තෝමර අරගෙන - රන් අසිපත් අරගෙන
සුදු අසු පිට නැගලා
පවුරු වළලු බිඳ - සිංහ නාද කර
වීර විකුම් දක්වා
තෙදැති බලැති නව - යොවුන් වියෙහි වන
කුමාරයෙක් එන්නා
සිහින ලොවක මතු - සැබෑ ලොවක නැති
කුමාරයෙක් එන්නා
රම්‍ය සුරම්‍ය සුබ - නේක අනෙක විද
මැදුරු ඔහුගේ වන්නා
එවන් නොයෙක විද - සුඛ පිරි ලෝකය
නගේ නුඹට වන්නා
මිහිරි ලොවක සුබ - පැතුම් අනෙක විද
නුඹ පා සිප ගන්නා
අසෙකු පිටෙහි නැග - නුඹ කැඳවාගෙන
යන්න නගේ එන්නා..
දැනුම උගන්නට - ශිල්ප ලබන්නට
නිරතුරු වෙහෙසෙන්නා
කුසට අහර නැති - නෙතට නින්ද නැති
ලොව තුළ දින ගෙවෙණා
අකුරු අතරින් - නුඹේ ම රුව දැක
තනිකම වද දෙන්නා
වියළි දෙතොලින් - නගේ හිනැහෙන්
කුමාරයෙක් එන්නා...
Subscribe to:
Post Comments (Atom)
එයිද....???????
ReplyDeleteඑයි නේ??
Deletepastai hode
ReplyDeleteතැන්කු හොදේ.. :)
Deleteදැන් අය හොයන්නේ "වැම්පයර්ස්" ලා ලු! කුමාරයෝ නොවේ :P
ReplyDeleteමළා.. ඒ කියන්නේ කවිය එඩිට් කරන්න වෙයි ද?
Deleteඑහෙම නැත්නම්, ඔන්න ඔහේ කුමාරයෙක් අයින් කරලා වැම්පයරෙක් දා ගනිමු නේ..
දැන් කුමාරයෝ හොයන අය නෑ බං..
ReplyDeleteඔව් නේ අයියේ.. හැබෑට මට ඒක ඒ හැටි මතක් වුනේ නෑ නේ.. අප්ඩේට් එකක් දෙන්න වෙයි වගේ!!
Deleteමෙහෙම වෙනවා නම් කොච්චර හොදද
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්.. ඒ සිතුවිල්ලෙන් නොවැ මාත් මේක ලිව්වේ.. :-)
Deleteසුරංගනා කතාවක් වගේ.
ReplyDeleteබොහොම ස්තුතියි මිත්‍රයා.. :-)
Deleteහි හි... අද කාලෙ අස්සයෙක් පිටේ ආවොත් මාර වැඩේ :) නිර්මාණය ලස්සණ යි. වචන ගැළපීම අපූරු යි!
ReplyDeleteවෙනසකටත් එක්ක අස්සයා පිටේ එන්න කිව්වොත් නරක ද ඈ?
Deleteබොහොම ස්තුතියි.. :-)
කවියක් නෙවේ ගියක් නේද?
ReplyDeleteඒ තරම් ම ගීතවත් ද?
Deleteබොහොම ස්තුතියි අයියේ. :-)
මතක ඇතිව හයිවේ එකෙන් එන්න මෙයා. එතකොට තව ඉක්මන්.
ReplyDeleteරසවත් .මම කැමතියි.
හ්ම් හ්ම්.. එහෙම කියමු නේ.. බොහොම ස්තුතියි අරූ..
Deleteමේ පැත්තට බොහොම ගෞරවයෙන් පිලිගන්නවා.. :-)
මේහි ඇය සොයා යන කුමාරයා ඔබද?
ReplyDeleteසමහර විට.. ඒ වගේ ම, එහෙම නොවෙන්නත් පුළුවන්.. :-)
Deleteබොහොම ස්තුතියි අක්කේ මේ පැත්තේ ආවට!!
කුමාරයා එයිද??? :)
ReplyDeleteඑයි නේ.??
ReplyDelete