවා!
සරලව කියනවා නම් ශ්‍රී ලාංකේය දේශපාලනය!!
Deleteසමහර විට හතර වෙනි පාර කියෙව්වා නම් තේරුම් ගන්න ඉඩ තිබුනා අයියේ!
ජය වේවා..
මැන්ටල් අපිට මේවා තේරෙන්නෙ නෑ කොල්ලෝ ... ගැඹුරු අර්ථයක් ඇතිව ලියාපු බව නම් පේනවා..
ReplyDeleteඑහෙම හිතන්න එපා අයියේ..
Deleteඅරුණැල්ලට ආදරෙන් පිළි ගන්නවා!!
ලස්සන ලොකු ගැඹුරු අර්ථයක් කවිය පුරාම ගැබ්වෙලා තිබුනේ..කවිය වගේම ඔයාගේ ලියන විදිහෙත් අමුත්තක් දැක්කා..හරිම ලස්සනයි....
ReplyDeleteලියන විදිය ටිකක් වෙනස් කළා.. හැමදාම එක ම විදියට ලියන්න බෑ නේ.. ඒ හින්දා! බොහොම කාලෙකින් නේ මේ පැත්තේ ඇවිත් තියෙන්නේ..
Delete