බිඳී විසිරෙයි - රැළිති නංවයි
සයුර පෙර වාගේ..
එදා එහි වූ - තාලය අද නැත
අපේ සිනා හඬ
නොඇසෙනා හින්දා..
අඳුරු ගල් කුළු - පුපුරු නංවයි,
චණ්ඩ හිරු රැස් - වලින් තැවෙමින්,
ම' ලයට තුරුළු වූ - නුඹ පහස යළි
නොලැබෙනා හින්දා..
හඬක් නොනගා - අප පසු කර ගිය
දුම්රිය අද එයි - මා පසු කර යයි.
ශෝකී හඬ නංවා
අපේ දෑත් යළි
එක් නොවෙනා හින්දා..
අපේ දෑත් යළි
එක් නොවෙනා හින්දා..
මම,~Nj~
ගති !!
ReplyDeleteස්තුතියි මල්ලි!
Deleteකෝච්චී හූ කියන්නේ ඒකයි එහෙනම්.
ReplyDeleteඕක නවත්තන්නත් එක්ක පනින්නයි තියෙන්නේ..
මාත් හිතන්නේ ඒක තමයි හේතුව.. සමහර එවුන් බූට් වැදුනම කෝච්චියට පනින්නේ ඒ හූව නවත්තන්න වෙන්න ඕන..
Deletebindi wisirena
ReplyDeleteralithi nanwana
maha sayurata
thalaya musukaranna
sinasee pera wage....
ඇය හා මා එක්ව මිස
Deleteවෙන ම සිනාසී
දැක නුපුරුදු සයුර
මගේ සිනහවේ
තාලය හඳුනා
නොගනු ඇත..
අම්මටසිරි
ReplyDeleteබලන යද්දී උඹත් හෙන වැඩකාරයෙක්නෙ :D
හෙන හෙන සෙල්ලම් දාලනේ!;)
හුදු අදහසක් පමණි!! සැබෑ ජීවිතය හා සම්බන්ධ නොවේ!
Deleteඅපි හමු උන සයුරු තෙර
ReplyDeleteනිසොල්මන් නුඹ නැතිව
ඉදහිට නැගෙන රළ පෙල
අහන්නේත් නුඹේම නම..
මිහිර ස්වරයෙන්
Deleteගැයුණු හඬ නොමැතිව
සුපුරුදු සංගීතය මුසුව
තනුව වරදවා වැයෙන
අපේ පෙම් ගීය
අසමි මම තනිවම..
බූට් කාපු එකෙක්වත් ඔය විදියට කියන එකක් නෑ....
ReplyDeleteලස්සනයි මලයො
හොඳ වෙලාවට බූට් එකක් නොකෑවේ.. කාලෙකින් මේ පැත්තේ ආවට ස්තුතියි පිසාචයා...
Deleteලස්සන කවි ටික...ඇත්තටම බූට් සීන් එකක් නොවේවා...!
ReplyDeleteනෑ නෑ අක්කේ.. බූට් එකක් නෙවෙයි!!
DeleteSure da?B-)
ReplyDeleteNice wrk mchn
හොඳට බූට් වැදිල තියෙන පාටයි!
ReplyDelete