සමහරු කියන්නේ
මට තේරුමක් නැති ය කියා ය.
මට හිතෙන්නේ
මම තේරුම් ගෙන ය කියා ය.
තේරුම් ගත් අය,
තේරුම් නොගත්ත අයට
තේරුම් කරවන්නට ගොස්
අම්බානක් අසා ගනිති.
ඒ දකින මට
තේරුමක්
ඇතත්, නැතත්
ගොනා සේ හිඳීම
හොඳ යැයි සිතේ.
ප.ලි :
අපේ සමහර උන්දැලා බුකියේ මේ දවස් වල දාන එව්වා දැකීමෙන් මගේ ලේ කෝප වෙයි. අවුරුදු ගානක් එකට හිටපු එව්වෝ දැන් කුලල් කා ගනිති. මුන්ට අමු කැවිලාදෝ යි වෙලාවකට හිතෙයි.. සමහර එවුන් ජාතිවාදය යි කියයි. සමහරු කියන්නේ ජාතිය ආගම ආරක්ෂා කර ගැනීමට නම් නිදාගෙන බැරි බවයි. මට මේවා දැක්කම හිතෙන දෙයක් හිතා ගන්නට ද බැරි ය.
අම්මා හොඳයි කීවත් වැරදි ය.
තාත්තා හොඳයි කීවත් වැරදි ය.
ඔන්න ඔහේ වෙන දෙයක් වෙද්දෙන් කියලා බලා ඉන්නට සිදු වී ඇත..
Subscribe to:
Post Comments (Atom)
හරියට හරි...;)
ReplyDeleteහි හි!!
Deleteමටත් තේරුනේම නැත
ReplyDeleteකිහිපසැරයක් කියවනකල්ම..
අන්තිමට තේරුම් ගත්තා නේ..
Deleteමට නම් තේරෙන්නේම නැත.....
ReplyDeleteඑච්චර හිතන්න ඕන දෙයක් නෙවෙයි. හිතට ආපු සිතුවිල්ලක්..
Deleteපෝස්ට් එක නියමයි
ReplyDeleteස්තුතියි යාලුවා.. මේ පැත්තට ආදරෙන් පිලි ගන්නවා..
Deleteවචන සැට් එකත් අදහසත් එලය :)
ReplyDeleteස්තුතියි මල්ලියෝ!!
Deleteතේරුනේ නෑ...
ReplyDeleteඔන්න පසු ලිවුමක් දැම්මා.. දැන් තේරුම් ගන්න පුළුවන් වේවි!!
Deleteගොනා සේ සිටීම සුදුසු නැතැයි මට සිතේ...
ReplyDeleteගොනා සේ නොහිටියොත් මට ද පාකිස්ථානයට යාමට සිදු විය හැකි ය. ලාංකිකයෙකු ලෙස උපන් බිම හැර දා වෙන රටකට යන්න මට හිත් දෙන්නේ නැත!
Deleteසමහර එවුන්ට තේරුම්ගන්න බෑ මොන විදියට කිව්වත්. උන්ට මේව කියන එක නං තේරුමක් නෑ.
ReplyDeleteමම නොකියන්න තීරණය කළේ ඒකයි! ස්තුතියි සහෝ මේ පැත්තේ ආවට!
Deleteනියම අදහසක්....
ReplyDeleteස්තුතියි අක්කේ..
Deleteඇත්ත බං ! ජය වේවා
ReplyDeleteජය වේවා!
Deleteඇත්තටම මේක ජාතිවාදයද මං දන්නෙ නෑ!හැබැයි ඉතින් අයෙත් ජාතින් අතර ප්‍රශ්නයක් ඇතිවෙන්න මේක හේතුවක් වෙන්න පුළුවන්!
ReplyDeleteඔව්.. අන්තිමට ප්‍රශ්නයක් ඇති වුණාම හැමෝම අනිත් එවුන්ට ඇඟිල්ල දික් කරනවා.. උඹලයි මේක ඇති කළේ. කියලා.. බොහෝ වෙලාවට දේශ පාලකයින්ට. එතකොට උන්ට මතක නෑ තමනුත් ඒවා ඇති කරපු එවුන්ට ඒ කාලේ කඩේ ගිය බව.
Delete//සමහරු කියන්නේ
ReplyDeleteමට තේරුමක් නැති ය කියා ය.
මට හිතෙන්නේ
මම තේරුම් ගෙන ය කියා ය.
තේරුම් ගත් අය,
තේරුම් නොගත්ත අයට
තේරුම් කරවන්නට ගොස්
අම්බානක් අසා ගනිති.....//
අම්මපා ඇත්ත බං....
එපා වෙනවා නේ..!!
Deleteමට නම් අම්බානෙක තේරුණා....අදමයි මේ පැත්තෙ ආවෙ දිගට එන්නම්.......
ReplyDeleteස්තුතියි පිස්සෝ!!
Deleteෆේස් බුකියේ මේ දවස්වල යන ඒවනම් මටත් තේරෙන්නෑ...
ReplyDeleteමටත් ඉදලා ඉදලා බැරි ම තැන තමයි මේක දැම්මේ! ස්තුතියි අක්කේ මේ පැත්තේ ආවට!
Deleteනොතේරේ
ReplyDeleteඅල්ලලා දාන්න අක්කේ.!!
Deleteහලේ.. මේ මොකෝ.. තමන්ට යම් දෙයක් ගැන ඇත්ත අවබෝධයක් තියෙනව නම්-තමන්ගෙ හෘද සාක්ෂියට එකග නම් කවුරු මොනා කිව්වත් මොකද? අපි අපේ ස්ථාවරයෙ ඉදගෙන තේරුම් ගත්ත දේවල් නිවැරදිව ජීවිතේට එකතු කරගත්තාම හරිනේ.
ReplyDeleteඇත්ත කතාව නංගියේ.. ස්තුතියි අදහසට..
Deleteහැම දෙයක්ම හොඳින් විසඳේවි කියල බලාපොරොත්තුවෙනවා.
ReplyDeleteවෙන කරන්න දෙයක් නැහැ නේ අයියේ! බලාගෙන ඉමු..
Deleteකතාව සහතික ඇත්තය. ජාතිවාදය ආගම වාදය ඇදගෙන කතා කරන්නේත් තවත් අය ඒ දෙසට ගෙන්වාගන්නෙත් පටු ලාභ ප්‍රයෝජන නිසා මිස ඒ දෙයින් සමාජයටවත් අගමටවත් වැඩක් වන නිසා නෙවෙයි. මම දන්නේ කොයි ආගමෙනුත් කියන්නේ යහපත්ව ජීවත් වන්න කියා බවයි. එසේ වද්දීත් මෙසේ පටු කඳවුරු බඳින්නේ තමන්ගේ වාසියට මිස අන් කවරකටද?
ReplyDeleteඔබට මාගේ ආචාරය.
ස්තුතියි සහෝ!! අරුණැල්ලට ගෞරවයෙන් යුතුව පිලි ගන්නවා..
Deleteඅනේ...මට නම් තාම තේරුනේම නෑ මල්ලි... :(
ReplyDeleteඔන්න ඔහේ අල්ලලා දාන්න අක්කේ..
Deleteමං දන්නවා ඔය ප්‍රශ්නේ කොච්චර කිව්වත් අහන්නේ නැහැ සමහර අය.මං ඔය සම්බන්දයෙන් ලිපියක් ලියලා අදටත් හොද නරක අහනවා(වැඩියෙන්ම නරක) කවදාවත් තේරරුම් ගන්නේ නැති අයට කියලා දෙනවට වඩා හොදයි නිශ්ශබ්දව ඉන්න එක
ReplyDeleteඔව් ඔව්.. මට දැනටත් ඒකේ comments subscription mails එනවා.. කියල වැඩක් නැති හින්දා සද්ද නැතුව ඉන්නවා.. ස්තුතියි සහෝ මේ පැත්තේ ආවට..
Deleteඇත්තමනෙ බං කතාව නම්.ඉන්න බැරි අමාරුවට මාත් ගොනා වගේ ඉන්නෙ නැතුව සමහර තැන් වලට බැහැල ඇතිවෙනකල් කාල තියේ.ඒත් හැදිල නැහැනෙ :p හැදෙන්නෙත් නැද්ද කොහෙද ;)
ReplyDeleteකතා කරලා වැඩක් නෑ කිඳුරෝ. ඔව්වා අපේ ම වැරදි!! මේ අරුණැල්ලට ආදරෙන් පිලි ගන්නවා..
Delete