දෙතොලේ
මදහස් රැළි නැංවේ
මියුරු සිනහවක
හඬ පැතිරේ
කලක් සෙවූ
පදරුත් ගැළපේ
අපේ මිතුදමේ
කව ලියවෙයි..
ගලා හැලෙන
නිල් දියරැළි මත රැඳී
සුළඟට විසිරෙන
පිනි බිඳු සේ දිළි
මනුසත් උයනක
සිරි අසිරිය රැඳී
සොඳුරු ම මිතුදම
අපේ ම වෙයි සකි..
සවිය නුඹයි මා
ළඟ හිඳ දිරි දුන්
හසරැල්ල නුඹයි මා
කඳුළැලි පිස දුන්
වෙන් වී නොයනෙමු
අපි මියැදෙන තෙක්
එක කුස උපදිමු
මතු භවයක යම්..
~Nj_A~
සවිය නුඹයි මා
ReplyDeleteළඟ හිඳ දිරි දුන්
හසරැල්ල නුඹයි මා
කඳුළැලි පිස දුන්
වෙන් වී නොයනෙමු
අපි මියැදෙන තෙක්
එක කුස උපදිමු
මතු භවයක යම්..
මේ පැදි පෙළ තදින් ම මගේ හිත ට දැනුණා. ලස්සන නිසදැසක් මල්ලි....
~~~**දඟ මල්ල**~~~
ස්තුතියි අක්කේ...
Deleteමිතුදමක් ගැන අපූරු කවි පෙලක්.. ලස්සනයි..
ReplyDeleteස්තුතියි දිනේෂ් අයියේ!
Deleteලස්සන කවියක් මචං
ReplyDeleteස්තුතියි මචං
Deleteසවිය නුඹයි මා
ReplyDeleteළඟ හිඳ දිරි දුන්
හසරැල්ල නුඹයි මා
කඳුළැලි පිස දුන්
වෙන් වී නොයනෙමු
අපි මියැදෙන තෙක්
එක කුස උපදිමු
මතු භවයක යම්..
හරිම ලස්සනයි මල්ලියෝ.. හිතට වැදුනා ගොඩාක්ම
කාලෙකට පස්සේ අක්කා මේ පැත්තෙදි දැක්කේ.. ස්තුතියි!
Deleteඅයි ෆීල් සෝ ගේ
ReplyDeleteඉට්ස් නොට් අ දැට් කයින්ඩ් ඔෆ් තින්ග්..
Delete\\...මනුසත් උයනක
ReplyDeleteසිරි අසිරිය රැඳී
සොඳුරු ම මිතුදම
අපේ ම වෙයි සකි..\\
මේ ටිකට තමයි කැමතිම :)
ගලාගෙන යන අදහසක්,වෙනද වගේම හොදයි!
ස්තුතියි මචෝ.. පෞද්ගලිකව මාත් වැඩියෙන් ම කැමති ඒ කොටසට.!
Deleteහසරැල්ලක් වන්නට නොහැකි මුත්
ReplyDeleteවෙන් වි නොයනෙමි
කඳුලැලි සිඳෙන තුරා.....
නුඹේ වෑයම අගය කරනු මිස
Deleteකළ හැකි අන් කිසිවක් නැත..
“සුළඟට විසිරෙන
ReplyDeleteපිනි බිඳු සේ දිළි
මනුසත් උයනක
සිරි අසිරිය රැඳී“
මේටික ඇත්තටම පුදුම ලස්සනයි...:)
ලස්සන නිසඳැසක් යාලූ.....ජය වේවා...!
ස්තුතියි අක්කේ!
Deleteයාළුවෙක් තමන්ට කොයිතරම් වටිනවද කියන එක මම නම් හොඳටම දන්නවා . ලස්සන පද කීපයක් .. තරු යායේ ඈතින් ඈතට කියන සින්දුව මතක් වුණා
ReplyDeleteමම ඒක නම් දැක්කේ නෑ.. ඒත් මට ඉන්න සියලු ම යාළුවන් අතරින් සැහෙන්න වටිනා මිත්‍රයින් කිහිප දෙනෙක් ඉන්නවා.. ඒ අය වෙනුවෙනුයි ලිව්වේ..
Deleteගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ඕන තරම් හමු වෙනව වෙන් වෙනව... ඒත් බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ල හැමදාම ඉන්නවා............
ReplyDeleteඅන්න ඒ අය වෙනුවෙනුයි අක්කේ මේක ලිව්වේ!!
Deleteඑල.....
ReplyDeleteස්තුතියි ගුරා!
Deleteබිතු සිතුවම් රූ වැනි මිතුරෝ පිටු නොපා යති කිසිදිනක
ReplyDeleteමිතුරු තුමු නම් දුක සැප දෙකෙහි දී ම බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාති!
Deleteමම ඒක කොහේදී හරි දැකලා තියෙනවා. ඒත් මතක නැහැ කොහෙද කියල..