Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

බලාපොරොත්තුව

Monday, November 18, 2013

තෝමර අරගෙන - රන් අසිපත් අරගෙන
සුදු අසු පිට නැගලා
පවුරු වළලු බිඳ - සිංහ නාද කර
වීර විකුම් දක්වා
තෙදැති බලැති නව - යොවුන් වියෙහි වන
කුමාරයෙක් එන්නා
සිහින ලොවක මතු - සැබෑ ලොවක නැති
කුමාරයෙක් එන්නා


රම්‍ය සුරම්‍ය සුබ - නේක අනෙක විද
මැදුරු ඔහුගේ වන්නා
එවන් නොයෙක විද - සුඛ පිරි ලෝකය
නගේ නුඹට වන්නා
මිහිරි ලොවක සුබ - පැතුම් අනෙක විද
නුඹ පා සිප ගන්නා
අසෙකු පිටෙහි නැග - නුඹ කැඳවාගෙන
යන්න නගේ එන්නා..


දැනුම උගන්නට - ශිල්ප ලබන්නට
නිරතුරු වෙහෙසෙන්නා
කුසට අහර නැති - නෙතට නින්ද නැති
ලොව තුළ දින ගෙවෙණා
අකුරු අතරින් - නුඹේ  රුව දැක
තනිකම වද දෙන්නා
වියළි දෙතොලින් - නගේ හිනැහෙන්
කුමාරයෙක් එන්නා... 



22 comments

  1. දැන් අය හොයන්නේ "වැම්පයර්ස්" ලා ලු! කුමාරයෝ නොවේ :P

    ReplyDelete
    Replies
    1. මළා.. ඒ කියන්නේ කවිය එඩිට් කරන්න වෙයි ද?
      එහෙම නැත්නම්, ඔන්න ඔහේ කුමාරයෙක් අයින් කරලා වැම්පයරෙක් දා ගනිමු නේ..

      Delete
  2. දැන් කුමාරයෝ හොයන අය නෑ බං..

    ReplyDelete
    Replies
    1. ඔව් නේ අයියේ.. හැබෑට මට ඒක ඒ හැටි මතක් වුනේ නෑ නේ.. අප්ඩේට් එකක් දෙන්න වෙයි වගේ!!

      Delete
  3. මෙහෙම වෙනවා නම් කොච්චර හොදද

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්.. ඒ සිතුවිල්ලෙන් නොවැ මාත් මේක ලිව්වේ.. :-)

      Delete
  4. Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා.. :-)

      Delete
  5. හි හි... අද කාලෙ අස්සයෙක් පිටේ ආවොත් මාර වැඩේ :) නිර්මාණය ලස්සණ යි. වචන ගැළපීම අපූරු යි!

    ReplyDelete
    Replies
    1. වෙනසකටත් එක්ක අස්සයා පිටේ එන්න කිව්වොත් නරක ද ඈ?
      බොහොම ස්තුතියි.. :-)

      Delete
  6. කවියක් නෙවේ ගියක් නේද?

    ReplyDelete
    Replies
    1. ඒ තරම් ම ගීතවත් ද?
      බොහොම ස්තුතියි අයියේ. :-)

      Delete
  7. මතක ඇතිව හයිවේ එකෙන් එන්න මෙයා. එතකොට තව ඉක්මන්.

    රසවත් .මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්.. එහෙම කියමු නේ.. බොහොම ස්තුතියි අරූ..
      මේ පැත්තට බොහොම ගෞරවයෙන් පිලිගන්නවා.. :-)

      Delete
  8. මේහි ඇය සොයා යන කුමාරයා ඔබද?

    ReplyDelete
    Replies
    1. සමහර විට.. ඒ වගේ ම, එහෙම නොවෙන්නත් පුළුවන්.. :-)
      බොහොම ස්තුතියි අක්කේ මේ පැත්තේ ආවට!!

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading