Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

නගරය

Saturday, September 8, 2012

ආං බලාපියව්...
කෝට් බෑය ජැන්ඩි පහට
මුණ බලන සපත්තු දෙක
කරකවාපු උඩු රැවුල
ඒ මහත්තැන්ගේ තේජස!!

තෝ හොරිකඩයා
තෝ මොකාද?
මුඩුක්කු වල බල්ලෝ
හිඟා කන්නේ, අත පය නැද්ද?

හායි ඩියර්
වට්ස් අප් දෙයර්
ඩු යූ වෝන්ට් සම් බියර්?
චී.. බලන්න මෙයාලගේ ගඳ..

ගමේ වාගේ නොවෙයි මෙහේ
සර්පයෝ අඩියෙන් අඩියට විසකුරු
කොන්ක්‍රීට් වනන්තරේ
අතරමං වෙයි නිරතුරු
ගමෙන් ගිහින් අපි තාමත්
ඒ වගේ ම හරි ගොඩේ ලු
අම්මේ මං ගමට එනවා
අපි හේනක් කොටා ගනිමු..




36 comments

  1. අන්න කරනවානම් මොලේ ඇති වැඩේ..හි හි..

    ReplyDelete
    Replies
    1. මාත් මොලේ කල්පනා කරන්න තීරණය කළා!! :)

      Delete
  2. දැන් ඔය හේන ලබුදුවේද කොටන්නේ...?
    කොහොමත් ඇඟ බහින්නත් එක්ක එක හොඳයි...
    මට මහගම සේකරගේ මහත්තයාගේ "ගම අමතකයි" මතක් උණා :)

    ReplyDelete
    Replies
    1. නෑ නෙව.. මං ගිංතොට නේ.. හේන කොටන්නේ අපේ ගමේ!!
      ගම අමතකයි කියන්නේ මාත් බොහොම ආස කරන කවි පෙලක්!!
      ජය වේවා!

      Delete
  3. ඒත් මට මතක නෑ
    ගමට එන පාර
    කොළඹ සුකුරුත්තම් නිසා
    ගිනි කණ වැටිලා මගේ ඇස් දෙක..

    ReplyDelete
    Replies
    1. අම්මේ මට ගමට එන්න පාර කියාපාන්නේ!!!

      Delete
  4. මට ගමට එන්න ගමට එන්න කුරුලු පිහාටුවක් එවන්න එවන්න....
    පොඩි මල්ලි අතේ අනේ අම්මේ කුරුලු පිහාටුවක් එවන්න එවන්න....

    ReplyDelete
    Replies
    1. අමරසිරි පීරිස්ගේ මම බොහොම ප්‍රිය කරන ගීතයක්!
      ජය වේවා!!

      Delete
  5. මට ගමට එන්න ගමට එන්න
    කුරුළු පිහාටුවක් එවන්න
    පොඩි මල්ලි අතේ අනේ අම්මේ
    කුරුළු පිහාටුවක් එවන්න.

    - අමරසිරි පීරීස්

    මගේ ප්‍රියතම ගීතයක්

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රියතම ගායකයාත් ඔහුයි!!
      ජය වේවා මාතලන් අයියේ!!

      Delete
  6. හේන වැව්වෙ නැති උනත් අම්මා ළගට එන එකම ඇති

    මම සිරාගෙ කාමරේ සිරා

    ReplyDelete
    Replies
    1. හැම හිතේ දුකක් ම අම්මා ළඟ දී නැති වෙන්න තරම් ඒ බැඳීම පුදුමාකාරයි!!
      ජය වේවා!

      Delete
  7. මමත් එනවා යං අපි දෙන්නම.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ රජා ඇවිත්!!
      ජය වේවා!!

      Delete
  8. කවිය නම් හොදයි..... ඒත් හේන් කොටන්න ගියොත් දිය කැට පහනෙ දීප්තිට වෙච්ච දේ තමයි වෙන්නෙ.
    ගම; සැකයෙන් තොරව නැවත පිළිගන්නෙ නෑ
    නගරය; තවමත් ආගන්තුකයි....

    ReplyDelete
    Replies
    1. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා නේ!!
      සැහෙන්න වටිනා අදහසක්. ඔබ කියන්න බලාපොරොත්තු වුණු නේ වටහා ගත්තා කියා හිතනවා!
      ජය වේවා!!

      Delete
  9. ගමේ වාගේ නොවෙයි මෙහේ
    සර්පයෝ අඩියෙන් අඩියට විසකුරු....
    අවසර මට එන්න ඔහේ
    කවුරුවත්ම නෑ සුමිතුරු..

    ReplyDelete
    Replies
    1. අන්තිම පද දෙක ගැන මම තෘප්තිමත් නැහැ. නමුත් ගොඩක් අයට දැනිලා තිබුණේ ඒ පද දෙක. මේ පද දෙක වඩාත් සංවේදී බවක් දැනෙනවා!!

      Delete
  10. නුවර පිරිලා එරමිණි කටුවැල්
    ආයෙත් බැද්දට එනවා මං!

    ReplyDelete
    Replies
    1. එහෙමයි!! ආයෙත් බැද්දට එනවා!!

      Delete
  11. හ්ම්ම්..එහෙම හොඳයි :)

    ReplyDelete
  12. මෙන්න කවි.. මේකවිය හොඳට ලියල තියෙනවා. හැබැයි පුංචි දෝෂයක් තියෙනව කියල හිතෙනවා
    "
    අම්මේ මං ගමට එනවා
    අපි හේනක් කොටා ගනිමු.."

    මේටික කියන්න කලින් ඒ අදහසට එන්න තව ටිකක් කවියෙන්ම එන හේතුව විස්තර කළානම් හරි..
    නැත්නම් නොකියූ දෙයක් අන්තිම පේලියේ හැංගිලා තියෙනවා වගේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ.. මම ඒ ටික වෙනස් කරන්න උත්සාහ කරන්නම්! :)

      Delete
  13. අපූරු සිතුවිල්ලක්..

    ReplyDelete
  14. ලස්සන සිතුවිල්ලක් සහෝදරයා... මෙව්වා කැම්පස් යන උදවියට නිතර පහලවෙන කවි වෙන්ටෝනා ඒ ඇයිද මන්දා...

    සෑහෙන්න කාලයක් තිස්සේ මේ පැත්තට ගොඩවෙන්න උවමනාවක් තිබ්බත් ඒක මෙච්චර කාලයක් අතපසු වුනා ටිකක් නිවිහැනහිල්ලෙ ඉන්න නිසා තමා අද මේක කියවන්න ආවේ...

    ReplyDelete
    Replies
    1. මට එහෙම හිතුණේ අපේ එවුන්ට වෙන දේවල් දැකලයි. මම ඉතින් ගෙදර ඉඳන් කැම්පස් යන එකා නෙව.. :)

      අරුණැල්ලට සාදරෙන් පිළි ගන්නවා යාළුවා..

      Delete
  15. ජංගමය ට සර්විස් මදි

    නෙට් එක නැහැ සයිබරයට

    ගියපු පයින් උඹ එනවා

    නගරෙ බලා මොනවද කැට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Bindi මේ පැත්තේ ආවට!!
      ජය වේවා!

      Delete
  16. කෑවොත් බෙහෙත් නැති සර්පයෝ ඉන්නේ ලංකාවේ වැඩිපුරම කොළඹ රටේ මචන්. ගමෙන් ආව කෙල්ලෝ පොෂ් කෙල්ලෝ වෙන්ඩ හදනකොට, ගමෙන් ආපු කොල්ලෝ පොෂ් පොරවල් වෙන්න හදනකොට ඕව බලල හිනා වෙනවා ඇරෙන්න අපේ හඩු ගඳ මකන්න උන්ට සුවඳට දැනෙන්න අපි සෙන්ට් ගහන්න ඕනේ නෑ මචන්.

    ReplyDelete
    Replies
    1. කොහේ ගියත් තමන්ගේ අනන්‍යතාව රැක ගන්න පුළුවන් නම්, ඒක තමයි වැදගත් ම දේ. කොළඹ ගිහින්, ඒ අසිරිය දැකලා කුල්මත් වෙලා වෙනස් වෙන උදවිය, කවදා හරි යුරෝපීය රටකට එහෙම ගියොත්, "වට් ඉස් ශ්‍රී ලංකා??" කියලා අහන තත්වෙට වැටෙනවා!
      අදහසට බොහොම ස්තුතියි යාළුවා!!
      ජය වේවා!!

      Delete
  17. Boru sobana jeththu kaarayanta game kollekgen honda kane parak. niyamai.

    ReplyDelete
  18. කවී පොඩ්ඩ හරිම රහයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා!

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading