"ජීවිතය පුරා ම අපි කරන්නේ කන්දක් නගින එක.. එත් අපි හැමෝට ම කන්ද මුදුනට යාගන්ඩ බෑ..මගක් දුර කන්ද නගිනකොට අපි දෙමාපියන් බවට පත් වෙනව. ඊට පස්සේ දරුවොත් එක්ක කන්ද පාමුලට එන්ඩ අපිට සිද්ධ වෙනව. දරුවොන්ගෙන් නිදහස් වුණාට පස්සේ අපි කන්ද නගින්ඩ පටන් ගන්නව. එත් දරුවෝ විඳින දුක දැනිල එහෙමත් නැත්තං දරුවන්ගේ දරුවො ගැන ආස හිතිල ආයිමත් කන්ද පාමුලට එනව... කාට හරි පුලුවන්නං මේ බන්දනවලින් මිදිල කන්ද තරණය කරල මුදුණට ම යන්ඩ ඔහු අපුරු මිනිසෙක් වෙනව. මට හිතෙනව ජිනසෝමලගෙ තාත්තත් ඒ වගේ අපූරු මිනිහෙක් කියල.."
කන්ද පාමුල පොතේ 233 වෙනී පිටුවේ තියෙන මේ ඡේදය මගේ හිතේ ගැඹුරට ම කා වැදුණු අදහසක්. කෙනෙකුගේ ජීවිතය පිලිබඳ තීන්දු තීරණ ගැනීමට තවත් කෙනෙක්ට කිසිඳු අයිතියක් නැහැ. නමුත් තමුන් විසින් මේ ලෝකයට උපද්දවනු ලැබ, කවා පොවා උස් මහත් කළ දරුවන්ගෙන් මේ මේ දේ ඉටුවිය යුතු යැයි දෙමාපියන් බලාපොරොත්තු වෙනවා. පෘතග්ජනයන් ලෙස ඔවුන් දරන ඒ ආකල්ප පිලිබඳ දොසක් නගන්නට අපට කිසි සේ ත් ම හැකියාවක් නැහැ. දෙමාපියන් තම සිත් වල දරුවන් පිලිබඳ ඇති කර ගන්නා අහිංසක බලාපොරොත්තු සහ දරුවන් එතරම් දුර නොසිතා කරනු ලබන සුළු සුළු දේ නිසා ඒවා බිඳ වැටෙන ආකාරයත් සිය බලාපොරොත්තු බිඳ වැටීම් වලට ශක්තිමත්ව මුහුණ දෙන පියෙකුගේ චරිතයත් මනාව විග්‍රහ කිරීමට මේ නව කතාව සාර්ථක ප්‍රයත්නයක් දරා තිබෙනවා. කරුණාදාස සුරියආරච්චි මහතා විසින් රචනා කරපු පළමු වන නව කතාව විදියට සැලකෙන මේ පොත පියෙකුගේ සෙනෙහස සහ ඔවුන් නොපෙන්වන ආදරය පිළිබඳව බොහොම සීරුවෙන් කරපු අධ්‍යනයක ප්‍රතිඵලයක් විදියටයි මට හැඟෙන්නේ.
2007 වසරේ පැවැත්වුණු පළමු ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සඳහා නිර්දේශිත කන්ද පාමුල කෘතියට සම සම්මානයක් හිමි වුණා. වයස් භේදයකින් තොරව කියවිය යුතු පොතක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. දයාවංශ සහ ජයකොඩි සහ සමාගමේ ප්‍රකාශනයක් වන මෙහි මිල රුපියල් 280ක්.
කතාව පටන් ගන්නේ මෙහෙමයි..
හොඳ පොතක් වගේ, ආරම්භය නියමය්, ඉතිරියත් කියවන්ට ඕනා :)
ReplyDelete"
"ජීවිතය පුරා ම අපි කරන්නේ කන්දක් නගින එක.. එත් අපි හැමෝට ම කන්ද මුදුනට යාගන්ඩ බෑ..මගක් දුර කන්ද නගිනකොට අපි දෙමාපියන් බවට පත් වෙනව. ඊට පස්සේ දරුවොත් එක්ක කන්ද පාමුලට එන්ඩ අපිට සිද්ධ වෙනව. දරුවොන්ගෙන් නිදහස් වුණාට පස්සේ අපි කන්ද නගින්ඩ පටන් ගන්නව. එත් දරුවෝ විඳින දුක දැනිල එහෙමත් නැත්තං දරුවන්ගේ දරුවො ගැන ආස හිතිල ආයිමත් කන්ද පාමුලට එනව... කාට හරි පුලුවන්නං මේ බන්දනවලින් මිදිල කන්ද තරණය කරල මුදුණට ම යන්ඩ ඔහු අපුරු මිනිසෙක් වෙනව." ඒක නම් සහතික ඇත්ත
ඒ මගේ හිතට වැදුණු එක තැනක් විතරයි. කතාව පුරාවට ම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා!
Deleteමම ගොඩක් ආස කරන පොතක් කන්ද පාමුල.. ඒත් කණගාටුවට කාරණේ 2007 අවුරුද්දෙ ඒ පොතට ස්වර්ණ පුස්තක හැරුණාම වෙනත් කිසිම සාහිත්‍ය සම්මානයක් ලැබුණෙ නෑ.ඒක ඇත්තටම සම්මාන හිමි වෙන්න ඕනෙ පොතක්.වෙද මහත්තයාගෙ චරිතෙට මම හුගක් ආදරෙයි.
ReplyDeleteඅන්තිමට වෙද මහත්තයාගෙන් ඈත් වෙන්න බැරි තරම් ම අපි ඒ චරිතයට සමීප වෙනවා. ඒක ඇත්තට ම පුදුමාකාර සන්නිවේදනයක්..
Deleteසම්මාන ගැන නම් ඉතින් ආයෙත් අහන්න දෙයක් නෑ නේ.. මේ ඉතින් ලංකාව නේ! කියෙව්වම කාටවත් නොතේරෙන, එහෙමත් නැත්නම් පටන් ගත්ත ගමන එපා වෙන පොතක් නම් ඉතින් සම්මාන කෝටියයි. ඒ නැතත් ඉතින් වැටත් නියරත් ගොයම් කනවා නේ!
ඉතාලි ආවට පස්සෙම පොතක් කියෙවුවේ නෑ මලයා..
ReplyDeleteඅන්න එතන නම් පොඩි අවුලක් තියෙනවා අයියේ.. කොයි ලෝකේ ගියත් ඒ පුරුද්ද නම් නැති කර ගන්න එපා!
Deleteකසුරි ලියන නවකතා කොහොමත් ලස්සනයි. ඔහුගේ අදහස් සහ භාෂා විලාසය හරිම වර්ණවත්. මේ පොතත් ඒ වගේ
ReplyDeleteඇත්තෙන් ම. ඒ වගේ ම ඔහුගේ ලේඛන ඒකාකාරී නැහැ. තීරු ලිපි ලියන විදියත් එක්ක බැලුවම නම් හිතා ගන්න බෑ මේ පොත ලිව්වේ කසුරි ම ද කියලා!
Deleteකසුරි කියන්නෙ මගෙත් ප්‍රියතම ලේඛකයෙක්..විශේෂයෙන්ම පත්තරේ පළවන ඔහුගේ නිසඳැස් එකතුවක්ම මා ගාව තිබුනා කාලයක්ම..
ReplyDeleteමේ පොතත් මම කියෙව්වා..අපේ ජීවිත වල තියන හැල හැප්පිලි හොඳට නිරූපනය කර තිබුනා මතකයි..එක අතකට අපිත් අපේ දෙමව්පියන්ගෙන් වෙන්වෙලා ගතකරන ජීවිතවල යටින් දුවන දුක්බර කතාව මේ පොතෙත් ලියැවී තියෙනවා..
අපි කාගේ කාගේ ජීවිත වලත් තියෙන සමහර අප්‍රකාශිත තැන් සියුම් ව ස්පර්ශ කරන පොත් සීමිතයි. ඒ වාගේ පොතක් එක වරක් කියවූ පමණින් ම සමීප වෙන්වා.
Deleteකලින් කියවල නම් නෑ!:-/
ReplyDeleteපොත් කියවීමේ තදබල අවශ්‍යතාවය දැනෙනවා,මේ දවස්වල කාලය හොයාගන්න එක තමයි ප්‍රශ්නය!
නෑ නෑ.. දැන් ම කියවන්න ඕන නෑ. විභාගෙන් පස්සේ මම පොත දෙන්නම්.. එතකොට කියවපන්! මුලින් විභාගේ..ඊළඟට ඕන එකක්..
Deleteකියවන්න ආශයි ඒත් මට ඔය ලොකු ලොකු පොත් තේරෙන්නෙ නැහැ මල්ලි.....
ReplyDeleteඅයියෝ එහෙම නෑ අක්කේ.. සරල පොතක් මේ. කියවලා බලන්න..
Deleteසෑමගේ බ්ලොගට ඇවිත් තිබ්බ නිසා මෙහෙ එන්ට පාර සොයා ගත්තේ...
ReplyDeleteමම කියවපු පොතක් බං..
ජයෙන් ජය !
යස තැනක් නෙව මෙතැන - දැන් බලාන ගියාම හොඳ බ්ලොග් හැංගිල නෙව තියෙන්නේ - ඔබේ කමෙන්ටුවෙනුයි පාර සොයාගත්තේ - බොහොම තුති - පොත ගන්න ඕනෑ බලන්න
ReplyDelete