මේ ගමේ වන්නිහාමි කියලා එක්තරා ගුරුවරයෙක් ජීවත් වෙනවා. වෘත්තියෙන් ගුරුවරයෙක් කියලා කිව්වට ඔහු ගමේ අය අතරේ වඩාත් ජනප්‍රිය වෙන්නේ ගමේ වෙදරාල, එහෙමත් නැතිනම් ගමේ ආයුර්වේද වෛද්‍යවරයා විදියට. මේ වෙදරාලට. බොහොම ලස්සනට කවි, ගීත ලියන්න සමත් පුතෙක් ඉන්නවා. ඔහුව අපි රං බණ්ඩා කියලා හඳුන්වමු.
වියළි කලාපයේ දුෂ්කර ගමක ජීවත් වුණත් මේ තරුණයා, ඉගෙන ගන්න බොහොම දක්ෂයි. ඒ හින්දා ම, උසස් පෙළ විභාගය ඉතා හොඳින්සමත් වෙලා, නීති පීඨයට ඇතුළත් වීමට ඔහු සුදුසුකම් ලබනවා. තමන්ගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගන්න, රන් බණ්ඩා තරුණයා ගමෙන් නික්මිලා කොළඹ එනවා..
තාරුණ්‍යය කියන්නේ, ජීවිතයේ සුන්දර ම අවධිය. තාරුණ්‍යයේ දොරකඩ හිටි රන් බණ්ඩා නම් කෙළිලොල් තරුණයාටත් ආදරයේ මිහිර දැනෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඒ පිට කෙනෙක් නෙවෙයි. ඔහුගේ ම ඇවැස්ස නෑනා.
පුංචි කාලයේ ඉඳන් ම එකට හැදුණු වැදුණු සුමනා ගැන ආදරයක් රන් බණ්ඩාගේ හිතේ මෝදු වුණේ ඔහුටත් නොදැනීම. ඇවැස්ස නෑනා මස්සිනා දෙන්නා අතරේ ඇති වුණු මේ ආදරයට ගෙවල් වලින් බාධාවක් වුණේ නැහැ. ඉතිං මේ තරුණ යුවළ බොහොම සතුටින් කාලය ගත කළා.
ගමෙන් බොහොම දුර බැහැර, කොළඹ ජීවත් වුණු රන් බණ්ඩාට නිතර ගෙදර එන්න යන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් දින කිහිපයක නිවාඩුවක් ලැබුණොත් නම් නොවැරදී ම ගෙදර එන්න ඔහු පුරුදු වෙලා හිටියා. ඒ තමන්ගේ ආදරයේ හිමිකාරිය දැක බලා ගන්න..
මේ විදියට ටික කාලයක් ගෙවිලා ගියා. මේ කාලයේ, ඔහු විශ්ව විද්‍යාලයේ විභාග කටයුතු එක්ක තරමක් කාර්යය බහුල වීම නිසා සති කිහිපයක් ගෙදර යන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් වැඩ කටයුතු අවසන් වුණු ගමන් ම ඔහු තමන්ගේ පෙම්වතිය දැක ගන්න එන්න සූදානම් වෙනවා. ඇයට ගැලපෙන පාටකින් ලස්සන චීත්තයක් කොළඹින් මිලට අරගෙන, ඔහු අනුරාධපුර මිහින්තලයේ තමන්ගේ ගම බලා එන්න පිටත්වෙනවා..
කාලයකට පස්සේ ඔහු ගමට එද්දී, ගම ම මුස්පේත්තු පාළු බවකින් මිරිකිලා. වෙනදා ඔහු එන පෙරමග බලාගෙන උන්නු සුමනා අද පෙනෙන්න වත් නැහැ. දෙමාපියන් පවා ඔහුට මුහුණ නොදී මග හරිනවා. රන් බණ්ඩාට මේ අමුත්ත දැනෙන්න ගත්තා. නොවැරදී ම යම් කිසි ගැටලුවක් තිබෙන බව තරුණයාට තේරුම් යනවා.
ඔහු සුමනා ගැන විපරම් කරනවා.. අන්තිමේ ඔහු දැන ගන්නවා, තමන් පණ වගේ ආදරය කළ, තමන්ට පණ වගේ ආදරය කළ නෑනන්ඩිය මිය ගිහින්, අවසන් කටයුතුත් කරලා අහවරයි කියලා. මේ සිදුවීමෙන් රන් බණ්ඩා තරුණයා බොහොම කම්පනයට පත් වෙනවා. කළ යුතු කිසිවක් හිතා ගන්නට පවා නොහැකිව තමන් ගේ ම සිතුවිලි අතරේ ඔහු අතරමං වෙනවා.
තමන්ගේ නිවසින් පිට වෙලා රන් බණ්ඩා කෙළින්ම යන්නේ ඔහුට ජීවිත කාලයක් පුරාවට පෙම් කළ ආදරිය නිදන තැනට. වැව් ඉස්මත්තේ, හෙමින් ගලා බහින දොළ පාර අයිනේ, සුවිසල් ගහක් යට ඇය තනිව ම සැතපෙනවා.
මෙතැන ඔහුට නුහුරු තැනක් නෙවෙයි. මීට පෙර දහස් වතාවක් ඔහු මෙතැනට ඇවිත් ඇති. නමුත් වෙනදා මෙතැනට ඔහු ආවේ ඇයත් එක්ක. රතු ම රතු පාටට දිලිසෙන ඔළිඳ ඇට එකතු කරමින් කෙළිදෙලෙන් ගත කළ ජීවිතය ඔහුට සිහිවෙනවා. වෙනදා වගේ ම කෙකටිය මල් පිපිලා. ඇල ළඟ වත්තේ තල මල පිපිලා වෙනදා වගේ ම සුවඳයි. හැම දේ ම වෙනදා වගේ. එක ම වෙනස වෙනදා ඔහුත් එක්ක, ඔහු ළඟ උන් ඇය අද නැහැ. ඇය නිදන සොහොන ළඟ ඔහු හඬා වැටෙනවා.
තමන්ගේ ජීවිතය නොහිතු නොවිරූ වෙලාවක මේ තරම් කම්පනයකට ලක් කළ මේ අත්දැකීම කවියක් විදියට ඔහුගේ අතින් ලියවෙනවා.
වෙනදා වාගෙම තල මල් පිපිලා - තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ ?
අමුතුවෙන් කළ පරිකල්පනයක් ඇත්තේ ම නැති තරම් වූ මේ ස්වාභාවික සංකල්පනාවට, ඊට ම ගැලපෙන තනුවක් සහ සංගීතය යොදන විශාරද ගුණදාස කපුගේ ඔහුගේ ගැඹුරු හඬින් ගායනා කරනවා.
ඒ අනුවේදනීය පද මාලාවේත්, ඊට ම අනුරුප අනුවේදී ස්වරයේත් සුසංයෝගය ගීතයක් ලෙසින් බිහි වනවා.
පබළු නඟේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ...
උඹ ඇයි නැත්තේ
වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔළිඳ ගනිනවා
වෙනදා වාගෙම තල මල් පිපිලා
තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට හැඳ පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
පද රචනය : රං බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ
ෆට්ට
ReplyDeleteඑල එල මචන්... සුපිරි
ReplyDeleteමරු හොදේ
ReplyDeleteමේක හරිම ශෝකී ගීයක්. ඒ නිසාම මං හරිම කැමති එකක්.
ReplyDeleteසටහනත් අපූරු යි ගීතය වගේ ම.
ReplyDeleteමාර විදිහට හිතට වැදුනා..හ්ම්ම්
ReplyDeleteහොඳ ලිපියක්..ගීතය කලින් අහලා තිබුනේ නෑ වගේ :(
ගීතය වගේම සංවේදී කතාවක්. සංගීතය මෙන්ම කපුගේ මහතාගේ ගායනය හදවතට දැනෙන සංවේගය තවත් වැඩි කරනවා ස්තුතියි මේ විස්තරය ඉදිරිපත් කරාට.. http://www.mp3.lk/free-sinhala-song/gunadasa-kapuge/sumano-gunadasa-kapuge/
ReplyDeleteහරිම ස්ංවේදී..හිතට වදිනවා..
ReplyDeleteමං ආසම සින්දුවක්නේ. විචාරෙත් ලස්සනට ලියලා...))))
ReplyDeleteහැබැයි තාම පොත එවන්ඩ නම් බැරි වුණා!!!
ගීතය නම් සෑහෙන වතාවක් අහල තියෙන ආසම ගීතයක්. ඒත් මෙහෙම කතාවක් මම දැනගෙන හිටියෙ නෑ. මේ සටහන කියවද්දි ආයෙම සැරයක් ගිතය අහන්න හිතුණා.
ReplyDeleteහිතට දැනෙන සංවේදීම නිර්මාණ පිටුපස තියෙන්නෙ වේදනාවන්ම තමයි...
ReplyDeleteවිරහ ගී අතර මම අහපු හොඳම විරහ ගීය මෙයයි
ReplyDelete.මේ ගීතය හා බැඳුන කතාව මෙය බව මමත් කාලෙකට කිලන් අසා තිබෙනවා. ඒත් මෙය රම්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේම පුද්ගලික අත්දැකිමක් ද කියා මතකයක් නෑ සිද්ධිය සිදුවුනේ මිහින්තලේ ගමක තමයි.
ගීතය නම් කලින් අහලා නෑ.. ඒත් මේ සටහන ගීතය අසන්නට පෙළඹවීමක් ඇති කළා...
ReplyDeleteමේ වගේමයි "එදා මෙදා තුර" කියන සනත්ගෙ ගීයත්.
ReplyDeleteඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
ReplyDeleteවිදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,
....
සුබ නව වසරක් වේවා!
තව තව කවි සිතුවිලි පහල වේවා!!
රන්බණ්ඩා මහත්තයාගේ ගම පොතාන
ReplyDelete