Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සිත්තරා රැවටීම

Tuesday, July 10, 2012

ජීවිත උයනේ
සක්මන් කරනා
සිංහ රුවක්‌ ඔහු
සිතුවම් කෙරුවා..
වෘක වෙසක් ගෙන
සිත්තර රවටා,
සිඟාලයෙකු සේ
හූ හඬ නංවා,
සුලු දිය පහ කොට
සුනඛ විලාසෙන්,
කපටි සිංහයා
සිනාසුනා..

ඒ දිය වැදිලා
සිත්තර සිතුවම්
පාට බොඳ වෙලා
දහදිය වැගිරෙන
දෑතහි දිය වී
කාසි කොළ වල
පාට හේදිලා..


Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

28 comments

  1. යතාර්තයට මුහුනදුන් සඳැසක්.......පට්ට

    ReplyDelete
  2. ලොකු අදහසක්!! ලස්සනට ලියැවිලා තියෙනවා.. නියමයි!!

    ReplyDelete
  3. ගොඩාක් හිතන්න ලියවිච්ච අපුරු අකුරු ටිකක්....

    ReplyDelete
  4. නියමයි... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. අපූරු කවි පෙළක් නොවැ ..

    ReplyDelete
    Replies
    1. එහෙම ද? ස්තුතියි යාළුවා!

      Delete
  6. නියම අර්ථයක් සහෝදරයා...

    ReplyDelete
  7. යථාර්තයම නිරුවත් කරලා පද ටිකකින් ලස්සනයි

    ReplyDelete
  8. එක පාරටම මට නම් තේරුණේ නෑ. ආයෙ කියවන්න ඕනා

    ReplyDelete
    Replies
    1. නැවත වරක් උත්සාහ කරන්න අක්කේ.!!

      Delete
  9. සිංහයෝ වෘකයෝ සිඟාලයෝ අතරේ මම අතරමං වෙලා වගේ

    ReplyDelete
  10. මටත් අන්තිම කොටස ඒකියන්නේ දෙවන කොටස ගැන පොඩ් අපැහැදිලි තාවයක් මතු වුනා. හරියටම ඕනෙ දේ ලියවුනේ නැද්ද නැත්නම් තේරුම්ගත්ත හැටි වැරදිද කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකෙ තියෙන්නේ සිත්තරා ගැන නේ අයියේ!!
      සමහර විට ලියපු දේ පැහැදිලිව නොලියවුනා වෙන්නත් පුළුවන්!!
      ආයෙත් උත්සාහ කරලා බලන්නකෝ...

      Delete
  11. වචන කිහිපයක්
    එකට එක් වුනු පේලි සමුහයක්
    එනමුදු
    ලියවුනු දේ බොහොමයි

    ජය

    ReplyDelete
  12. ඒ බං මලයෝ 3පාරක් කියවලත් තේරුනේ නෑනේ මොකද්ද කියන්නේ කියල...
    කොහොම උනත් ලියල තියෙන විදියට නම් මං ආසයි..
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. සරලව කියනවා නම් ශ්‍රී ලාංකේය දේශපාලනය!!
      සමහර විට හතර වෙනි පාර කියෙව්වා නම් තේරුම් ගන්න ඉඩ තිබුනා අයියේ!
      ජය වේවා..

      Delete
  13. මැන්ටල් අපිට මේවා තේරෙන්නෙ නෑ කොල්ලෝ ... ගැඹුරු අර්ථයක් ඇතිව ලියාපු බව නම් පේනවා..

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා අයියේ..
      අරුණැල්ලට ආදරෙන් පිළි ගන්නවා!!

      Delete
  14. ලස්සන ලොකු ගැඹුරු අර්ථයක් කවිය පුරාම ගැබ්වෙලා තිබුනේ..කවිය වගේම ඔයාගේ ලියන විදිහෙත් අමුත්තක් දැක්කා..හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ලියන විදිය ටිකක් වෙනස් කළා.. හැමදාම එක ම විදියට ලියන්න බෑ නේ.. ඒ හින්දා! බොහොම කාලෙකින් නේ මේ පැත්තේ ඇවිත් තියෙන්නේ..

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading