සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
හිමිදිරියේ මීදුම් අතරින්
දේදුනු පාට පෙති අතර
සුවඳ සොයමින් සමනලයා
නෙතදර මැවුණු ලොවට පිළිපන්නේ ය..
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
සොඳුරු සමනල මාවත
අවුරා එළුණු දැල
වළකන්නට විය කවුළුව
සොඳුරු ලොවකට මග විවර කළ
පීරී ගෑ දළවල -විෂ පිරී ඇති වග
නොදන්නා සමනල තෙම
හෙළුවේ ය පහර - තියුණු දලයට
හිසින් ඇන - ඇන..
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
තියුණු නිය
උල් කටු පහරින්
ඉරී ගියේ ය
මටසිළුටු තටු .
ඉරුණු තටු අතරින්
පොඩි පට්ටම් වුණු - මොළ කැබලි වලින්
ගලා ආ රුධිරයෙන්
රක්තාලිප්ත විය - නෙක නෙක පාට අත්තටු...
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
හිමිදිරියේ මීදුම් අතරින්
දේදුනු පාට පෙති අතර
සුවඳ සොයමින් සමනලයා
නෙතදර මැවුණු ලොවට පිළිපන්නේ ය..
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
සොඳුරු සමනල මාවත
අවුරා එළුණු දැල
වළකන්නට විය කවුළුව
සොඳුරු ලොවකට මග විවර කළ
පීරී ගෑ දළවල -විෂ පිරී ඇති වග
නොදන්නා සමනල තෙම
හෙළුවේ ය පහර - තියුණු දලයට
හිසින් ඇන - ඇන..
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
තියුණු නිය
උල් කටු පහරින්
ඉරී ගියේ ය
මටසිළුටු තටු .
ඉරුණු තටු අතරින්
පොඩි පට්ටම් වුණු - මොළ කැබලි වලින්
ගලා ආ රුධිරයෙන්
රක්තාලිප්ත විය - නෙක නෙක පාට අත්තටු...
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
වෛවර්නයි මචං .. සෑහෙන අදහස් ගොඩක් හිතට ආවා ..මම කවි වලට කමෙන්ට් කරනවා අඩුයි . ඒත් මේකෙ .. මොකක් හරි හිතට දැනුනා නිකං මට හුරු පුරුදු දෙයක් ....
ReplyDeleteසඳරු අය්යා බ්ලොග් එකක කමෙන්ට් කරලා තියෙනවා මං දැක්කේ අවුරුදු දෙකකට විතර පස්සෙ...)))))
Delete@හිස් අහස
Deleteබොහොම ස්තුතියි අයියේ..
මුල් ම කමෙන්ට් එක අයියාගෙන් ලැබුණු එක බොහොම සතුටක්. :)
@වර්ෂා
මාත් සෑහෙන්න කාලෙකින් නොවැ දැක්කේ!! :D
ලස්සනයි.. තේරුම් ගන්න නම් ටිකක් විතර අමාරු උනා.. :D
ReplyDeleteඑක පාර තේරුම් යනකොටත් අගයක් නෑ නේ.. :) :) :)
Deleteබොහොම ස්තුතියි Jeew!! :)
කවිය ෂෝට් ඇන්ඩ් ස්වීට් වුණා නම් හොදයි කියලා හිතුණා...))
ReplyDeleteමටත් හිතුණා නංගෝ.. එක ම කොටස ආයේ ආයෙත් යොදන්න ගිය හින්දා දිග වැඩි වෙලා නේ. ඒත් මට එහෙම කරන්න ඕන වුණා..
Deleteබොහොම ස්තුතියි නංගියෝ!! :) :)
මේක නම් සැබෑම කවියේ සුවඳ රැදුනු අවස්ථාවක්
ReplyDeleteසමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේය
මේ කොටස පුනරුක්තියක්වෙන්න අවශ්‍ය නෑ සමස්ථ අරුත කවියේ තියෙනවා. සාමාන්‍යයෙන් වියෙකුගේ සීමාවේ ඇසට අසුනොවන අත්දැකිමක්.
බොහොම ස්තුතියි අයියේ.. මට ඒ පුනරුක්තිය යොදන්න හිතුණා. කොහොම කොයි දේ වුණත් මකුළුවා උගේ වැඩේ නවත්තන්නේ නෑ නේ.. අන්න ඒ බව පෙන්නන්න. එකයි පුනරුක්තිය යෙදුවේ. ඒත් ඒකෙන් අනවශ්‍ය තරම් කවිය දික් වෙලා වගේ දැනෙනවා.
Deleteඒ නිසා මම පුනරුක්ති කොටස් කිහිපයක් අඩු කරලා කෙටි කරන්න උත්සාහ කළා. දැන් සමහර විට හරි ඇති.. :)
බොහොම ස්තුතියි අයියේ හැමදාමත් වගේ උපදෙස් දෙනවා ට..
අගෙයි,
ReplyDeleteපුනරුක්තිය අවශ්‍ය නැති බවයි මගෙත් හැඟීම
බොහොම ස්තුතියි කඳු.
Deleteපුනරුක්තිය ටිකක් අඩු කළා. දැන් හොඳ ද බලන්න!! :)
හැමදාම වෙන දේ.මකුළුවෝ සමනලයෝ වගේ වෙස් අරගෙන දැල් වියනවා.සමනළයෝ එව්වට රැවටිලා විනාස වෙනවා.මකුළුවෝ වැජඹෙනවා :(
ReplyDeleteමම හිතුවෙත් ඒක ම තමයි!! බොහොම ස්තුතියි ප්‍රමුදි!! :)
Deleteඔබ පසකින් පෙන්වා ඇති නිෂ්මිගේ ජීවිතයටත්, ඉන් පසුව බිහි වූ විරුවන්ටත් අත් වූයේ සමනලායාට වූ දෙයමයි.
ReplyDeleteදැනට වන්නේත් ඒ දේ ම තමයි. ජීවිත වලින් වන්දි ගෙවපු සමනළයන් ගැන කතා වෙනවා. ඒත්, අපි කතා නොවෙන පීඩිත සමනල්ලු කොයි තරම් ඉන්නවා ඇත්ද? එක අතකට, අපිත් ඒ වගේ සමනල්ලු නෙවෙයි ද?
Deleteබොහොම ස්තුතියි අක්කේ!!
කාලෙකින් බං උඹේ සිරා කවියක් කියෙවුවේ..
ReplyDeleteමේ දවස් වල ටිකක් කාර්යය බහුලයි නේ..
Deleteබොහොම ස්තුතියි අයියේ.. ඒ වගේ ම හැමදාමත් වගේ මේ පැත්තේ ආවටත්..
ජය වේවා!!