Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

තේරුම

Sunday, April 29, 2012

සමහරු කියන්නේ
මට තේරුමක් නැති ය කියා ය.
මට හිතෙන්නේ
මම තේරුම් ගෙන ය කියා ය.
තේරුම් ගත් අය,
තේරුම් නොගත්ත අයට
තේරුම් කරවන්නට ගොස්
අම්බානක් අසා ගනිති.
ඒ දකින මට
තේරුමක්
ඇතත්, නැතත්
ගොනා සේ හිඳීම
හොඳ යැයි සිතේ.


ප.ලි :
අපේ සමහර උන්දැලා බුකියේ මේ දවස් වල දාන එව්වා දැකීමෙන් මගේ ලේ කෝප වෙයි. අවුරුදු ගානක් එකට හිටපු එව්වෝ දැන් කුලල් කා ගනිති. මුන්ට අමු කැවිලාදෝ යි වෙලාවකට හිතෙයි.. සමහර එවුන් ජාතිවාදය යි කියයි. සමහරු කියන්නේ ජාතිය ආගම ආරක්ෂා කර ගැනීමට නම් නිදාගෙන බැරි බවයි. මට මේවා දැක්කම හිතෙන දෙයක් හිතා ගන්නට ද බැරි ය.
අම්මා හොඳයි කීවත් වැරදි ය.
තාත්තා හොඳයි කීවත් වැරදි ය.
ඔන්න ඔහේ වෙන දෙයක් වෙද්දෙන් කියලා බලා ඉන්නට සිදු වී ඇත..

42 comments

  1. මටත් තේරුනේම නැත
    කිහිපසැරයක් කියවනකල්ම..

    ReplyDelete
    Replies
    1. අන්තිමට තේරුම් ගත්තා නේ..

      Delete
  2. මට නම් තේරෙන්නේම නැත.....

    ReplyDelete
    Replies
    1. එච්චර හිතන්න ඕන දෙයක් නෙවෙයි. හිතට ආපු සිතුවිල්ලක්..

      Delete
  3. පෝස්ට් එක නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා.. මේ පැත්තට ආදරෙන් පිලි ගන්නවා..

      Delete
  4. වචන සැට් එකත් අදහසත් එලය :)

    ReplyDelete
  5. Replies
    1. ඔන්න පසු ලිවුමක් දැම්මා.. දැන් තේරුම් ගන්න පුළුවන් වේවි!!

      Delete
  6. ගොනා සේ සිටීම සුදුසු නැතැයි මට සිතේ...

    ReplyDelete
    Replies
    1. ගොනා සේ නොහිටියොත් මට ද පාකිස්ථානයට යාමට සිදු විය හැකි ය. ලාංකිකයෙකු ලෙස උපන් බිම හැර දා වෙන රටකට යන්න මට හිත් දෙන්නේ නැත!

      Delete
  7. සමහර එවුන්ට තේරුම්ගන්න බෑ මොන විදියට කිව්වත්. උන්ට මේව කියන එක නං තේරුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම නොකියන්න තීරණය කළේ ඒකයි! ස්තුතියි සහෝ මේ පැත්තේ ආවට!

      Delete
  8. නියම අදහසක්....

    ReplyDelete
  9. ඇත්ත බං ! ජය වේවා

    ReplyDelete
  10. ඇත්තටම මේක ජාතිවාදයද මං දන්නෙ නෑ!හැබැයි ඉතින් අයෙත් ජාතින් අතර ප්‍රශ්නයක් ඇතිවෙන්න මේක හේතුවක් වෙන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. ඔව්.. අන්තිමට ප්‍රශ්නයක් ඇති වුණාම හැමෝම අනිත් එවුන්ට ඇඟිල්ල දික් කරනවා.. උඹලයි මේක ඇති කළේ. කියලා.. බොහෝ වෙලාවට දේශ පාලකයින්ට. එතකොට උන්ට මතක නෑ තමනුත් ඒවා ඇති කරපු එවුන්ට ඒ කාලේ කඩේ ගිය බව.

      Delete
  11. //සමහරු කියන්නේ
    මට තේරුමක් නැති ය කියා ය.
    මට හිතෙන්නේ
    මම තේරුම් ගෙන ය කියා ය.
    තේරුම් ගත් අය,
    තේරුම් නොගත්ත අයට
    තේරුම් කරවන්නට ගොස්
    අම්බානක් අසා ගනිති.....//

    අම්මපා ඇත්ත බං....

    ReplyDelete
  12. මට නම් අම්බානෙක තේරුණා....අදමයි මේ පැත්තෙ ආවෙ දිගට එන්නම්.......

    ReplyDelete
  13. ෆේස් බුකියේ මේ දවස්වල යන ඒවනම් මටත් තේරෙන්නෑ...

    ReplyDelete
    Replies
    1. මටත් ඉදලා ඉදලා බැරි ම තැන තමයි මේක දැම්මේ! ස්තුතියි අක්කේ මේ පැත්තේ ආවට!

      Delete
  14. හලේ.. මේ මොකෝ.. තමන්ට යම් දෙයක් ගැන ඇත්ත අවබෝධයක් තියෙනව නම්-තමන්ගෙ හෘද සාක්ෂියට එකග නම් කවුරු මොනා කිව්වත් මොකද? අපි අපේ ස්ථාවරයෙ ඉදගෙන තේරුම් ගත්ත දේවල් නිවැරදිව ජීවිතේට එකතු කරගත්තාම හරිනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව නංගියේ.. ස්තුතියි අදහසට..

      Delete
  15. හැම දෙයක්ම හොඳින් විසඳේවි කියල බලාපොරොත්තුවෙනවා.

    ReplyDelete
    Replies
    1. වෙන කරන්න දෙයක් නැහැ නේ අයියේ! බලාගෙන ඉමු..

      Delete
  16. කතාව සහතික ඇත්තය. ජාතිවාදය ආගම වාදය ඇදගෙන කතා කරන්නේත් තවත් අය ඒ දෙසට ගෙන්වාගන්නෙත් පටු ලාභ ප්‍රයෝජන නිසා මිස ඒ දෙයින් සමාජයටවත් අගමටවත් වැඩක් වන නිසා නෙවෙයි. මම දන්නේ කොයි ආගමෙනුත් කියන්නේ යහපත්ව ජීවත් වන්න කියා බවයි. එසේ වද්දීත් මෙසේ පටු කඳවුරු බඳින්නේ තමන්ගේ වාසියට මිස අන් කවරකටද?
    ඔබට මාගේ ආචාරය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ!! අරුණැල්ලට ගෞරවයෙන් යුතුව පිලි ගන්නවා..

      Delete
  17. අනේ...මට නම් තාම තේරුනේම නෑ මල්ලි... :(

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ අල්ලලා දාන්න අක්කේ..

      Delete
  18. මං දන්නවා ඔය ප්‍රශ්නේ කොච්චර කිව්වත් අහන්නේ නැහැ සමහර අය.මං ඔය සම්බන්දයෙන් ලිපියක් ලියලා අදටත් හොද නරක අහනවා(වැඩියෙන්ම නරක) කවදාවත් තේරරුම් ගන්නේ නැති අයට කියලා දෙනවට වඩා හොදයි නිශ්ශබ්දව ඉන්න එක

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මට දැනටත් ඒකේ comments subscription mails එනවා.. කියල වැඩක් නැති හින්දා සද්ද නැතුව ඉන්නවා.. ස්තුතියි සහෝ මේ පැත්තේ ආවට..

      Delete
  19. ඇත්තමනෙ බං කතාව නම්.ඉන්න බැරි අමාරුවට මාත් ගොනා වගේ ඉන්නෙ නැතුව සමහර තැන් වලට බැහැල ඇතිවෙනකල් කාල තියේ.ඒත් හැදිල නැහැනෙ :p හැදෙන්නෙත් නැද්ද කොහෙද ;)

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නෑ කිඳුරෝ. ඔව්වා අපේ ම වැරදි!! මේ අරුණැල්ලට ආදරෙන් පිලි ගන්නවා..

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading